1815 උඩරට ගිවිසුම අනුව බුදු දහමට ප්රමුඛස්ථානය ලබාදීම හා එය ආරක්ෂා කිරිම උඩරට ගිවිසුමේ කොන්දේසියක් බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා අද (20) මහනුවරදි පැවැසිය.
නව ආන්ඩුක්රම ව්යවස්ථාවේද කිසිදු වෙනස්කමකින් තොරව එම වගන්තිය සඳහන් ව ඇති බවත් රජය විසින් එය පැහැදිලිව කියා සිටියත් ඇතැමුන් එය විකෘති කර පළකරන බවත් එයින් රටේ ජනතාව ඒ සම්බන්ධව සැකක් හා බියක් ඇති කර නොගත යුතු බවත් ඇමැතිවරයා කීවේය.
ජාත්යන්තර වෙසක් දින උත්සවය පිළිබඳ මහනාහිමිවරුන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේ එසේ කී ඇමැතිවරයා මෙරට පමණක් නොව ලෝකයේ ඒ ඒ රටවල් වල ආගම් හා ජාතින් ඒ රටවල ආගම් වලට අනුව ආණ්ඩුක්රම ව්යවස්ථාවන් ඇති බවත් එයින් කිසිසේත් අනිකුත් ආගම් වලට හා ජාතින්වලට අඩු හෝ අසමාන සැලකිමක්වත් දක්වා නැති බවත් කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනේ! මෙතුමාද අපේ බුද්ධශාසන ඇමති? (නි)
දැන් ඔය කියන විදියට රකිනවානම් මොකද මේ තැන තැන බුදු පිළිම කඩන එකට ගත්ත පියවර? (බ)
ඒ හින්දාද ථෙරවාදී කතිකාවත් ගෙනල්ලා හාමුදුරුවරු හිරේ දාන්නත් ගියේ. (නි)
මම ඔබතුමාගේ දේශපාලන පැටිගිරිය සොයන්න යන්නේ නැත. නමුත් බුදුදහමට මුල් තැන දී කටයුතු කළයුතු බවට පිළිගැනීමම මම උසස් කොට සලකනවා. මෙතන ලියන අය මොනවා ලීවත් දේශපාලකයින් හැටියට ඔබලාගෙන් පිටවන වචන වලට බරක් තිබෙන බව පිළිගන්නවා. පෙනෙනවා නේද නැගෙනහිර මහා ඇමතිය කුලප්පු වෙලා තිබෙනහැටි. (බ)
පෙරුමාල් උඩරට ගිවිසුම අනුව සුද්දො බුද්ධාගම රැක දුන්නනම් අපි එතනින් එහාට ගොස් තවත් ඕන දේවල් අපිත් කරන්න ඕනේ. පෘතුගීසි කාරය ලංකාවට එන්නට කලින් ලංකාවේ තිබුනේ බුද්ධාගම සිටිය සිංහල සැම දෙනාම බුද්ධාගම් කාරයෝ. ඒකාලේ මුස්ලිමුන් ලංකාවේ සිටියේ නැත. (බ)
ජාතික වගකීමක් (ම)
මෙය දැන් බොරුවට මේ බුදු දහම ගැන කතා ගැන කියල වැදුණු මඩ පාර හෝදගන්න හදනවා. (ම)
ආගම ජාතිය රට පාවාදෙන අපේ රටේ දේශපාලුවන්ට රකින්න දෙයක් තිබෙනවාද? (නි)
දැන් ඔය අලුත් ව්යවස්ථාව ඕනෑ කාටද? ජනතාව එහෙම එකක් ඉල්ලුවේ නැහැනේ (නි)
ලුම්බිණි, අනෙකුත් ඒවායේ ආරක්ෂාවට පෘතුගීසි, ලන්දේසි, ඉංග්රීසි,මැදපෙරදිග ජනතාව ඉන්නවා (නි)
අපිට මේ කතා අහලා ඇතිවෙලා (නි)
අපි නම් දැන් මේ කතා ගණන්ගන්නේ නැති තරමට පත්වෙලයි ඉන්නේ (නි)
රකින හැටි බොදු අපි දන්නවා කියන දේවල් නොවේ කරන්නේ ඡන්දය ගන්න වුණ පොරොන්දු ඉටු කරනවා ජනතාව පෙලනවා රට වෙනුවෙන් දිවි දුන් හමුදාව නොසලකා හැරලා (බ)
මෙතුමා ගැන අපි හිතුවේ කොහොමද කලින්? දැන් තමයි තේරෙන්නේ (නි)
රජය සියළු ආගම් රැකීමට බැඳී සිටිනවා (නි)
හතරවැනි පන්සිල් පදය සදාකල්හිම පිළිපදින්නේ නැති දේශපාලුවන්ට කිසි දිනක බුදු දහම රැකගත නොහැකිය ,,,,, රැකියාවක් වශයෙන් බොරුකියා මුදල් උපයන පුද්ගලයන්ට කොහොමටත් එය කළ නොහැකිය ,,,(හේ)
බුදුදහම රැකගන්න පාලි භාෂාව රැකගන්න වෙනවා. පාසල් විෂයට පාලි භාෂාව ගෙනඒමේ වැඩපිළිවෙලක් තිබුනොත් හොඳයි. (නි)
එතකොට අනික් ආගම්? (නි)
ඔය ප්රකාශ වලට අපි රැටෙන්නෙ නැහැ. සුද්දො කිව්වෙත් ඔය ටිකම තමා. ඔවුන් කරපුවා අපිත් දන්නවා. මොවුන් කරන්න යනදේත් අපි දන්නවා. (නි)
බුදුදහම රකින්නේ නැහැ කියලා කවුරුවත් කියලා නැහැ. බුදුදහම රැකෙන්නේ බුදුදහම අනුව සියලුදෙනා ජීවත්වුණොත් පමණයි (නි)
බුද්ධ ශාසන ඇමති කවුද කියලා මට මතක් කරගන්න බැරුවයි හිටියේ. ස්තුතියි. (නි)
ඔබතුමන්ලා කියන කතා අහලා අපට එපාවෙලා. මෙතුමන්ලා බුදු දහම පිළිපදිනවා නම් තනතුරේ රැඳෙන්නෙත් නැහැ. විද්වත් බුද්ධිමත් සැමගෙන් ඉල්ලා සිටිනවා නව දේශපාලන කරලියක් රටට හඳුන්වා දෙන්න පෙළ ගැසෙනවා නම් ඉතා කාලෝචිතයි. බඩ වඩාගන්න දේශපාලකයන් ගැන අපට දැන් පැහැදීමක් නැහැ (නි)
බුදු දහමට නිසිතැන ගැන කතිකාවතක් ඇතිවුනේ නිකම්ම නෙමේ, ආණ්ඩුක්රම වෙවස්තාවේ කිරීමට යන වෙනස්කම් නිසා.නිවට දේසපාලුවා නිසා අද සිංහලයා බුද්ධාගම සුළු ජාතියට වැටිලා.(බ)
එහෙමනම් අපේ අලි ටික පෙරහැරවල් වලට දෙන්න. මේක අපේ උරුමයක්. (බ)
පින්වත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්ය විජයදාස රාජපක්ෂ මහතානෙනි, ඔබතුමා පෘතග්ජනයෙක්නේ ඒ කියන්නේ මාර්ග පල නිවන් ශාක්ෂාත් නොකළ සිව්වනක් පිරිසේ කෙනෙක් , එවන් කෙනෙකුට අහස උසට සහතිකපත් ඇතත් බුදු දහම සුරකින්න නොතේරේ.බුදු දහම කියන්නේ මිනිසුන් මුලා කරන වෙළෙද ව්යාපාරයක් නෙමෙයි එහි දියුණුව ආරක්ෂාව ඒ ඇසින් නොම බලන්න .(බ)
ඉතා හොඳයි (හේ)
උඩරට ගිවිසුම අනුව සුද්දො කරන්න ඕන දේවල් අපිත් කරන්න ඕනද? විමල්ගෙන් පොඩ්ඩක් අහල බලන්න (බ)
මේගොල්ල රකින බවනම් මුළු ලංකාවම දන්නවා. එ්නිසානේ බුදුපිළිම,පන්සල් කඩකඩා පල්ලිගහන්න ඉඩ දීලා බලාගෙන ඉන්නේ .දැන්නම් මහත්තයෝ කවුරුත් රවට්ටන්න බැරිවෙයි (බ)
කිව්වට වෙන්නේ නෑනේ.(හේ)