IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බදු නැතිව ආදායම වැඩි කළ හැකියි

(යොහාන් භාසුර)

ජනතාව මත කිසිඳු බද්දක් වැඩි නොකර රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමට හැකියාව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අද (17) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කඹුරුපිටියේදී පැවැති එම පක්‍ෂයේ රැස්වීමකදී එසේ පැවසීය.

මෙරට තුළ බදු නොගෙවන සුපිරි ජීවිත ගතකරන සල්ලිකාර පැලැන්තියක් සිටින බවත් එම පැලැන්තියේ ආදායම නිවැරදිව සෙවීමට ආණ්ඩුව බයක් දක්වන බවත් ඒ මහතා කීය.

ඔවුන්ගේ ආදායම් වියදම් නිවැරදි ආකාරයට වාර්තා නොවීම ගැටලුවක් වී ඇති බව කී පාඨලි චම්පික රණවක මහතා වෛද්‍යවරයාගේ වැටුප වාර්තා වීම නිසා එයට බදු ගැසුවද ධනපතියාගේ ආදායම වාර්තා නොවීම නිසා මෙම ගැටලුව ඇති තිබෙන බව ද සඳහන් කළේය.

ධනපතියාගේ ආදායම වාර්තා කරන ආකාරයට වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් අලුත් බදු අවශ්‍ය නොවන බවත් ජාවාරම්කාරයෝ තුන්හතර දෙනෙක් හොඳට හම්බ කරගෙන බදු නොගෙවන බවත් ඒ මහතා කීය.

රුපියල් කෝටි 5 ට වැඩියෙන් බදු ගෙවන පුද්ගලයන් 2500 ක් පමණ ද, එම ගොඩට හසුනොවූ පුද්ගලයන් 2500 ක් පමණ මෙරට සිටින බවත් ඔවුන්ගේ නියම ආදායම වාර්තා වන ක්‍රමයක් මාස පමණ කාලයකින් සකස් කළ හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

ළදරුවාගේ සිට මහල්ලා දක්වා සියලුම පුද්ගලයන්ගෙන් ලබන ජනවාරි මස සිට ආණ්ඩුව බැට් බද්දෙන් පමණක් රුපියල් 30,000 ක් බලාපොරොත්තු වන බවත් ආදායම අඩු වී තිබෙන ජනතාවට එවැනි බද්දක් ගොවිය හැකිද යන ගැටලුව මතු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (23)

බදු නැතිව ආදායම වැඩි කළ හැකියි

AB Sunday, 17 December 2023 06:15 PM

ලෝකයේ සෑම දියුණු රටකම මහජනතාවගේ බදු මුදල් අයකරයි. එම මුදල් මහජන සුබ සිද්ධිය වෙනුවෙන් එම රටවල නැවත වෙනත් ආකාරයකට රටේ මහජනතාව වෙනුවෙන් යොදවයි. ලෝකයේ දියුණු රටවලද කූට ව්‍යාපාරිකයින් සිටි නමුත් එම රටවල් ඉතාම දක්ෂ ලෙස ඔවුන්ගෙන් බදු මුදල් ලබාගනී. රටවල් දියුණුව කරා ගමන් කරනු ලබන්නේ මහජන දායකත්වයෙනි. බදු මුදල් නොගෙවන කූට ව්‍යාපාරිකයින් සිටින්නේ නම් ඔවුන්ගෙන් මුදල් අයකර ගැනීම සඳහා සැලසුමක් රජයට/අදායම් බදු දෙපාර්තමේන්තුවට තිබිය යුතුවේ. කූට ව්‍යාපාරිකයින්ට චෝදනා කර පලක් නොමැත. රටේ දියුණුව පිළිබඳව සරලව සිතා කටයුතු කිරීමට සූදානම් සහ අවස්ථාවාදී දේශපාලන හැසිරීම් තුළින් තවදුරටත් ජනතාව රැවටිය නොහැක. තරුණයන්, උගතුන් වෙනත් රටවල රැකියාවන් කර එම රටවල අදායම් බදු ගෙවීම සිදුකරයි. බදු අයකර ගැනීමට අපොහොසත්ව තිබෙනුයේ රජයේ අදායම් බදු දෙපාර්තමේන්තුව වේ. එමෙන්ම රටේ පුරවැසියන්ද රජයන් පවත්වාගෙන යාමට සහන ලබාදීමට, පොලිසිය හමුදාවන්, පාසල්, රෝහල්, ජනසවිය, සමුර්ධි, පවත්වාගෙන යාමට බදු අයකිරීම සිදුවිය යුතුවේ. බදු නැතිව ආදායම වැඩි කළ හැකිය යන්න දේශපාලන වේදිකාවේ සිදුකරන්නා වූ දේශපාලන රඟපෑම් ප්‍රායෝගිකව කිරීමට නොහැක.

:       17       60

AjithMonday, 18 December 2023 12:23 AM

AB, මේ අපි රැවටිලා පත්කරගත් දේශපාලකයන් ලංකාවේ දිනපතා සිදුවන මාර්ග අනතුරු වලක්වාගැනීම, මත්ද්‍රවය උවදුරෙන් තරුණයන් පාසල් සිසුන් ආරක්ෂා කරගැනීම ගැන විපක්ෂය නිහඩය

:       2       1

ErandaMonday, 18 December 2023 10:56 AM

මට දන්න කෙනෙක් මේක පැහැදිලි කරල දෙන්න ආණ්ඩුවට බිස්නස් කරන්න බැරිද උදාහරණයකට මේ වෙලාවේ ආණ්ඩුවට බීලුණු රටට ගෙන්නලා සතොස හරහා වගේ බෙදාහැරලා ලාභයක් ගන්න සල්ලි ටිකක් හොයා ගන්න බැරිද

:       3       1

සමන් විසින් Sunday, 17 December 2023 06:18 PM

පාඨලි විමල්, ගම්මන්පිල, හර්ෂ, රමේශ් වැනි අය එකතුවිය යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි. තවත් එවැන්නන්ද එකතු කරගත යුතුය...

:       5       4

කිත්සිරි Sunday, 17 December 2023 06:35 PM

මම චූටි කාරණයක් කියන්නම්... ඇත්තටම ආදායම් සහතික ලබාදීමේදී එම සහතික නිකුත්කරන නිලධාරි සත්‍ය තත්වය හෙලිකරන්නේ නැහැ. ඔහු හෙළිකලොත් ඉන් ඉහළ නිළධාරින් ඒක වළක්වනවා. තවත් එකක් තමයි සමහර පුද්ගලයින් සිටින ප්‍රදේශවල ඔවුන්ට වත්කම් ඉතාමත් අඩුයි. නමුත් රටේ වෙන ප්‍රදේශවල තියෙනවා. ඒවා වෙනුවෙන් වෙනම සංගණනයක් කළොත් ඉතාමත් සාර්ථක වෙන්න පුළුවන්...

:       3       45

ගොනා Sunday, 17 December 2023 08:46 PM

පාඨලී, ඔයත් හැම දෙයක්ම කියන්නෙ බලේ නැති වුනහම තමයි.ඔයා කරපු අපරාධ ටික බලාගතහැකි මාකූරට ගියහම. පැන්ඩෝරා පේපර්ස් වලට අසුවුන විද්‍යා කවුද.එයා ලග තියෙන සල්ලි කාගෙද.විද්‍යා නේද ඔයාගෙ හොදම සගයා.අනේ පාඨලී තව දුරටත් මේ රටේ ජනතාව රවටන්න එපා.ඔයත් අර වල්ලෙම කෙනෙක් තමයි.කිසි දවසක සාධාරණ සාමාජයක් බිහි වෙන්නේ නැහැ.මම මේව ගැන පුද්ගලිකව දන්න නිසා කියන්නෙ.ඔයා ඇහති කාලේ් ඔයාගෙ සහචරයෝ රට වටේම පූජස්ථානවල ගාල් කරල හිටිය.උන්ට පටිත් දුන්න. පැන්ෂන් ගිය හමුදාවෙ කට්ටිය. ඔය ගොල්ලො තමයි මේ රට මේ තත්වයට දාන්න උදව් කලේ.ඔයා දැන් බොරැ බයිල ගහනව.

:       5       7

nihal Sunday, 17 December 2023 10:02 PM

තමුන් දැන්ද පුප්පන්නේ .ඒක අපිත් දන්නවා .රනියට හෝ මහින්දයට් ඕවා පැහැදිලි නොකළේ ඇයි .කොහොම නමුත් රට බංකොලොත් වීමට තමුනුත් කෙලින්ම වගකිව යුතුයි .පාටලී තමුසෙලා පඩි ගන්නේ ලැජ්ජා නැතුවද .රාජකාරිය ඉටු නොකර .සාප වේවා

:       2       4

nihal Sunday, 17 December 2023 10:05 PM

රට කාබාසිනිය කල උන් ගැන ඇයි තමුන් කෙලිම්ම නොකියන්නෙ......තමුනුත් එවට වගකිව යුතුයි.

:       1       2

Prabha Monday, 18 December 2023 01:25 AM

මොලේ තියෙන්නේ බලේ නැති කාලෙට විතරනේ

:       1       3

Nilantha Gamage Monday, 18 December 2023 01:28 AM

තමන් දන්නදේ විතරක් ආරෝපණය කරන්න ගියපු උන් හැමෝම කෙලවගත්තා . උඹට ජනපති හරි අගමැති වෙන්න ඕන නම් , දන්නා එවුන් ලන්කරගනින් .

:       2       2

chandima Monday, 18 December 2023 03:09 AM

අන්න එහෙම මිනිස්සුන්ට අත්පුඩි ගහන්න මොනවාහරි කියන්න.නැතිනම් මීළඟ පාර මනාප ටිකක් එකතුකරගන්න බැරි වෙනවා .හරියට සද්දේ දැම්මොත් වෙන පක්ෂයකට හේත්තු වෙන්නත් බැරිවෙන එකක් නැහැ

:       3       2

pj Monday, 18 December 2023 03:29 AM

මනාළියන් අන්දවන හැඩ ගන්වන සහ පොදුවේ රූපලාවන්‍ය ස්ථානවල ලක්ෂ ගණන් ගණදෙනු සිදුවනුයේ නිත්‍යානුකුලව නොවේ. ලොකු පොඩි කම් අමතක කර බදු සහ දඩ අය කර ගත යුතු වේ.

:       0       5

Rata Perata Monday, 18 December 2023 04:34 AM

පාඨලී නිතරම කරුණු සාක්ෂි සහිතව ඉදිරිපත් කරනවා. එය අගය කළ යුතුයි. මේ කරුණු 100% ක් ඇත්ත. බදු අයකිරීම සියලු දෙනාටම පොදු ක්‍රමයක් විය යුතුයි.

:       1       4

නිශ්ශංක Monday, 18 December 2023 12:11 PM

මේ කතාව සහතික ඇත්ත .මට අද අහන්න ලැබුනා එක මිනිහෙක් (රජයේ තනතුරක් දරණ ) ජනවාරි පළමුවෙනිදා සිට සෑම භාණ්ඩයක් සදහා 18% අයකරනවා කියලා .මම දන්න විදියට නම් ඉන්ධන වලට 18% ක් අයකලත් අනෙක් ඒවාට වැඩිවුනේ 3%ක් (15% ක් තිබුන බද්ද 18% කලා පමණයි ) මේවා ගැන රජයේ බලධාරීන් ජනතාව දැනුවත් කලොත් ඉතාමත් හොදයි

:       1       3

සමිත සේනක අලුත්ගමගේ. Monday, 18 December 2023 08:32 AM

රටේ ජනතාවට බදු බර, බඩුමිල,තෙල් මිල,අධික විදුලි බිල හා ජල බිල,වරිපනම් බිල ඇතුළු අනේක විධ බිල් වලින් කිසිදු අඩුවක් නැහැ.දූෂිත පවුල් පාලනය සිදුකළ හොරකම් ගැන,ඒවා නැවත රටට ලබා ගැනීමට කිසිදු වැඩ පිළිවෙලක් ඇත්තේම නැහැ.රටේ මිනිසුන් විඳින දුක් පීඩා වල නිමක් නැහැ.දේශපාලුවන් රටේ සම්පත් හොරා කෑවා.ඒ පාපය අද ජනතාවට සාපයක් වෙලා. අනේ මේ රටේ ජනතාව මේ දේශපාලුවන්ගේ සාපයෙන් මිදෙන්නේ කාවදාද ? විපක්ෂයේ කණ්ඩායම්වලට පිටරට සහාය ගෙන රට කෑ හොරුන් අල්ලා හොරා කෑ දේ නැවත රටට ලබා ගැනීමට කිසිදු උවමනාවන් නැහැ. ඔවුන් කරන්නේද කුමන හෝ දෙයක් කොට ජන හිත් දිනාගෙන බලය අල්ලා ගැනීමට වෙර වැඩීමක් බවයි පෙනී යන්නේ.

:       0       2

සෝමපාල පරණගම Monday, 18 December 2023 04:17 PM

සේනක ලෝකයේ මිනිස්සු ඇතිවෙලා කාලයක් යනතුරු පාලකයො හිටියෙ නැහැ පස්සෙ මිනිස්සු එකතුවෙලා මහා සම්මතයෙන් රජෙක් ඇතිවෙනවා කාලයක් යනවිට ජනතා ප්‍රශ්න විසදීමට ආදායම් අවශ්‍ය වෙනවා ඉතින් කලේ විවිධ ආකාරයට ජනතාව ගෙන් බදු ආකාරයට මුදල් ගැනීම කරන්න ගත්තා ඒවා මහා සම්මත දේවල් වෙනවා අපි හිතමුකෝ සමිත සේනක අලුත්ගමගේ පක්ෂයක් හදාගෙන ආණ්ඩුව පිහිටුවා ගත්තා කියලා සමිත සේනක ලංකාවේ රාජ්‍ය නායකයා නම් රටට බදු කිසිවක් අය නොකර රටේ පාලනය කරන්නෙ කොහොමද කියලා මහත්තයෝ ඕන එකෙකුට විවේචනය හරි පහසුයි කොරන්න තමයි බැරි

:       0       0

saman Monday, 18 December 2023 09:07 AM

මේ ගන් කබරයා තමා නියම ආර්ථික ඝාතකයා .2014 ආර්ථික වර්ධන වේගය 7% පමණ තිබුනා .යහපාලන හොර නඩේ ගෙනල්ලා ආර්ථික වර්ධනය 3% ට ගේනවා .රටේ ආරක්ෂාව බින්දුවට වැටුනා .පාස්කු ප්‍රහාරය ආවා .ඊට පස්සේ සංචාරක ව්‍යාපාරයත් වැටුනා

:       3       2

Latha Monday, 18 December 2023 09:23 AM

ආදායම වැඩිකරන එක නෙවෙයි වියදම අඩුකරන එකයි කරන්න ඔන. රජයෙ වියදමින් විශාල ප්‍රතිශතයක් අනවශ්ය වියදම්.

:       0       2

Pradeep Kumara Monday, 18 December 2023 10:37 AM

රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමට අප රටේ කොතෙකුත් ක්‍රම ඇත. අවශ්‍ය වන්නේ ඒ සදහා නිසි සැලසුම් සහ ඒවා ක්‍රියාත්මක කල හැකි පුද්ගලයන් පත් කිරීමයි. නමුත් බදු ආදායමත් රජයකට අවශ්‍යම දෙයක්. එය කල යුත්තේ පුරවැසියාගේ ගෙල මිරිකා හෝ ලබා ගැනීම නොව මල නොතලා රොන් ගන්නා ආකාරයෙනි.

:       0       1

Kazi Shajahan Monday, 18 December 2023 11:16 AM

රාජපක්ෂලා හොරා කාපු ධනය හොයා ගන්න පුළුවන් නම් වැට් ගහන්න ඕන නැහැ

:       0       2

Rawana Monday, 18 December 2023 02:28 PM

එහෙම ධනයක් තියෙනවා නම් නඩු දාලා ගනිල්ලකෝ නිකන් බයිලා ගහන් නැතුව...!

:       0       3

Bamunuarachchi Monday, 18 December 2023 07:46 PM

මෙන්න තව කවිකොළ කාරයෙක්...!

:       0       0

Mallika Monday, 18 December 2023 10:30 PM

මිනිස්සුන්ට අද දවසේ බත් කට කන්නත් බැරි තත්ත්වයක් තියෙද්දී බදු ගෙවන්නේ කොහොමද අවසානයේ සිද්ද වෙන්නේ අපේ සිංහල ජනයා වද වෙන එක විතරයි පිට රටවල පරදේශක් කාරයන්ට යටත්ව බැල මෙහෙවර කරන්න තමයි වෙන්නේ මිනිස්සුන්ට තිබුනේ නිදහසේ මැරෙන්න විතරයි අන්තිමට අපිට එකත් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 145 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 2934 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 780 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1147 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1015 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1185 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2033 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site