IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බුදු මැදුර කැඩුනත් බුදු රුවට හානියක් නෑ

අධික වර්ෂාවත් සමග ලාහුගල ඓතිහාසික කිරි වෙහෙරේ බෝධින් වහන්සේ මුලින් ඉගිලී ගොස් බුදු මැදුරට වැටී එය සම්පූර්ණයෙන්ම විනාශ වූ නමුත් බුදු පිළිමවහන්සේට කිසිම හානියක් සිදු වුණේ නැත.



අදහස් (0)

බුදු මැදුර කැඩුනත් බුදු රුවට හානියක් නෑ

මොහොමඩ් - බේරුවල. Wednesday, 19 December 2012 01:21 PM

අද බුදු රුවට හානියක් සිදු නොවූවද ඉදිරියේ දී නිදන් හොරුන් විසින් හානි කළ හැකිය. එවිට බුදු රුව විනාශ වෙයි, බුදු රුව විනාශ වුවද බුදු ගුණ එලෙසම පවතියි. එනිසා, බුදු රුවට වඩා අනන්තව තිබෙන බුදු ගුණයට ආදරය කර, බුදුන්වහන්සේගේ ගුණ ඇති අය ලෙස ජීවත්වීමට අදිටත් කර ගැනීම සුදුසු යැයි සිතමි..... (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 19 December 2012 04:34 AM

බුදු දහමේ තිබෙන පෘතුල දර්ශනයත් මේ බෝ ගහ පිළිමය බේරා කඩා වැටීමත් අතර කිසිම සම්බන්ධයක් නැහැ. (නු)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 20 December 2012 09:21 AM

බුදුපිළිමය බේරුන එකට උදම් අනන බොදු බැතිමතුන් අර බෝධීන් වහන්සේ මුලින් ඉදිරී වැටීම ගැන මොකුත්ම කියන්නේ නැහැ. මටනම් හොඳටම විශ්වාසයි ඔබගේ බෞද්ධකම සීමා වන්නේ අන්‍යාගමිකයින් හෙලා දැකීමට මිස බුදුන් වදාළ යථාභූත ඥානය ‍වඩවා ගැනීමට නොවන බවට. නැත්නම් අපේ අදහන දහම ගැන සතුටු වනවා මිස මෙතනට අන්‍යාගමිකයින් උපහාසයට ලක් කරන කතා මොකටද? බුදුන්ගේ කාලයේ දඹදිව පැවති දෙසැටක් මිත්‍යා දෘෂ්ටීන් ගැන ඔයවගේ 'රණ්ඩුකරන්න ' ගියානම් එවකට හිටපු බොදුනුවන්ට මාර්ඝ ඵල ලබන්න ජීවිත කාලෙත් මදි වෙනවානේ. මතක තබාගන්න හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ලැබෙනවා. අද අපට අවශ්‍ය බුදුදහම පිළිපදින්නන් මිස ඒ වෙනුවෙන් යුධ වදින්නට අං මැදගෙන එන්නන් නොවේ. බුදුදහමේ ආශ්චර්යය පෙන්විය යුත්තේ අධ්‍යාත්මික ජයග්‍රහණ වලින් මිස සිමෙන්ති පිළිමයක් කැඩීම හෝ නොකැඩීම මත නොවේ. මේ ටික තේරුම් ගන්න බහුතරයකට බැරි බව දන්නවා. බුදුන් වදාළේත් "දුස්සීලෝහි බහුජ්ජනෝ" කියලානේ (ස)

:       0       0

අජිත් Wednesday, 19 December 2012 04:46 AM

නිර්මල බුදු දහමේ සත්‍ය මෙයයි..!(නු)

:       0       0

නිවන්ත Wednesday, 19 December 2012 05:21 AM

කවුරු කොහොම කියුවත් බුදු දහම ලෝකෙන් තුරන් වෙන්නේ නැහැ (දී)

:       0       0

සුගත් Wednesday, 19 December 2012 06:26 AM

දේවා පැවත එන්නේ දේවදත්තගේ පරම්පරාවෙන්ද? (නි)

:       0       0

සිසිර Wednesday, 19 December 2012 06:32 AM

ආගම කුමක් වුවත් දකින දසුන නොවෙනස් වේද? (නි)

:       0       0

සරෝජ් Monday, 24 December 2012 10:36 PM

බුදුන් වහන්සේ කිසිම දිනෙක ආශ්චර්යයක් ගැන දේශනා කර නැත. (නි)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 18 December 2012 06:40 PM

මහේල, තර්ක බුද්ධිය කියන්නේ ඒක අන්තවාදයක් . ප්‍රඥාව, සත්‍යාවබෝධය, සච්චක වගේ අයට දැනෙන්නේ තමන්ගේ නොදැනුවත්භාවය වටහා ගත්ත දවසට. බෝධිය වැටුනේ ඉර්තු නියාමය නිසයි. (නි)

:       0       0

අජිත් Tuesday, 18 December 2012 06:49 PM

"බණ නම් නිබොරුය මුනිවරයින්ගේ" සැබෑ ආශ්චර්යය යනු මේවායි. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 18 December 2012 06:58 PM

මහේල, චමත්, සියලන්ස්, සිතාර, ඔබ සියලු දෙනාගේම අදහස් සියයට සියයක් හරි. (නි)

:       0       0

ජයා Wednesday, 19 December 2012 07:40 AM

බුදු ගුණ අනන්තයි. සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

නසාර් Tuesday, 18 December 2012 06:54 PM

දෙවියන් විසින් දේව දූතයින් රකිනු ලැබේ. (නි)

:       0       0

සමන් Wednesday, 19 December 2012 02:21 PM

ඔය කියන තරම් බලයක් තියනවනම් උ‍දේ හවස බණ අහන ලංකාවේ ඇයි මෙච්චර අපරාධ විපත් . (ස)

:       0       0

නිමල් Wednesday, 19 December 2012 07:51 AM

අද ලංකාවේ සිදුවෙන අපරාධ සර්වබලධාරී දෙවියන් වහන්සේට පෙනෙන්නේ නැද්ද එතකොට? (නි)

:       0       0

අර්ජුන Wednesday, 19 December 2012 07:49 AM

බුදු දහම දන්න, බුද්ධ භක්තිය ඇති අය මැටි වලින් හැදුවත් මේ පිළිම ආරක්ෂා කරනවා. (නි)

:       0       0

සුදේශ් Thursday, 20 December 2012 02:25 PM

අනේ මන්ද අප්පා (දී)

:       0       0

කෙවින් Wednesday, 19 December 2012 07:55 AM

මම කිතුණුවෙක්. මම කියන්නේ සෑම ආගමකටම අපි ගරු කළයුතුයි කියායි. (නි)

:       0       0

අර්ජුන Wednesday, 19 December 2012 07:57 AM

හොදින් දැන ගන්න අනන්ත බුදුගුණ බලය විශ්මිතයි (දී)

:       0       0

කසුන් Wednesday, 19 December 2012 07:58 AM

මොහොමඩ් , මම මස් මාළු කන්නේ නැ. ඔබට තව කීදෙනෙක් මම පෙන්වන්න ඕනද? (ස)

:       0       0

හේමන්ත Tuesday, 18 December 2012 07:07 PM

ස්වභාව ධර්මය බුදු ගුණ දුටුවද, පාපතර මිනිසුන් බුදු පිළිම වනසන හැටි? (නි)

:       0       0

වරුණ Wednesday, 19 December 2012 08:21 AM

දිල්රු , වැඩිය ඕනෑ නැහැ. ඔයාව මැවුවෙත් දෙවියන් වහන්සේද? (නි)

:       0       0

චින්තක Tuesday, 18 December 2012 07:15 PM

ලොව පවතින නිර්මල දහම බුදු දහමයි . (නි)

:       0       0

හේරත් Wednesday, 19 December 2012 08:30 AM

ලෝකයේ පුදුම සහගත දේවල් අනන්තවත් සිදුවෙනවා. (නි)

:       0       0

ඉන්දික Wednesday, 19 December 2012 08:35 AM

බුදු දහම නිර්මලයි. සත්‍යයයි. (නි)

:       0       0

අනිල් Wednesday, 19 December 2012 02:50 PM

බෞද්ධ අය පිළමෙටයි බෝධියටයි දෙකටම වැදුමි පිදුමි කරනවනේ. මේ උඩට වැටිලා තියෙන්නේ බෝ ගහක් මේ අය මේකට මොනතරම් දේවල් කියනවද . ඒකෙන්ම තේරෙනවා මේ අයගේ අන්ධ භාවය. (ස)

:       0       0

හසික් Wednesday, 19 December 2012 08:36 AM

මෙත් සිත් පැතිරේවා (දී)

:       0       0

ගොඩකවෙල අසන්ක Wednesday, 19 December 2012 08:41 AM

මොහොමඩ්, මමත් මගේ පවුලේ අයත් කිසිම දිනෙක මස් මාලු කන්නෙ නැහැ. (නි)

:       0       0

මහේල Wednesday, 19 December 2012 08:38 AM

සත්‍ය (දී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 18 December 2012 07:26 PM

දකුණු පළාතේ සුනාමියෙන් කැඩුණු විහාරස්ථානවල බුද්ධ ප්‍රතිමා නිරුපද්‍රිතව වැඩ සටියා මතකයි..!(නු)

:       0       0

තාරුක Tuesday, 18 December 2012 07:28 PM

සමන්ත කියන දේ ගොඩක් නුවණැති පැනයක්. (නි)

:       0       0

සේනානායක Wednesday, 19 December 2012 03:11 PM

බුදුගුණ අනන්තයි ...නිර්මලයි ........සත්‍යවාදියි (ස)

:       0       0

රණවක Wednesday, 19 December 2012 08:48 AM

සියළු පවු දුරුකොට නිසි කුසල් රැස්කොට සිත දමනය නොකොට යා නොහැක නිවනට මේ සිදුවීම දැක තණ්හා මාන දිට්ඨි අතිනොකර ගෙන ප්‍රඥාවෙන් සත්‍ය අවබෝධයෙන් සසරෙන් මිදෙමු. තෙරුවන් සරණයි ! (ස)

:       0       0

චන්දෙ සිඩ්නි Tuesday, 18 December 2012 07:37 PM

බුදු දහම එක එකට උඩදාන්න පයින් ගහන්න බෝලයක් කියලද හිතන්නෙ..?(නු)

:       0       0

නදී Wednesday, 19 December 2012 08:58 AM

බුදු ගුණ අනන්තයි බුදු බලය අනන්තයි එය සත්‍යයයි (ස)

:       0       0

ජයන්ත Tuesday, 18 December 2012 07:43 PM

අහෝ සිදුවූ විපතක් (දී)

:       0       0

රොෂාන් Tuesday, 18 December 2012 07:52 PM

කෝ අද අපේ අර සත්තු මරන කට්ටිය නැද්ද? (නි)

:       0       0

කෙවින් Tuesday, 18 December 2012 07:49 PM

දෙවියන් විසින් දේව දූතයින් රකිනු ලැබේ (නු)

:       0       0

ෂාම් Wednesday, 19 December 2012 09:12 AM

තව කතා මොකටද (දී)

:       0       0

සුමිත් Tuesday, 18 December 2012 07:51 PM

සච්චකයන්ට නිගන්ඨයන්ට මේ උතුම් දහම වටහාගන්න තරම් හැකියාවක් නැහැ..!(නු)

:       0       0

අනිල් Wednesday, 19 December 2012 03:28 PM

මේවත් දැක දැක නේ නිදන් හාරන්නේ (ස)

:       0       0

නයෝමි Wednesday, 19 December 2012 09:17 AM

ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය අපේ රටට ලැබේවා! (නි)

:       0       0

මාර්ක් Wednesday, 19 December 2012 03:36 PM

එහෙනම් නිධන් හොරුන් කරන අපරාධ වලට දඩුවම් කෝ? (නි)

:       0       0

සුචින්ද්‍රා Tuesday, 18 December 2012 03:10 PM

අපේ බුදු දහම නිර්මලයි !! සාදු සාදු සාදු (ස)

:       0       0

සංජේ (කතෝලිකයෙක් ) Tuesday, 18 December 2012 08:04 PM

සතා සිව්පාවත් ගරු කරද්දී මිනිසුන් නිධන් හාරනවා. (ත)

:       0       0

සංජීව Tuesday, 18 December 2012 08:03 PM

අපේ බුදු දහම නිර්මලයි !! සාදු සාදු සාදු (ත)

:       0       0

වරුණ Tuesday, 18 December 2012 03:18 PM

බුදුනේ.. බුදු පියාණෙනි.. මනුසත් දෙරණේ අදුර නසා පුනරාගමනය කළ මැනවී...!(නු)

:       0       0

මානවප්‍රිය Tuesday, 18 December 2012 08:04 PM

බුදු දහම කියන්නේ මේ දේවල් වලට නෙමෙයි. අනිත්‍යය පැහැදිලි කරලා දුන්නේ බුදු දහම විසිනුයි. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 18 December 2012 08:07 PM

බුදුන් දවසත් දේවදත්ත වගේ අය හිටියා. ඒක අපිට අද ලෝකය හා සසඳද්දී පිළිගන්න වෙනවා. බුදුදහම සත්‍යයි...!!! (ත)

:       0       0

ගාමිණී Tuesday, 18 December 2012 03:17 PM

බුදු ගුණ අනන්තයි බුදු බලය අනන්තයි එය සත්‍යයයි (ස)

:       0       0

කීර්ති Tuesday, 18 December 2012 03:23 PM

ලෝක සත්වයාට සත්‍ය අවබෝධ වේවා (ස)

:       0       0

මහේන්ද්‍ර Tuesday, 18 December 2012 08:12 PM

සුනාමියට ලංකාවේ විතරක් නෙවෙයි, ජපානයෙත් බුදු පිළිම විනාශ වුනේ නෑ. බුදුගුණ වල අනන්ත ගුණ බලයයි මේ. (ත)

:       0       0

ලක්ෂිත Tuesday, 18 December 2012 03:25 PM

සාදු , සාදු , සාඳු !!! උතුම් බුදු දහම සත්‍යයයි (ස)

:       0       0

දනුෂ්ක Tuesday, 18 December 2012 03:27 PM

ආගම් භේද නැතිව සමගියෙන් ඉන්න ඕනේ. (දී)

:       0       0

දනු Tuesday, 18 December 2012 03:22 PM

ලෝක වාසි සැමටම බුදු සරණයි (දී)

:       0       0

සම්පත් Tuesday, 18 December 2012 08:15 PM

සාධු සාධු සාධු..

:       0       0

දයා Tuesday, 18 December 2012 03:23 PM

පසුගිය සුනාමි අනතුරේදි‍‍ත් මේ බව මනාව ඔප්පු කරා. ආශ්චර්‍යයි (ස)

:       0       0

හසිත Tuesday, 18 December 2012 03:25 PM

උතුම් බුදු දහම සත්‍යයයි (ස)

:       0       0

මහේෂ් Tuesday, 18 December 2012 08:18 PM

සමහර අයට දිරවන්නෙ නැහැ වගේ මෙව දකිනකොට.... (ත)

:       0       0

ලලිත් Wednesday, 19 December 2012 09:29 AM

මේවා හොද පාඩම් (දී)

:       0       0

අනුරාධා Tuesday, 18 December 2012 03:30 PM

අපේ බුදු දහම නිර්මලයි. සත්‍යයයි. සත්‍යය වු බුදු දහමේ බලෙන් ලෝක වාසි සැම දෙනාම දුකෙන් මිදෙත්වා. (ස)

:       0       0

දම්සර Tuesday, 18 December 2012 08:24 PM

නසාර්, ස්වකීය උත්සාහයෙන් වීර්යෙන් සත්‍යය අවබෝධ කරගත් බුදුන් වහන්සේ කිසිම දෙවියකුගේ දූතයෙක්වත්, අවතාරයක්වත් නොවන බව පළමුව අවබෝධ කරගන්න. කරුණාවේ හා මෛත්‍රියේ ප්‍රතිමූර්තිය වූ උන්වහන්සේ කුරා කූඹියාගේ පටන් සෑම සත්වයෙකුටම මෛත්‍රි කරන්නට අනුශාසනා කළහ. අවිදු අදුරේ ගිලී සසර දුක්විදින සත්වයා ඉන් මුදවාලන්නට සියළු ලෝසතුන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් උන්වහන්සේ දහම් දෙසූහ. අනන්ත වූ සසර පුරන ලද මෛත්‍රි කරුණා පාරමිතාවන්ගේ බල ශක්තිය හේතුකොටගෙන උන්වහන්සේට හිංසා පීඩා කිරීමට කිසිවෙකුටවත් නොහැකිය. එය පුරන ලද උතුම්වූ ධර්මයේ ශක්තියි. ධර්මයට අනුව ජිවත්වන්නා ඒ ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබන බව උන්වහන්සේ පෙන්නා දුන්හ. නොපෙනෙන දෙවියෙකුගේ හෝ වෙනත් නොපෙනෙන බලවේගයන්ගේ පිහිට නොපතා ස්වකීය චිත්ත ශක්තිය දියුණු කර තම ආත්ම විමුක්තිය සලසාගන්නට උන්වහන්සේ මග හෙළි කළහ. (නි)

:       0       0

අනුර Tuesday, 18 December 2012 03:32 PM

හැම කෙනෙකුටම සත්‍ය අවබෝධ වේවි මේක දැක්කහම , අපේ බුදු දහම සදා නිර්මලයි (ස)

:       0       0

මධූ Tuesday, 18 December 2012 03:33 PM

නිර්මල බුදු දහම සත්‍යයි (ස)

:       0       0

මංගල Wednesday, 19 December 2012 09:35 AM

සියලු දේ මැවුවේ දෙවියන් වහන්සේ නම් ඇයි පවුකාරයින්ව මැවුවේ? (නි)

:       0       0

පිටිගල Tuesday, 18 December 2012 03:34 PM

ඇස් පනාපිට ඔප්පු වෙනවා නේද (දී)

:       0       0

මහේල Tuesday, 18 December 2012 03:29 PM

එහෙනම් ඇයි ගහ වැටුනේ, ඇයි වහල කැඩුනේ. ඒවාත් ඉතුරු වෙන්න ඕන. ඔක්කොම මෝඩ අදහස්.(ස)

:       0       0

නිමල් Tuesday, 18 December 2012 08:52 PM

සාධු....සාධු.... බුදු ගුණ අනන්තයි (දී)

:       0       0

රෝහණ Wednesday, 19 December 2012 09:42 AM

සාධු... සාධු... සාධු... (දී)

:       0       0

කෝසල Wednesday, 19 December 2012 09:43 AM

ඉක්මනට නැවත වහලක් සෙවිලි කරන්න (ස)

:       0       0

විඳූ Tuesday, 18 December 2012 03:31 PM

අපේ බුදු දහම නිර්මලයි !!!!! (ස)

:       0       0

මුසාමිල් Wednesday, 19 December 2012 09:41 AM

මේවා දැක දැකත් උසස්ම සතාවන මිනිසා මිනී මැරීම්, බුද්ධාගමට නුසුදුසු මත්පැන් පානය , කාමය වරදවා හැසිරවීම ආදි පාපයන්ගෙන් මිදී නියම බෞද්ධයෙක් ලෙස ජීවත් වෙමු (ස)

:       0       0

විදූ Tuesday, 18 December 2012 03:37 PM

අපේ බුදු දහම නිර්මලයි !!!!!! (ස)

:       0       0

ශාන්ත Tuesday, 18 December 2012 08:55 PM

තථාගත බුදුපියාණන්ගේ බුදුගුණ අසමසමයි. (නි)

:       0       0

විභුති Tuesday, 18 December 2012 03:39 PM

බුදු ගුණ අනන්තයි (දී)

:       0       0

සිතාර Tuesday, 18 December 2012 03:41 PM

මහේල ඔබ හරි.බුදු හාමුදුරුවෝ කියපු දේවල් නොවී ලංකාවේ සිදුවෙන්නේ. ඔක්කොම වගේ හොරු, කපටියෝ,මිනී මරුවෝ. කප්පම් කාරයෝ.ස්ත්‍රී දුෂකයෝ. තවත් කියන්න දේවල් ගොඩාක් තිබෙනවා. එක තමා මේවගේ දේවල් මෙහෙ සිදුවන්නේ. (ස)

:       0       0

ෆ්‍රාන් Tuesday, 18 December 2012 09:03 PM

ආමිස පූජාවට ඇබ්බැහි වු බෞද්ධයින් දැන් ප්‍රතිපත්ති පූජාව අමතකම කරලා දාලා. (නි)

:       0       0

පෙරේරා Tuesday, 18 December 2012 08:58 PM

බුදුරජාණන් වහන්සේ අපට දුන් දායාදය අප රැකගත යුතුයි. (නි)

:       0       0

මංගල Wednesday, 19 December 2012 09:47 AM

මතක තියා ගන්න අච්චර ලොකු මුහුදු රැල්ල ඇවිල්ලත් බුදු රුවට මොකුත් උනේ නැහැ (දී)

:       0       0

සම්පත් Tuesday, 18 December 2012 03:42 PM

බුදු ගුණ මිස අන් සරණක් නැත අපට (දී)

:       0       0

මධූ Wednesday, 19 December 2012 09:53 AM

බුදු දහම සත්‍යයක් (ස)

:       0       0

මංජුල Tuesday, 18 December 2012 03:44 PM

බුදු ගුණ මිස අන් සරණක් නැත අපට (දී)

:       0       0

අශෝක Tuesday, 18 December 2012 03:39 PM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..බුදු හාමුදුරුවනේ (ස)

:       0       0

අනිල් Tuesday, 18 December 2012 09:06 PM

මේක අහම්බෙන් වුණ දෙයක්. ඒකට බොරු අර්ථකතන දෙන එක මෝඩකමක්. අනික වැටිලා තියෙන්නෙත් බෝ ගහක්. (නි)

:       0       0

රොහාන් Tuesday, 18 December 2012 09:01 PM

බුදු දහම නිර්මලයි. පිළිමේ කැඩුණේ නැත්තේ ගහ පැත්තකට වැටුණ නිසා. පිළිමේ උඩට වැටුණා නම් පිළිමේ කැඩෙනවා. (නි)

:       0       0

ගාමිණී Tuesday, 18 December 2012 03:40 PM

අනන්ත වූ බුදු ගුණය..අනන්ත වූ බුදු බලය.. ‍සොබා දහමට යටපත් කළ නොහැක, ආදරණීය මිනිසුනේ මෙය තේරුම් ගන්න.මෙය බුද්ධිමත් ව පිළිගන්න.ඔබට යහපත ගෙන දේවි...(ස)

:       0       0

කුමාරි Tuesday, 18 December 2012 03:42 PM

අපේ බුදු දහම නිර්මලයි !!!!! (ස)

:       0       0

නිරං Tuesday, 18 December 2012 03:47 PM

සුනාමිය වෙලේ මතකයි නේ (දී)

:       0       0

මංගල Wednesday, 19 December 2012 09:57 AM

බුදු ගුණ බලය (දී)

:       0       0

කපිල Tuesday, 18 December 2012 03:48 PM

බුදු දහම යනු ඇදහිල්ලක් නොව සත්‍ය ගවේෂණ මාර්ගයකි. (නි)

:       0       0

සනත් Tuesday, 18 December 2012 09:09 PM

බුදු පිළිමය බේරීම සතුටට කාරණයක්. අටලෝ දහමින් කම්පා නොවුණු අපේ බුදුරජාණන් වහන්සේ මේවා ගැන තැකීමක් කරන්නෙ නැහැ. බුදු පිළිම විනාශ වෙලත් තියෙන අවස්ථා තියෙනවනේ. ලෝකෙ වැඩියෙන්ම අපහාස,උපහාස,විකෘති කිරීම් වලට භාජනය වෙන්නෙත් බුදු රුව කියලා මේ තර්ක ගෙනෙන සියළුම ආගමිකයො දන්නවානෙ.ඒ නිසා මේ වාගෙ දේවල් වලට වාද කිරීම පලක් නැති දෙයක්. ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 18 December 2012 09:17 PM

අනාගතයේ ලංකාවේ නටඹුන් වන පෞරාණික වස්තු, පිළිම, ගස්ගල් වාගේ දේවල් ඉතුරුවෙලා මිනිසුන් මැරිලා ඉදීවී. ලොකු ප්‍රශ්ණයක්? (නි)

:       0       0

ඇන්ටන් Tuesday, 18 December 2012 03:50 PM

මේ වගේ මෝඩයෝ ඉන්න තරමට අපිට හොඳයි (ස)

:       0       0

සියලන්ස් Tuesday, 18 December 2012 03:50 PM

පිළිමේ කැඩුනේ නැත්තේ ගහ පැත්තකට වැටුන නිසා. පිළිමේ උඩට වැටුන නම් පිළිමේ කැඩෙනවා. බුදු හාමුදුරුවෝ තමා ගැන කිව්වේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් කියල. උන්වහන්සේගේ ශරීරයටත් තුවාල වුණා, අසනීප වුණා . එහෙව් එකේ මොකද මේ අන්ධ භක්තියක් ?(ස)

:       0       0

නන්දසිරි Tuesday, 18 December 2012 09:24 PM

අනුවන අයට බුදුදහමේ තිබෙන සත්‍ය තේරෙන්නෙ නැහැ.ඒ වුනාට බුදුදහම පරම සත්‍යයයි.(අ)

:       0       0

අයේෂ් Tuesday, 18 December 2012 09:19 PM

මහේල, සුනාමිය ආපු වෙලාවෙත් පන්සිල් රකින ලද අයට කරදර වුණේ අඩුවෙන්. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 18 December 2012 09:21 PM

තම ජීවිතයෙන් පිරිහුණු ශ්‍රද්ධාව මේ වගේ දේවලින් ඔප්නංවනවා. ගන්න තමයි සමහරු උත්සාහ දරන්නේ. පවු. (නි)

:       0       0

චමත් Tuesday, 18 December 2012 03:54 PM

දේශපාලකයෝ බල්ටි ගහන්නෙත් මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න නිසා තමයි (ස)

:       0       0

රූපසිංහ Wednesday, 19 December 2012 10:03 AM

බුදු දහම සත්‍යයි !!!! (ස)

:       0       0

කුමාර Wednesday, 19 December 2012 10:07 AM

බුදු පිලිම කඩල නිදන් ගත්ත කට්ටිය ඔය හොඳින් ඉන්නෙ. (ස)

:       0       0

අතුල Tuesday, 18 December 2012 03:55 PM

මහේල, සිතාර, ඔය දෙන්නා 21 වැනිදාට එළියට නම් බහින්න එපා. (නි)

:       0       0

හර්ෂනී Tuesday, 18 December 2012 03:52 PM

බුදු ගුණ අනන්තයි බුදු බලය අනන්තයි එය සත්‍යයයි ලෝක සත්වයාට සත්‍ය අවබෝධ වේවා සාදු , සාදු , සාඳු !!! (ස)

:       0       0

සුජීව Tuesday, 18 December 2012 03:58 PM

සාධු... සාධු... සාධු...! බලවු බුදු දහමේ බලය මිනිසු‍නේ. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 18 December 2012 03:59 PM

සාදු සාදු සාදු !! බුදු ගුණ ආශ්චර්‍යයි (ස)

:       0       0

මහේල සිතාර ද සිල්වා Tuesday, 18 December 2012 04:00 PM

එහෙනම් ඇයි ගහ වැටුනේ, ඇයි වහල කැඩුනේ. ඒවාත් ඉතුරු වෙන්න ඕන. ඔක්කොම මෝඩ අදහස් දේව නියමය අවබෝධ වේවා, අපේ කිතු දහම නිර්මලයි සත්‍යයයි බලය අනන්තයි සුනාමි අනතුරේදි‍‍ත් මේ බව මනාව ඔප්පු කරා (ස)

:       0       0

නසාර් Tuesday, 18 December 2012 09:28 PM

කුසල් හිත් සසැළෙන්නේ නැත. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 18 December 2012 09:35 PM

බුදු දහමේ බලය අපිරිමිතයි. (අ)

:       0       0

මාර්ක් Wednesday, 19 December 2012 10:29 AM

දෙවිවරුන් විශ්වාස කරන මිනිසුන් නොබේරී දෙවියන් පමණක් බේරී පළක් නැත. (නි)

:       0       0

ගාමිණී Tuesday, 18 December 2012 03:57 PM

පාලනය කළහැකි උසස් මනසක් හිමි මිනිසුන් බුදුපිළිම වනසද්දී, පාලනය නළ නොහැකි ‍සොබා දහම එය රැකගැනීම ආශ්චර්යක් නේද, යහපත් වූ ලක්වැසි සැම බුදු බලයෙන් රැකදේවා.... (ස)

:       0       0

සමන් Tuesday, 18 December 2012 04:05 PM

නිදන් හොරුන්ට මීට වඩා බලයක් තිබේද ??? (ස)

:       0       0

දිල්රු Tuesday, 18 December 2012 04:06 PM

දෙවියන් වහන්සේ මේ හැමදේම මවලා තියෙන්නේ.. සත්‍යය කවදා හෝ ජය ගනී..!(නු)

:       0       0

හලවාලි Wednesday, 19 December 2012 11:20 PM

මට නම් හරිම පුදුමයි. අදහස් වලින් නම් බුදුදහම ගැන පරතෙරටම දන්නවා. ඒත් බුදුදහමේ හැසිරෙන්නේ නැති එකනේ වැඩේ. (නි)

:       0       0

මනෝජ් Tuesday, 18 December 2012 04:01 PM

සාදු !! සාදු !! සාදු !!...........(ස)

:       0       0

දමිත් Wednesday, 19 December 2012 10:45 AM

බුදු පිළිම විනාශ කරන අයට මේවා හොද ආදර්ශ (දී)

:       0       0

ලලිත් Tuesday, 18 December 2012 04:10 PM

අපේ බුදු දහම බේරාගනිමු (ස)

:       0       0

උෂා Wednesday, 19 December 2012 10:43 AM

බුදු පිළිම විනාශ කරන්න හිතන්නවත් එපා (දී)

:       0       0

මෝරාල Tuesday, 18 December 2012 04:12 PM

සාදු.. සාදු..!(නු)

:       0       0

ශාන්ත Tuesday, 18 December 2012 04:12 PM

චමත් සහ සියලන්ස් අන් ආගමක වෙන්න ඇති.. බෞද්ධයෙක් බුදුන්ගේ පින්තූරයකටවත් ගරහන්නේ නැහැ.. ආගම කියන්නේ විශ්වාසය.. ඒක නැත්නම් ඔහු යම් ආගමකට අයත් යැයි කියන්න බැහැ..!(නු)

:       0       0

දේවා Tuesday, 18 December 2012 04:08 PM

කිතු දහම ආශ්චර්‍යයි!!! (ස)

:       0       0

සමීර Tuesday, 18 December 2012 04:09 PM

බුදු ගුණ ආශ්චර්‍යයි (ස)

:       0       0

කමල් Wednesday, 19 December 2012 10:57 AM

ඔය හැම ආගමකටම ගරු කරන්න ඕනේ (දී)

:       0       0

දිනිදු Tuesday, 18 December 2012 04:09 PM

සාදු සාදු සාදු !!.............. (ස)

:       0       0

සංජීව Tuesday, 18 December 2012 10:06 PM

හේතුඵල දහම බුදුදහමේ එන ඉගැන්වීමයි. (නි)

:       0       0

කැලුම් Wednesday, 19 December 2012 05:57 PM

අන්ධ භක්තිකයින්ට උතුම් බුදුදහමේ අගය නොපෙනුනත් ‍සොබාදහම එය ‍තේරුම්ගෙන ඇත. (නි)

:       0       0

පී.මංගලා Tuesday, 18 December 2012 04:11 PM

කරුණාකර මේවට රණ්ඩුවෙන්න එපා.. සෑම ආගමක්ම උතුම්.. අන් ආගම් විවේචනය කරන්න එපා..!(නු)

:       0       0

ප්‍රසාද් Tuesday, 18 December 2012 04:12 PM

මහේලටයි, සිතාරටයි ඉක්මණින්ම සත්‍යය වැටහේවි. (නි)

:       0       0

හේරත් Wednesday, 19 December 2012 11:04 AM

සියලු ලෝක වාසීන්ට තෙරුවන් සරණයි (දී)

:       0       0

රෝසා Tuesday, 18 December 2012 10:13 PM

මේ ලින්ක් එකත් බලන්නකෝ. http://blog.flickr.net/en/2012/12/12/breezy-point-will-be-back-everyday-items-that-survived-the-blaze/ (නි)

:       0       0

අනුරාධ Tuesday, 18 December 2012 04:19 PM

ආශ්චර්‍යමත් සිදුවීමක් . සුනාමියෙදිත් ඒ බව පැහැදිලි වුණා (ස)

:       0       0

නඩරාජා Tuesday, 18 December 2012 10:22 PM

රොෂාන්, අර සත්තු මරන අය මරන සත්තු වැඩියෙන් කන්නේ කවුද? (නි)

:       0       0

කැලුම් Wednesday, 19 December 2012 05:57 PM

වැදූ මවු පවා විශ්වාස නොකරන දුර්ජනයින්ට උතුම් බුදු ගුණ බලය වැ‍ටහෙයිද? (නි)

:       0       0

ආනන්ද ආර්. Tuesday, 18 December 2012 04:14 PM

බුදුන්වහන්සේ පෙන්වා දුන් අනිත්‍යය බුදුපිළිමයටද ඇත.. සියළු සත්වයෝ ආර්ය සත්‍ය පිළිබද අවබෝෂධය ලැබේවා..!(නු)

:       0       0

චරිත් Tuesday, 18 December 2012 04:18 PM

මේ‍ක ආශ්චර්යයක්. (නි)

:       0       0

චරිත් Tuesday, 18 December 2012 04:23 PM

මේක නම් ප්‍රාතිහාරයක් (ස)

:       0       0

උපාලි Tuesday, 18 December 2012 10:43 PM

මේ වගේම නිධන් ගන්න පිළිම කඩන අයටත් දඩුවම් ලැබෙන්න ඕන..!(නු)

:       0       0

අනිල් ඇන්ටන් Wednesday, 19 December 2012 06:05 PM

සියලු දේ කර දෙනු ලබන්නේ දෙවියන් වහන්සේ විසිනුයි. (නි)

:       0       0

මංජුල Tuesday, 18 December 2012 10:45 PM

බුදු දහෙම් සත්‍යතාව ෙපන්නුම් කරන තවත් සාධකයක්..මේ ගැන මට නම් සැකයක් නෑ... අපිට පිළිගන්න පුළුවන් දහමක් නම් ඉතින් බුදු දහම තමයි...(නු)

:       0       0

ඉමන්ත නිකාශ් Saturday, 27 April 2013 04:22 PM

රණ්ඩු කරල ඵලක් නෑ. බුදුන් වදාල මඟ ගොස් නිවන් දකිමු.(ස)

:       0       0

ඉන්දික Tuesday, 18 December 2012 04:25 PM

සාදු !! සාදු !! (ස)

:       0       0

මුතුකුඩ Tuesday, 18 December 2012 10:46 PM

බුදුන්වහන්ෙස් පමණක් නොවෙයි ලොවට පැමිණි සෑම සාස්තෘවරයෙක්ම දෙසූ දහමි පණිවුඩ සත්‍යයයි.නමුත් ඒ ඒ සමාජයන් විසින් මිනිසුන් විසින් ඒතුමන්ලා දේශනා කළාවු ඒ පාරිශුද්ධවු දහමට මුඛපරමිපරාෙවන් පැමිණියාවු දේවල් තම තමන්ෙග් අවශ්‍යයතාවයන් අනුව ඇතුලු කිරීම කිසිසේත් අනුමත කළ නොහැක.බුදු දහම අනුව නචිඡ ගීත වාදිත විසුක දස්සන මාලා අකැප දේ බුදුරදුන් තම සංඝයාට වදාළ පළමු උපෙද්ශයනමි චරථ භික්ක ෙවි චාරිකං. බහුජන හිතාය බහුජන සුඛාය මේ දේවල් පවා පැහැර හරින්නාවු පරපුරක් ඉදිරියේ බුදුන්ගේ පිළිරැවක් පමණක් ඉතිරිවීමේ ඵලය කුමක්ද? (නු)

:       0       0

පෙරේරා Tuesday, 18 December 2012 10:52 PM

බටහිර දියුණු රටවල් බුදු දහමේ සත්‍යය අවබෝධ කරගනිද්දී අපි වැනි රටවල අය මිත්‍යාදෘෂ්ටික ඇදහීම්, විශ්වාස වලට ගැතිවෙලා. (නි)

:       0       0

ජයන්ත දේවපතිරාජ Tuesday, 18 December 2012 11:01 PM

එතකොට කුරුසෙ ඇණ ගැහුවෙත් දේව කැමැත්තටද?(නු)

:       0       0

අශෝක Wednesday, 19 December 2012 06:15 PM

බුදු දහම දර්ශනයක් මිස ආගමක් නොවෙන බවයි මගේ හැගීම වන්නේ. (නි)

:       0       0

මාර්ක් Tuesday, 18 December 2012 04:30 PM

සොබාදහම හැම දේටම වඩා බලගතුයි..!(නු)

:       0       0

දිනේෂ් Tuesday, 18 December 2012 04:31 PM

නිර්මල බුදුදහම සත්‍යයයි. සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

සාලින්ද Tuesday, 18 December 2012 04:32 PM

කවුරු මොනවා කිවුවත් බුදු දහම සත්‍යයයි, රතන සුත්‍රයේ සිංහල තේරුම බලන්න, බුදු සසුන ලොවෙහි බැබළේවා! (නි)

:       0       0

නිශාන්ත Tuesday, 18 December 2012 04:32 PM

ලලිත් බුදුදහම බේරගන්න නම් ඕවා කිය කිය ඉදලා හරියන්නේ නැහැ.. (නු)

:       0       0

මාලා Tuesday, 18 December 2012 04:35 PM

නිර්මල වූ බුදුදහම සැමදා සත්‍යයයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 18 December 2012 11:24 PM

බුදු සසුන බැබලේවා..!(නු)

:       0       0

ඇන්ටන් Wednesday, 19 December 2012 06:21 PM

මමත් මිත්‍යාදෘෂ්ඨික කතෝලිකයෙක්. (නි)

:       0       0

මලක Tuesday, 18 December 2012 11:32 PM

මේ වගේ දේවල් ප්‍රාතිහාර්ය කියල පිළිගන්න මම අකමැතියි. හේතුව එහෙම පිළිගත්තොත් බුදු හාමුදුරුවෝ දේශනා කල සත්‍ය අවබෝදයට බාධාවක් වේවි කියල හිතෙන නිසා. (නු)

:       0       0

ඉන්දික Tuesday, 18 December 2012 04:35 PM

බුදු ගුණ අනන්තයි. සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

නාලක Wednesday, 19 December 2012 06:27 PM

සාධු....සාධු....සාධු.... බුදු සසුන බැබලේවා (දී)

:       0       0

විභූති Tuesday, 18 December 2012 04:37 PM

මහත්තයෝ, මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

හිල්මි Tuesday, 18 December 2012 11:43 PM

මේක මෙච්චරටම විශ්මයක් නම් අද රටේ ඇයි අපරාධ මෙච්චරටම බහුල වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 18 December 2012 11:42 PM

බුදු පිළිම වර්ග අතුරින් මෙම පිළිම වර්ගය ඉතා ශක්තිමත්. මේවාට දාලා තිබෙන සිමෙන්ති ගල්කුඩු නිසා පහසුවෙන් විනාශ වෙන්නේ නැහැ. (නි)

:       0       0

ජයන්ත Tuesday, 18 December 2012 11:42 PM

බුුද දහම නිර්මලයි, සත්‍යයයි. (නි)

:       0       0

අරුණ රංග Tuesday, 18 December 2012 04:44 PM

කිතුදහමවත් හරියට දන්නෙ නැති කට්ටියක්නේ මේ.. එතකොට අවුරුදු 16ක් ඉන්දියාවෙ වනයක ක්‍රිස්තුස්වන්සේ භාවනාකරපු බවවත් නැත්නම් ඒ කාලය තුල එතුමාගේ ජීවිත කතාව වත් බයිබලයේ නැත්තෙ ඇයි..!(නු)

:       0       0

ජනිත් Tuesday, 18 December 2012 04:42 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

හසන්ක Tuesday, 18 December 2012 04:48 PM

බුද්ධං සරණං ගච්ඡාමි... (නි)

:       0       0

ලසන්ත Wednesday, 19 December 2012 12:17 PM

බුදු ගුණ අනන්තයි බුදු බලය අනන්තයි එය සත්‍යයයි (ස)

:       0       0

වසන්ත Tuesday, 18 December 2012 04:44 PM

බෝ ගස වැටුණා තමා. එය වැළැක්විය නොහැක. පුදුමය කියන්නේ එය බුදු පිළිම වහන්සේ වෙතට නොවැටීමයි. එයයි බුදුදහමේ ආශ්චර්යය... (නි)

:       0       0

යොහාන් Tuesday, 18 December 2012 04:52 PM

අකුරණට ලියපු අය මේකට මොනවා ලිවුවත්, මම නම් කියන්නේ ‍මේක දේව ශාපයක් කියලයි. (නි)

:       0       0

රංග Thursday, 20 December 2012 06:12 PM

කවුරුවත් රණ්ඩු වෙන්න එපා. හැමෝටම බුදු සරණයි! (නි)

:       0       0

නලින් Tuesday, 18 December 2012 05:01 PM

එහෙනම් ඉතිං ගේත් බේරන්න තිබුණනේ. ඒකනේ ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. ඕනෑම එකකට සාදු සාදු කියනවා. (නි)

:       0       0

සිල්වා Tuesday, 18 December 2012 05:02 PM

දැක්කනේ, ඇෆ්ඝනිස්ථානයට වුණ දේ? (නි)

:       0       0

චන්දික Tuesday, 18 December 2012 05:08 PM

බුදු දහම ලෝකයේ ප්‍රතිඵලයකි (ස)

:       0       0

ලංකා Wednesday, 19 December 2012 12:44 AM

තෙරුවන් සරණයි (දී)

:       0       0

ලක්මාල් Tuesday, 18 December 2012 05:11 PM

සත්‍යය සැමදා ජය ගනී. (නි)

:       0       0

සුගත Tuesday, 18 December 2012 05:14 PM

සමිදු ඔබ ගුණ තරම් බුදුගුණ නොමැත සමිදුනි මෙඅරුම ලොව තුළ.... (නි)

:       0       0

සුසිල් මිලානෝ Wednesday, 19 December 2012 01:17 AM

මහේල, චමත්, සියලන්ස්, සිතාර මෙහි අදහස් දක්වන තර්කවාදින් මේ ගැනත් සිතන්න. යම් වස්තුවක් ඉහල සිට හරහට ඇද වැටීමේදී එම වස්තුවේ විශ්කම්භයට සාපේක්ෂකව වාතයේ පීඩනයක් ඇති කරයි. එම පීඩනය විසින් සමීපයේ ඇති යමක් චලනය කල හැකියි. එසේ සලකන විට හොදින් මේ ඡායාරුප බලන්න. මෙබදු විශාල ගසක් වැටීත් මේ කුඩා ප්‍රමාණයේ බුදුපිළිම වහන්සේ නොවැටී තිබීම ප්‍රාතිහාරයක් නොවේද ? මෙය විශ්වාස නොකරන්නේ නම් ඔබලාට හිසමුදුනින් පිළිගන්නා විද්‍යා දැනුමද පිළිගත නොහැක. මුතුකුඩගේ අදහස් පටකුඩ වී ඇති බැවින් විමසිලිමත්ව කියවීම බුද්ධි වර්ධනයට හේතුවේ. (නු)

:       0       0

කිත්සිරි Tuesday, 18 December 2012 05:16 PM

මෙහි යම් කිසි ආශ්චර්යයක් පෙනේ. එහෙත් බුදු දහම ආශ්චර්යයන් මත යැපෙන ආගමක් නොවේ. පංච මහා භූතයින්ගේ එකතුව නිසා හටගන්නා හෝ සාදන සියලු දේ අනිවාර්යයෙන්ම විනාශ වේ. මේ බුදු පිළිමයද කවදා හෝ විනාශ වනු ඇත. බුද්ධ දේශනාව නම්, සියලු ඇති වූ දේ නැතිවන බවයි. වෙනස් නොවන එකම දෙය නම් නිවනයි. මෙවැනි සිදුවීම වලින් උදම් ඇනීම නවතා, තණ්හාවෙන් අප අල්ලාගෙන සිටින දේ ටිකෙන් ටික අතහැරීමට සිතට ගත යුතුයි. (නි)

:       0       0

ශාන් Tuesday, 18 December 2012 05:24 PM

මේ දේවල් වලට මෙපමණ බලයක් ඇත්නම් ඇයි නිධන් වස්තු හොරකම් කිරීමේදී ඒවා නොවැළකෙන්නේ? (නි)

:       0       0

සමන්ත කුමාර -කොරියාවේ සිට Wednesday, 19 December 2012 12:46 PM

මෙය බුදු දහමේ සත්‍යය වර්තමාන අන්ධකාරයේ සිටින්නවුන්ට අවබෝධ කරවනු පිණිස පෑ පෙළහරකි. මන්ද අද බොහෝ අය ලෝක විනාශයෙන් මිදීමට මගක් හෙවත් සත්‍යය සෙවීමට උත්සුක වන හෙයින් මෙය මග හෙළිකිරීමකි. ගස් හා කුටිය කැඩී වැටීම සියල්ල අනිත්‍ය බව ද චිත්ත ශක්තියේ හා ගුණයන්ගේ බලය සියළු බලයන්ට වඩා බලවත් බව බුදු පිළිමයෙන් ද මනාව අවබෝධ කරවයි. බුදු පිළිම විනාශකරන්නේ මිනිසුන් මිස සොබා දහම නොවන බව තර්ක කරන්නවුන්ට උදාහරණ සේ සුනාමිය හා මෙය ද සිහි කැදවමි. බුදු දහමේ හා යථාර්ථයේ ඇති සම බව වටහාගැනීම බුදු දහම උඩින් අතපත ගෑමෙන් අවබෝධ කරගත නොහැකි බව අන්ධ භක්තිකයෝ වටහා ගනිත්වා! "මිදීමේ එකම මග බුදු හිමි දෙසූ බුදු මගයි"! (නි)

:       0       0

ගාල්ලේ අයෙක් Tuesday, 18 December 2012 05:20 PM

එතකොට සුනාමිය ආපු වෙලේ ගාල්ලේ තිබුණ පිළිම කැඩුණේ නැත්තේත් දෙවියන්ගේ කැමැත්ත නිසාද? මහේල සිතාර ද සිල්වා? (නි)

:       0       0

ජෝන් Tuesday, 18 December 2012 05:27 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

අරවින්ද Wednesday, 19 December 2012 12:44 PM

බුදු ගුණ අනන්තයි බුදු බලය අනන්තයි (ස)

:       0       0

චාන් Tuesday, 18 December 2012 05:27 PM

මහේල සහ සියලන්ස්ට, මේකේ කියල තියෙන්නේ ආශ්චර්යක් ගැන. බුදු පිළිමේ මෙච්චර ගහක් වැටිලත් බේරුණා කියන්නේ පුදුමය මිසක් වෙන අරුමයක් නොවේ. ගහ බැඳලා තිබ්බා නම් මෙහෙමවත් වැටෙන්නේ නැහැ නේද? (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 19 December 2012 12:48 PM

මහේල, සිතාර ඇතුලු අදහස් දැක්වූ කිතුනුවනි, මෙවන් දෙයකදි ආගම් වාද ඇතිකර ගැනීම අවශ්‍ය නොවේ. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 19 December 2012 02:33 AM

බොරුවට කෑ ගහනවා සමහරු සත්තු මරනවා කියලා. ඒත් මස්, මාලු නොකන කෙනෙක් අද ලංකාවේ හොයාගන්න පුලුවන්ද? (නි)

:       0       0

සම්පත් Wednesday, 19 December 2012 12:57 PM

බුදු දහමේ බලයෙන් සියලු මිත්‍යාදෘෂ්ඨිකයන්ට යහමගේ දොරටු විවිර වේවා (ස)

:       0       0

බුද්ධි Tuesday, 18 December 2012 05:33 PM

ඉතිහාසයක් හෝ අනාගතයක් හෝ නොමැති මැවුම්වාදයට පැවතීමක් තිබේද? (නි)

:       0       0

තරංග Wednesday, 19 December 2012 03:09 AM

ආගම් වලට රණ්ඩු නොවී සෑම ආගමකටම ගරු කරමු නේද? (නි)

:       0       0

ප්‍රියංකර Tuesday, 18 December 2012 05:37 PM

මේකේ බුදු දහමට බැණලා තියෙන සියල්ලෝම අන්ධ භක්තිකයින්ය. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 19 December 2012 03:26 AM

මේක ආශ්චර්යයක් තමයි.. (නු)

:       0       0

සමන්ත Tuesday, 18 December 2012 05:38 PM

පොළොවේ ඇති සියලූම දෙය ඇති වී පැවතී නැති වී යනබවත් යම් හේතුවකින් හටගත් සියල්ල සදාකාලික නැති බවත්, එය ලෝක ස්වභාවය බව මානවයාට අවබෝධ කරදුන් මාගේ බුදුපියාණන් වහන්සේ එය වෙනස් කිරීමට උත්සාහ නොකළහ.මන්ද එය ලොවේ සත්‍ය වන නිසාවෙනි. මෙහිදීද සිදුවී ඇතේ බුදුපියාණන් පෙන් වූ එම සත්‍යයයි. එහෙත් බුදු දහමේ ඇති සත්‍යාවබෝධය කර ගත නොහැකි වූ හෝ (දැන දැනත් පිළිගැනීමට අකමැති) මහේල,සිතාර, ඇන්ටන් ,සියලන්ස් හා කිතුනුවා ඇතුළු දැන් සිටින අයට "බුදු ගුණ අනන්තයි - බුදු බල අනන්තයි" බව අවබෝධ කරවනු පිණිස පෑ පෙළහරක් සේ දැක්විය හැකිය. (නි)

:       0       0

අචින්ත Tuesday, 18 December 2012 05:39 PM

බුදු දහම සත්‍ය බව කාට කාටත් අකමැත්තෙන් වුවත් පිළිගන්න වෙනවා. (නි)

:       0       0

උපුල් Thursday, 20 December 2012 01:53 PM

ඔය දෙවියන් වහන්සේට අපහස කරන අයට කියන්නේ, අන් ආගම් වලටත් ගරු කරන්න දැනගන්න. මතක ඇති එක අවුරුද්දක යුද්දේ වැඩියෙන් තියෙද්දී නත්තල් පුජාවට ආරක්ෂාව දුන්නහම ගාල්ලේ පැත්තේ අය ගැහුව පොස්ටර් ගැන. පස්සේ දවසේ මොකද වුණේ? සුනාමිය ඇවිත් ඔක්කොම ගහගෙන හෝදගෙන ගියා. ඒවා අමතක කරන්න එපා. ඒ නිසා නොදන්නාකමට දෙවියන් වහන්සේට අපහාස කරන්න කලින් දහම් පාසල් හරි ගිහින් ඉගෙන ගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 86 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1338 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 951 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 539 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 359 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1315 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39224 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1097 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site