අධික වර්ෂාවත් සමග ලාහුගල ඓතිහාසික කිරි වෙහෙරේ බෝධින් වහන්සේ මුලින් ඉගිලී ගොස් බුදු මැදුරට වැටී එය සම්පූර්ණයෙන්ම විනාශ වූ නමුත් බුදු පිළිමවහන්සේට කිසිම හානියක් සිදු වුණේ නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බුදු දහම නිර්මලයි !! සාදු සාදු සාදු (ස)
බුදුනේ.. බුදු පියාණෙනි.. මනුසත් දෙරණේ අදුර නසා පුනරාගමනය කළ මැනවී...!(නු)
බුදු ගුණ අනන්තයි බුදු බලය අනන්තයි එය සත්‍යයයි (ස)
ලෝක සත්වයාට සත්‍ය අවබෝධ වේවා (ස)
සාදු , සාදු , සාඳු !!! උතුම් බුදු දහම සත්‍යයයි (ස)
ආගම් භේද නැතිව සමගියෙන් ඉන්න ඕනේ. (දී)
ලෝක වාසි සැමටම බුදු සරණයි (දී)
පසුගිය සුනාමි අනතුරේදිත් මේ බව මනාව ඔප්පු කරා. ආශ්චර්‍යයි (ස)
උතුම් බුදු දහම සත්‍යයයි (ස)
අපේ බුදු දහම නිර්මලයි. සත්‍යයයි. සත්‍යය වු බුදු දහමේ බලෙන් ලෝක වාසි සැම දෙනාම දුකෙන් මිදෙත්වා. (ස)
හැම කෙනෙකුටම සත්‍ය අවබෝධ වේවි මේක දැක්කහම , අපේ බුදු දහම සදා නිර්මලයි (ස)
නිර්මල බුදු දහම සත්‍යයි (ස)
ඇස් පනාපිට ඔප්පු වෙනවා නේද (දී)
එහෙනම් ඇයි ගහ වැටුනේ, ඇයි වහල කැඩුනේ. ඒවාත් ඉතුරු වෙන්න ඕන. ඔක්කොම මෝඩ අදහස්.(ස)
අපේ බුදු දහම නිර්මලයි !!!!! (ස)
අපේ බුදු දහම නිර්මලයි !!!!!! (ස)
බුදු ගුණ අනන්තයි (දී)
මහේල ඔබ හරි.බුදු හාමුදුරුවෝ කියපු දේවල් නොවී ලංකාවේ සිදුවෙන්නේ. ඔක්කොම වගේ හොරු, කපටියෝ,මිනී මරුවෝ. කප්පම් කාරයෝ.ස්ත්‍රී දුෂකයෝ. තවත් කියන්න දේවල් ගොඩාක් තිබෙනවා. එක තමා මේවගේ දේවල් මෙහෙ සිදුවන්නේ. (ස)
බුදු ගුණ මිස අන් සරණක් නැත අපට (දී)
බුදු ගුණ මිස අන් සරණක් නැත අපට (දී)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..බුදු හාමුදුරුවනේ (ස)
අනන්ත වූ බුදු ගුණය..අනන්ත වූ බුදු බලය.. සොබා දහමට යටපත් කළ නොහැක, ආදරණීය මිනිසුනේ මෙය තේරුම් ගන්න.මෙය බුද්ධිමත් ව පිළිගන්න.ඔබට යහපත ගෙන දේවි...(ස)
අපේ බුදු දහම නිර්මලයි !!!!! (ස)
සුනාමිය වෙලේ මතකයි නේ (දී)
බුදු දහම යනු ඇදහිල්ලක් නොව සත්‍ය ගවේෂණ මාර්ගයකි. (නි)
මේ වගේ මෝඩයෝ ඉන්න තරමට අපිට හොඳයි (ස)
පිළිමේ කැඩුනේ නැත්තේ ගහ පැත්තකට වැටුන නිසා. පිළිමේ උඩට වැටුන නම් පිළිමේ කැඩෙනවා. බුදු හාමුදුරුවෝ තමා ගැන කිව්වේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් කියල. උන්වහන්සේගේ ශරීරයටත් තුවාල වුණා, අසනීප වුණා . එහෙව් එකේ මොකද මේ අන්ධ භක්තියක් ?(ස)
දේශපාලකයෝ බල්ටි ගහන්නෙත් මේ වගේ මෝඩ මිනිස්සු ඉන්න නිසා තමයි (ස)
මහේල, සිතාර, ඔය දෙන්නා 21 වැනිදාට එළියට නම් බහින්න එපා. (නි)
බුදු ගුණ අනන්තයි බුදු බලය අනන්තයි එය සත්‍යයයි ලෝක සත්වයාට සත්‍ය අවබෝධ වේවා සාදු , සාදු , සාඳු !!! (ස)
සාධු... සාධු... සාධු...! බලවු බුදු දහමේ බලය මිනිසුනේ. (නි)
සාදු සාදු සාදු !! බුදු ගුණ ආශ්චර්‍යයි (ස)
එහෙනම් ඇයි ගහ වැටුනේ, ඇයි වහල කැඩුනේ. ඒවාත් ඉතුරු වෙන්න ඕන. ඔක්කොම මෝඩ අදහස් දේව නියමය අවබෝධ වේවා, අපේ කිතු දහම නිර්මලයි සත්‍යයයි බලය අනන්තයි සුනාමි අනතුරේදිත් මේ බව මනාව ඔප්පු කරා (ස)
පාලනය කළහැකි උසස් මනසක් හිමි මිනිසුන් බුදුපිළිම වනසද්දී, පාලනය නළ නොහැකි සොබා දහම එය රැකගැනීම ආශ්චර්යක් නේද, යහපත් වූ ලක්වැසි සැම බුදු බලයෙන් රැකදේවා.... (ස)
නිදන් හොරුන්ට මීට වඩා බලයක් තිබේද ??? (ස)
දෙවියන් වහන්සේ මේ හැමදේම මවලා තියෙන්නේ.. සත්‍යය කවදා හෝ ජය ගනී..!(නු)
සාදු !! සාදු !! සාදු !!...........(ස)
අපේ බුදු දහම බේරාගනිමු (ස)
සාදු.. සාදු..!(නු)
චමත් සහ සියලන්ස් අන් ආගමක වෙන්න ඇති.. බෞද්ධයෙක් බුදුන්ගේ පින්තූරයකටවත් ගරහන්නේ නැහැ.. ආගම කියන්නේ විශ්වාසය.. ඒක නැත්නම් ඔහු යම් ආගමකට අයත් යැයි කියන්න බැහැ..!(නු)
කිතු දහම ආශ්චර්‍යයි!!! (ස)
බුදු ගුණ ආශ්චර්‍යයි (ස)
සාදු සාදු සාදු !!.............. (ස)
කරුණාකර මේවට රණ්ඩුවෙන්න එපා.. සෑම ආගමක්ම උතුම්.. අන් ආගම් විවේචනය කරන්න එපා..!(නු)
මහේලටයි, සිතාරටයි ඉක්මණින්ම සත්‍යය වැටහේවි. (නි)
ආශ්චර්‍යමත් සිදුවීමක් . සුනාමියෙදිත් ඒ බව පැහැදිලි වුණා (ස)
බුදුන්වහන්සේ පෙන්වා දුන් අනිත්‍යය බුදුපිළිමයටද ඇත.. සියළු සත්වයෝ ආර්ය සත්‍ය පිළිබද අවබෝෂධය ලැබේවා..!(නු)
මේක ආශ්චර්යයක්. (නි)
මේක නම් ප්‍රාතිහාරයක් (ස)
සාදු !! සාදු !! (ස)
සොබාදහම හැම දේටම වඩා බලගතුයි..!(නු)
නිර්මල බුදුදහම සත්‍යයයි. සාධු... සාධු... සාධු...! (නි)
කවුරු මොනවා කිවුවත් බුදු දහම සත්‍යයයි, රතන සුත්‍රයේ සිංහල තේරුම බලන්න, බුදු සසුන ලොවෙහි බැබළේවා! (නි)
ලලිත් බුදුදහම බේරගන්න නම් ඕවා කිය කිය ඉදලා හරියන්නේ නැහැ.. (නු)
නිර්මල වූ බුදුදහම සැමදා සත්‍යයයි. (නි)
බුදු ගුණ අනන්තයි. සාධු... සාධු... සාධු...! (නි)
මහත්තයෝ, මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
කිතුදහමවත් හරියට දන්නෙ නැති කට්ටියක්නේ මේ.. එතකොට අවුරුදු 16ක් ඉන්දියාවෙ වනයක ක්‍රිස්තුස්වන්සේ භාවනාකරපු බවවත් නැත්නම් ඒ කාලය තුල එතුමාගේ ජීවිත කතාව වත් බයිබලයේ නැත්තෙ ඇයි..!(නු)
සාධු... සාධු... සාධු...! (නි)
බුද්ධං සරණං ගච්ඡාමි... (නි)
බෝ ගස වැටුණා තමා. එය වැළැක්විය නොහැක. පුදුමය කියන්නේ එය බුදු පිළිම වහන්සේ වෙතට නොවැටීමයි. එයයි බුදුදහමේ ආශ්චර්යය... (නි)
අකුරණට ලියපු අය මේකට මොනවා ලිවුවත්, මම නම් කියන්නේ මේක දේව ශාපයක් කියලයි. (නි)
එහෙනම් ඉතිං ගේත් බේරන්න තිබුණනේ. ඒකනේ ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. ඕනෑම එකකට සාදු සාදු කියනවා. (නි)
දැක්කනේ, ඇෆ්ඝනිස්ථානයට වුණ දේ? (නි)
බුදු දහම ලෝකයේ ප්‍රතිඵලයකි (ස)
සත්‍යය සැමදා ජය ගනී. (නි)
සමිදු ඔබ ගුණ තරම් බුදුගුණ නොමැත සමිදුනි මෙඅරුම ලොව තුළ.... (නි)
මෙහි යම් කිසි ආශ්චර්යයක් පෙනේ. එහෙත් බුදු දහම ආශ්චර්යයන් මත යැපෙන ආගමක් නොවේ. පංච මහා භූතයින්ගේ එකතුව නිසා හටගන්නා හෝ සාදන සියලු දේ අනිවාර්යයෙන්ම විනාශ වේ. මේ බුදු පිළිමයද කවදා හෝ විනාශ වනු ඇත. බුද්ධ දේශනාව නම්, සියලු ඇති වූ දේ නැතිවන බවයි. වෙනස් නොවන එකම දෙය නම් නිවනයි. මෙවැනි සිදුවීම වලින් උදම් ඇනීම නවතා, තණ්හාවෙන් අප අල්ලාගෙන සිටින දේ ටිකෙන් ටික අතහැරීමට සිතට ගත යුතුයි. (නි)
මේ දේවල් වලට මෙපමණ බලයක් ඇත්නම් ඇයි නිධන් වස්තු හොරකම් කිරීමේදී ඒවා නොවැළකෙන්නේ? (නි)
එතකොට සුනාමිය ආපු වෙලේ ගාල්ලේ තිබුණ පිළිම කැඩුණේ නැත්තේත් දෙවියන්ගේ කැමැත්ත නිසාද? මහේල සිතාර ද සිල්වා? (නි)
සාධු... සාධු... සාධු...! (නි)
මහේල සහ සියලන්ස්ට, මේකේ කියල තියෙන්නේ ආශ්චර්යක් ගැන. බුදු පිළිමේ මෙච්චර ගහක් වැටිලත් බේරුණා කියන්නේ පුදුමය මිසක් වෙන අරුමයක් නොවේ. ගහ බැඳලා තිබ්බා නම් මෙහෙමවත් වැටෙන්නේ නැහැ නේද? (නි)
ඉතිහාසයක් හෝ අනාගතයක් හෝ නොමැති මැවුම්වාදයට පැවතීමක් තිබේද? (නි)
මේකේ බුදු දහමට බැණලා තියෙන සියල්ලෝම අන්ධ භක්තිකයින්ය. (නි)
පොළොවේ ඇති සියලූම දෙය ඇති වී පැවතී නැති වී යනබවත් යම් හේතුවකින් හටගත් සියල්ල සදාකාලික නැති බවත්, එය ලෝක ස්වභාවය බව මානවයාට අවබෝධ කරදුන් මාගේ බුදුපියාණන් වහන්සේ එය වෙනස් කිරීමට උත්සාහ නොකළහ.මන්ද එය ලොවේ සත්‍ය වන නිසාවෙනි. මෙහිදීද සිදුවී ඇතේ බුදුපියාණන් පෙන් වූ එම සත්‍යයයි. එහෙත් බුදු දහමේ ඇති සත්‍යාවබෝධය කර ගත නොහැකි වූ හෝ (දැන දැනත් පිළිගැනීමට අකමැති) මහේල,සිතාර, ඇන්ටන් ,සියලන්ස් හා කිතුනුවා ඇතුළු දැන් සිටින අයට "බුදු ගුණ අනන්තයි - බුදු බල අනන්තයි" බව අවබෝධ කරවනු පිණිස පෑ පෙළහරක් සේ දැක්විය හැකිය. (නි)
බුදු දහම සත්‍ය බව කාට කාටත් අකමැත්තෙන් වුවත් පිළිගන්න වෙනවා. (නි)
මහේල, තර්ක බුද්ධිය කියන්නේ ඒක අන්තවාදයක් . ප්‍රඥාව, සත්‍යාවබෝධය, සච්චක වගේ අයට දැනෙන්නේ තමන්ගේ නොදැනුවත්භාවය වටහා ගත්ත දවසට. බෝධිය වැටුනේ ඉර්තු නියාමය නිසයි. (නි)
"බණ නම් නිබොරුය මුනිවරයින්ගේ" සැබෑ ආශ්චර්යය යනු මේවායි. (නි)
මහේල, චමත්, සියලන්ස්, සිතාර, ඔබ සියලු දෙනාගේම අදහස් සියයට සියයක් හරි. (නි)
දෙවියන් විසින් දේව දූතයින් රකිනු ලැබේ. (නි)
ස්වභාව ධර්මය බුදු ගුණ දුටුවද, පාපතර මිනිසුන් බුදු පිළිම වනසන හැටි? (නි)
ලොව පවතින නිර්මල දහම බුදු දහමයි . (නි)
දකුණු පළාතේ සුනාමියෙන් කැඩුණු විහාරස්ථානවල බුද්ධ ප්‍රතිමා නිරුපද්‍රිතව වැඩ සටියා මතකයි..!(නු)
සමන්ත කියන දේ ගොඩක් නුවණැති පැනයක්. (නි)
බුදු දහම එක එකට උඩදාන්න පයින් ගහන්න බෝලයක් කියලද හිතන්නෙ..?(නු)
අහෝ සිදුවූ විපතක් (දී)
කෝ අද අපේ අර සත්තු මරන කට්ටිය නැද්ද? (නි)
දෙවියන් විසින් දේව දූතයින් රකිනු ලැබේ (නු)
සච්චකයන්ට නිගන්ඨයන්ට මේ උතුම් දහම වටහාගන්න තරම් හැකියාවක් නැහැ..!(නු)
සතා සිව්පාවත් ගරු කරද්දී මිනිසුන් නිධන් හාරනවා. (ත)
අපේ බුදු දහම නිර්මලයි !! සාදු සාදු සාදු (ත)
බුදු දහම කියන්නේ මේ දේවල් වලට නෙමෙයි. අනිත්‍යය පැහැදිලි කරලා දුන්නේ බුදු දහම විසිනුයි. (නි)
බුදුන් දවසත් දේවදත්ත වගේ අය හිටියා. ඒක අපිට අද ලෝකය හා සසඳද්දී පිළිගන්න වෙනවා. බුදුදහම සත්‍යයි...!!! (ත)
සුනාමියට ලංකාවේ විතරක් නෙවෙයි, ජපානයෙත් බුදු පිළිම විනාශ වුනේ නෑ. බුදුගුණ වල අනන්ත ගුණ බලයයි මේ. (ත)
සාධු සාධු සාධු..
සමහර අයට දිරවන්නෙ නැහැ වගේ මෙව දකිනකොට.... (ත)
නසාර්, ස්වකීය උත්සාහයෙන් වීර්යෙන් සත්‍යය අවබෝධ කරගත් බුදුන් වහන්සේ කිසිම දෙවියකුගේ දූතයෙක්වත්, අවතාරයක්වත් නොවන බව පළමුව අවබෝධ කරගන්න. කරුණාවේ හා මෛත්‍රියේ ප්‍රතිමූර්තිය වූ උන්වහන්සේ කුරා කූඹියාගේ පටන් සෑම සත්වයෙකුටම මෛත්‍රි කරන්නට අනුශාසනා කළහ. අවිදු අදුරේ ගිලී සසර දුක්විදින සත්වයා ඉන් මුදවාලන්නට සියළු ලෝසතුන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් උන්වහන්සේ දහම් දෙසූහ. අනන්ත වූ සසර පුරන ලද මෛත්‍රි කරුණා පාරමිතාවන්ගේ බල ශක්තිය හේතුකොටගෙන උන්වහන්සේට හිංසා පීඩා කිරීමට කිසිවෙකුටවත් නොහැකිය. එය පුරන ලද උතුම්වූ ධර්මයේ ශක්තියි. ධර්මයට අනුව ජිවත්වන්නා ඒ ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබන බව උන්වහන්සේ පෙන්නා දුන්හ. නොපෙනෙන දෙවියෙකුගේ හෝ වෙනත් නොපෙනෙන බලවේගයන්ගේ පිහිට නොපතා ස්වකීය චිත්ත ශක්තිය දියුණු කර තම ආත්ම විමුක්තිය සලසාගන්නට උන්වහන්සේ මග හෙළි කළහ. (නි)
සාධු....සාධු.... බුදු ගුණ අනන්තයි (දී)
තථාගත බුදුපියාණන්ගේ බුදුගුණ අසමසමයි. (නි)
ආමිස පූජාවට ඇබ්බැහි වු බෞද්ධයින් දැන් ප්‍රතිපත්ති පූජාව අමතකම කරලා දාලා. (නි)
බුදුරජාණන් වහන්සේ අපට දුන් දායාදය අප රැකගත යුතුයි. (නි)
මේක අහම්බෙන් වුණ දෙයක්. ඒකට බොරු අර්ථකතන දෙන එක මෝඩකමක්. අනික වැටිලා තියෙන්නෙත් බෝ ගහක්. (නි)
බුදු දහම නිර්මලයි. පිළිමේ කැඩුණේ නැත්තේ ගහ පැත්තකට වැටුණ නිසා. පිළිමේ උඩට වැටුණා නම් පිළිමේ කැඩෙනවා. (නි)
බුදු පිළිමය බේරීම සතුටට කාරණයක්. අටලෝ දහමින් කම්පා නොවුණු අපේ බුදුරජාණන් වහන්සේ මේවා ගැන තැකීමක් කරන්නෙ නැහැ. බුදු පිළිම විනාශ වෙලත් තියෙන අවස්ථා තියෙනවනේ. ලෝකෙ වැඩියෙන්ම අපහාස,උපහාස,විකෘති කිරීම් වලට භාජනය වෙන්නෙත් බුදු රුව කියලා මේ තර්ක ගෙනෙන සියළුම ආගමිකයො දන්නවානෙ.ඒ නිසා මේ වාගෙ දේවල් වලට වාද කිරීම පලක් නැති දෙයක්. ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
අනාගතයේ ලංකාවේ නටඹුන් වන පෞරාණික වස්තු, පිළිම, ගස්ගල් වාගේ දේවල් ඉතුරුවෙලා මිනිසුන් මැරිලා ඉදීවී. ලොකු ප්‍රශ්ණයක්? (නි)
අනුවන අයට බුදුදහමේ තිබෙන සත්‍ය තේරෙන්නෙ නැහැ.ඒ වුනාට බුදුදහම පරම සත්‍යයයි.(අ)
මහේල, සුනාමිය ආපු වෙලාවෙත් පන්සිල් රකින ලද අයට කරදර වුණේ අඩුවෙන්. (නි)
තම ජීවිතයෙන් පිරිහුණු ශ්‍රද්ධාව මේ වගේ දේවලින් ඔප්නංවනවා. ගන්න තමයි සමහරු උත්සාහ දරන්නේ. පවු. (නි)
කුසල් හිත් සසැළෙන්නේ නැත. (නි)
බුදු දහමේ බලය අපිරිමිතයි. (අ)
හේතුඵල දහම බුදුදහමේ එන ඉගැන්වීමයි. (නි)
මේ ලින්ක් එකත් බලන්නකෝ. http://blog.flickr.net/en/2012/12/12/breezy-point-will-be-back-everyday-items-that-survived-the-blaze/ (නි)
රොෂාන්, අර සත්තු මරන අය මරන සත්තු වැඩියෙන් කන්නේ කවුද? (නි)
මේ වගේම නිධන් ගන්න පිළිම කඩන අයටත් දඩුවම් ලැබෙන්න ඕන..!(නු)
බුදු දහෙම් සත්‍යතාව ෙපන්නුම් කරන තවත් සාධකයක්..මේ ගැන මට නම් සැකයක් නෑ... අපිට පිළිගන්න පුළුවන් දහමක් නම් ඉතින් බුදු දහම තමයි...(නු)
බුදුන්වහන්ෙස් පමණක් නොවෙයි ලොවට පැමිණි සෑම සාස්තෘවරයෙක්ම දෙසූ දහමි පණිවුඩ සත්‍යයයි.නමුත් ඒ ඒ සමාජයන් විසින් මිනිසුන් විසින් ඒතුමන්ලා දේශනා කළාවු ඒ පාරිශුද්ධවු දහමට මුඛපරමිපරාෙවන් පැමිණියාවු දේවල් තම තමන්ෙග් අවශ්‍යයතාවයන් අනුව ඇතුලු කිරීම කිසිසේත් අනුමත කළ නොහැක.බුදු දහම අනුව නචිඡ ගීත වාදිත විසුක දස්සන මාලා අකැප දේ බුදුරදුන් තම සංඝයාට වදාළ පළමු උපෙද්ශයනමි චරථ භික්ක ෙවි චාරිකං. බහුජන හිතාය බහුජන සුඛාය මේ දේවල් පවා පැහැර හරින්නාවු පරපුරක් ඉදිරියේ බුදුන්ගේ පිළිරැවක් පමණක් ඉතිරිවීමේ ඵලය කුමක්ද? (නු)
බටහිර දියුණු රටවල් බුදු දහමේ සත්‍යය අවබෝධ කරගනිද්දී අපි වැනි රටවල අය මිත්‍යාදෘෂ්ටික ඇදහීම්, විශ්වාස වලට ගැතිවෙලා. (නි)
එතකොට කුරුසෙ ඇණ ගැහුවෙත් දේව කැමැත්තටද?(නු)
බුදු සසුන බැබලේවා..!(නු)
මේ වගේ දේවල් ප්‍රාතිහාර්ය කියල පිළිගන්න මම අකමැතියි. හේතුව එහෙම පිළිගත්තොත් බුදු හාමුදුරුවෝ දේශනා කල සත්‍ය අවබෝදයට බාධාවක් වේවි කියල හිතෙන නිසා. (නු)
මේක මෙච්චරටම විශ්මයක් නම් අද රටේ ඇයි අපරාධ මෙච්චරටම බහුල වෙලා තියෙන්නේ? (නි)
බුදු පිළිම වර්ග අතුරින් මෙම පිළිම වර්ගය ඉතා ශක්තිමත්. මේවාට දාලා තිබෙන සිමෙන්ති ගල්කුඩු නිසා පහසුවෙන් විනාශ වෙන්නේ නැහැ. (නි)
බුුද දහම නිර්මලයි, සත්‍යයයි. (නි)
තෙරුවන් සරණයි (දී)
මහේල, චමත්, සියලන්ස්, සිතාර මෙහි අදහස් දක්වන තර්කවාදින් මේ ගැනත් සිතන්න. යම් වස්තුවක් ඉහල සිට හරහට ඇද වැටීමේදී එම වස්තුවේ විශ්කම්භයට සාපේක්ෂකව වාතයේ පීඩනයක් ඇති කරයි. එම පීඩනය විසින් සමීපයේ ඇති යමක් චලනය කල හැකියි. එසේ සලකන විට හොදින් මේ ඡායාරුප බලන්න. මෙබදු විශාල ගසක් වැටීත් මේ කුඩා ප්‍රමාණයේ බුදුපිළිම වහන්සේ නොවැටී තිබීම ප්‍රාතිහාරයක් නොවේද ? මෙය විශ්වාස නොකරන්නේ නම් ඔබලාට හිසමුදුනින් පිළිගන්නා විද්‍යා දැනුමද පිළිගත නොහැක. මුතුකුඩගේ අදහස් පටකුඩ වී ඇති බැවින් විමසිලිමත්ව කියවීම බුද්ධි වර්ධනයට හේතුවේ. (නු)
බොරුවට කෑ ගහනවා සමහරු සත්තු මරනවා කියලා. ඒත් මස්, මාලු නොකන කෙනෙක් අද ලංකාවේ හොයාගන්න පුලුවන්ද? (නි)
ආගම් වලට රණ්ඩු නොවී සෑම ආගමකටම ගරු කරමු නේද? (නි)
මේක ආශ්චර්යයක් තමයි.. (නු)
බුදු දහමේ තිබෙන පෘතුල දර්ශනයත් මේ බෝ ගහ පිළිමය බේරා කඩා වැටීමත් අතර කිසිම සම්බන්ධයක් නැහැ. (නු)
නිර්මල බුදු දහමේ සත්‍ය මෙයයි..!(නු)
කවුරු කොහොම කියුවත් බුදු දහම ලෝකෙන් තුරන් වෙන්නේ නැහැ (දී)
දේවා පැවත එන්නේ දේවදත්තගේ පරම්පරාවෙන්ද? (නි)
ආගම කුමක් වුවත් දකින දසුන නොවෙනස් වේද? (නි)
බුදු ගුණ අනන්තයි. සාධු... සාධු... සාධු...! (නි)
අද ලංකාවේ සිදුවෙන අපරාධ සර්වබලධාරී දෙවියන් වහන්සේට පෙනෙන්නේ නැද්ද එතකොට? (නි)
බුදු දහම දන්න, බුද්ධ භක්තිය ඇති අය මැටි වලින් හැදුවත් මේ පිළිම ආරක්ෂා කරනවා. (නි)
මම කිතුණුවෙක්. මම කියන්නේ සෑම ආගමකටම අපි ගරු කළයුතුයි කියායි. (නි)
හොදින් දැන ගන්න අනන්ත බුදුගුණ බලය විශ්මිතයි (දී)
මොහොමඩ් , මම මස් මාළු කන්නේ නැ. ඔබට තව කීදෙනෙක් මම පෙන්වන්න ඕනද? (ස)
දිල්රු , වැඩිය ඕනෑ නැහැ. ඔයාව මැවුවෙත් දෙවියන් වහන්සේද? (නි)
ලෝකයේ පුදුම සහගත දේවල් අනන්තවත් සිදුවෙනවා. (නි)
බුදු දහම නිර්මලයි. සත්‍යයයි. (නි)
මෙත් සිත් පැතිරේවා (දී)
මොහොමඩ්, මමත් මගේ පවුලේ අයත් කිසිම දිනෙක මස් මාලු කන්නෙ නැහැ. (නි)
සත්‍ය (දී)
සියළු පවු දුරුකොට නිසි කුසල් රැස්කොට සිත දමනය නොකොට යා නොහැක නිවනට මේ සිදුවීම දැක තණ්හා මාන දිට්ඨි අතිනොකර ගෙන ප්‍රඥාවෙන් සත්‍ය අවබෝධයෙන් සසරෙන් මිදෙමු. තෙරුවන් සරණයි ! (ස)
බුදු ගුණ අනන්තයි බුදු බලය අනන්තයි එය සත්‍යයයි (ස)
තව කතා මොකටද (දී)
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය අපේ රටට ලැබේවා! (නි)
මේවා හොද පාඩම් (දී)
සියලු දේ මැවුවේ දෙවියන් වහන්සේ නම් ඇයි පවුකාරයින්ව මැවුවේ? (නි)
සාධු... සාධු... සාධු... (දී)
ඉක්මනට නැවත වහලක් සෙවිලි කරන්න (ස)
මේවා දැක දැකත් උසස්ම සතාවන මිනිසා මිනී මැරීම්, බුද්ධාගමට නුසුදුසු මත්පැන් පානය , කාමය වරදවා හැසිරවීම ආදි පාපයන්ගෙන් මිදී නියම බෞද්ධයෙක් ලෙස ජීවත් වෙමු (ස)
මතක තියා ගන්න අච්චර ලොකු මුහුදු රැල්ල ඇවිල්ලත් බුදු රුවට මොකුත් උනේ නැහැ (දී)
බුදු දහම සත්‍යයක් (ස)
බුදු ගුණ බලය (දී)
බුදු දහම සත්‍යයි !!!! (ස)
බුදු පිලිම කඩල නිදන් ගත්ත කට්ටිය ඔය හොඳින් ඉන්නෙ. (ස)
දෙවිවරුන් විශ්වාස කරන මිනිසුන් නොබේරී දෙවියන් පමණක් බේරී පළක් නැත. (නි)
බුදු පිළිම විනාශ කරන අයට මේවා හොද ආදර්ශ (දී)
බුදු පිළිම විනාශ කරන්න හිතන්නවත් එපා (දී)
ඔය හැම ආගමකටම ගරු කරන්න ඕනේ (දී)
සියලු ලෝක වාසීන්ට තෙරුවන් සරණයි (දී)
බුදු ගුණ අනන්තයි බුදු බලය අනන්තයි එය සත්‍යයයි (ස)
මෙය බුදු දහමේ සත්‍යය වර්තමාන අන්ධකාරයේ සිටින්නවුන්ට අවබෝධ කරවනු පිණිස පෑ පෙළහරකි. මන්ද අද බොහෝ අය ලෝක විනාශයෙන් මිදීමට මගක් හෙවත් සත්‍යය සෙවීමට උත්සුක වන හෙයින් මෙය මග හෙළිකිරීමකි. ගස් හා කුටිය කැඩී වැටීම සියල්ල අනිත්‍ය බව ද චිත්ත ශක්තියේ හා ගුණයන්ගේ බලය සියළු බලයන්ට වඩා බලවත් බව බුදු පිළිමයෙන් ද මනාව අවබෝධ කරවයි. බුදු පිළිම විනාශකරන්නේ මිනිසුන් මිස සොබා දහම නොවන බව තර්ක කරන්නවුන්ට උදාහරණ සේ සුනාමිය හා මෙය ද සිහි කැදවමි. බුදු දහමේ හා යථාර්ථයේ ඇති සම බව වටහාගැනීම බුදු දහම උඩින් අතපත ගෑමෙන් අවබෝධ කරගත නොහැකි බව අන්ධ භක්තිකයෝ වටහා ගනිත්වා! "මිදීමේ එකම මග බුදු හිමි දෙසූ බුදු මගයි"! (නි)
බුදු ගුණ අනන්තයි බුදු බලය අනන්තයි (ස)
මහේල, සිතාර ඇතුලු අදහස් දැක්වූ කිතුනුවනි, මෙවන් දෙයකදි ආගම් වාද ඇතිකර ගැනීම අවශ්‍ය නොවේ. (නි)
බුදු දහමේ බලයෙන් සියලු මිත්‍යාදෘෂ්ඨිකයන්ට යහමගේ දොරටු විවිර වේවා (ස)
අද බුදු රුවට හානියක් සිදු නොවූවද ඉදිරියේ දී නිදන් හොරුන් විසින් හානි කළ හැකිය. එවිට බුදු රුව විනාශ වෙයි, බුදු රුව විනාශ වුවද බුදු ගුණ එලෙසම පවතියි. එනිසා, බුදු රුවට වඩා අනන්තව තිබෙන බුදු ගුණයට ආදරය කර, බුදුන්වහන්සේගේ ගුණ ඇති අය ලෙස ජීවත්වීමට අදිටත් කර ගැනීම සුදුසු යැයි සිතමි..... (ස)
ඔය කියන තරම් බලයක් තියනවනම් උදේ හවස බණ අහන ලංකාවේ ඇයි මෙච්චර අපරාධ විපත් . (ස)
බෞද්ධ අය පිළමෙටයි බෝධියටයි දෙකටම වැදුමි පිදුමි කරනවනේ. මේ උඩට වැටිලා තියෙන්නේ බෝ ගහක් මේ අය මේකට මොනතරම් දේවල් කියනවද . ඒකෙන්ම තේරෙනවා මේ අයගේ අන්ධ භාවය. (ස)
බුදුගුණ අනන්තයි ...නිර්මලයි ........සත්‍යවාදියි (ස)
මේවත් දැක දැක නේ නිදන් හාරන්නේ (ස)
එහෙනම් නිධන් හොරුන් කරන අපරාධ වලට දඩුවම් කෝ? (නි)
අන්ධ භක්තිකයින්ට උතුම් බුදුදහමේ අගය නොපෙනුනත් සොබාදහම එය තේරුම්ගෙන ඇත. (නි)
වැදූ මවු පවා විශ්වාස නොකරන දුර්ජනයින්ට උතුම් බුදු ගුණ බලය වැටහෙයිද? (නි)
සියලු දේ කර දෙනු ලබන්නේ දෙවියන් වහන්සේ විසිනුයි. (නි)
බුදු දහම දර්ශනයක් මිස ආගමක් නොවෙන බවයි මගේ හැගීම වන්නේ. (නි)
මමත් මිත්‍යාදෘෂ්ඨික කතෝලිකයෙක්. (නි)
සාධු....සාධු....සාධු.... බුදු සසුන බැබලේවා (දී)
මට නම් හරිම පුදුමයි. අදහස් වලින් නම් බුදුදහම ගැන පරතෙරටම දන්නවා. ඒත් බුදුදහමේ හැසිරෙන්නේ නැති එකනේ වැඩේ. (නි)
බුදුපිළිමය බේරුන එකට උදම් අනන බොදු බැතිමතුන් අර බෝධීන් වහන්සේ මුලින් ඉදිරී වැටීම ගැන මොකුත්ම කියන්නේ නැහැ. මටනම් හොඳටම විශ්වාසයි ඔබගේ බෞද්ධකම සීමා වන්නේ අන්‍යාගමිකයින් හෙලා දැකීමට මිස බුදුන් වදාළ යථාභූත ඥානය වඩවා ගැනීමට නොවන බවට. නැත්නම් අපේ අදහන දහම ගැන සතුටු වනවා මිස මෙතනට අන්‍යාගමිකයින් උපහාසයට ලක් කරන කතා මොකටද? බුදුන්ගේ කාලයේ දඹදිව පැවති දෙසැටක් මිත්‍යා දෘෂ්ටීන් ගැන ඔයවගේ 'රණ්ඩුකරන්න ' ගියානම් එවකට හිටපු බොදුනුවන්ට මාර්ඝ ඵල ලබන්න ජීවිත කාලෙත් මදි වෙනවානේ. මතක තබාගන්න හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ලැබෙනවා. අද අපට අවශ්‍ය බුදුදහම පිළිපදින්නන් මිස ඒ වෙනුවෙන් යුධ වදින්නට අං මැදගෙන එන්නන් නොවේ. බුදුදහමේ ආශ්චර්යය පෙන්විය යුත්තේ අධ්‍යාත්මික ජයග්‍රහණ වලින් මිස සිමෙන්ති පිළිමයක් කැඩීම හෝ නොකැඩීම මත නොවේ. මේ ටික තේරුම් ගන්න බහුතරයකට බැරි බව දන්නවා. බුදුන් වදාළේත් "දුස්සීලෝහි බහුජ්ජනෝ" කියලානේ (ස)
ඔය දෙවියන් වහන්සේට අපහස කරන අයට කියන්නේ, අන් ආගම් වලටත් ගරු කරන්න දැනගන්න. මතක ඇති එක අවුරුද්දක යුද්දේ වැඩියෙන් තියෙද්දී නත්තල් පුජාවට ආරක්ෂාව දුන්නහම ගාල්ලේ පැත්තේ අය ගැහුව පොස්ටර් ගැන. පස්සේ දවසේ මොකද වුණේ? සුනාමිය ඇවිත් ඔක්කොම ගහගෙන හෝදගෙන ගියා. ඒවා අමතක කරන්න එපා. ඒ නිසා නොදන්නාකමට දෙවියන් වහන්සේට අපහාස කරන්න කලින් දහම් පාසල් හරි ගිහින් ඉගෙන ගන්න. (නි)
අනේ මන්ද අප්පා (දී)
කවුරුවත් රණ්ඩු වෙන්න එපා. හැමෝටම බුදු සරණයි! (නි)
බුදුන් වහන්සේ කිසිම දිනෙක ආශ්චර්යයක් ගැන දේශනා කර නැත. (නි)
රණ්ඩු කරල ඵලක් නෑ. බුදුන් වදාල මඟ ගොස් නිවන් දකිමු.(ස)