බුදු දහමට නිගා කරමින් වංචා සහගත ලෙස සිවුරු පොරවාගෙන සංවිධානාත්මක ලෙස මුදල් එකුතු කරමින් විවිධ අපරාධ කරන කණ්ඩායම් සිටිතියි බොදුබල සේනා මහා ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ කිහ.
ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවට විශේෂ පනිවිඩයක් දෙමින් ඒ හිමියෝ එසේ පැවසූයේ කොළඹ තුම්මුල්ලේ සම්බුද්ධත්ව මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය මහණවී සිවුරු හළ තරුණනකුට මරණ තර්ජන එල්ල කර යළි සිවුරු පොරවා පන්සලකට ආධාර පිනිස ටිකට් විකිනිමට දි ඇතැයි ද ඒ හිමියෝ කීහ


1බලෙන් සිවුරු පොරවු පුදුගලයා ලවා අපරාදය පාපොච්චාරනය කරවූ අවස්ථාව
2 යළි සිවුර ඉවත් කොට ගිහි අඳුම් අන්දවා
3 කිරම විමල ජෝති හිමියෝ අදහස් දක්වමින්
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙක් හරි සංවිධානාත්මක කණ්ඩායමක් හරි බොරුවට සිවුරු ඇඳගෙන අපරාධ කරන එක සසුනට නිගා කිරීමක්ද? මේ මිනිස්සු හොරු සහ අපරාධකාරයෝ. බොරුවට සිවුරු ඇඳගෙන හොර වැඩ කරමින් ඇත්ත හාමුදුරුවරු වගේ පන්සල වල ඉන්න එක නම් සසුනට නිගාවක්. (ස)
අපි මේක දඹුල්ලේ හාමුදුරුවන්ට බාරදෙමුද? (නි)
තව තවත් විස්තර ඇතුව පහදා දී අපේ බෞද්ධයින්ව දැනුවත් කරන්න අපේ හාමුදුරුවනේ. (නි)
අද අන්‍ය ආගම්කාරයින් එක්ව බුදු දහමට කරන ව්‍යයසනය වැළැක්වීමට එකමුතු වෙන්න. (නි)
බුදු දහමටත් නිගා කරමින් වංචා සහගතව සිවුරු පොරවාගෙන කණ්ඩායම් වශයෙන් විවිධ අපරාධ කරමින් ඉන්න ඇත්තන් ගැන මීට කලින් කිහිප වතාවක්ම පූවත්පත් මගින් නිතර අහන්න දකින්න ලැබූනත් ඒ පිරිස්වලට අර ගත්තු නීතිමය ක්‍රියා මාර්ග කූමක්ද? හිර ගෙවල් පූරෝගෙන මහජන මූදල් වලින් කන්න දිදී තියා ගන්න එකනේ කරන්නේ. එහෙම නැත්නම් සති කිහිපයකින් නැවත එළියේ. ගරු ඥාණසාර අපේ හාමූදූරුවනේ, මේ සමාජයේ ඇතිවෙලා තිබෙන අපරාද රැල්ල විනාශ කරන්න නම් දැඩි නීති රිති අවශ්‍යයි. ඒ විතරක් මදි. පැවිදි වෙන භික්ෂූන්ට සියථම පන්සල් වලම පැවිදිවෙන්න නොහැකි වන සේ නීති මාලාවක් ගෙන ඒමත්, තෝරා ගත් විශේෂිතවූ පන්සල් කිහිපයක පමණක් පැවිදිවීමටත්, සෑම පැවිදි නමකටම නවීන තාක්ෂණය උපයෝගි කරගත් විශේෂිතවූ හැදූනූම් පතක් නිකූත් කිරීමත් අතිශයින් වැදගත් වේ. ඒ මන්ද, සිවූර දවටාගත් හොර භික්ෂූන්ගෙන් තවදූරටත් විවිධ අපරාධ කරන කණ්ඩායම් බිහිවුණොත් මඟ තොටේදී ගරු කළ යූතූ භික්ෂූන්ටවත් ගරු සැළකිලි වලින් තොර සැකෙන් බියෙන් සහ පිළිකූලෙන් බළන සමාජයක් බිහි වේවි. බූදූ සසූන රැක ගැනීමට සියලුම නායක භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ ලුදෙනා පෙළ ගැසෙන්න. (නි)
හාමුදුරුවනේ, ඔහොම ගියොත් නම් බුදු දහම විනාශවන එක අද ද හෙට ද කියලා නැහැ.මේ තත්වයට ඔබ වහන්සේලාත් වග කියන්න ඕනෑ. දානයකට,මරණයකට, පිරිතකට ගිහියෙකුගෙ ගෙදරකට වැඩලා වැඩක් නැහැ.අනෙක් වෙලාවටත් ගිහියන්ගෙ ගෙවල් වලට වඩින්න. ඒ අයගෙ සැපදුක් විචාරන්න. දුප්පත් පොහොසත් බේදයක් සළකන්න එපා. ඔබ වහන්සේලාට ඒ අයට දෙන්න මිළ මුදල් නැතුවට ඔබ වහන්සේලා ගාව ගොඩාක් අදහස් තියෙනවා ඒ අයට දෙන්න. ඒවා මිළ මුදලට වඩා ඔවුනට වටිනවා. පොහොසත් අය ගාවට ගියාම දුප්පත් අය ගැන කතා කරන්න. දුප්පත් අය ගාවට ගියාම පොහොසත් අය ගැන කතා කරන්න. එතකොට ඒ ඒ අයගෙ ප්‍රශ්නත් ඉබේම විසඳෙනවා. නිතිපතා ගිහි ගෙවල් ලෙට වැඩීම හේතුවෙන් ඒ අයගෙ ආගමික නැඹුරුවත් ඇති වෙනො. (නි)
ලෝකයේ ගොඩක්ම අපහාසයට ලක්වෙන්නේ නිර්මල බුදු දහම..!(නු)
සංඝයාවහන්සේලා මීට වඩා මේ ගැන ක්‍රියාත්මක වෙන්න ඕන... එතකොට තමයි බෞද්ධ ජනතාව අවධි වෙන්නේ.. ඒ අතින් බලනකල බෞද්ධයන් සෑහෙන දුර්වලයි.. (නු)
අපේ හාමුදුරුවරුන්ගේ වුණත් එකමුතුකමක් තියෙනවද? පාර්ශව කීයක් නම් ඉන්නවද? (නි)
ඇයි පන්සලට දෙන අටපිරිකර විකුණලා සල්ලි ගන්න හාමුදුරුවරු සහ පිරිත් නූලක් බැදලා සල්ලි ගන්න හාමුදුරුවරු අල්ලන්නේ නැද්ද? (නි)
අප ගෞතම බුදුරජාණන් වහන්සේ මේ උතුම් සිංහල ජාතියට උතුම් බුදු දහම බාර කළේ කල්පයක් එය ආරක්ෂා කර ඉදිරියට ගෙන යාමටයි. මේ උතුම් හෙළයන් බුදු දහම දිවි හිමියෙන් රැක ගත යුතුයි. අප අන් අයගේ වගකීම් යුතුකම් කතා කීරීමට මත්තෙන් අප අපව තේරුම් ගෙන ශීලාචරී විය යුතුවන්නේ ලොව වෙන කිසිම ආගමකින් ඒ උත්තරීතර මිනිස් බවට පත් වීමට මාර්ගයක් නොමැති හෙයිනි. එවිට අපේ මතු පරම්පරාව එයම අනුගමනය කරනවාට කිසිම් සැකයක් නැත. විදේශිකයන්, බහු ජාතික බූවල්ලන් අපගේ ඒ හෙළ සිරිත් විරිත් ඉතා සූක්ෂම ලෙස විනාස කරමින් පවතී. අප එය හරි හැටි තේරුම් ගනිමු. අප බුදු දහම රැක ගනිමු. ධාර්මික පාලකයින් පත් කර ගනිමු. සිංහල ව්‍යාපාරීකන් රැකගමු. බුදු දහමට අනුව ජීවිකාව කරමු. අපේ බෞද්ධයින් රැක ගනිමු. දහමට ඔවුන් යොමු කරමු. බුදු සසුන බැබළේවා...! (නි)
බුදු දහම තව චිරාත් කාලයත් වැජඹෙනවා , ඒක වලක්වන්න ජගතෙක් මේ දියතෙම නෑ....සිකුරුයි (ස)
අපි බුදු සසුන රැකගත යුතුයි (නි)
අනේ අපොයි! (නි)
අපි කිසිදු ආගමකට නිගා නොකරන්නෙමු. නමුත් බුදු දහමට මෙතරම් නිගා කිරීමක් වී තිබියදිත් බලධාරීන් මුනිවත රැකීම ගැන දුකයි. (නි)
මේවා කියනකොට මට උණ වගේ (ස)
එක මිනිහෙක් අවුරුදු 20 කට හිරේ ගියා . හැංගිලා සෙල්ලම් කරන අය බොහෝමයි . නායක ස්වාමීන්වහන්සේලාටත් අයිතියි සාසනය රැක ගන්න (ස)
මේකට දැන් කියාවි අන්‍ය ආගමික වැඩක් කියලා . එහෙමනේ හැම වැඩකටම කියන්නේ (ස)
තම පියාගෙන් ලක්ෂ ගණනක් වංචා කල පුතෙක් ගැන මේ පත්තරෙන්ම මම කියෙව්වා. ඒ දැන් හැටි. දෙමාපියන් දරුවන් බිරිඳ සැමියා උවද මුදලට විකිනීමට තරම් පහත් මට්ටමකට මේ සමාජය පිරිහි හමාරයි. ඉතින් බුදු දහම බුදු පිලිම බුදු බණ සිවුර විකිණීම අරුමයක්ද. අනෙක් අතට සිවුරු ඇඳන් බුදු බණ කියමින් ලංකාවෙ තියෙන උත්තරීතර යැයි කියන තැනට වැටුණු හාමුදුරුවරුත් මේ කට්ටියට ඉනිමං තිබ්බ කියලයි මට හිතෙන්නෙ (ස)
ඒ ගමන අළුත් පිස්සුවක් (නි)
දැන් හාමුදුරුවන්ට තමයි හැම එකකටම පෙරමුණ ගන්න වෙන්නේ (නි)
අභයරත්න මහත්තයාගේ අදහස නිවැරදියි (ස)
බුදු සසුන බැබලේවා
අයියෝ සල්ලි
අද ගොඩක් වෙබ් අඩවිවල හාමුරුවරුන්ගේ දැන්වී පලකරලා විවිධ ව්‍යාපාර පවත්වනවනවා . මෝඩ නූගත් මිනිස්සු මේවට අහුවෙනවා . මේවත් වලක්වන්න පුළුවන්නම් හුඟක් හොඳයි (ස)
සිංහල අය එකමුතු වෙන්න ඕනි දැන් (ස)
මෙවන් නිර්භීත හිමිවරුන් සිටින එක අපිට ලොකු හයියක් (නි)
කොහොම වුණත් බුදු දහම විනාශ වෙන්න ළගයි. අම්මා, තාත්තට ගරු නොකරන අය දෙවියන් බුදුන්ට ගරු කරයිද? (නි)
මෙහෙම කියලා වැඩක් නැහැ අල්ලගන්න ඕන.!(නු)
මිනිස්සුන්ව දෑනුවත් කරන්න ඔය හෑමදේම ගෑන, හරි තොරතුරුත් එක්ක....(නු)
මේ සියළු අභියෝග අද මෙන්ම එදත් තිබුණා.. මේවා අපි බුද්ධියෙන් කල්පනා කර විසදිය යුතුයි..!(නු)
තතාගත ධර්මය සත්තයි හාමුදුරුවේ.. මිසදුටු දේ ශාසනය පුරාවට තිබ්බා.. ඔය ඔක්කොම බලපෑම් නතර කරන්න මේ ලෝකේ ඉන්න බෞද්ධයෝ බලගැන්නුවත් බැරි වෙයි.. ඒ නිසා අපි බුද්ධියට බලපෑම් කරමු. ඔය ප්‍රශ්ණ ඔක්කොම එතකොට ඉවරයි.!(නු)
මේකණ්ඩායම අල්ලලා රටට හෙලි කරන්න. ඉක්මනට රහස් පොලිසියට හෙළි කරන්න.!(නු)
රුවන්වැල්ල පැත්තේ එක්කෙනක් නම් හිරේට ගියා.. (නු)
ගස් බැන්දා වගේ කතාවක් නම් වෙන්න එපා..!(නු)
ජාතිවාදය නම් එපා..!(නු)
නිර්මල බුදු දහමෙ විනාශයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන කවුද?(නු)
වරුණ, රුවන්වැල්ලේ එක්කෙනත් මෙහෙම කෙනෙක් තමයි. (නි)
හිරන්ත, මොකක්ද ඔයා ඔය කියන ජාතිවාදය? සිංහලයන්ට තමයි ඔක්කොම හොද නැත්තේ. අනෙක් කට්ටියට හොදයි හැමදේම කරන්න. (නි)
දකින්නත් සතුටුයි යම් භික්ෂූන් කණ්ඩායමක් බුදු දහම ආරක්ෂාකරගැනිමට වෙහෙසීම ගැන..වග කිවයුත්තන් ඒ පිළිබදව සොයා නොබලද්දි....!(නු)
මොනවා වුණත් අහුවුණ එක නම් හොදයි. අපේ සංඝයා වහන්සේලා මේවා වෙනුවෙන් එකතු විය යුතුයි නේද? (නි)
බලපෑම් කල අය කවුරුන්ද ? ඉතිරි හරියත් කියන්න . අපි දන්නේ නෑ නේ (ස)
බොදු බල සේනා සංවිධානයට බොහොම පින් මේ කරන වැඩේට. (නි)
ගරු හිමිවරුන් හොයන්න අමාරුයි. (නි)
ෂා... ෂා... ෂා...ෂා... මාර වැඩේනේ. (නි)
කෝ අර ජාතිවාදී අදහස් දක්වන කට්ටිය? කියන්නකෝ මේකත් අන්‍ය ආගමික කුමන්ත්‍රණයක් කියලා. අන්‍ය ආගමිකයන් සිනාසෙනවා ඇති, ලජ්ජයි.බෞද්ධයන් නමට විතරයි බෞද්ධයෝ. (නි)
කෝ දෑන් එකතු කෙරුවයි කියන සල්ලි? (නි)
පළාතේ පොලිස් අධිකාරීතුමාගේ, මහ ඇමති තුමාගේ අනුමත ලියකියවිල්ලක් නැතුව කිසිදු මුදලක් එකතු කළ නොහැකි වන සේත්, සැකසහිත අය ගැන දැනුම් දීමට පුලුවන් දුරකතන අංකත් ඇතුළත් කරන ලද විස්තර අදාල ලිපි වලටම ඇතුළත් කිරීම වටී. (නි)
හුගක් හාමුදුරුවරුන් මෙහෙම තමයි. කරන්නේ ව්‍යාපාර. (නි)
හොඳට බොන්නෙත් අපේ මිනිස්සු, හොඳට හරක් මස් කන්නෙත් අපේ මිනිස්සු. පන්සල් යන්නෙත් මාසෙකට සැරයක්. හැම සිහලයෙක්ම පන්සල් ගියානම් පන්සල් විහාරවල ඉඩ මදිවේවී. (නි)
වැරදිකරුවන් සොයා දඩුවම් දෙන්න. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
හිරන්ත පුතේ, බුදු සසුනට එරෙහි දේවල් ගැන කතා කිරීම කොහොමද ජාතිවාදය වෙන්නේ? (නි)
කොළඹ හා බොහෝ නාගරික පළාත්වල පන්සල්වල ඉන්නවා ගම්මානවල පන්සල් වලින් පැනපු සිවුරු ඇරපු අය. ගමේ පන්සල් වලින් එළවපු අය ඉන්නේ කොළඹ වැඩි හරියක් . ගුරුවරු නැති පාලනයක් නැති පළිවෙලක් නැති අය ඒ තුළින් බිහිවෙලා ඉන්නේ. ඒ නිසා ගුරුවරු නැතිව සිවුරු දාගෙන කොළඹට ආපු අය බොහෝ පන්සල් වල ඉන්නවා. පුලුවන්නම් ඒ අය ගැනත් තීරණයක් ගන්න. ගුරුවරු සාමණේර සහතික හා උපසම්පදා සහතික මගින් පරික්ෂා කරගන්න ඔබවහන්සේලා උත්සාහ කළොත් ලොකු මෙහෙවරක්. මොකද කොළඹ පන්සල් වල හිමිවරු නැති නිසා සමහර පන්සල් වල පිට පළාත්වලින් ආපු හිමිවරු නතර කරගෙන ඉන්නවා. ඇත්තටම කඩෙන් සිවුරුඇරන් දා ගත්තු අය. මේ අය කවදා හරි මේ වගේ වැඩ කරාවි. කරුණාකර විමසිලිමත් වන්න. ඔබට පුලුවන්නම් කොළඹ නතරවෙලා ඉන්න පොඩිහිමිවරු කවුද කියලා හොදයලා බලන්න. (නි)