IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බුද්ධගයා අසපුවේ පිංකමට හිමිවරු 150ක් වඩිති

බුද්ධගයාවේ වජිරාසන භූමියට සමීප ව ඇති උරුවෙල් දනව්වේ සේනානි නියම් ගම හරහා ගලා යන නේරංජනා නදිය අසබඩ පිහිටා තිබෙන බුද්ධග්‍යාන් (බුදුනුවණ) මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ කඨින පූජෝත්සවය පසුගිය නොවැම්බර් 12 වැනි සෙනසුරාදා පැවැත්විණි.

එහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස වැඩ වාසය කරන අඹන්පොළ ඤාණවිජය හිමියෝ ප‍්‍රකාශ කළේ මෙවර ද කඨින චීර පුජා පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් ව පැවත්වුණ බවයි.

මේ පුණ්‍ය මහෝත්සවය සිදු කෙරුණේ ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති, මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ මහෝපාධ්‍යාය දොඩම්පහළ චන්ද්‍රසිරි ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක හිමියන්ගේ මූලිකත්වයෙන් සහ මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙනි.

කඨින චීවර පූජාවේ ප්‍රධාන දායකත්වය ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා සහ පුෂ්පරාණි කරුණාරත්න මහත්මිය විසින් දරනු ලැබූහ.

මෙයට ම සමගාමී ව නොවැම්බර් මස 12 වනදා ස්වාමීන් වහන්සේලා 200 නමකට දහවල දානය පූජා කරන්නට යෙදුණේ බුද්ධග්‍යාන්  භාවනාශ‍්‍රම භූමියේ දී ය. එහි දී සියලූ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වටිනා පරිෂ්කාර පූජාවන් ද සිදු කෙරිණි. ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා මහානායක හිමියන්ට කඨින චීවරය පූජා කර සඟසතු කළේය. එදින ම බුද්ධග්‍යාන්  භාවනාශ‍්‍රමය මගින් මෙහෙයවන දහම් පාසලේ අධ්‍යාපනය ලබන ඉන්දියානු දරුවන් 500 දෙනෙකු හට පාසල් උපකරණ සහ ඇඳුම් ප‍්‍රදානයක්ද සිදු කැරිණි.

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන්ගේ දෙස් විදෙස් ධර්ම ප‍්‍රචාරක වැඩපිළිවෙළේ ප‍්‍රතිඵලයක් ලෙසින් දීපව්‍යාප්තව ද රටවල් ගණනාවක ද බිහි කෙරුණු මහමෙව්නාව භාවනා අසපු අතරට බුද්ධගයාවේ බුද්ධග්‍යාන්  භාවනාශ‍්‍රමය එක් වූයේ මින් වසර 9කට පෙර 2007 වසරේ දී ය. මුල් කාලයේ පටන් වාර්ෂික ව බුද්ධග්‍යාන්  භාවනාශ‍්‍රමය මඟින් කඨින චීවර පූජා පින්කම් සිදු කෙරුණ අතර 2015 වසරේ දී එම අසපුවේ එතෙක් විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස වැඩ වාසය කරමින් ඉන්දියාව තුළ ධර්ම ප‍්‍රචාරය පිණිස අපමණ මෙහෙවරක් ඉටු කළ හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළ පසුව උන්වහන්සේ උදෙසා සිදු කෙරෙන පුණ්‍යානුමෝදනාවක් ලෙසින් වාර්ෂික කඨින චීවර පූජාව ඉතා ඉහළින් සිදු කරන්නට කටයුතු යෙදිණි.

මේ වසරේද ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පින්කම සිදු කෙරුණේ දෙවැනි වරටයි. පසුගිය වසරේ දී මෙන් ම මෙම වසරේ දී ද බුද්ධග්‍යාන්  භාවනාශ‍්‍රමයේ මෙම පින්කමට සමගාමී ව පසුගිය නොවැම්බර් 11 වැනිදා වජිරාසන භූමියේ භාවනාවේ යෙදෙමින් වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේලා 300 නමක් විෂයෙහි පිණ්ඩපාත දානය ද පූජා කැරිණි. පින්කමට සහභාගී වූ වජිරාසන භුමියේ දී අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වූහ. වජිරාසන පිළිම වහන්සේ උදෙසා මැණික් ගල් ඇල්වූ සිවුරක් පූජා කිරීම ද මෙදින සිදු වූ අතර වජිරාසන භූමියේ පහන් දල්වා සොඳුරු ආලෝක පූජාවක් ද සිදු කැරිණි.

කඨින චීවර පූජාව සිදු කෙරුණු දින රාත‍්‍රියේ දී බුද්ධග්‍යාන්  භාවනාශ‍්‍රමයේ දහම් පාසැල් දරු දැරියන් විසින් පාලි සහ හින්දි සූත‍්‍ර සජ්ඣායනාවක් පවත්වන ලදී. ඉතා මධුර ස්වරයෙන් පැවැත්වූ එම සජ්ඣායනා ශ‍්‍රවණය කළ බොහෝ සැදැහැවත්හු එම දරු දැරියන්ට ත්‍යාග පිරිනැමූහ.

මෙම පින්කම සඳහා මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ අනුශාසක ධුරන්දර හිනිදුම නන්ද, මහමෙව්නාව සංඝ සභාවේ සභාපති බණ්ඩාරවෙල මුදිත සහ ශ‍්‍රද්ධා රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ අනුශාසක අලුදෙණියේ සුබෝධි යන හිමිවරුන් ප‍්‍රධාන මහා සංඝරත්නය 150 නමක් සහ සම්භාවනීය ගිහි පින්වත්හු රැසක් සහභාගී වී සිටියහ. 

DSC_8413 DSC_8963 DSC_8987 DSC_9066DSC_9162 DSC_9315DSC_8660



අදහස් (0)

බුද්ධගයා අසපුවේ පිංකමට හිමිවරු 150ක් වඩිති

එහිපස්සිකෝ Friday, 18 November 2016 11:36 AM

මෙය සුවිශේෂිම අවස්ථාවක් වාර්තා කිරීමක්.මේ වාර්තාකිරිම බොහෝදෙනාට හිතසුව පිණිසම වනවා, ලංකා දීප කාර්‍යමණ්ඩලයටත් අප්‍රමාණ කුශල් රැස්වෙනවා.එවගේම සාමාන්‍ය පුවතකදි සිත් දූෂණය කරගෙන අදහස් ප්‍රකාශ කලත් මෙවන් වටිනා පින් පිරෙන පුවත් වාර්තා කිරීම වෙනුවෙන් ස්තූතිවන්තවෙමි. (ම)

:       0       1

ඩබ්ලිව්.පී.අල්විස් Thursday, 17 November 2016 08:50 AM

මෙය ඉතාම වටිනා කාලෝචිත වාර්තා කිරීමක් බොදුනුවන්ගේ සිත් පහන් කෙරෙන්නක්.සංවිධාණය කල සියල්ටමත් සාහභාගීවූ සියලු දෙනාටමත්,බොහෝ කුසල් සහ පිං ප්‍රර්ථනා කරමි. (ම)

:       0       0

ප්‍රදීප් Thursday, 17 November 2016 09:00 AM

බුදු සසුන බැබළේවා! (නි)

:       0       0

දයානි Thursday, 17 November 2016 09:01 AM

නමෝ බුද්ධාය! සාදු! සාදු!! සාදු!! පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මේ සඳහා සහභාගිවුණ සියලු පින්වත් ස්වාමින් වහන්සේලට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා! (නි)

:       0       0

රජිත Friday, 18 November 2016 04:22 AM

නෙත් රිසිකරවන ලෙස දුන් දානය... ගත් ගත්සේ අඩු නොවන නිධානය... ගත් පින් අණසක ලොවට නිධානය... අත්වේවා සැමටම නිවන් උදානය.... (නි)

:       0       0

අසංග Thursday, 17 November 2016 10:05 AM

සාදු සාදු සාදු !!!! (බ)

:       0       0

චාමර ගුණතිලක Thursday, 17 November 2016 10:12 AM

ථෙරාවාදී බුදුදහමේ කේන්ද්‍රස්‌ථානය ලෙස හැඳින්වෙන මෙරට භික්‌ෂුවගේ විනය හා කාර්යභාරය පිළිබඳව ප්‍රබල සමාජ කථීකාවක්‌ ඇතිවී ඇති අවධියක්‌ ලෙස ගෙවීයන මෙම කාලය තුල ඔබ වහන්සේගේ ධර්ම කරුණු පැහැදිලි කිරීම තුලින් ඉගන ගත් දැ අති සුවිශේෂයි ධර්මය ප්‍රචාරය කළ කිරිබත්ගොඩ ඤාණානන්ද ලොකු ස්වාමින්වහන්සේටත්, දේශකයාණන් වහන්සේටත්, ඇතුළු ශ්‍රද්ධ රුපවාහිනී නාලිකා වේ සියලුම දෙනාටත් මේ ආත්ම භාවයේදීම චතුරාර්ය සත්‍යය අවබෝද වේවා!!!! සියල්ලෝ වහා වහා ධර්මය අවබෝධ කර ගනිත්වා!! තෙරුවන් සරණයි. (බ)

:       0       2

නිලංග Friday, 18 November 2016 05:28 AM

ඡායාරූප වලින් හෝ මෙවැන්නක් දැකීම අපේ වාසනාවක් (නි)

:       0       0

බුද්ධික Thursday, 17 November 2016 01:17 PM

සාදු !!! සාදු !! සාදු !!! (නි)

:       0       0

බන්දුල Thursday, 17 November 2016 01:52 PM

සියළු දෙනාටම බුදු සරණයි! (නි)

:       0       0

තුසිත Thursday, 17 November 2016 07:06 PM

සාදු සාදු සාදු!!! (නි)

:       0       0

චන්න Thursday, 17 November 2016 08:05 AM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

තමරා Sunday, 20 November 2016 02:01 AM

උතුම් බුද්ධ භුමියේදී සිදුකරනලද මෙම උතුම් පිංකම දැක බලා සතුටු සිතින් මමද අනුමෝදන් වෙමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1111 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 70 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 315 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1150 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 274 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 2732 2

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 193 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site