අම්පාර බුද්ධංගල අභයභූමියේ සිටින වල් අලි සවස් වන විට අම්පාර කල්මුනේ මාර්ගයේ මල්වත්ත ,වලතාපිටිය ප්‍රදේශයෙන් පාර හරහා දීඝවාපී දෙසට ගමන් කරති.
රාත්‍රී දීඝවාපිය සහ අවට ප්‍රදේශවල කරක් ගසන මේ අලි රංචුව එළිය වැටෙන විට නැවතත් බුද්ධංගල අභයභූමිය වෙත යන ආකාරය උදෑසන 5.30 සිට 6.45 දක්වා කාලයේදී මල්වත්ත ,වලතාපිටිය ප්‍රදේශයේදී දැක ගැනීමට හැකිය.
අද උදෑසන 5.30 සිට 6.45 දක්වා කාලයේදී අලි 200 ක පමණ රංචුවක් ඉහත මාර්ගයෙන් මාරුවු අවස්ථාව ජායාරූප වලින් දැක්වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බුද්ධංගලට යන වල් අලි
මහී Saturday, 13 April 2013 12:11 AM
මේ අලි ටිකවත් බේරුණොත් හොදයි (නි)
මුතුකුඩ Saturday, 13 April 2013 12:15 AM
මේ කුඹුරු වෙල්යායවල් මැද්දෙන් නේද යන්නේ? වගකිවයුත්තන් මේ ගැන නොබැලුවොත් ගොවිතැන් කරන ගොවියන්ට තමයි කරදර වෙන්නේ. (නි)
තිලක් Saturday, 13 April 2013 12:16 AM
එහාට මෙහාට අලි මාරු වෙනවා. එහෙම තමයි ලංකාවේ අලි. (නදී)
හේවාවිතාරණ Saturday, 13 April 2013 02:24 AM
අලි රංචුව නොනගතයට කලින් වැඩ අල්ලන්න යන්න ඇති (නි)
රජින්ද Friday, 12 April 2013 03:15 PM
සංවර්ධනයේ ඛේදවාචකය ඉදිරියේ අසරණව, තමන්ගේ මුල් භුමිය සොයා යන තවත් එක් අහිංසකයින් රෑනක්.... ඇත්තටම අපේ රටවල් සංවර්ධනය විය යුත්තේ නිසි සැලසුම් වලට අනුව කෙසේද යන්න තවම නොදනී. (නි)
අනුර Friday, 12 April 2013 03:17 PM
ඔතන සුරේ එකට අරයත් ඇති (නි)
හස්ති ගජ Friday, 12 April 2013 03:19 PM
බුද්ධංගල නෙමේ හස්තීන්ගල කියලා දැම්මා නම් නේද වඩා හොද? (නි)
සනත් Friday, 12 April 2013 03:47 PM
ලස්සන දසුනක්. ලංකාදීපයට ස්තූතියි. (නි)
නිරෝෂන් Friday, 12 April 2013 03:51 PM
පවු අහිංසක සත්තු! (නි)
ජයී තිසර Friday, 12 April 2013 04:16 PM
කෑම සොයා ගන්නට යන දුර ගමනයි.. අවුරුදු දහස් ගණනක සිට එන සිරිතයි.. මහමග තැනින් තැන තිබුණේ අද ඊයෙයි.. මිනිසුන් පාරවල් සැදුවට අපි පලිදැයි (නි)
සාලමුල්ල Friday, 12 April 2013 04:22 PM
වාසනාවන්! උපද්‍රවයක් නොම වේවා! (නි)
රන්ගශනී Friday, 12 April 2013 04:30 PM
මේ දර්ශන දකින්නත් අපි කවුරුත් පින් කරලා තියෙන්න ඕනෑ (නි)
කමල් Friday, 12 April 2013 04:36 PM
පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා... (නි)
ආනන්ද ආර් Friday, 12 April 2013 06:11 PM
අනේ වාසනාවන්! (නි)
රොන් Friday, 12 April 2013 07:20 PM
මේ අහිංසකයින්ට නිදහසේ ජිවත් වෙන්ට රටේ වගකිවයුත්තෝ කටයුතු කරත්වා! (නි)
ආනන්ද Friday, 12 April 2013 08:18 PM
ලංකාදීප පින්තුර ගත් මහත්මයාණෙනි, මෙම පින්තුර හරිම හොදයි. (නි)
චානක Friday, 12 April 2013 08:33 PM
අපි ඉන්නේ අලි ඉන්න තැන් වලයි, (දී)
අජිත් Saturday, 13 April 2013 03:35 PM
අලි රංචුව රැට දීගවාපි පැත්තේ යන එක හොඳයි. අඩු ගානේ ඉතුරු ඉඩම් ටිකවත් රැකගන්න පුළුවන් වෙයි.(නදී)