ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස මලයාසියාවේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා මාරුකර යැවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
1964 දී මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයකු ලෙස දේශපාලනය ආරම්භ කළ ඔහු 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් විය. 1991 දී කොටිකාවත්ත ප්‍රදේශිය සභාවට තේරී පත්විය.1994 දී බස්නාහිර පළාත් සභාවටත් ඒ වසරේ මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවටත් තේරී පත් විය.1999 දී ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය ඇමති විය. ඔහු වැඩ භාර ගන්නා දිනය තවම දැනගන්නට නැත.රෝමයේ සිටින අසිත පෙරේරා තානාපති සෙනසුරාදා එමිරේට්ස් ගුවන් සේවයෙන් ශ්‍රී ලංකාවට පිටත් වීමට නියමිතය.
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාණි බුලත්ගම මහත්මිය රෝම තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශිකාව වෙතියිද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර
ඇත්තටම හොදයිා ලොකු සේවයක් කරයි .එහෙ ඉන්න අයට හොද දෙයක් කරයි (නි)
ඇත්තටම හොද දෙයක් . හොද දෙයක් කරේ. (ස)
ඇත්තටම හොද දෙයක් . (නි)
මෙතුමාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන අපිට දැනගැනීමට පුළුවන්ද? (නි)
සන්තෝසයි
හොදින් වැඩ කරන්න (දී)
ඉතාම අගනා දෙයක්. මෙතුමා හොදක් කරයි (නි)
දේශපාලනයෙන් තොරව, ජාත්‍යන්තර සබදතා ගැන මැනවින් දන්නා මෙවැනි අය පත්කිරීමෙන් රජයේ විදේශ ප්‍රතිපත්‍යය ඉතාම හොඳින් ක්‍රියාත්මක කළ හැකියි. (නි)
ජයවේවා
මම ඉතාලියෙන් යනවා යන්න. (නි)
බයවෙන්න එපා. මිලානෝ වල අපේ කට්ටිය ඉන්නවා. මොනවා හරි වුණොත් අපි බලාගන්නම් (නි)
අසිත මහත්තයාට මොකද වෙන්නේ? (නි)
බලනකොට ලංකාවේ දේශපාලනයට වැඩිය පාකිස්ථානයේ දේශපාලනය හොඳයි වගේ (නි)
දිනුවත් පැරදුනත් එයාලා හැමදාම දිනුම්. අපි තමයි පරාද (නි)
පේනවද අපේ උතුම් තෝරා ගැනීම්.(නදී)
මේ වගේ පත් වීම් වලට පන්දම නැතිව බැරිද?(නදී)
අධ්‍යාපන සුදුසුකම් එහෙම කොහොමද?(නදී)
ආරම්භය ප්‍රාදේශීය මන්ත්‍රී. දැන් ඉතාලි තානාපති. අවසානේ කොහෙද.? හොද උත්සවන්තයෙක්. රටට දෙවි පිහිටයි.(නදී)
දේශපාලනය ගාවගන්නෙ නැතිව ජාත්‍යන්තර සම්බන්ධතා ගැන දන්න උගත් අය ගන්න එක හොදයි (නි)
අනේ අර ඉස්සෙල්ලා තානාපතිතුමාගේ ගෙදර වැඩකරපු දෙන්නට මොකද වෙන්නේ?(නදී)
1970 ගණන්වල වොලි බෝල් ගහපු බෙනට් අය්යා අද ඉන්න තෙන ගෙන අපි ආඩම්බර වෙනවා වගේම ඔබ ආ ගමන ප්‍රගතිසිලියි ඔබට ජය! (නදී)
ලංකාදීප පත්තරයට දාන ගංගනාත් දිසානායකගේ පැණි වළලු අයි නැවැත්තුවේ?(නදී)
බෙනට් කුරේ මහතාගේ හදහන හොද තැනකින් බලාගන්න වෙයි වගේ.(නදී)