IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


බොන්සෝ (97) - ආසිරි (85) වසර 70 ක් පැරණි සාන්ත තෝමස් වාර්තාව බිඳ දමති

ජාවිඞ් බොන්සෝගේ (97) සහ ආසිරි වික‍්‍රමනායකගේ (85) වාර්තාගත සම්බන්ධතාව නිසා කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ඊයේ (08) ආරම්භ වූ 133 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල කඩුලූ 9 ක් දැවී ලකුණු 325 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. තරගයේ පළමු දිනය වූ ඊයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට රාජකීය විදුහල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 53 ක් ලබා සිටියේය. රාජකීය විදුහල් නායක ඉමල් ලියනගේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට සාන්ත තෝමස් විදුහලට ආරාධනා කළේය. ඩෙවින් ජයසිංහ මුළු ලකුණු සංඛ්‍යාව 13 දී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. ජාවෙඞ් බොන්සෝ සහ ආසිරි වික‍්‍රමනායක දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 179 ක වාර්තාගත සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. මෙහිදී බොන්සෝ සහ ආසිරි වසර 132 ක ‘නිල් මහ සටන’ තරග ඉතිහාසයේ දෙවැනි කඩුල්ල සඳහා ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් පැවැත්වූ ඉහළතම සම්බන්ධතාවේ වසර 70 ක් පැරණි වාර්තාව බිඳ දැමීමට සමත් වීම කැපී පෙනේ. සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් 1941 වසරේ ඒ. එෆ්. මොලමුරේ (113) සහ එන්. ජේ. විජේසූරිය (81) දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 161 ක සම්බන්ධතාවක් පවත්වමින් මෙහි පැරණි වාර්තාවට හිමිකම් කීහ. ජාවිඞ් බොන්සෝ පන්දු 133 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 97 ක් ද, ආසිරි වික‍්‍රමනායක පන්දු 165 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 85 ක් ද රැස් කළහ. සාන්ත තෝමස් විදුහල එක අවස්ථාවකදී කඩුලූ හතරක් දැවී ලකුණු 261 ක් ලබා ප‍්‍රබල තත්ත්වයක සිටි අතර දකුණතින් වේග පන්දු යවන 16 හැවිරිදි චාමික කරුණාරත්න පිට පිටම කඩුලූ දෙකක් දවා ගැනීමෙන් ඉනිම අඩපණ විය. චාමික කරුණාරත්න ලකුණු 59 කට කඩුලූ තුනක් දවා ගත්තේය. තුන්දින තරගයක් වන මෙම තරගයේ අද (09) දෙවැනි දිනයයි.

(ඡායාරූපය: ශාන්ත රත්නායක)
චමෝද් පතිරණගෙන් වේගවත් පහරක්.



අදහස් (0)

බොන්සෝ (97) - ආසිරි (85) වසර 70 ක් පැරණි සාන්ත තෝමස් වාර්තාව බිඳ දමති

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 83 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 148 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 404 2

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 574 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 482 5

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 708 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 520 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site