අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිට කළැයි සැකපිට තවත් තිදෙනෙක් කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද රිමාන්ක් කරනු ලැබූහ.
ගම්පහ නයිවල සැලුන් හඳුන් අයිතිකරු නිරෝෂන් සංජීව, නයිවල ටියුෂන් පන්තියක් පවත්වාගෙන යන සිරිමෙවන් ජයසේකර, විභාග දෙපාර්තමේන්තුවේ ලිතෝ යන්ත්‍ර ක්‍රියාකරු මංගල ප්‍රියෂාන්ත ඔවුහුය.
ටියුෂන් ගුරුවරයකු වන චන්දන සම්පත් අත්තටගේ හා ඔහුගේ සහායක ලක්ෂාන් ජයසිංහ මීට කළින් රිමාන්ඩ් කරනු ලැබූහ.
සැකකරුවන් සම්බන්ධයෙන් දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි මේ වැඩෙන් විභාගයට ලියූ සියලු සිසුන්ට සාධාරණයක් වෙනවා. (නි)
ලියපු අයට මොකද වෙන්නේ කියන එකයි අපට තියෙන ගැටළුව? (නි)
ළමා ජීවිත සමග සෙල්ලම් කරන්න එපා. රටට අවශ්‍ය වන්නේ අනාගතයේදී රට භාරගැනීමට තරම් ශක්තියක් ඇති දරු පිරිසකි. (නි)
නැවත විභාගය පවත්වනවාට වඩා හොදයි සියලු දෙනාටම ඔය ප්‍රශ්න 18ටම සම්පුර්ණ ලකුණු ලබා දෙන එක. එහෙම කළාම හැමෝටම හොදයි. (නි)
මේක ආරම්භය හෝ අවසානය නොවේ. (නි)
අනේ අපේ සර්! (නි)
ප්‍රශ්න පත්තරේ දශම තිතක්, ඇලපිල්ලක් ගානේ අනුමාන කරන්න සමත් වුණ ලංකාවේ එකම දක්ෂ ගුරුවරයා ගැන අනුකම්පාවෙන් අදහස් දමපු අය නත්තලට නිවාඩු අරන් වගේ... (නි)
නැවත වරක් විභාගය පැවැත්වුවොත් නේද හොද? (නි)
ඉන්ද්‍රජිත් කියන්නේ කුමනාකාරයේ පුද්ගලයෙක්ද? (නි)
සුසිල් පුතාගේ අදහස නම් නියමයි. (නි)
එතකොට අපි රැවුල් කපාගන්නේ කොහොමද දැන්? (නි)
මේ නඩුවේ නියම විත්තිකරු කවුද? (නි)
හරි නම් මේ නඩුවේ විත්තිකරු විභාග කොමසාරිස්...!(නු)
මේ මිනිස්සුන්ට මොනවද ලැබෙන්නේ මේවා කරලා (ස)
එතකොට බාබර්කෙනෙකුට පුලුවන් ලංකාවෙ විභාග වල විශ්වාසවන්තභාවය තීරණය කරන්න. දැන් මේ විදියට විභාගයට අඩු ලකුණු ගනිපු කෙනාත් පිං ලකුණු නිසා සමත්වෙනවා. මේකද ආසියාවේ අර මොකක්ද එක? (නි)