ඌව වෙල්ලස්සේ මහ කන්නයේ සී සෑමේ වප්මගුල් උත්සවය ජාතික යොවුන් පෙරමුණේ සභාපති, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බිබිල මොරොත්තමුල්ල වෙල්යායේදී අද (28) පෙරවරුවේ පෙර සිරිතට පැවැත්විණි.
ජාතික යොවුන් පෙරමුණ මෙම වප්මගුල් උත්සවය සංවිධානය කෙළේය. ජාතික යොවුන් පෙරමුණේ මොනරාගල දිස්ත‍්‍රික් සම්බන්ධිකාරක හා ජාතික ගොවි කමිටු ලේකම් පුන්සඳ මහකුඹුර මහතා ප‍්‍රධාන ආරාධිතයන් වූ ජාතික යොවුන් පෙරමුණු සභාපති හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා පිළිගනු ලැබීය. ප‍්‍රධාන ආරාධිතයා වූයේ ඔහුය.
නාගල කොකුන්නෑව පුරාණ විහාරාධිකාරී වේරගොඩ සාරානන්ද හිමියෝ පිරිස පංචශීලයේ පිහිටුවා අනුශාසනාවක් පැවැත්වීමෙන් උත්සවයේ කටයුතු ඇරඹිණි.
එච්.එම්. ජයසිංහ කපු මහතා, වෙල්යායේ පහන් දල්වා දේව යාතිකා පවත්වා පුද පූජා තැබීමෙන් පසු රුවන් විජයවර්ධන මහතා පෙරටුකරගත් ගොවීන් සී සෑම සඳහා කුඹුරට බසිනු ලැබීය.
හරක් බාන් තිහක් පමණ සී සෑමේ යෙදවුනු අතර රුවන් විජයවර්ධන මහතා පැය බාගයකට වඩා වැඩි වේලාවක් සී සෑවේය. සී සෑම හමාර කළ ගොවීහු ගොඩට පැමිණීමත් සමග ගමේ තරුණියෝ නියර දිගේ ඇඹුල රැගෙන ආහ.
ජාතික යොවුන් පෙරමුණේ ලේකම් බුද්ධික එදිරිසිංහ, උප සභාපති ප‍්‍රසාද් හෙට්ටිආරච්චි රිදීමාලියද්ද ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂනායක උපාලි සේනාරත්න මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
ප‍්‍රදේශයේ තරුණ සමිති ගොවි සමිති නියෝජිතයන් මෙන්ම ගොවීහු විශාල පිරිසක්ද එක්ව සිටි අතර රැස්ව සිටි ගොවි ජනතාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා මෙසේ කීය.
වත්මන් ආණ්ඩුව ගොවිජනතාව අමතක කර තිබුණත් ඉදිරියේදී එන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ගොවි ජනතාවට යළි ඞී.ඇස්. සේනානායක යුගයක් උදාකරනවා. ඉදිරි වසරේදී ජාතික යොවුන් පෙරමුණ හරහා රටේ තරුණ තරුණියන්ට ලොකු බලයක් ලබාදීම සඳහා රටපුරා වැඩසටහන් සංවිධානය කිරීමට නියමිතයි.
එදා ඞී.ඇස්. සේනානායක මහතා රටපුරා ගොවිජනපද ආරම්භ කරමින් කළ සේවය අද ආණ්ඩුවට අමතක වී තිබීම කනගාටුවට කරුණක් වුවත් එතුමාගේ සංකල්පය අදටත් මේ රටේ ක‍්‍රියාත්මක වෙන බවද ඒ මහතා කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට වෙලේ තමයි ඉන්න වෙන්නේ (ස)
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි... (නි)
වප් මගුල් නම් කරනවා. ඒත් හාල් ටික රටින්. (නි)
ඇයි මේ ටිකිරි මැණිකෙලා කොළ පාට ඇදගෙන ඉන්නේ? (නි)
මෙතන වුණ දේ දන්නෙ ගමේ අපිනෙ. (නි)
එක දවසකට විතරක් මෙහෙම සී සාලා නම් රටක් ගොඩගන්න බැරිවෙයි. (නි)
අපේ ඇස් පවු කරලා තියෙනවා මෙහෙම දේවල් දකින්න. (නි)
හොද වැඩක් (දී)
රුපියල් දහයක් වියදම් කරලා රුපියල් සීයක වැඩක් කරලා වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
වැඩේ නම් අනර්ඝයි. ඒත් හැමදාමත් මේ විදියට තියෙයිද මේවා? (නි)
ඉතා හොඳයි එක්සත් ජාතික පක්ෂයට (අ)
සජිත් මහත්තයි රනිල් මහත්තයයි නැද්ද අනේ (අ)
තණකොළ ගොඩේ වාඩිවෙලා ඉන්නෙ පරිස්සමින්. සර්පයෙක්වත් දෂ්ට කළොත් කාට කියන්නද? (නි)
දෑන් හෑම තෑනම වප් මගුල් ඒත් ගොවියන්ට අවමගුල් විතරයි (අ)
ගෑණූ ළමයි ඔක්කොම කොළ පාටටම ඇදගෙන එකම විදියට. හරිම ලස්සනයි නේද? (නි)
එතන ගිහිල්ලත් ඇඹුල කොටාබානවා..... (නි)
කොොහම වුණත් බලන්න ලස්සන වැඩක්. (නි)
ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා – ගොවිරාළ ගොඩට ඇවිල්ලා… හොද වැඩක් මන්ත්‍රිතුමා. (නි)
දැන් ඉන්න නායකයින් ඇසුරින් කෘෂිකර්මය නගාසිටවන්න උරාදන ඔබට සුභ පැතුම්! (නි)
මෙතුමන්ල ආණ්ඩුවක් පිහිටුවනවයි කිවුවට,පිටරටින් බඩු ගේන එක නතර කරනවයි කියන්නෙ නැහැනෙ. එහෙනම් කොහොමද ගොවියා නගාහිටුවන්න කටයුතු කරන්නෙ. අනිත් එක තමයි, කෘෂිකර්මය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් මේ කාටත් නැහැ. ඩී. එස් .සේනානායක මහත්තයා මේ වනතුරු හිටියා නම් මේව දැකලා අශ්වයාගෙ පිටින් වැටිලා නෙවෙයි,අශ්වයාගෙ පිටින් දහ සැරයක් හරි පැනලා දිවිනසා ගන්නවා. (නි)
දැන් කාලේ නියම ගොවි මහත්වරු හොයාගන්න බැහැ. පරිඝණක ගොවියන් තමයි ඉන්නේ. (නි)
වප්මගුල බෝසත් චරිතය හා සම්බන්ධ හොද සිරිතකි. (නි)
ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා .... (නි)
දිවා අහාරය තෙක් මහන්සිවී සීසාපු මේ ගොවියන්ගේ ඇඟේ මඩ ඩිංගක්වත් ගෑවිලා නැති හැටි හරි පුදුමයි. මෙවැනි ගොවියන් රටට වාසනාවක්. ඇඹුල ගෙනාපු ගෙවිලියන් කොළපාටම අන්දපු එකනේ අනික් පුදුමේ. (නි)
ඉතා අගය කළ යුතු ක්‍රියාවකි. (නි)
මැණිකේ ඇඹුල ගෙනල්ලා..... නෙලුම් කොළ , පන්කොළ පෙට්ටි , ගුරුලේත්තු සමඟ , ප්ලාස්ටික් වතුර බෝතල් !!!! (නි)
ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා - ගොවිරාළ ගොඩට ඇවිල්ලා.... (නි)
හොද දර්ශනයක්. (නි)
ඔය කරන දේවල් හැමදාටම වලංගු නම් කොච්චර හොදද? (නි)