IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


බිබිලේ වප් මඟුල පෙර සිරිතට

ඌව වෙල්ලස්සේ මහ කන්නයේ සී සෑමේ වප්මගුල් උත්සවය ජාතික යොවුන් පෙරමුණේ සභාපති, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් බිබිල මොරොත්තමුල්ල වෙල්යායේදී අද (28) පෙරවරුවේ පෙර සිරිතට පැවැත්විණි. ජාතික යොවුන් පෙරමුණ මෙම වප්මගුල් උත්සවය සංවිධානය කෙළේය. ජාතික යොවුන් පෙරමුණේ මොනරාගල දිස්ත‍්‍රික් සම්බන්ධිකාරක හා ජාතික ගොවි කමිටු ලේකම් පුන්සඳ මහකුඹුර මහතා ප‍්‍රධාන ආරාධිතයන් වූ ජාතික යොවුන් පෙරමුණු සභාපති හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා පිළිගනු ලැබීය. ප‍්‍රධාන ආරාධිතයා වූයේ ඔහුය. නාගල කොකුන්නෑව පුරාණ විහාරාධිකාරී වේරගොඩ සාරානන්ද හිමියෝ පිරිස පංචශීලයේ පිහිටුවා අනුශාසනාවක් පැවැත්වීමෙන් උත්සවයේ කටයුතු ඇරඹිණි. එච්.එම්. ජයසිංහ කපු මහතා, වෙල්යායේ පහන් දල්වා දේව යාතිකා පවත්වා පුද පූජා තැබීමෙන් පසු රුවන් විජයවර්ධන මහතා පෙරටුකරගත් ගොවීන් සී සෑම සඳහා කුඹුරට බසිනු ලැබීය. හරක් බාන් තිහක් පමණ සී සෑමේ යෙදවුනු අතර රුවන් විජයවර්ධන මහතා පැය බාගයකට වඩා වැඩි වේලාවක් සී සෑවේය. සී සෑම හමාර කළ ගොවීහු ගොඩට පැමිණීමත් සමග ගමේ තරුණියෝ නියර දිගේ ඇඹුල රැගෙන ආහ. ජාතික යොවුන් පෙරමුණේ ලේකම් බුද්ධික එදිරිසිංහ, උප සභාපති ප‍්‍රසාද් හෙට්ටිආරච්චි රිදීමාලියද්ද ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂනායක උපාලි සේනාරත්න මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. ප‍්‍රදේශයේ තරුණ සමිති ගොවි සමිති නියෝජිතයන් මෙන්ම ගොවීහු විශාල පිරිසක්ද එක්ව සිටි අතර රැස්ව සිටි ගොවි ජනතාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා මෙසේ කීය. වත්මන් ආණ්ඩුව ගොවිජනතාව අමතක කර තිබුණත් ඉදිරියේදී එන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ගොවි ජනතාවට යළි ඞී.ඇස්. සේනානායක යුගයක් උදාකරනවා. ඉදිරි වසරේදී ජාතික යොවුන් පෙරමුණ හරහා රටේ තරුණ තරුණියන්ට ලොකු බලයක් ලබාදීම සඳහා රටපුරා වැඩසටහන් සංවිධානය කිරීමට නියමිතයි. එදා ඞී.ඇස්. සේනානායක මහතා රටපුරා ගොවිජනපද ආරම්භ කරමින් කළ සේවය අද ආණ්ඩුවට අමතක වී තිබීම කනගාටුවට කරුණක් වුවත් එතුමාගේ සංකල්පය අදටත් මේ රටේ ක‍්‍රියාත්මක වෙන බවද ඒ මහතා කීය.  සී සෑමට පෙර එච්.එම්. ජයසිංහ කපු මහතා දේව පූජාව පවත්වද්දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන මහතා සී සෑමේ යෙදෙමින් ඇඹුලේ රස විඳිමින්



අදහස් (0)

බිබිලේ වප් මඟුල පෙර සිරිතට

උපුල් Monday, 29 October 2012 04:07 PM

වප් මගුල් නම් කරනවා. ඒත් හාල් ටික රටින්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 28 October 2012 09:55 PM

ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා .... (නි)

:       0       0

ඉන්ද්‍රජෝති Sunday, 28 October 2012 10:09 PM

වප්මගුල බෝසත් චරිතය හා සම්බන්ධ හොද සිරිතකි. (නි)

:       0       0

කුරුවිට Sunday, 28 October 2012 10:28 PM

දැන් කාලේ නියම ගොවි මහත්වරු හොයාගන්න බැහැ. පරිඝණක ගොවියන් තමයි ඉන්නේ. (නි)

:       0       0

ජීව Sunday, 28 October 2012 10:37 PM

මෙතුමන්ල ආණ්ඩුවක් පිහිටුවනවයි කිවුවට,පිටරටින් බඩු ගේන එක නතර කරනවයි කියන්නෙ නැහැනෙ. එහෙනම් කොහොමද ගොවියා නගාහිටුවන්න කටයුතු කරන්නෙ. අනිත් එක තමයි, කෘෂිකර්මය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් මේ කාටත් නැහැ. ඩී. එස් .සේනානායක මහත්තයා මේ වනතුරු හිටියා නම් මේව දැකලා අශ්වයාගෙ පිටින් වැටිලා නෙවෙයි,අශ්වයාගෙ පිටින් දහ සැරයක් හරි පැනලා දිවිනසා ගන්නවා. (නි)

:       0       0

කුමාර Sunday, 28 October 2012 11:19 PM

දැන් ඉන්න නායකයින් ඇසුරින් කෘෂිකර්මය නගාසිටවන්න උරාදන ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

සේනානායක Sunday, 28 October 2012 11:51 PM

ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා – ගොවිරාළ ගොඩට ඇවිල්ලා… හොද වැඩක් මන්ත්‍රිතුමා. (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 31 October 2012 09:54 PM

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි... (නි)

:       0       0

ඩයස් Sunday, 28 October 2012 11:57 PM

කො‍ොහම වුණත් බලන්න ලස්සන වැඩක්. (නි)

:       0       0

අනුර Sunday, 28 October 2012 11:50 PM

මෙයාලට වෙලේ තමයි ඉන්න වෙන්නේ (ස)

:       0       0

ජනක Monday, 29 October 2012 01:49 AM

ගෑණූ ළමයි ඔක්කොම කොළ පාටටම ඇදගෙන එකම විදියට. හරිම ලස්සනයි නේද? (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 29 October 2012 02:08 AM

දෑන් හෑම තෑනම වප් මගුල් ඒත් ගොවියන්ට අවමගුල් විතරයි (අ)

:       0       0

සම්පත් Monday, 29 October 2012 02:36 AM

තණකොළ ගොඩේ වාඩිවෙලා ඉන්නෙ පරිස්සමින්. සර්පයෙක්වත් දෂ්ට කළොත් කාට කියන්නද? (නි)

:       0       0

gamarala Monday, 29 October 2012 03:54 AM

සජිත් මහත්තයි රනිල් මහත්තයයි නැද්ද අනේ (අ)

:       0       0

w.a.m.වික්‍රමසිංහ Monday, 29 October 2012 05:52 AM

ඉතා හොඳයි එක්සත් ජාතික පක්ෂයට (අ)

:       0       0

දිසා Monday, 29 October 2012 06:49 AM

වැඩේ නම් අනර්ඝයි. ඒත් හැමදාමත් මේ විදියට තියෙයිද මේවා? (නි)

:       0       0

සංජීව Monday, 29 October 2012 07:41 AM

රුපියල් දහයක් වියදම් කරලා රුපියල් සීයක වැඩක් කරලා වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

සමන් Monday, 29 October 2012 07:44 AM

හොද වැඩක් (දී)

:       0       0

ජනිත් Monday, 29 October 2012 10:21 AM

අපේ ඇස් පවු කරලා තියෙනවා මෙහෙම දේවල් දකින්න. (නි)

:       0       0

බන්දුල Monday, 29 October 2012 10:36 AM

එක දවසකට විතරක් මෙහෙම සී සාලා නම් රටක් ගොඩගන්න බැරිවෙයි. (නි)

:       0       0

ගීතානි Monday, 29 October 2012 11:35 AM

මෙතන වුණ දේ දන්නෙ ගමේ අපිනෙ. (නි)

:       0       0

අචිනි Monday, 29 October 2012 12:11 PM

ඇයි මේ ටිකිරි මැණිකෙලා කොළ පාට ඇදගෙන ඉන්නේ? (නි)

:       0       0

හේමන්ත Sunday, 28 October 2012 05:43 PM

එතන ගිහිල්ලත් ඇඹුල කොටාබානවා..... (නි)

:       0       0

ජනක Sunday, 28 October 2012 06:10 PM

ඔය කරන දේවල් හැමදාටම වලංගු නම් ‍කොච්චර හොදද? (නි)

:       0       0

දිලිත Sunday, 28 October 2012 06:20 PM

හොද දර්ශනයක්. (නි)

:       0       0

සෞදි සිංහ Sunday, 28 October 2012 07:07 PM

ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා - ගොවිරාළ ගොඩට ඇවිල්ලා.... (නි)

:       0       0

රත්න Sunday, 28 October 2012 07:19 PM

මැණිකේ ඇඹුල ගෙනල්ලා..... නෙලුම් කොළ , පන්කොළ පෙට්ටි , ගුරුලේත්තු සමඟ , ප්ලාස්ටික් වතුර බෝතල් !!!! (නි)

:       0       0

ධර්මපාල හිමි Sunday, 28 October 2012 08:22 PM

ඉතා අගය කළ යුතු ක්‍රියාවකි. (නි)

:       0       0

සම්පත් Sunday, 28 October 2012 08:30 PM

දිවා අහාරය තෙක් මහන්සිවී සීසාපු මේ ගොවියන්ගේ ඇඟේ මඩ ඩිංගක්වත් ගෑවිලා නැති හැටි හරි පුදුමයි. මෙවැනි ගොවියන් රටට වාසනාවක්. ඇඹුල ගෙනාපු ගෙවිලියන් කොළපාටම අන්දපු එකනේ අනික් පුදුමේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 190 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 113 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 273 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 121 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 640 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 1340 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site