ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ බ්‍රිතාන්‍ය රූපවාහිනිය විසිරුවා හරින සංදේශය හා දෙමළ ඕසෙයි වැඩසටහන නතර කළ බව බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂ පීටර් හොරොක්ස් නිවේදනය කරයි.
විකාශනයේදී බාධා කිරීම් ඊට හේතු වූ බව බීබීසිය කියයි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා බීබීසිය අතර පැවති ගිවිසුම කඩ කර ඇතැයි බීබීසිය චෝදනා කරයි.
තමන් විකාශනය කරන දේ ගැන ප්‍රශ්නයක් ඇත්නම් ඒ ගැන සාකච්ඡා කරනවා විනා වැඩසටහන්වලට බාධා පැමිණවීමෙන් තම පාඨකයන් නොමග යවන බව හොරොක්ස් පවසයි.
දැන් කෙටි තරංග ඔස්සේ සංදේශය ඇතුළු බීබීසී වැඩසටහන්වලට සවන් දිය හැකි බව ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මෝඩ මිනිස්සු කරන වැඩ වලින් එහෙ ඉන්න කොටින්ට ඔක්සිජන් දෙනවනෙ.මෙහෙම ගියොත් අපිව ලෝකෙ කවුරුවත් ගණන් ගන්නෙ නැති වෙයි. දැන්නම් සිංහල බෞද්ධ අපි ගැන ලොකු බයක් දැනෙනවා. වගකිව යුතු ආයතනට වලට කරුණාකරලා ලෝක ප්‍රජාව අපේ පැත්තට නම්මගන්න පුලුවන් බුද්ධිමත් මිනස්සු ටිකක් යොදන්න. නැතිනම් අන්තිමට කවුරුත් නැති වෙයි. එදාට පසුතැවිලා වැඩක් නැහැ. (නි)
ඒ දිගේටත් කන කොකා ඇඩුවා (දී)
අපරාදේ. ලංකාවේ නමටනේ හොද නැත්තේ (දී)
මෙන්න මාධ්‍ය නිදහස (ස)
අපිට නොපෙනෙන අවැසි ෆොදාක් මේ වටා තියෙනවා (දී)
අයියෝ ඒක අපිට වුන ලොකු පාඩුවක් (දී)
කොටි හඩ කවතපු එක හොදයි. (නි)
ගොඩක් පරක්කුයිනේ... (නි)
ඕක කළ යුතුව තිබුණේ ලංකාව විසිනුයි (නි)
බී බී සී සිංහල සේවය අහපු අය දන්නව ඕකෙ හැටි. ලංකාවෙ මිනිස්සු කෙටි තරංග වලින් දැන් අහනවා අඩුයි. (නි)
ලංකාවට විරුද්ධව යන ප්‍රවෘත්ති වලට උදව් කරන්න හොදම නැහැ.(නදී)
දැන් අපට ටිකින් ටික සියලු දේවල් අහිමිවී ගෙන යනවා. මේ සියලු වැඩ වලට පිටුපසින් ඉන්නේ ලෝකයේ හැම රටකම ඉන්න කොටි හිතවාදීන්ය. (නි)
ඔව්. ගිණිගෙන තියෙන ප්‍රශ්ණ වලට තව තවත් පිදුරු දාන්න. එතකොට තවත් සම්බාධක වලට මුහුණ දිය හැකියි. (නි)
ප්‍රශ්න නැතිවට ප්‍රශ්න (දී)
අපේ අය කරන්නේ ඕවගේ මෝඩ වැඩ තමයි හැබැයි බි බි සි ඵක කවදාවත්ම සුද්ධන්ගේ කියන්නේ නැහැ.(නදී)
අලි තවත් ලෝකයේ කොන් වීමකට ලක්වෙයිද? (නි)
මොකද්ද මේ වෙලා තියෙන ප්‍රශ්නය (දී)
ඔවු. ඒක හොදයි. (නි)
මේවාට වගකියන්න ඕනෑ කවුද? (නි)
අනේ ලොකු දෙයක්. (නි)
ඒ දීගෙ ඉවර වූ එක ඇසීමත් සතුටට කාරණයක්. දැන්වත් තීරණාත්මක විවාහයක් කරගත්තොත් හොදයි. (නි)
අපෝ ඕක දැන් ගියාට ආපසු එනවා. ලංකාවේ තත්ත්වය ඔහොම තමයි. දැන් මේ නැහැ කියනවා. හෙට බලනකොට ආපසු එනවා. (නි)
ගොඩක් සේවා ලංකාව ගැන බොරු තමයි කියන්නේ. (නි)
බීබීසී,ඒබීසී, ඔය ඕවා හොඳයිම කියනවා නෙමෙයි. මොකද ඕවයින් වැඩි වාසි ගන්නේ ඊලාම් මාෆියාව නිසයි. ඒත් ඒවායේ අපට එරෙහි බොරු ප්‍රචාර යනකොට ශීලාචාර විධියට ඒව පෙන්නලා නිවැරදි කරලා නැවත අපට සාධාරනය ලබා ගන්න උත්සාහ කළ යුතුව තිබුනා. අපටත් වේදිකාවක් එතනම හදාගන්න තිබුනා. (නි)
මම නම් ඕක මුලදී ඇහුවාට පස්සේ ඇහුවේ නැහැ. මට නම් ඕක නැති තරමට හොඳයි. (නි)
බි.බි.සි. එක කල වැඩේ හරි (දී)
තිබුනා කියලා කවද්ද ඇත්ත කිව්වේ.(නදී)
හරි නොයන දීගේ හෙවනැල්ලත් ඇදලු.(නදී)
ඔහොම හැමදේම ලංකාවෙන් ඈත්වෙයි වගේ (ස)
ඕවා හරියන දීග නොවේ. (නි)
බි.බි.සි එකට කෙනිහිරිකම් කලේ මොකටද (දී)
විකල්ප අදහස් දැරීම වරදක්ද ? (ස)
මෙන්න මාධ්‍ය නිදහස... (නි)
ඔය කර ගත්තේ (දී)
ඇති ඔයින් ගියා (දී)
ලෝකෙන් අපි කොන් වෙනවා තවත්, ඕවා ඔහොම වෙයි කියලා ඉස්සර ඉඳන්ම කිවුවා! (ස)
හොද වැඩේ. (නි)
ඹ්කේ වැඩියෙන්ම ගියේ කොටියගේ පැත්ත ගත්ත දේවල්නේ. ඒක හොදයි. ඔව වෙලාවට පැරණි රසාංග ටිකක් වාදනය කරන්න.(නදී)
ශීලා. රටට වින කරන අසහස් තිබීම වරක් තමයි (ස)
ඕක තිබුණා කියලා අපේ රටට සේවයක් වුණාද? (නි)
නියමයි , දැන් ඉතින් අහන්න වෙන්නේ සාම්ප්‍රදායික පුවත් තමයි (ස)
කොටි හඩේ කොටසකි (ස)
ජාත්‍යන්තර වශයෙන් අපිට බලපායිද (දී)
හොද පුවතක්. (නි)
බුදු අම්මෝ! මේකත් "අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණයක" කොටසක් (ස)
ඒක නැතිවුණා කියලා අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. තව ඔය වගේ ඒවා ඕනෑතරම් බිහිවෙයි
ලෝකේ අනෙක් රටවල් වල මාධ්‍ය තරහා කර ගන්න හොද නැහැ (දී)
මිට කලින් වෙන්න තිබුණ දෙයක් .........(ස)
එකත් ඉවරයි (දී)