අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රදීප් ජයතිලක මහතාට නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා ලෙස තර්ජනය කරමින් ඇමතුම් දුන් බව කියන දුම්බර බන්ධනාගාරයේ අරෝෂ් ඉන්දික (35) නම් සිරකරුවකු ලබන 21 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශන සිදු කළේය.
සැකකරු මුදල් වංචා කිහිපයකට සිර දඬුවම් විඳින බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරකාරයන්ට කොහෙන්ද දුරකථන? (නි)
හිරබත් කන්නන්ට මේ තරම් බලයක්, හයියක් ලැබෙන්නේ කාගෙන්ද කියා පළමුව සොයා බලන්න (නි)
බලාගෙන යද්දී නීතිවිරෝධී වැඩ සිද්ධවෙන්නේ එළියේ නෙමෙයි ඇතුළේ. (ම)
මේත් ලෙඩ ඇඳේ වරප්ප්‍රසාද ලබන සිරකරුවෙක්ද? (ම)
හිරේ ඉන්න කෙනාට කොහෙන්ද දුරකථන? අලුත් වරප්‍රසාදයක් ද? (බ)
රජයේ බෝඩිම්වල නිලධාරීන් මීට වඩා විමසිලිවත් වන්නේ නම් මෙවැනි තර්ජන ගර්ජන හිරගෙවල් වලින් පිටවන්නේ නැහැ. ජංගම දුරකතන, පාවහන් ඇතුළෙන් කුඩු ආදිය ඇතුළට යන්නේ කොහොමද? මසකට වරක්වත් කූඩු පරික්ෂා කර අනවසරයෙන් ඇතුළට එන භාණ්ඩ විනාශ කළොත් මේ උවදුරෙන් රට බේරාගත හැකි වෙනවා (නි)