රහස් පොලිසියේ බව කියමින් වවුනියාවේ සිට කොළඹ ආ ගොවියකුගේ රුපියල් තුන් දාහක් කොල්ලකෑ බොරු සී අයි ඩී කාරයෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 22 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. නිට්ටඹුවේ එන්.ඒ. සෙනරත් නම් වන මොහු රහස් පොලිසියේ බව කියමින් ඔහුගේ ඉන ඉහ අතගාගත් බවත් ඔහු ගැන සැක සිතු මගීන් පිරිසක් ඔහු පොලිසියට අල්ලා දී ඇති බවත් උසාවියේදී කියැවිණි. ගොවියාගෙන් කොල්ලකෑ මුදල් ද සොයාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනම වංචා කාරයෝ. එහෙන් බොරු ආචාර්ය උපාධි කාරයන්. මෙහෙන් බොරු සි අයි ඩී කාරයන්.
මේ දවස් වල බොරු cidලා ipලා හැම තැනම.අපි කොහොමද දෙයියෝ අදුරගන්නේ එතකොට?
මාස්ටර් හරි.. ඔක්කොටම හපන් බොරැ ආචාරියෝ.. මතකනෙ සක්විති...
මහේස්ත‍්‍රාත් ඇත්ත කෙනෙක් නේද?
අනේ සෙනරත් ගොයියා..
හොරා පොලිස් සෙල්ලම නියමෙට යනවා..!!
අනුන්ගේ දේ කඩාවඩා ගැනීමට හා අනුන් සතුව පවතින දේ පිළිබඳ ඊර්ෂාවකින් කටයුතු කරන පුද්ගලයින්ට කවදාවත් දියුණුවක් නැත. ඒ වෙනුවට තමන්ගේ අඩුපාඩු දකිමින් තමන්ට කළහැකි දෙයක් කරමින් තමන්ගේ පාඩුවේ ජීවත්වන පුද්ගලයා දියුණු වේ.වැදගත්ම දේ අනුන් තමන් ගැන කියන දේ නොව සැබවින්ම තමන් තමන්ව හඳුනාගන්නා විධියයි.මේ සමාජයේ බුද්ධිමත් මිනිස්සු සිටිති.ඔවුන් අනුන්ව මනින්නේ ඒ පුද්ගලයන් පිළිබඳව අනුන් කියන දේ අනුව නොව වෙනත් පුද්ගලයින් විසින් ඒ පුද්ගලයින් පිළිබඳව පවසන දේ අනුව තමන් මැනෙනු ලබන බව මෝඩ මිනිස්සු නොදනිති.මොණරා පිල් විදහා නටන්නේ තමන්ගේ ලස්සන පිළිබඳව ආඩම්බරයෙනි.නමුත් ඌ මෝඩය.එයින් තමන්ගේ වසාගත යුතු දෑ එළියේ පෙනෙන බව සිතන්නට තරම් දැනුමක් ඒ අසරණ සතාට නැත. අපේ සමහර මිනිස්සුත් මොණරු වැනිය.නටන්නට නටන්නට තමන්ගේම නිරුවතම අනාවරණය වන බව ඔවුහු නොදනිති.
මෙහෙම දේවල් කරන්න බොහොමයක් අදහස් ලැබෙන්නේ විද්‍යුත් මාධ්‍ය වලින්.කණගාටුයි.නමුත් ඇත්ත ඒකයි
අතට අත දුන්නොත් මුද්ද නැ ඒත් උදෙ ඉදන් හවස් වෙනකන් බණ අහනවා
කුඩ්ඩෙක්ද කොහෙද?ෂූවර්
කයිතන්ගෙ යාලුවො වැහි වැහැලනේ .......
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-14 19:58:57 "නටන්නට නටන්නට තමන්ගේම නිරුවතම අනාවරණය වන බව ඔවුහු නොදනිති." සහතික ඇත්ත. මෝඩ කමෙන්ට්ස් දාන අයගේ නිරුවත අනාරණය වනවා.