IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය මහා කමිසුරු කැඳවයි

යාපනය ඇතුළු වන්නි ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව සඳහන් කරමින් මෙරට බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ජෝන් රැන්කින් විසින් කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අප්‍රසාදය  පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඔහු අද විදේශ අමාත්‍යංශයට කැඳවා විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකාවේ අප්‍රසාදය පළ කෙළේය. යාපනය, වන්නි, ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කළ යුතු බව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයා යු ටියුබ් සමාජ අන්තර්ජාල සේවාව ඔස්සේ විඩීයෝ පටයක් මුදා හරිමින් ප්‍රකාශ කෙළේ ඉකුත් බදාදාය.



අදහස් (0)

බ්‍රිතාන්‍ය මහා කමිසුරු කැඳවයි

නිසාර්-කුවේට් Monday, 28 May 2012 11:33 PM

මේයා ලංකාවෙ ජනාධිපතිද?

:       0       0

තුෂාර Monday, 28 May 2012 11:51 PM

ඕකට අප්‍රසාදය පළ කරලා හරියන්නේ නෑරජය මේ පිළිබද දැඩි ස්ථාවරයක සිටිය යුතුයි

:       0       0

තනුක Tuesday, 29 May 2012 12:22 AM

නියමයි

:       0       0

තසංක වීරකෝන් - ලන්ඩන් Tuesday, 29 May 2012 12:24 AM

අපේ රටේ තියෙන ඒවා ඉවත් කරන්න කලින්, ඒ මහා බ්‍රිතාන්‍ය ලෝකේ වටේ ගහගෙන ඉන්න ඒවා ඉවත් කර ගන්න ඕන... අඩුම තරමේ බලෙන් තියාගෙන ඉන්න ස්කොට්ලන්තයට ස්වදේශිකයන් ඉල්ලන නිදහස දෙන්න ඕන...අපි අනුන්ගේ රටවල් බලෙන් අල්ලාගෙන නෑ කමිසුරුතුමෝ.. මේක අපේ උරුමය. සිංහල අපි ඕනවට කියන්නේ වැදී බණ කියල. මම විදේශ ඇමති උනානම් මේ ටික කියල තමා අප්ප්‍රසදය පලකරන්නේ..

:       0       0

ෂෙරීෆ් Tuesday, 29 May 2012 01:52 AM

'ලංකාවේ ප්‍රථම වරට සුදු කොටියෙක් සොයා ගෙන තිබේ'

:       0       0

මලක් Tuesday, 29 May 2012 02:24 AM

j.l.p. මහත්තයා කරපු දේ නම් රටක් වටිනවා

:       0       0

හේවාවිතාරණ Tuesday, 29 May 2012 03:10 AM

යුරෝපා රටවල ඉන්න තානාපතිවරු එම රටවලට ඇගිලි ගැහුවොත් ඊට පහුවෙනිදාම එම රට වලින් පිටුවහල් කරනවා

:       0       0

ලාල් කිත්සිරි Tuesday, 29 May 2012 03:42 AM

අපේ රටෙන් පිටුවහල් කළ යුතුයි. දිවි හිමියෙන් රට රැක ගමු.

:       0       0

නාලක Tuesday, 29 May 2012 06:14 AM

කවුද මේ? අඩුම ගාණේ මෙයා අපේ ලංකාවේ පැරණි ඉතිහාසය ගැනවත් දන්නවද දන්නේ නෑ නේද?

:       0       0

නිමල් Tuesday, 29 May 2012 07:04 AM

එදා පිල්ලි බෝ කරලා අපේ රට කෑවා මදිවට අදත් බලන්නේ රට කන්නමයි

:       0       0

කිවි Tuesday, 29 May 2012 07:22 AM

ඔහොම ගිහින් ලංකාවට සම්බාධක පනවපු දවසක තමයි අපිට දෙවි පිහිට පතන්න වෙන්නේ

:       0       0

ශෂී Tuesday, 29 May 2012 08:00 AM

තසංක වීරකෝන් ඔවුන්ට පාඩමක් උගන්වන්න ලන්ඩන් නොසිට ලංකාවට පැමිණෙන්න.

:       0       0

චානක Tuesday, 29 May 2012 08:55 AM

ඔය කතා ඇෆ්ගනිස්ථානයට ඇයි කියන්නෙ නැත්තෙ... අහිංසක මිනිස්සු බුරැතු පිටින් මරන්නෙ..

:       0       0

රොෂාන් කොඩිකාර Tuesday, 29 May 2012 09:04 AM

ඇයි මෙයාව පිටුවහල් කරන්නෙ නැත්තෙ....??

:       0       0

කැප්පෙටිපොල Tuesday, 29 May 2012 09:11 AM

අවුරැදු තිහදක් කවුරැත් නෑ කන් දුන්නේ‍ දැන් මේ හැටි මොකද මේවා හාරන්නේ වැදි බණ කියනා ලොව බලවත් නිවටුන්නේ‍‍‍. නූතන යටත් වඩයටද දත කන්නේ..

:       0       0

නසාර් පොල්ගහවෙල Tuesday, 29 May 2012 09:40 AM

අභියෝග වලට මුහුණ දෙමු ,කණුවක හැප්පෙන්න යද්දි හෝන් ගහල හරියයිද? බ්රේක් ගහන්න ඕන..

:       0       0

උපුල් Tuesday, 29 May 2012 09:44 AM

එයා හිතන් ඉන්නේ උතුරු නැගෙනහිර කියන්නේ වෙන රටක් කියලද ?

:       0       0

බන්ඩා Tuesday, 29 May 2012 09:51 AM

පින්තූරේ සිරියාව හදවතේ නෑනේ....

:       0       0

නකා Tuesday, 29 May 2012 10:21 AM

ඉවත්කරල මෙයාගේ ගෙදරට එවන්නද කියල ඇහුවනම් හරි......

:       0       0

රොඩ්නි - සෞදි ආරාබිය Tuesday, 29 May 2012 10:31 AM

බුද්ධිමත්ව කටයුත- කරමු. අපිට වී‍රයො වෙන්න බෑ... මතකනෙ ඉරාකෙට වුණු දේ??

:       0       0

පාලිත - මාලදිවයින Tuesday, 29 May 2012 10:58 AM

ජාති ද්‍රෝහීන් අපට එපා.. පිටුවහල් කරන්න...

:       0       0

දර්ශන Monday, 28 May 2012 06:21 PM

අපේ රටේ හමුදාව අපේ රටේ කොහේ හිටියත් සුද්දට ඇති අමාරුව මොකක්ද?

:       0       0

හනුමා Monday, 28 May 2012 06:34 PM

අරයට කිවුව නම් මෙයාගේ නහයත් කයි.වරප්‍රසාද නිසා වෙන දෙයක් කරන්න බෑනේ

:       0       0

චාමි Monday, 28 May 2012 06:34 PM

අපේ හමුදා කදවුරු ස්ථානගත කරන්න පුළුවන්ද එහේ ඉදන්.විකාර...

:       0       0

සුමන Monday, 28 May 2012 06:36 PM

වැඩක් නෑ. මේ ආණ්ඩුව කරන්නේ අවවාද කරන එක විතරයි.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 06:51 PM

ඇයි ආයෙමත් කොටින්ට බංකර් ගහන්න දෙන්නද කියන්නේ.දැන් ජනරාල් තුමා එළියේ. හොඳට මතක තියා ගන්නවාලා.. අපේ රටට ඇඟිලි ගහන්න එන්න එපා..ඇවිත් අපි නරක මිනිස්සු කියලා කියන්න එපා.. හරිද?

:       0       0

ශාන්-saudi arabia Monday, 28 May 2012 06:57 PM

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජීත කාලය අවසන් බව බ්‍රි‍තාන්‍ය මහා කොමසාරිස්වරයාට මතකකර දෙන්න. යාපනය ඇතුළු වන්නි ප්‍රදේශ ලංකාවේ ප්‍රදේශයන් මිස බ්‍රිතාන්‍ය ප්‍රදේශයන් වන්නේ නැත.

:       0       0

අරුණිකා Monday, 28 May 2012 07:02 PM

ඇයි කොල්ලෝ මට විතරක් මෙහෙම කරන්නේ? එතකොට එයාට?

:       0       0

තිලක් Monday, 28 May 2012 07:17 PM

පේමදාස ජනාධිපතිතුමා නම් අයුතු ප්‍රකාශ කල බ්‍රිතාන්‍ය තානාපති ග්ලඩ්සන් පැය විසිහතරෙන් පිටවෙන්න කියල පන්නල දැම්ම.

:       0       0

සිල්වා Monday, 28 May 2012 07:42 PM

මොහු ලංකාවෙන් එලව දැමිය යුතුය

:       0       0

පෙරේරා Monday, 28 May 2012 08:17 PM

මේ අය තාමත් හිතා ඉන්නේ අපි ඒ අය යටතේ ඉන්නවා කියලා

:       0       0

රම්සි Monday, 28 May 2012 08:44 PM

ඉවත් කොරගන්නම්.ඉවත් කොරගන්නම්. ඔහේ කියනකල් තමයි හිටියේ

:       0       0

ලාල් Monday, 28 May 2012 09:00 PM

විදේශ කටයුතු අමාත්‍යංශයට කරන්න බැරිද මුකුත් මේකට?

:       0       0

රුවන් Monday, 28 May 2012 08:59 PM

අපේ දේවල් අපිට කරගන්න පුළුවන් කියල මෙයාලට තාම තේරෙන්නේ නැති එක අපිට හරි වදයක් අනේ

:       0       0

අමිල Monday, 28 May 2012 09:47 PM

පන්නලා දාන්න ඕනි

:       0       0

නාමල් Monday, 28 May 2012 09:49 PM

මෝඩයෙක් මහා

:       0       0

නාමල් Monday, 28 May 2012 09:51 PM

පිස්සෙක්

:       0       0

රජිත් Monday, 28 May 2012 09:55 PM

ඒ කට්ටියට ලංකාවේ කුණු අපුල්ලනවා ඇරෙන්න වෙන කරන්න වැඩක් ඇත්තේම නැද්ද?

:       0       0

විල්සන් Monday, 28 May 2012 09:59 PM

මුගෙ.... නෑ එක්කො ඕනි නෑ

:       0       0

නවීන් Monday, 28 May 2012 10:02 PM

කදවුරු ඉවත් කරන්න කියන්න ඔහුට ඇති උවමනාව මොකක්ද? බලාගෙන...

:       0       0

කමල් Monday, 28 May 2012 10:35 PM

මේගොල්ලන්ට ඕනි ඕනි විදියට අපේ රට පාලනය කරන්න පුළුවන් නම් මොකටද අ‍පේ ආණ්ඩුවක්?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිවයින පුරාම සවස් කාලයේ තද වැසි
2024 සැප්තැම්බර් මස 28 36 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 1325 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 427 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 5064 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1688 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 803 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37816 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24922 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 740 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site