බ්‍රිතාන්‍ය යුද හමුදාවේ බෞද්ධ සෙබල සෙබළිය 4000 දෙනකුට දඹදිව සිද්ධස්ථාන වැඳපුදා ගැනීමේ අවස්ථාවක් ලබාදීමට බ්‍ර්තාන්‍ය රජය වැඩපිළිවෙලක් සුදානම්කර ඇත.
මෙම සෙබළුන් දීර්ඝකාලයක් ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ ඉතා අභියෝගාත්මක පරිසරයක සේවය කළ අය වෙති. මෙම වන්දනා ගමන සඳහා එකවරකට සෙබල සෙබලියන් 100 ත් 150 ත් අතර කණ්ඩායමක් යොදවා ගැනේ. මුල්ම කණ්ඩායම මේ සතියේ බුද්ධගයාවට ළඟාවන්නට නියමිතයි.
යුදබිමේ අප්‍රසන්න අත්දැකීම් නිසා හෙම්බත්වී ඉන්නා මොවුනට බුදුරජානන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වී වදාළ බුද්ධගයා පින්බිමේදී මානසික සුවය ලබාදීමේ අරමුණෙන් භාවනාමය වැඩ සටහන් සංවිධානය කර ඇත.
බුද්ධ ගයා විහාරය අයත් බිහාර් ප්‍රාන්ත රජයේ සහ මහා බෝධි විහාර පාලක මණ්ඩලයේ පුර්ණ සහය මෙම වැඩසටහනට ලබාදෙන බව බිහාර් රජයේ සංචාරක ඇමති සුනිල් කුමාර් පින්තූ කියයි. ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස භාවනා යෝගීව කාලය ගතකිරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට බිහාර් රජය කටයුතුකරන බවද ඔහු කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීර්ඝකාලීන යුද්ධයක නිරත වූවන් කෙරෙහි ඇතිවන පශ්චාත් යුධ ආතතිය නිසා හටගන්නා දුර්විපාක අපේ රටේ සෙබළුන් කෙරෙහිත් දක්නට ලැබෙන බව හිතන්න පුළුවන්. රටේ සිදුවන බොහොමයක් දුර්දාන්ත වැඩ පිටුපස එවැන්නෙක් සිටීමට හේතුව මෙය වෙන්න බැරි නැහැ. බටහිර ජාතීන් මෙය වටහාගෙන බුදු දහම පිළිපැද විමුක්තිය වෙත පියවර කිහිපයක් ලඟා වෙද්දී අපි මොනවද කරන්නේ? විලාසිතාවක් ලෙස බටහිරට බනිමින් අර සත්‍යා කියන්නා වගේ දඩමස් හා අරක්කු රැගෙන "මේ බුදුන්ගේ දේශයයි" කියා ලියූ බස්වල නැගී වන්දනාවේ යාම හා මුසල්මානුවන්ට ගරහමින් සිටීම පමණයි. බුදු දහම ගැන ලොකුවට කතාකරන බහුතරය අරක්කු දැක්කම පන්සිල් පවාරණය කරනවා. (නි)
ශා...... නියමයි (දී)
අනේ ගාමිණී නොදිටි මොක්පුර. ඇදම හොයන්න, අඩුපාඩුම දකින්න... ගාමිණීට වඩා ඒ රටේ හැම සුද්දම බුදුදහමට කිට්ටුයි. මම එහෙම කිවුවෙ ඔයාලා වගේ අය බුදුදහම කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති නිසයි. (නි)
සාධු....සාධු....
මේ එක්කෙනෙක්වත් නියම සුද්දෝ නෙමෙයි මෙවන් (ස)
නියම දහම කුමක්ද කියලා බුද්ධිමතුන් දන්නවා (ස)
ඔබ සියලු දෙනාටම මානසික සුවය ලැබේවා (ස)
සත්‍යා ඔබ තමයි සත්‍ය පැවසූවේ. ස්තූතියි (ස)
මට විශ්වාස කරන්නත් බැහැ (දී)
ඔව් දැන් වත් පිලිවෙත් ඉගෙන ගන්න වෙන්නෙ සුද්දන්ගෙන්. ලංකාවෙත් මේ වගේ අනුග්‍රහයක් තිබුණනම් ..... (ස)
තෙරුවන් සරණයි මේ සියලු දෙනාට (දී)
මමනම් ඉත සිතින් කැමතියි (දී)
සෑම්, බෞද්ධ කට්ට්ය බොදු පිළිවෙත රකින්න සැරසෙන හැටි වෙන්න ඇති කියන්න හදන්නේ. ඔට්ටුයි ඔය ඉන්ටනෙට් දේශප්‍රේමියෝ නම් එක්කෙනෙක්වත් ආගම වෙනුවෙන් අවදානම් වැඩකට නම් යන්නේ නැහැ. ඕනෑ නම් ෆේස්බුක් එකෙන් සද්දයක් දමාවි. (නි)
සත්‍යා හරියටම හරි , (ස)
සාදු ! සාදු !සාදු !! නිර්මල බුදුදහම මුළු ලෝකයම පිළිගන්නා දහමකි..අපේ සම්බුදු හිමිගේ සෙවන හැමට සෙතක් අත්කර දෙන බව මුළු ලොවටම වැටහෙනවා (ස)
බුදු සසුන බැබලේවා !!!!!!!(ස)
බුදු දහම මිනිසුන් විසින් වැළදගන්නේ අවබෝධය තුළිනුයි. (නි)
අනේ සාධු....සාධු....සාධු.... (දී)
සම්පත් මහත්මය, නැගෙනහිර ජාතින් සෝවාන් වෙලා කියලද ඔය කියන්නේ, අපේ අය පිටිසර වන්දනාවක ගියොත් මුලින්ම හොයන්නේ දඩ මස්, තියෙන්නේ හොර හිත, පෝලිම් පනිනවා, පගාව දෙනවා, පාරේ කෙල ගහනවා, බටහිරින් අපට දෙන ආධාර සහ ණය නැත්නම් අපි අද බඩගින්නේ (ස)
බුදු බණ ලොව සනහාලන දිය දහරාවකි (ස)
ඉතා හොද වැඩක්
බුද්ධාගම තව තවත් ලොව පැතිරේවා! (ස)
කැලුම්, තලීබාන්ලා දන්නවා එයාලා බුද්ධගයාවට එහෙම කළොත් මුස්ලිම් පල්ලිවලට හා මුස්ලිම් මිනිසුන්ගේ ජීවිතවලට අත්වන අත්වන ඉරණම.... ඒ නිසා තලීබාන්ලා එහෙම දෙයක් කරන්නේ නෑ....(ස)
මේ පුවත දැක මම ඉතාමත් සතුටු උනා (දී)
මේ වැඩ වලින් බටහිර ජාතීන් කරන වැරදි වහන්න බෑ.. නමුත් ඔවුන් මේ ලබා දුන්නු අවස්ථාව වටිනවා (ස)
මේ නිසා බුද්ධගයාවට තලෙයිබාන් තර්ජන වැඩි වනු ඇත (ස)
ඉතා ආදර්ශමත් වැඩක් (දී)
බොහොම හොඳ වැඩක් (ස)