විසි වසරක් පුරා වල් අලි හිරිහැරයෙන් ද තිස් වසරක දෙපා කොටියන්ගෙන් ද බැට කෑමෙන් වැලිකන්ද පැරැකුම් යාය හා දිඹුලාන වැසියෝ, දිඹුලාන සිරි පැරකුම් තපෝවන විහාරාධිපති අහුන්ගල්ලේ ඤාණදස්හි ලංකාර හිමියගේ මඟපෙන්වීම යටතේ තම පෞද්ගලික මුදලින් කිලෝමීටර් 35ක අලිවැටක් ඉදිකිරීම ඇරැඹූහ. අලි වැටක් හදාදෙන ලෙස බලධරයන්ට කළ ඉල්ලීම් බීරිඅලින්ට වීනා ගැයීමක් විය. ගොවියකුගේ රුපියල් දාහ බැගින් එකතු කැර ගෙවිපවුල් 700ක ජීවිත, ගේදොර හා බව බෝග රැකගැනීමට සැරැසෙති. වාකරේ, තොප්පිගල හා සෝමාවතියේ වල් අලින් මේ ගම්වලට වදිති. හූ හඬට, රතිඤ්ඤා හා අලි වෙඩිවලින් මෙම අලි පන්නා දැමිය නොහැකි බව හයවතාවක්ම කුඹුරද, සිව් වතාවක්ම ගෙදරද වැනසීමට ලක් වූ දිඹුලානේ එම්.ජී. ජයමැණිකේ (57) කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතලේ සුමන හාමුදුරුවනේ, එයාලා ඉන්නෙ මඩි තර කරගන්නනේ. (නි)
සමහර අය අදහස් දක්වන්නෙ පිට රටක ඉදල වගේ. ඒ උදවියට මේ තත්වෙට මුහුණ දෙන්න උනානම්. අලි මිනිස් ගැටුම ගැන ලංකාවෙ හිරවෙලා හිටිය රොබට් නොක්ස් පවා කතාකරල තියෙනවා. ඒ කියන්නෙ ඒ කාලෙත් මිනිස්සු පදිංවි වෙලා ඉදල තියෙන්නෙ අලිමංකඩ වලද? (ස)
අපේ රටේ මෙවැනි ප්‍රාදේශීය විසදීමට ඇති යාන්ත්‍රණය හුදෙක්ම නමට පමණක් සිමාවී තිබේ. ඊට මුලිකම හේතුව අදාළ වගකීම් දරන පුද්ගලයන්ගෙන් සැළකිය යුතු පිරිසක් විනයක් නොමැති පුද්ගලයන් වන අතර නීතිගරුක කාර්යක්ෂම නිලදාරීන් හට ඍජුව කටයුතු කිරීමට නොහැකි තත්වයක් උදාවී තිබීමයි. සියලටම පෙර රටේ විනය ස්ථාපිත කළයුතුය. මන්ද අද වන විට රටේ සෑම වැදගත් අංශයකම පාහේ විනය පිරිහී ඇත. (නි)
අපිට බැරිද මේ අලි මිනිස් ගැටුම නතර කරන්න (දී)
අලි මිනිස් ගැටුම උග්‍රයි (දී)
පොළවේ පස් කාලා දිවි නැගුම සම්මත කර ගනිද්දී අපි ඒත් හිතුවා දිවි නගාගන්න තමයි දගලන්නේ කියලා. (නි)
අලි-මිනිස් ගැටුම ඉවර කරන්න නම් මිනිස්සු අලින්ගේ තැන්වල නැතුව අනිත් තැන්වල පදිංචි කරන්න වෙනවා. එහෙම නොකළොත් අලි ටික ඉවර වෙනකල්ම මේ කරදරය පවතීවි. (නි)
අපි අසරණ වෙලා කියලා හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ. (නි)
අලිත් පවු. මිනිස්සුත් පවු. (නි)
මේ ඇත්තෝ ඡන්දය කාලෙදි බදාගෙන වැඩකරන්නෙ නැතුව ඇති. (නි)
දැන් ඔය කියන නිලධාරියෝ උඩපැනගෙන එයි මේ වැටවල් ගහපු මිනිස්සුන්ට නඩු දාන්න. (නි)
නාලකට පිස්සුද මන්දා? (නි)
ලැම්බොගිනි හිමියෙක්වත් පොඩ්ඩකට මේ පැත්ත බැලුවානම්? (නි)
ආනන්ද, ඔබ හරි. (නි)
අලි මදිවය හරක්....(ස)
රත්නායක මහත්තයෝ, විනය ඉම්පෝර්ට් කරන්නයි වෙන්නෙ. (නි)
ඒක හොඳයි (අ)
හැබැයි ඇමතිවරුන්ට නම් එන්න දෙන්න එපා. (නි)
අලින්ට කන්න කෑම ඕනෑතරම් තියෙනවා කැළෑවේ. උන් ගම් වලට එන්නේ මිනිස්සුන්ගේ වගාවල් වලට තියෙන පෙරේතකමට. සම්පූර්ණ වැරැද්ද අලින්ගේ. (නි)
දිවි නැගුම නම් තියෙනවා. ඒත් මේවා ඉතින්.... අනේ මන්දා ඕවා. (නි)
කොච්චර කියුවත් වැඩක් වෙන්නේ නැහැ (දී)
කවුරුන් බලයට ආවත් කරන්නේ තමන්ගේ බඩ වඩාගන්නවා මිස දුප්පත් මිනිසුන් ගැන බැලීම නොවේ. (නි)
ඔයාලත් අසරණයි , වන සතුනුත් අසරණයි....(ස)
ඔයාලත් අසරණයි , වන සතුනුත් අසරණයි....(ස)
අපෙ හාමුදුරුවනේ, මේ වැට ඡන්දෙ කාලෙටත් ආයෙම අළුත් කරලා හදවන්න ඒ කට්ටියට කියලා. (නි)
නාලක කියන දේ පොඩ්ඩක් හරි. මොකද අපිමනේ ගිහිල්ලා අලින්ගේ වාසස්ථාන වල නිවාස හදන්නේ. (නි)
ගොවි ජනතාව කියන්නේ අපේ රටේ උතුම් සම්පතක් ,එම ජනතාව රැක ගන්න සහය වෙන්න ජාතියට හිත ඇති මිනිසුනේ (ස)
අලියට වැට බැන්දේ අද ඊයේ නෙමෙයිනේ (ස)
මේ මිනිස්සු පවු. ඔය වැටවල් වලින් අලි නවත්වන්න අමාරුයි. බලධාරීන් නිසි පියවරක් ගත්තොත් හොදයි. (නි)
අහිංසක මිනිස්සු .දැන් පුලුවන් නම් වැට ඉනි කැලෙන් කැපුවා කියලා නඩු දායි . එහෙමනේ අපේ අය ...(ස)
මේ අහිංසක මිනිසුන්ට කාගේ හෝ පිහිටක් අවශ්‍යයි. (නි)
නැතුව වෙන මොනවා කරන්නද (දී)
අලි මංකඩවල පදිංචි වෙලා දැන් කරදර වෙනවා. මේ මිනිස්සු වෙන තැනක පදිංචි කලානම් මීට වඩා හොදයි. ෙමවැනි ගම් වසා දමන්න සුදුසුයි. (ස)
නාලක හීනෙන් නැගිටලා වගෙයි. (නි)
නාලක වගේ ගුණමකු විදියට හිතන අය ඉන්න රටක මේවා ගැන තව මොන කතාද? (නි)
දිවි නැගුමෙන් වෙනස් වුණේ නැද්ද (ස)
එහෙම කියන්න එපා නාලක. මේ ගම් වසා දැම්මොත් මුලු රටම බඩගින්නේ. (නි)
ඒත් අපේ රට පාලනය කරන්නේ ජනතාවාදී ආණ්ඩුවක්නේ? (නි)
අලි ඉන්න ඕන තැන මිනිස්සු ඉන්නවා, අලි උන්ගේ වාසභුමියට ආවහම එලෝ ගන්නවා (දී)
මේගොල්ල මේක බලධාරීන්ට කියල නැතිව ඇති, නැතිනම් අර උසාවියේ ප්‍රශ්නය වගේ මේකත් සුරුස් ගාල විසදනවා සත්තයි. මේකනම් දේශපාලන විරුධවාදීන්ගේ කුමන්ත්‍රණයක් කියලා මට හිතෙනවා . (ස)
නාලක ලංකාවෙද ඉන්නේ (ස)
මම හිතන්නේ අලින්ට වැට බැඳලා ගොඩක් කල්, අනික වැටවල් බඳින්න අලි ඉන්නවද ?? (ස)
අලි මිනිස් ගැටුම ලංකාවේ ජාතික ප්‍රශ්නයක්. ඒත් කවදාවත් මේකට විසදුමක් නැහැ. (නි)
අලි ගෙවල් බිදිද්දි ඉවසියහැකි, නාලක තප්පුලනව ඉවසන්නනෙ බැරි (ස)
අලි නිකන් ගම් වලට එන්නේ නෑ, උන් ඇවිදින්නේ උන්ගේ සුපුරුදු ගමන් මාර්ගවල, පින්තුර වලින් පේනවා අලි ඉන්න කැලේ තමයි මේ ගෙවල් හදාගෙන පදිංච් වෙලා තියෙන්නේ. මේකට අලි වැටවල් ගහල වැඩක් නෑ . මිනුස්සුන්ව සුදුසු ස්ථාන වල නැවත පදිංචි කරවන්න ඕනේ. (ස)
අලින්ගේ කැළේ පදිංචි වෙලා දැන් උන්ට එන්න එපා කියලා වැටවල් ගහන එක හරිම අසාධාරණයි. (නි)
ගිහාන්, මතුපිටින් පෙනෙන් දේ පමණක් බලා යමක් පවසන්න එපා. (නි)
මේවාට විසදුම් දෙනවාට වඩා අපිට වැදගත් කාර් රේස් තියන එක. (නි)
මිනිස්සු සතුන්ගේ වාසස්ථානවල ගෙවල් හදාගෙන දැන් අලීන්ට වැඩ බඳිනවා (ස)
මේ ස්වාමින් වහන්සේගේ දුරකතන අංකය පළකරන්න පුලුවන් නම් අපිටත් මේ අසරණයින්ට උදුව කරන්න පුලුවන් වෙයි. (නි)
අලි මිනිස් ගැටුම නතර කරන්න බැරි ද (දී)
මොකටද මේ රටට පාලකයෝ, මිනිස්සුන්ගේ ජීවන ගැටලු පෙනෙන්නේ නැති? ඡන්දේ ඉල්ලගෙන ආවොත් ඔය වැට ඉනිවලින්ම ගහලා පන්නන්න තියෙන්නේ. (නි)
නාලක කියන විදියට කරොත් ඒ මිනිස්සු ඇවිත් නවතින්නේ නාලකගේ ගමේද ? (ස)
මිට වඩා ගොඩාක් සත්තු ඉන්න රටවලත් මේ වගේ ප්‍රශ්නයක් නැහැ, අයි අපේ රටේ විතරක් (දී)
කාර් රේස්... කාර් රේස්... (නි)