රජයේ රත්‍රන් සංචිතයෙන් සහන මිලට රහසිගතව ලබා ගත් රන් බව අඟවමින් කිලෝව රුපියල් ලක්ෂ පනහ බැගින් කිලෝ සියයක් රුපියල් කෝටි පනහකට විකිණීමට තැත් කළැයි කියන නව දෙනෙක් කොළඹදී අද අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
එම රන් වෙනුවෙන් රුපියල් කෝටියක අත්තිකාරම් මුදල් අවශ්‍ය බව ඔවුන් ගැනුම් කරුවනට කියා ඇතැයි බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
සැකකරුවන් අතර හිටපු පොලිස් අධිකාරීවරයකු සහ කාන්තාවෝ දෙදෙනෙක්ද වෙති.
එම පිරිස රිමාන්ඩ් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි මිනිහෙක් අතින් වරදක් උනොත් නම් ගම් එක්කලයි පත්තරේ වැටෙන්නෙ. ඇයි මේ අයගේ නම් ගම් පත්තරේ දාන්න බැරි.(ස)
හලෝ රෝයි, මට කියන්න ඩයස් මහත්තයා එහෙම මේ ගැන අදහසක් දාල නැද්ද?(නදී)
මේක ලංකා ඉතිහාසයේ විශාලතම වංචාවක් වෙන්න පුළුවන්. (ස)
අම්මෝ මේ තරම් රත්තරන්
පොලිසිය හෝ හමුදාව සම්බන්ධ වුනු වැරදිනේ දැන් අහන්න තියෙන්නේ. (ස)
කව්ද ඔය ක්‍රිකට් ක්‍රීඩකයා.(නදී)
පොලිසියට අත තිබ්බොත් වෙඩි තියන්න තුවක්කු දීපු ලොකු මහත්තයා අහිංසක ළමයෙකුට ගෙහුවා, ඒකනිසා අහිංසක ජනතාවටත් තුවක්කු දෙන්න වෙයි.(නදී).
මේක අර ලොකු කට්ටියගේ බිස්නස් එකක් වෙන්න බැරිද? රටේ සංචිතය වැඩි නිසා කලිනුත් අඩුකලා.(නදී)
අයියෝ සල්ලි
කටු ගෙදරින් හංගපු රත්තරන්ද මන්දා.(නදී)
ලෝකෙම දුවන්නේ බොරුව සහ රඟපෑම මත (දී)
කොටි සංවිධානයට අයිති වී තිබුණු රත්තරන් වලට වෙච්ච දෙයක් ගැන සඳහනක් නැහැ නේද? (නි)
අත්අඩංගුවට ගත් අයගේ නම් ප්‍රසිද්ධ කරන්න අපටත් දැනගන්න. (නි)
මේ වගේ බොහොම වංචාවලට අද සම්බන්ධව ඉන්නේ පොලිසියේ නැත්නම් හමුදාවේ අය. (නි)
මේ කාන්තාවන් දෙදෙනාගෙන් එක අයකු අපේ ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධකමක් දක්වපු හිටපු කෙනෙකුගේ බිරිඳක් බව තමයි ආරංචිය. (නි)
අර ප්‍රංශයේ ලෝක ප්‍රසිද්ධ අයිෆල් කුළුණ දෙපාරක්ම පරණ යකඩ වලට විකුණපු කෙනාව මට මතක් වුණා. මේ රත්තරන් ගොඩ කොහෙන්ද? කටුගෙයින් නම් වෙන්න බැහැ. (නි)
රූපවාහිනියෙ දැක්කා ලොකු මහත්තයෙක් කියනවා ආයුධ දුන්නලු පොලිසියට ගුටි කන එකෙන් බේරෙන්න. අපිටත් ආයුධ ටිකක් ඉල්ලගන්න වෙයි වගේ හොර වැඩ කරන පොලිසියට ගහන්න (නි)
පුදුම දේවල් තමයි මේවා.(නදී)