බේරුවල රොක්ලන්ඩ් හන්දියේදී දුම්රියේ හැපුණු බසයේ ගමන් කළ පිරිස මහනුවර වැරැල්ලාගම පදිංචි කරුවන් බව පොලීසියට තොරතුරු ලැබී තිබේ.
ගලගෙදර පන්සලක හිමි නමකගේ සමීප නෑයකුගේ මළ ගෙදර ගොස් එමින් සිටියදී මේ අනතුර සිදුවිය.
මළගමට සහභාගීවීම සදහා බස් දෙකකින් අකුරැස්සට ගොස් ඇත. කාන්තාවන් රැගත් බසය අධිවේගී මාර්ගයෙන් ආපසු ගිය අතර පිරිමින් රැගත් බසය මාගල්කන්දට යෑමට පැමිණ ඇත්තේ එහි සිටි කෙනකු මාගල්කන්දේ පදිංචිකරුවකු නිසාය. ඔහුගේ ඇරයුමෙන් සෙසු පිරිස රෑ කෑමට එහි යාමට පැමිණියත් ගාලු පාරෙන් හරවද්දීම බසය දුම්රියේ හැපී පාරට වැටී ඇත.
අඩුගණනේ බසයෙ 44 දෙනකුවත් ගමන් කරන්නට ඇතැයි කියති. රෝහල් ගත කළ තුවාලකරුවන්ගේ ගණන 27කි. තවත් සුළු තුවාල ලැබූ පිරිසක් ද වෙති. අනතුර සිදුව ඇත්තේ පස්වරු 5.55 ට පමණය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසක් දැක්කා බසයක් වෙළක තියෙනවා. ඒ බසයේ ලියලා තිබුණා 'ඔබටත් මෙලෙසම පුහුණූ විය හැක' කියලා. (නි)
බස් එකේ බුදු සරණයි, දෙවි පිහිටයි කියලා ගහලා තිබුණේ නැද්ද? (නි)
අනේ ගාමිණී, වෙලාව ආව නම් මැද නෙමේ කොහේ වාඩි වුණත් වැඩක් නැහැ.මේක ඉන්දියාවේ වුණා නම් ප්‍රවාහන ඇමති මෙලහකට ඉල්ලලා අස්වෙලා ඇති (නි)
උන බම්බු නොවෙයි යකඩ වැටවල් දැම්මත් අපේ අය රිංගලා යනවා. මම ලඟකදී ටෙලි නාට්‍යයකත් දැක්කා වහලා තියෙන රේල් ගේට් එකෙන් මොටෝ බයිසිකලයක් රිංගන දර්ශනයක්. තවත් මොනවද කතා? (නි)
ඈත්තම කතාව මේ රියදුරා විදුලි බිල ගැන සිතමින් බසය පැදවීමයි. මෙහි සම්පූර්න වගකීම රජය බාර ගත යුතුයි. (නි)
3 වන ලෝකයේ රටවල පවතින ක්‍රමවේදයක් ....ඔබ බලවත් නම් නීතියට ගරු කරන්නේ නැහැ. (නි)
නිමල්, ඔබගේ මතය නිවැරදියි. ඔතන කාලයක් තිස්සේ "දුම්රිය හරස් පාර" කියලා සුද්දන්ගේ කාලේ සවිකරපු මළකඩ කාපු පුවරුවක් නම් තියෙනවා. මේ පළාත ගැන නොදන්නා රියදුරන්ට මෙම පුවරුව කොහොමත් පෙන්නේ නැහැ. දුම්රිය පාරක් තියෙන බව දන්නේ නිතර යන එන පිරිස විතරයි. ඒකයි මේ පළාතේ මිනිස්සු මෙතනදී අනතුරුවලට ලක් නොවන්නේ. (නි)
කාගෙද මේකේ වරද? (නි)
ඉතින් දුම්රියට මොකද වුණේ? පීලි පැන්න ද? ගමන නැවැත්තුවද? සාමාන්‍ය පරිදි ධාවනය වුණාද? දුම්රියටත් අලාභහානි තියෙනවද? (නි)
රියැදුරු සහ කොන්දොස්තර දෙන්නට අවුරුදු 10 බැගින්වත් තීන්දුව දෙන්න ඕනෑ. (නි)
දුම් රියක හැපීම හැමවිටම සිදුවන්නේ මිනිසුන්ගේ නොසැලකිල්ල නිසා. රටේ හැමදා මවෙන අනතුරු දැක දැකත් ඔහේ ඉන්නං වාලේ ජීවත්වීම මොනතරම් අවාසනාවක්ද?. දුර ගමනක් යනකොට භක්තියෙන් ආගම අදහලා වැදගත් විදියට යන්න. මේ මිනිස්සු සමහරවිට බස් එක ඇතුලේ අරක්කු බොන්නත් ඇති. කොහොම වුනත් ඔයාලට ඉක්මන් සුව පතනවා.(නදී)
ලොකුම දේ තමයි ජීවිත බේරීම. (නි)
අජිත් කරුණාරත්න මහතා කියන විදිහට පාර දෙපසම නොපෙනේ නම් මෙම හරස් මග තනපු අයත්, අපරික්ෂාකාරීව රිය පැදවූ රියදුරත් මෙම අනතුරට වග කිව යුතුයි. අර කොහෙටද මන්දා යාමට පෙර මෙවැනි මරු කපොලු ඉවත් කළ යුතුයි. (නි)
මාගල්කන්දේ දුම්රිය හරස් පාර කඳු ගැට්ටක් කපලා හදලා නිසා දෙපැත්තම පෙනෙන්නේ නැහැ. (නි)
බස් රියදුරන්ගේ නෙමෙයි වරද , එයාලව පුහුණු කරන විදියෙයි වරද තියෙන්නේ. ප්‍රවාහන සේවයේ ඉන්න අදාල බලදාරින් මේවට වග කියන ඕනෑ. මිනිස් ජීවිත 50-60 නේද මේ ගෙනියන්නේ කියන වගකීම මේ මිනිසුන්ට අවබෝධ කරලා දෙන්න ඕනෑ. බස් රියදුරෙක් වුණහම විනීතකම , මාර්ග නීතිය ,මාර්ග නීති අවබෝධය , මාර්ග නීති අනුව බසය ධාවනය කිරීම ,සෑම තත්පරයකම මාර්ගය ඉදිරියෙන් වගේම වටපිටාව ගෙන අවධානය යොමු කිරීම , බසය තුල ඉන්න මගීන් ගැන ඇතුලත කන්නාඩියෙන් තම අවධානය යොමු කිරීම , තමන් කරන කාර්යය ගැන වගකීමක් ඇතුව රාජකාරිය කිරීම සහ රිය පදවන අවස්ථාවල මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත නොකිරීම යන දේවල් සෑම බස් රියදුරෙක්ම අනුගමනය කලොත් පුරුදක් පුහුණුවක් ඇතිකළොත් මෙවන් දුක්ඛ දෝමනස්සයන් වලක්වාගත හැකියි. (නි)
කවුරුත් මියගිහින් නැනැ නේද? අනේ! (නි)
අනේ මන්දා, පහුගිය ටිකේ දෙන්නෙකුට මරණ දඩුවම දීලත් ඒවා අමතක වෙලා වගේ. මේ දෙන්නත් පෝරකේට යාවිද? (නි)
කාලයාගේ ඇවෑමෙන් මහජන ප්‍රසාදය සමහර දෙවිවරු වෙතින් ඈත්වී ගිය අතර, තවත් සමහරු වෙත ලංවූ බවද ප්‍රකටම පෙනෙන කරුණකි (නි)
මම ඔය රියැදුරෝ කියන ජාතිය සත 5 කටවත් විශ්වාස කරන්නේ නැහැ. බස් එකෙන් ගමනක් යනවා නම් මම වාඩිවෙන්නේ ඉස්සරහත් නෙවෙයි පිටිපස්සෙත් නෙවෙයි, මැද හරියේ. රහස හෙළි කරලා මට සීට් එක අහිමි වුණත් කමක් නැහැ. සූදානම් ශරීරෙ ගැන ටිකක් හිතා බලන්න! (නි)
සෑම රිය අනතුරකටම හේතුව රියදුරන්ගේ නොසැලකිල්ල තමා. බස් රියදුරෝ නම් කිසිම හැදියාවක් නැහැ. මොනවා උනත් අසරණ මිනිස්සු. ඉක්මනටම සුවය පතනවා.(නදී)