කොළඹ කොටුව බ්‍රිස්ටල් වීදිය හෙවත් සර් රාසික් ෆරීඩ් මාවතේ තිබූ අනවසර වෙළෙඳසල් කීපයක් කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව කඩා ඉවත් කළේය.
ආහාර පාන සහිත හොටල, පළතුරු කඩ, සන්නිවේදන මධ්‍යස්ථාන ඇතුළු කඩ සාප්පු විස්සකට අධික ගණනක් ඉවත් කැරිණි.
එම වළෙඳසල් හිමියන් පවසනුයේ මෙම වෙළෙඳසල් දැනට අවුරුදු 30කට අධික කාලයක් තිස්සේ තමන් පවත්වාගෙන ගිය බවයි. මෙම කඩ නියමිත බදු මුදල් ද කොළඹ නගර සභාවට ගෙවා ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් හොදයි. (නි)
අනවරසර ඉදිකිරීමනම් වැරදියි තමයි ඒත‍් මොවුන්ට විකල්පයක් ලබා නොදුනහොත් ආරිථිකමය ගැටළු නිසා බොහෝ ප්‍රශ්න ඇතිවිය හැකියි (ස)
මේවා කඩන එක නොවෙයි ප්‍රශ්නය. ඊට පස්සෙ වෙන දේ තමයි ඩිමො බට්ටො පිරිලා, තිබුණාටත් වඩා මිනිස්සුන්ට කරදර වෙන එක. උ.දා.මල්වත්ත පාර සහ දුම්රිය පොල ඉදිරිපිට චාමස් තාප්පයට අල්ලලා හදපු කඩ පේලිය මුලු පේමන්ට් එකම අල්ලලා. මිනිස්සු යන්නේ බිංගෙවල් අස්සෙන් යනවා වගේ. (නි)
කොළඹ කියන්නේ රටේ අගනගරය. (ස)
මේ අසරණ මිනිස්සුන්ට අලුත් දැන් දෙන්න (දී)
කොළඹ කියන්නේ රටේ අගනගරය... අගනගරයක් වුනාම ලස්සනට තියෙන්න ඕන... ඉතාම හොඳ වැඩක්... ස්තුතියි!!! (ත)
අවුරුදු 30ක් නෙමෙයි, 130ක් හිටියත් අනවසර දේ කොහොමත් අනවසරයි. (නි)
ඒ මිනිස්සුන්ට අලුත් තැන් දෙනවද (දී)
ඒවා හොඳ වැඩ .පංචිකාවත්ත පැත්තේ තියෙන කඩත් ඉවත් කරන්න (ස)
කඩ කාමර කඩපු එක හොදයි කියන මහත්තුරු හිතන්නේ නැද්ද මෙයාලගේ දරු පවුල් ඊට පස්සේ ජීවත් වෙන්න කොහොමද කියල . අඩුම ගානේ මේවා කඩන්න කලින් වෙළදාම් කරන්න යෝග්‍ය තැනක් ලබා දීල ඉවත් කරනවනම් හොදයි. පොඩි කඩ කඩන එකෙන් සුපිරි වෙළදසැල් දියුණු වෙන එකයි වෙන්නේ, ඊට පස්සේ අඩනවා ඒවට මිනිස්සු යනවා වැඩියි කියල, (ස)
අවුරුදු ගානක් හිටපු තැන (දී)
කොටුවේ රේස් පදින්න අමාරුයිනේ මේ කඩ නිසා. (නි)
කම්කරු මහතුන්ට මීට වඩා ආරක්ෂක පැළඳුම් දෙන්න ඕන. (ත)
මේක ඉතා හොද වැඩක්. (ත)
අර පිටකොටුවේ තිබෙන තොග කඩ ටිකත් කොහාටහරි අරගෙන යන්න බැරිද? (නි)
කරදරයක් නැතුව පාරේ යන්න පුළුවන් වේවි (ස)
සුභ අනාගතයක්.....!!! (ස)
බ්‍රිස්ටල් වීදිය පමණක් නෙවේ කොළඹ තියෙන හැම පාරක්ම බලන්නකෝ කවුද රජ කරන්නේ කියල ,මම නම් හිතන්නේ ඔය සේරම අනවසර ඉදිකිරීම් තමා,ලොකු ලොක්කන් ගේ ඇස් ඇරේවා. (ස)
කොළඹ අලංකාර කරන්න ඔහොම වැඩ කරන්න වෙනවා (දී)
මේවගේ වැඩ වලට අවුරුදු ගාන වැදගත් නැහැ.යුද්ධයත් අවුරුදු තිහකට පසුවයි නැති කළේ. (ත)
ඇමතිතුමා හැමවිටම තීරණ ගන්නේ හුගක් දුර හිතලා බලලා. (නි)
බොහොම හොඳයි , ඔහොමයි රට සංවර්ධනය විය යුත්තේ , තවත් මෙවැනි තැන් නොපමාව ඉවත් කරන්න (ස)
මේ වගේ කඩ නිසා තමයි අපේ රටේ ප්‍රධාන නගරය කැත වෙලා තියෙන්නේ..මහනුවරටත් මේ වැඩ පිළිවෙල ඉක්මනට ආවොත් හොඳයි (ස)
අවස්ථාවාදී දේශපාලනය ගැන නොසිතා මෙලෙස රට හදන්න වෑයම් කරන සියලුම නිලධාරීන්ට ජයවේවා! (නි)
පේමන්ට් වල කරන ව්‍යාපාරත් නතර කරන්න ඕනෑ. කවුරු කළත් මේවා හොද වැඩ. (නි)
බැරි දේ කරන්න හරි දස්සයි. (ත)
ඕවා අයින් කරන එක ගොඩක් හොඳයි. ඔය කඩවලින් ගොඩක් මිනිස්සුන්ට අවහිර වෙනවා. (ත)
අපේ මිනිස්සුන්ට ඇගිල්ලක් දාන්න ඉඩක් දුන්නම් මුළු ඔලුවම දා ගන්න හදනවනේ (ස)
කලක් අනවසරයෙන් සිටීම යනු සින්නක්කර අයිතියක් නොවේ. නමුත් එම වෙළදාම කරගෙන යාමට වෙනත් ස්ථානයක් දියයුතුයි. (නි)
මෙහෙම එක පාරටම කඩා දැමිය හැකිද ?? අවුරුදු 30 ක් කියන්නේ පොඩි කාලයක්ද ? (ස)
මේ හැම දේම අහිංසක මිනිස්සුන්ට තමයි (ස)