ඉතාලියේ බ්‍රෙෂියා බෞද්ධ විහාරයේ 2012 වාර්ෂික කඨින මහා පිංකම විහාරාධිපති රාජකීය පණ්ඩිත වතෝගල ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ භාරකාර මණ්ඩලයේ පූර්ණ දායකත්වයෙන් පැවැත්විණි. මෙම පිංකමට වෙරෝනා, විචෙන්සා, පාදෝවා මිලානෝ යන අවට නගරවලින් විශාල පිරිසක් සහභාගී වූ අතර, ප්‍රංශය, එංගලන්තය, කැනඩාව හා ඉතාලිය යන රටවලින් මහා සංඝරත්නය වැඩම කළහ.
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ප්‍රංශයේ ජේතවන විහාරාධිපති රාජකීය පණ්ඩිත මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පිංකමට එක්සත් රාජධානියේ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි අනුස්මරණ පදනමේ අධ්‍යක්ෂ බඹරබොටුවේ ආනන්ද මංගල හිමි, ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම ජිනානන්ද හිමි, කැනඩාවේ මොන්ට්‍රියල් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති දොඩම්පහල විපුලසිරි හිමි, නාපෝලි බෞද්ධ විහාරාධිපති පනංගල වජිරඤාණ හිමි, මෝදනා මෛත්‍රී විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමි, වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානාධිපති උඩවලවේ ඤාණානන්ද හිමි, වෙරෝනා වෙනෝතෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන වාසී පූජාපිටියේ සංතුසිත හිමි, ත්‍රෙන්තෝ විශ්ව විද්‍යාලයේ දෑරංගල කුසලඤාණ යන හිමිවරු වැඩම කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩ..ලෝකෙට ආදර්ශයක් (ස)
සියලු දෙනාටම තෙරුවන් සරණයි! (නි)
ප්‍රදර්ශන තමයි..බුදු දහම තියෙන්නේ ඊට ගොඩක් ඈතින් (ස)
රස්සාවල් කරන, කාන්තාවන් සමග කාර් රථ වල ගමන් බිමන් යන හාමුදුරුවරුනුත් ඉන්නවානේ අද කාලේ. (නි)
ආනන්ද හරියට හරි. ගාමිණිත් ඇත්ත කියන්නෙ. අපි නිවන් දැකලා ගොඩක් කල් යනවා හාමුදුරුවරුන්ට නිවන් දකින්න. (නි)
හාමුදුරුවන්ට ගරහන අය සතර අපායේ යනවා. (නි)
සාදු සාදු සාදු!!!