රියදුරු බලපත්‍රයක් ද නොමැතිව බීමතින් රිය පැදවූ හිමිනමකට අනුරාධපුර අතිරේක මේහ්ස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා මාස හයක සිරදඩුවමක් සමග රුපියල් 7500ක දඩයක් නියම කැර සිර දඩුවම අවුරුදු පහකට අත්හිටුවීමට නියෝග කළේය.
හෝමාගම වජිරඥාන මාවතේ බොඩලවත්තේ වංගීස නමැති භික්ෂුවට මෙම දඩුවම නියම විය.
පසුගිය (2012) දෙසැම්බර් 30 වැනිදා රාත්‍රියේ රිය පදවද්දී පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.
වරද පිළිගත් හිමිනම ඇමතූ විනිසුරුවරයා දඩුවම් නියම කිරීමේදී පුද්ගලයාගේ තරාතිරම තමන් නොබලන බව ද ඓහෙත් සිවුරක් පැළඳ සිටීම කෙරේ සළකා බලා මාස හයක කාලයකට පැනවූ සිරදඩුවම වසර පහකට අත්හිටුවන බව අවවාද කරමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට බීල රිය පදවන්න පුලුවන්නම් හිමි වරුන්ට ඈයි බෑරි. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්.(නදී)
අනේ අපොයි සිවුරට ගිය කලක් ! (නි)
කාර් එකේ තව කවුරුත් හිටියේ නැද්ද ? (නි)
අනේ අපේ උතුම් බුද්ධාගමට වුණ දේ? (නි)
මෙහෙම සාදුලාවයි ඉන්දියවෙට යවන්නේ ඕන ගුටිකාගෙන එන්න කියලා.(නදී)
කොහොමත් මේක කුමන්ත්‍රනයක් තමයි. සිවුර දාගත්ත සිවිල් මිනිසුන් අද සමාජයේ ඉන්නවා. ඒ අය හරහා බුද්ධාගමට අපහාස වන සිද්ධීන් ඇතිකිරීම මේ අයගෙ ප්‍රධාන අරමුණයි.(නදී)
ඔබවහන්ස ඉන්ටෙර්නෙට් බලනව ඇති. මේ විස්තර බලන්න. බලල කරුණාකර ඉක්මනට සිවුර අතහැර ගිහි ජීවිතට යන්න. (ත)
ලංකාදීප කර්තෘ මණ්ඩලයටත් විශේෂයෙන්ම නදී නංගීටත් මගේ සුභ පැතුම්, සෘජුවම සිංහලෙන් ප්‍රතිචාර දැක්වීමට සැළැස්වීම ගැන. (නි)
මෙහෙම කියන්න උනාට කණගාටුයි. සංසාරෙන් එතෙර වන්න ඉන්න හාමුදුරුවෝ දේසපාලනේ,රැකියා,කරනවා නම්,දබදිව චාරිකා සන්විදනේ කරනවා නම්,සල් පිල් තියල හම්බ කරනවා නම්, ඒ හැම දෙයක්ම ගිහියෝ නොදැක්ක වගේ ඉන්නවා නම්, වාහනේ එළෙව්වාම මොකද වෙන්නේ. (ත)
කුනු බිත්තරවලින් ගහනවා කිව්වේ. මේ ධර්මද්වීපයද?(නදී)
අපි නොදන්නා තව කීදෙනෙක් මෙහ විදියට ඇතිද ?(නදී)
මම බෞද්ධ ධර්මයට සහ බෞද්ධයන්ට ගරු කරමි. නමුත් මම කියන්න කැමතියි ඔය බොදු බල සේනාවට මුසල්මානුවන්ට ඇඟිල්ල දික්කරන්න ඉස්සර තමන්ගේම හිමිවරු ගැන හොයලා බලන්න කියලා. (නි)
දැන් ඉතින් රිය පදවන්න බලපත්‍ර නැති වුණොත් සිවුරක් දා ගත්තහම හරි. (නි)
හාමුදුරු කෙනෙක්ගේ වැරද්දක් දැක්කම සමහරුන්ට හරි ජොලි නේ ඔයතරම් දුෂ්ට වෙන්න එපා මිනිසුනේ. (නදී)
කෙනෙකගේ වරද දුටුතැන පහර ගහන්න බලාගෙන ඉන්නේ.(නදී)
සිංහල ජනගහණය වැඩි කරගන්න ඉස්සර ඔයාලගේ ශාසනය හදාගන්න (නි)
අනිවාර්යෙන්ම බොදු බල සේනාවේ කෙනෙක් වෙන්න ඇති. එයාලට නීතියක්,රීතියක් නැහැ කියල අපි දන්නවා.(නදී)
දැන් කොහෙද හමුදුදෘවෝ ඉන්නේ?(ත)
බොනකොට අපි කිවුවා හා හා හා හාමුදුරුවනේ බොන්න එපා කියලා. කෝ කිවුවාට ඇහුවයෑ? (නි)
මේ කෙනාගේ අන්නස්‍රෝතය කටුකම්බියක් දාලා කිචි කවන්න ඕනෑ කියලා මම යෝජනා කරනවා. (නි)
මොනවා උනත් මේ හිමිනමත් මනුස්ස ආත්මයක් නේද එමනිසා වැරදි කොයි කාගේ අතිනුත් වෙන්ඩ පුළුවනි. සිවුර තමාට බරක්නම් එය අතාරින්ඩත් පුළුවනි.(නදී)
මේ වගේ වැරදි නිසා අපි බුද්ධාගමේ අය කියන්නත් ලැජ්ජයි.(නදී)
කිසි සෙත්ම අනුමත කරන්න බැරි වැඩක් (දී)
මෙයා චීවර ධරියෙක්ද? නැත්නම් ස්වාමින් වහන්සේ කෙනෙක්ද?
තිලක් ඔයාගේ නමේ ඉදිරියටේ බොදු බල සේනාව කියල දාන්න.(නදී)
බොදු බලසේනාවට ගරහන තිලක් නම ඉදිරියට සංකේතයක් දාගත්තොත් හොඳයි (අ)
අපි අනිත් ආගම්වලට ඇගිල්ල දිකරණේ ඉස්සර විනය පරීක්ෂණයක් පවත්වා මේ වැනි හාමුදුරුවරු ශාසනයෙන් ඉවත් කල යුතුයි , එතකොට ශාසනය පිරිසිදු වෙන්නේ , හෝටල් වල බුදුපිළිම ගැන සොයන්න ඉස්සෙර මේ වැනි අයගන සොයා බැලිය යුතුයි (අ) .
කෝ අර ජාතිවාදී අදහස් දාන ටික? කියන්නකෝ ඔයාලගේ සේනාවට මේකට යමක් කොරන්න කියලා. (නි)
දෙයියෝ සාක්කි... (ස)
සමහර භික්ෂුන් වහන්සේලා බොනවා විතරක් නෙමෙයි, හරක් මසුත් කනවා. (නි)
"සුරා මේරය මජ්ජ පමා "... කොහේහරි දානෙකට යන්න ඇති. අනේ සාදු සාදු සාදු සාදු සාදු!!! (නි)
ලංකාවේ අනෙක් ආගම් වල ඉන්න ආගමික ඇත්තො කරන වැඩක් මෙහෙම පළකරන්න. (නි)
වැරදි වලින් බේරීමේ එකම මග සිවුරක් දාගෙන වැරදි කිරීමයි කියලා දැන් මිනිස්සු හිතයිද දන්නෙ නැහැ. (නි)
කෝ අපේ බොදු බල සේනාව? මේකට මොනවද කියන්නේ ? (නි)
මේ ස්වාමින් වහන්සේ වරදක් කරන්න ඇති. භික්ෂුවක් වුණත් මේත් මනුස්සයෙක්. වරදක් කරපු බව ඇත්ත. ඒකට නීතියෙන් දඬුවම් ලැබීලා තියෙන්නේ. අපත් විනිශ්චය නොකර ඉදිමු. මේ ස්වාමින්වහන්සේට සමාව දෙමු. වැරදි කරන එක මනුස්සකම එහෙත් සමාව දෙන එක දේව ගතියක්. මම ක්‍රිස්තියානි කෙනෙක්. (නි)
ඕක විතරයි අඩුවකට තිබ්බේ. ඒකත් හරි.(නදී)
අපිට දුකයි. හාමුදුරුඅවරු දැන් කරන්නේ තමන්ට අයිති දේ නෙමෙයි. ඕනෑ එකටයි එපා එකටයි හැම දේටම එයාලා ඇඟිලි ගහන්න එන එකයි වරද. බිස්නස් කරන්න ඕනෑ එයාලා කියන විදියට. යන්න ඕනෑ කඩේ තෝරාගන්න ඕනෑ එයාලා කියන විදියට. ක්‍රිකට් ගහන්න ඕනෑ එයාලා කියන විදියට. වෙන එකක් තියා මිට මාස දෙක තුනකට කලින් බණ්ඩාරගම වෙච්ච සිද්ධියක් බැලුවහම හදන ළමයි ගැන තීරණය කරන්නත් ඕනෑ එයාලා කියන විදියට. අපි රටේ නීතියට ගරු කරන නිදහස් පුරවැසියෝ. අපි මොකටද මේ නීතිවලට යටත් වෙන්නේ. (නි)
සුරා මෙරා මජ්ජ පමා ??? (ත)
අපාගත වැඩ (ත)
ඔහොම ගියොත් අපේ බුද්ධාගම රකින්නේ කොහොමද ? (නි)
අර කට්ටියට කියමුද මෙයාටත් ගල් ප්‍රහාරයක් දෙන්න කියලා? (නි)
අපේ විනිසුරු තුමාට මගේ ආචාරය! (ස)
සුරා සූදුවට මුල් තැන දී තියෙන බෞද්ධ රටක ශරීර මහන්සියකට හිමි නමක් ටිකක් ගත්තයි කියලා එමගින් බුද්ධාගමට මදිකමක් සිදුවේවි කියා සිතනවද? (නි)
අපේ අහවල් හාමුදුරුවන්ගේ සද්දයක් නැද්ද ඔය ගැන? (නි)
ඇත්තටම හිමි නමක් වෙන්න බැහැ, චීවර දාරියෙක් කියල කිව්වනම් හරි. (ස)
දැනගන්නයි අහන්නේ. ලංකාවේ හාමුදුරුවරුන්ට රියදුරු බලපත් ගැනීම කැපද? වාහන එලවන කෙනාට කියන්නේ රියදුරා නිසා බලපත්‍ර ගැනීම හාමුදුරුවන්ට සුඳුසු නෑ කියලි මම හිතන්නේ.(නදී)
අනාගත ශාසනේ සුභ සිද්ධිය උදෙසා මහා නායක වරුන් ඉදිරයට ඇවිත් ක්‍රියා කරන කාලය ඇවිත්.(නදී)
මේ හිමිවරු දැන් දැන් කරන දෙයින් බුද්දිමත් කෙනා තව තවත් දහම වැටහා ගනී . මේවා දකිනකොට කොසොල් රජුසේ සිහිනයේ අනාගත බික්ෂුන් ගැන පැහැදිලි කිරීම සිහිපත් කරගන්න . බුදුදහම මනුස්ස ලෝකයේ පවතින්නේ වසර 5000 නම් දැන් 2500 ගෙවී අවසන් වූ තැන මේ යන්නේ නැතිවේගෙන යන කාලයයි . ගොඩ වුන අය ගොඩ වුනා . අපි තමා සංසාරේ . (නදී)
බොදු බල සානවට ජය වේවා !(නදී)
අර අහවල් උන්නාන්සේගේ අඩිපාරේම යන තව මධ්‍යසාර කෙනෙක් වගේ!! (නි)
මේ රටේ හිමිවරුන්ට මොනවද වෙලා තියෙන්නේ.? මේවට බොදුබල සේනාව මොනවද කියන්නේ ?(නදී)
සිවුර ගලවලා කලිසමක් අන්දලා තමයි දඩුවම් දෙන්න තිබුනේ. (නි)
සිව්රට මුවාවෙලා පාදඩ වැඩ කරන කට්ටිය කොච්ච්ච්ර ඉන්නවද? (නදී)
ලොකු ලොකු අයටත් මෙලෙසම සළකාවියි බලාපොරොත්තු වෙනවා. (නි)
හාමුදුරුන්ට අකැප වැඩක්නේ කරලා තියෙන්නේ (දී)
හැම මිනිහාම එක වගේ නැහැ, නානත්ත කයා නාතත්ත චිත්තා (දී)
අනේ බුදුසසුනට ගිය කල , රිය පදවනවා මදිවට මත්පැන්, දායකයන්ගේ වැරැද්ද , මේවගේ අයට වැඩ නමස්කාර කරනවා , අසෝක රජතුමා බෞද්දයෙක් උනේ පුංචි ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ සංවරය ගැන පැහැදීම නිසා.(නදී)
කෝ මේ සේනාව දැන් උසාවි එයිද දන්නේ නැහැ.(නදී)
මේ හිමිනම බෞද්ද හිමි නමක්ද නෙත්නම් අබෟද්ද හිමි නමක්ද?(නදී)
රටකට ගිය කලක්... (නි)
ගෝ සාදු ගෝ ... (නි)
අන් ආගම් අදහන අය නිවැරැදි කිරීමට පෙර අප අපව නිවැරදි කිරීමට කාලයයි මේ.(නදී)
නිවනට යන ගමන් වෙන්න ඇති (නි)
අපේ අහවල් හිමිගේ මල්ලි වෙන්න ඕනෑ. (නි)
අයියෝ සල්ලි, නැති ප්‍රශ්න (දී)
උසාවි දඩුවමට අමතරව මෙයාට ශාසන දඩුවමකුත් දෙන්න (නි)
මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්. තවත් ඉදිරියට බලාපොරොත්තු වන්න.(නදී)
අර එතුමට කීවානම් ගොඩ දාගන්න තිබුනා. අද තමයි දවස.(නදී)
මොකට සිවුරු පොරවා ගත්තද දන්නෙ නැහැ. (නි)
අනිවාර්යෙන්ම මෙයාට බොදු බළ සේනාවෙන් දඬුවම් ලැබෙනවා.... බේරීමක් නැත.(නදී)
ආයේ දෙකක් නෑ, මෙයා බො.බ.සේ. එකේ සාමාජිකයෙක් වෙන්න ඕන. ඒකේ ලොක්කෙකුටත් මෙහෙම වෙලා තියෙනවලු.(නදී)
මෙන්න වැඩක්. භික්ෂුන්ට රියදුරු බලපත ලබා දිය යුතුය. (නදී)
බොදුබල මේවට කථාකරන් නෙද්ද? (ත)
මහනායක හිමිවරුන්ට මේ ගැන වගකිමක් නැත්ද?(නදී)
විෂ සහිත සමාජයේ පාපිෂ්ට චීවර ධාරියෙක්.(නදී)
මට මේක අදහාගන්නත් බැහැ.(නදී)
අනේ පවු. දානෙකට වඩිනව වෙන්න ඇති (ත)
හාමුදුරුවන්ට රියදුරු පලපත් දුන්නනම් හරි. සිල්පදය කැඩුවට නඩු දාන්න.(නදී)
කරුණාකර සිවුර ගල වන්න. (ත)
කොහේ හරි දානෙකට යන්න ඇති සාදු සාදු (ත)
සිව්රට ගරුකරන හාමුදුරු නමක් නම් මෙහෙම හැසිරෙන්නේ නැහැ.(නදී)
හරි හැමදාම මම කියනවා වගේ, අපේ අර "කස්ටිය" මේකටත් මොනවා හරි උත්තරයක් දෙනවාද? පික්ට්, උද්ඝෝෂන කරනවාද? (නදී)
මෙයාට හිමි නමක් කියල අමතන එක ලොකු වැරැද්දක්. මෙවෙනි වංචනික මිනිසුන් නිසා බුද්දාගමට වෙන්නේ අවමානයක් .විනිසුරු තුමා උපරිම දඩුවමක් දීපු එක හරි.(නදී)
අනේ කාලේ වනේ වාසේ (දී)
හිමිනමක් වෙන්න බැහැ, චීචරධාරියෙක් කියලා දාන්නකෝ. (නි)
හාමුදුරු කෙනෙක්ලු නේද? ගෙදරකද ඉන්නේ?? පන්සලක් නැද්ද?(නදී)
නියමයි. ඔන්න මීට පස්සේ කරන දෙයක් සිවුරක් දාගෙන කළා නම් හරි. අඩු ගානේ කතාකරලා සමතයකට හරි එන්න පුළුවන් නේ. (නි)
යන්ත්‍ර මන්ත්‍ර ,ගුරුකම් කරන අයටත් දඩුවම් දෙන්න.(නදී)
අහෝ දුකකි. මොකක්ද අපේ සාදුලට වෙලා තියෙන්නේ.(නදී)
හෙට අනිද්දට අනිත් අයත් සිවුරු ඇඳගෙන බීලා රිය පදවයිද දන්නෙ නැහැ දඬුවම ලිහිල් කරගන්න. මුස්ලිම් රටක එහෙම නම් දැඩි දඬුවම්. (නි)
හිමි වරුන්ට අපේ ස්වාමිලා වගේ රිය පැදවීමට අවසර දිය යුතුයි.(නදී)
බුදු බල සේනාවට කියන්න දඩුවම් දෙන්න කියලා.(නදී)