IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


බෙලිඅත්තේ ශ්‍රිලනිප රැස්වීම පොලිසියෙන් නවත්වයි

(චන්ද්‍රසේන ගමගේ)

බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවනාගාරයේ අද (02) දින පැවැති බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. කාන්තා බල මණ්ඩල රැස්වීම බෙලිඅත්ත පොලීසියේ දැනුම්දීම මත අතරමගදී නවතාලීමට සංවිධායකයින්ට සිදුවිය.

අද (02) උදෑසන 10ට පමණ ආරම්භ වූ බලමණ්ඩල රැස්වීම අමතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා සභාව අමතමින් සිටියදී පොලීසියේ දැනුම්දීම මත මෙම රැස්වීම අතරමග නවතාලීය.

පොලිසියේ දැනුම් දීම මහින්ද අමරවීර මහතා දැනගත් වහාම පොලිසිය රැස්වීම නවත්වන ලෙසට දැනුම් දී ඇති නිසා තමන්ගේ කථාව අවසන් කරන බව පවසා වේදිකාවෙන් බැස ගියේය.

මෙම අවස්ථාව වනවිට හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද රැස්වීමට සහභාගි වීමට පැමිණි අතර රැස්වීම අතරමග නවතා දැමූ නිසා චමල් රාජපක්ෂ මහතා රැස්වීමට පැමිණි පිරිස සමග සුහද කථාබහක යෙදී රැස්වීම් භූමියෙන් පිටව ගියේය.

පොලිසිය පැවසුවේ අදාල රැස්වීම සඳහා පොලිසියෙන් නිසි අවසරයක් ලබාගෙන නොතිබූ නිසා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග මත රැස්වීම නැවැත්වීමට සංවිධායකයින්ට දැනුම් දුන් බවයි.



අදහස් (30)

බෙලිඅත්තේ ශ්‍රිලනිප රැස්වීම පොලිසියෙන් නවත්වයි

sirimal Saturday, 02 November 2019 12:29 PM

17 වෙනිදාට බලාගන්න පුළුවන් වෙයි නීතිය ක්‍රියාත්මක කරන්න ගිය කට්ටියට වෙන දේ...

:       1696       1428

AmilaSaturday, 02 November 2019 02:28 PM

70 පැනපු ලෙඩ මහල්ලෙක්ට පුලුවන්ද රටක් කරන්න? අවුරුද්දකින් දෙකකින් මලොත් එහෙම ආයේ ඡන්දයක් තියන්න වෙනවා. ඉතින් මහල්ලා දිනන්නේ නෑ මහත්තයෝ. ඒක නිසා බයවෙන්න දෙයක් නෑ.

:       1728       2095

sisiraSunday, 03 November 2019 11:39 AM

එතකොට රනිල්ට 35ද? ජෝන්ට 18ද? ඔබත් ඔය වේදිකාවේ ඉන්න විකට චරිතයක් වගේ...

:       622       516

PerakumSaturday, 02 November 2019 02:36 PM

දැනටමත් ඔහොම නම් බලයට ආවොත් කොහොමට හිටීද? හිතාගන්න පුළුවන්.

:       372       485

Chanak los angelesSaturday, 02 November 2019 03:53 PM

සාටකයන් මොනවද අවසර අරගෙන කරලා තිබෙන්නේ ? කළේම අනවසර දේවල්නේ.

:       727       1068

රාලහාමිනේ Saturday, 02 November 2019 04:28 PM

ඒවා කොහෙද ? අපි බොහොම ආදරයෙන් කරුණාවෙන් ඒ අයට තත්වය පහදලා දුන්නා. ඒ අය රැස්වීම නැවැත්තුවා. එහෙම නැතිව රැස්වීම දිගටම තියාගෙන ගියානම් පාරේ බිම දිගේ ඇදගෙන ගිහිල්ලා පොලිසියේදී වැඩ පෙන්වනවා. අලුත් පොලිස් රාළහාමිලා, හාමිනේලා ඉන්නවා මිනිස්සුන්ට ගහන්න බය. අන්න ඒ අයට අවස්ථාවක් ලබාදෙනවා. අන්තිමට බලකායේ එල්ලලා තියලා රෑට ආණ්ඩුවේ බෝඩිමෙන් ගල් පාන් සහ පරිප්පු දෙනවා. සම්බෝල දෙන්නේ නැහැ. මොකද ඒ අයව සම්බෝල හදලානේ තියෙන්නේ.

:       0       160

Chanak los angelesSaturday, 02 November 2019 04:28 PM

වහලුන්ට මතක් කරන වගනම් ... ගෝඨගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවාලු නේද රටේ තිබිය යුත්තේ එකම නීතියක් කියා ? මොකක්ද එහෙනම් ප්‍රශ්නේ ? එතකොට දැන් සාටකයන් බලයට ඇවිල්ලා නීතිය නවනවා කියලා නේද කියන්නේ ? අපට ඔබලා වැනි වහලුන්ගේ මෙවැනි ප්‍රකාශ වැදගත්. මේ ප්‍රකාශ ප්‍රසිද්ධ කරවා සාටකයන්ට වැටෙන්න තිබෙන එක ඡන්දයක් හරි නවත්තන්න පුළුවන්.

:       544       577

චමින්දSunday, 03 November 2019 01:43 AM

සජිත් අපේක්ෂකතුමාට කුරුණැගල රැස්වීමට හෙලිකොප්ටරය බැස්සීමට ඉඩ නුදුන්නා වගේ කටයුතු ජනාධිපති බලතල නැතිව තිබියදීත් සිදුවූ නිසා සිරිමල් කියූදෙය 17 දිනට සත්‍යවිය හැකිය.

:       254       335

Anton AustriaSunday, 03 November 2019 04:55 AM

සිරිමල් ඔබ වගේ හිතන පතන අය ඉන්නකල් අපේ රට මුඩුක්කුවක්.

:       154       415

lalithSunday, 03 November 2019 05:14 AM

ප්‍රේමදාස මහතා 1987 ජනාධිපතිවරණෙදි ඇවිද්දේ සෙරෙප්පු නැතිව. සජිත් වගේ රබර් සෙරෙප්පුවක්වත් දැම්මේ නැහැ. හැබැයි ජනාධිපති උනාම නිදාගත්තේ රත්තරන් ඇඳේ. සිංහාසනයකුත් පාවිච්චි කළා මතකයි. චන්ද්‍රිකා ඒවා කටුගේ නොතිබ්බ එක වැරැද්දක්.

:       310       491

Gamarala Saturday, 02 November 2019 12:55 PM

පොලීසියේ අවසරය අරගෙන නොතිබුණා නම් නැවත අවසරය අරගෙන එම රැස්වීම පවත්වන්න පුළුවන්නේ. අපි එය කරමු. මේවා බයට කරන වැඩ...

:       5       200

Mahee Saturday, 02 November 2019 01:16 PM

මැතිවරණ නීතියට කොටින්ම රටේ පොදු නීතියට ගරු නොකරන කිසිම දේශපාලකයෙක් බලයට පත්වුණාට පස්සේ නීතියට ගරු කරයිද?

:       4       213

mahinda Saturday, 02 November 2019 01:20 PM

විනය ගරුක, නීතිගරුක රටක්...

:       516       723

Nandalal DE SILVA - France Saturday, 02 November 2019 01:34 PM

නුදුරු අනාගතයේ රටේ බලය ලබාගැනීමට සැදී පැහැදී සිටින අය මෙවැනි බොළඳ විදියට රැස්වීම් පැවැත්වීමට යාම හාස්‍යයට කරුණකි. කෙසේවුවත් මැතිවරණ කොමිසමේත්, පොලිසියේත් මැදිහත්වීම රටේ මැතිවරණ නීතියට අනුව සිදුවීම මගින් මේ ප්‍රශ්නය සාමකාමී අන්දමට අවසන්වීම ප්‍රශංසාවට බඳුන් විය යුතු වෙනවා. රැස්ව සිටි ජනතාව නීතියට ගරු කිරීම ගැනත් එහි සංවිධායකයින්ට අපේ ආචාරය !!!..

:       42       13

Rata Perata Saturday, 02 November 2019 03:24 PM

නායකයෝ කියන අය දන්නේ නෑ අවසර ගන්න ඕන කියලවත්. පුදුම නායකයෝ. පස්සෙන් යන මිනිස්සු පව්.

:       16       212

indika Saturday, 02 November 2019 03:51 PM

රැස්වීමක් තියන්න අවසර ගන්න ඕන කියලා නීතියක් නොදන්නා පිරිසක්ද මේ නියෝජිතයෝ ?

:       16       221

saliya Saturday, 02 November 2019 04:02 PM

2015 මහින්ද ප්‍රතිසංස්කරණය කළ අභය ගිරිය විවෘත කරන්න දුන්නේ නැහැ. පසුව මෛත්‍රී එය විවෘත කළේ තමන්ගේ රූපයකුත් අන්දලා.

:       111       128

HARAMANIS Saturday, 02 November 2019 05:11 PM

ඇයි එම්.සී.සී ගැන සජිත් කතා කරන්නේ නැත්තේ?

:       52       224

thilak Saturday, 02 November 2019 05:32 PM

නීතිය හරියට ක්‍රියාත්මක කරලා මැරුණත් කමක් නැ කියන නිලදාරීන් තවමත් ඉන්න එක ගැන ආඩම්බර විය යුතුයි.

:       0       161

ධම්ම Saturday, 02 November 2019 05:56 PM

මෙතන නතර කළේ පොලීසිය. අතන නතර කළේ ටාසන්.

:       0       8

Chathuri Saturday, 02 November 2019 06:03 PM

සාදු සාදු කියා පෙරහැර එනවා. අපේ රටේ නීතිය රජ වෙන්නට යනවා.

:       0       26

Raveendra Saturday, 02 November 2019 10:57 PM

නිසි අවසර නැත්නම් කාට උනත් නීතිප්‍රකාරව ක්‍රියාකළ යුතුය. ගැටලුව සැමට එක ලෙස නිතිය ක්‍රියාත්මක වෙනවාද යන්නයි.

:       1       35

Vijitha Sunday, 03 November 2019 12:39 AM

ඉතින් මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් ඒ කාලේත් තිබුනද? මෙහෙම දෙයක් ඒ කාලේ උනානම් මෙලහකට පොලිසියේ.

:       2       157

ranjith Sunday, 03 November 2019 02:54 AM

කොමෙන්ට් වලින්ම පේනවා පළිගැනීම.

:       112       122

ලුම්බිණි Sunday, 03 November 2019 03:42 AM

පොලිසියෙන් නිසි අවසරයක් ලබා නොගෙන රැස්වීම තිබ්බේ පරණ පුරුදු මතක් වෙලාද?

:       42       145

Siri Sunday, 03 November 2019 04:22 AM

නීතිය කාටත් සාධාරණයි.

:       0       40

SOME Sunday, 03 November 2019 05:23 AM

යන තැන චොර.

:       12       277

බද්රානි Sunday, 03 November 2019 10:23 AM

තවමත් මුදා නොගත් ප්‍රදේශයක් වන, බෙලිඅත්තේ, පවතින කැලෑ නීතියට, රටේ සිවිල් නීතිය අදාළවන්නේ නැහැ කියලයි මම නම් හිතන්නේ...

:       18       81

rocky Sunday, 03 November 2019 01:21 PM

ඉරිදා පත්තරේකට ප්‍රසිද්ධ දෛවඥයින් පස්දෙනෙක්ම අනාවැකි කියලා තිබුණා මොන අතින් බැලුවත් සජිත් ඉහළින්ම ජයග්‍රහණය කරනවා කියලා. ඒ ගොල්ලෝ කියන්නේ සජිත්ට ලොකුම බලය ලැබෙන්නේ හෙනහුරු ග්‍රහයාගෙන් කියලයි.. දැන් මොකද කරන්නේ?

:       17       1

Saman Sunday, 03 November 2019 03:54 PM

මොන වැරදි තිබුණත් මේ ආණ්ඩුව ස්වාධීන මැතිවරණ කොමිසම පත්කළ එකම ඇති.. එහෙම නොවුණා නම් රජුගෙ කාලේ වගේ මේ ඡන්දෙට දින නියම කරන්නේ ඒ ගොල්ලන්ගේ හඳහන්වලට අනුව... දැන් මැකෝ දිනය නියම කළා.. කවුරුවත් දන්නේ නැතුව...

:       31       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1111 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1312 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1013 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 229 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 603 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 442 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2107 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site