බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති පී.එම්. අම්සා මහතාගේ විශේෂ පරිශ්‍රමයක් ඇතිව තානාපති කාර්යාලයය බෙල්ජියමේ වසන ශ්‍රී ලාංකා ජනතාවගේ හා වෙනත් බෞද්ධ සංවිධානයන්හි සහය ඇතිව සංවිධානය කළ වෙසක් උත්සවය තානාපති නිල නිවසයේදී පැවැත්විණි.
බංගලිදේශ,භූතාන,කාම්බෝජ,බුරුම,නේපාල,පකිස්තාන පිලිපීන,තායිලන්ත හා ශ්‍රී ලංකාව යන රටවල් නවයක තානාපතිවරු අතුළු නිලධාරීන් මෙම උත්සවයට සහභාගී වුහ.
වෙසක් දිනය නිවාඩු දිනයක් කිරීමට එවකට විදේශ අමාත්‍යව සිටි ලක්ෂ්මන් කදිරගාමර් අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව ජයග්‍රහණය කිරීමට අපට සහය දුන් රටවල් වලට ගෞරවයක් වශයෙන් එම රටවල් තානාපතිවරුන්ට ආරාධනා කල බව අම්සා තානාපතිවරයා සදහන් කළේය.
ලෝකයට උසස් දර්ශනයක් ගෙන දුන් ශ්‍රේෂ්ඨ ආගමික ශ්‍රාස්තෘවරයකු ලෙසට බුදුරජාණන් වහන්සේට ලෝකයම ගෞරව දක්වන බව තානාපති කීවේය.
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුගාගස්යායේ ඤාණිස්සර නා හිමියන්ගේ මුලිකත්වයෙන් බුද්ධ පුජා,භාවනා,පිරිත් දේශන ඇතුලත් ආගමික කටයුතු සිදුවිය.බෙල්ජියමේ වැඩ වසන තායි ජාතික ප්‍රා සුදින විදු හිමියන්ද තායි හිමි නමක්ද ඤාණිස්සසර හිමියන්ට සහය වුහ.
නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි ප්‍රධාන පාර්ලිමේන්තු නියෝජිතයෝ පිරිසක්ද මේ අවස්තාවට සහභාගී වුහ.
ෂඩ් වර්ණ බෞද්ධ කොඩි ඇතුලු රටවල් කිහිපයකට අයත් ආගමික කොඩිවලින් මෙන්ම ශ්‍රී ලාංකිකයින් පිළියෙළ කළ දර්ශණීය වෙසක් කූඩු වලින් උත්සව භූමීය අලංකාරවත් කැර තිබිණි. ලසන්ත තේනුවරද සිල්වා මහත්මියගේ මුලිකත්වයෙන් ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත් කළ භක්ති ගීත සංදර්ශනය කාගේත් සිත් ගත්තේය.
තායිලන්ත ආගමික නැටුම් දෙකක්ද මෙහිදී ඉදිරිපත් කළ අතර උත්සව කටයුතු මෙහෙයවනු ලැබුවේ තානාපති කාර්යාලයයේ සමන්තා ජයසුරිය මහත්මිය විසිනි.
[[

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙසක් දිනය නිවාඩු දිනයක් කියන එක වැරදියි. වෙනස තියෙන්නේ එදාට කව්රුහරි වෙසක් නිසා නිවාඩු ඉල්ලුවොත් නිවාඩු දිය යුතුයි (වාර්ෂික නිවාඩු වලින් අඩුකරගෙන) එහෙම නැතුව ලෝකේ හැම රටකම නිවාඩු දිනයක් නෙමෙයි. (නි)
හොද වැඩක්. ආදර්ශමත් තානාපති කාර්යාලයක්. ඔබ සැමට අපෙන් මල් මිටක් (නි)
මේ ස්වාමින් වහන්සේලාගේ කටයුතු කෙතරම් හොද වුවත් ලංකාවේ හාමුදුරුවරු බහුතරය ගැන නම් කතා කරලා වැඩක් නැහැ (නි)
අනෙක් අයට ආදර්ශයක්.ඔබට පින් (නි)
නමින් නම් අපේ තානාපති මුස්ලිම් වගේ. කොහොම වුණත් එතුමා මේ කරපු දේ ගැන අපි ආඩම්බර වෙනවා. තෙරුවන් සරණ පතනවා, ඔබතුමා ඇතුළු සියළුම දෙනාට. (නි)
මුස්ලිම් තානාපති කෙනෙක් වුණත් අපේ කම අපේ රට ගැන ඔබතුමා හිතුව එක ගැන සතුටුයි. හොඳ සේවයක් සිදු වෙන බව පෙනෙනවා (නි)
බෙල්ජියමේ ලංකාවේ පන්සලක් නැද්ද. අපි පන්සලක් හදමු මේ ආගමික වැඩ කරන්න. මම හදුනන හාමුදුරු නමක් ඉන්නවා. හොදට ඉංග්‍රීසිත් පුලුවන් චර්යාවත් හොදයි. සම්බන්ධ කරල දෙන්නම් කවුරු හරි සංවිධානය කරනවා නම් (දී)
බෙල්ජියමේ ජීවත් වන මමත් මේ උත්සවයට සහබාගී වුණා. එතුමා මුස්ලිම් බව ඇත්ත. ඒ වුණාට නිහතමානී මහත්මයෙක්. බොහොම පින් ඔබට සහ ඔබ යටතේ සේවය කරන මහත්ම මහත්මීන්ට. (නි)
මහේෂ් ද සිල්වා, ඔබ සිතන හැටි හරි නැහැ. " නිතර පෙනන කුකුලගේ කරමලෙත් සුදුපාටටලු පෙනෙන්නේ" කියනවා වගේ ලංකාවේ හාමුදුරුවරු කරන නිහඩ සේවය ඔබ දන්නේ නැහැ වගේ. ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුගාගස්යායේ ඤාණිස්සර නා හිමි උන් වහන්සේ ලංකාවට කරන සේවය දන්නවාද? වෛද්‍ය සිසුන් කීදෙනෙකුට ඉගන ගන්න අත දුන්නද? තවමත් දෙනවද? දුප්පත් පාසල් දරුවන්ට ඉගෙන ගන්න තවමත් අතදෙනවා. අහිංසක මිනිසුන්ට ගෙවල් හදවලා දෙනවා. දුෂ්කර පන්සල් තවමත් නඩත්තු කරනවා. කිසිවක් නොදන්නා ඔබ වැනි අය කිසිවක් කතා නොකර තමගේ වැඩ කරගන්න එක තමා හොද (නි)
හම්සා මහතා මුස්ලිම් පමණක් නොවේ මඩකලපුව ප්‍රදේශයේ උපන් කෙනෙක්. අනුන්ට බැන බැන ඉන්නේ නැතිව ස්වෝත්සාහයෙන් සිංහල ඉගෙනගත් කෙනෙක්. දෙමල, ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන් තුනෙන්ම වැඩකළ හැකි දක්ෂ පරිපාලන නිලධාරියෙක්. ඔහු වන්නන් ශ්‍රී ලංකා රාජ්‍යසේවයට වටිනා වස්තුවක්, ආභරණයක් බව කිවයුතුයි. (නි)
සාධු.....සාධු.....සාධු.....