IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බෙල්ජියමේ වෙසක් උළෙල

බෙල්ජියමේ ශ්‍රී ලංකා  තානාපති  පී.එම්. අම්සා මහතාගේ  විශේෂ පරිශ්‍රමයක් ඇතිව  තානාපති කාර්යාලයය බෙල්ජියමේ වසන ශ්‍රී ලාංකා ජනතාවගේ  හා වෙනත්  බෞද්ධ සංවිධානයන්හි  සහය ඇතිව සංවිධානය කළ වෙසක් උත්සවය  තානාපති නිල නිවසයේදී පැවැත්විණි.

 බංගලිදේශ,භූතාන,කාම්බෝජ,බුරුම,නේපාල,පකිස්තාන පිලිපීන,තායිලන්ත හා  ශ්‍රී ලංකාව යන රටවල් නවයක  තානාපතිවරු අතුළු නිලධාරීන්  මෙම උත්සවයට සහභාගී වුහ.

 වෙසක් දිනය නිවාඩු දිනයක් කිරීමට එවකට විදේශ අමාත්‍යව සිටි  ලක්ෂ්මන් කදිරගාමර් අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව ජයග්‍රහණය කිරීමට අපට සහය දුන් රටවල් වලට  ගෞරවයක් වශයෙන් එම රටවල් තානාපතිවරුන්ට ආරාධනා කල බව  අම්සා  තානාපතිවරයා සදහන් කළේය.

 ලෝකයට උසස් දර්ශනයක් ගෙන දුන්  ශ්‍රේෂ්ඨ ආගමික ශ්‍රාස්තෘවරයකු ලෙසට බුදුරජාණන් වහන්සේට ලෝකයම  ගෞරව දක්වන බව  තානාපති කීවේය.

 ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක  මුරුගාගස්යායේ ඤාණිස්සර නා හිමියන්ගේ  මුලිකත්වයෙන්  බුද්ධ පුජා,භාවනා,පිරිත් දේශන ඇතුලත් ආගමික කටයුතු සිදුවිය.බෙල්ජියමේ වැඩ වසන තායි ජාතික ප්‍රා සුදින විදු හිමියන්ද තායි හිමි නමක්ද ඤාණිස්සසර හිමියන්ට සහය වුහ.

නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි ප්‍රධාන පාර්ලිමේන්තු නියෝජිතයෝ පිරිසක්ද මේ අවස්තාවට සහභාගී වුහ.

 ෂඩ් වර්ණ බෞද්ධ කොඩි ඇතුලු රටවල් කිහිපයකට අයත් ආගමික කොඩිවලින් මෙන්ම  ශ්‍රී ලාංකිකයින් පිළියෙළ කළ  දර්ශණීය වෙසක් කූඩු වලින් උත්සව භූමීය අලංකාරවත් කැර තිබිණි. ලසන්ත තේනුවරද සිල්වා මහත්මියගේ මුලිකත්වයෙන් ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත් කළ භක්ති ගීත සංදර්ශනය කාගේත් සිත් ගත්තේය.

 තායිලන්ත ආගමික නැටුම් දෙකක්ද මෙහිදී ඉදිරිපත් කළ අතර උත්සව කටයුතු මෙහෙයවනු ලැබුවේ තානාපති කාර්යාලයයේ සමන්තා ජයසුරිය මහත්මිය විසිනි.

[[

 

 



අදහස් (0)

බෙල්ජියමේ වෙසක් උළෙල

රුසිරු Thursday, 30 May 2013 06:24 PM

වෙසක් දිනය නිවාඩු දිනයක් කියන එක වැරදියි. වෙනස තියෙන්නේ එදාට කව්රුහරි වෙසක් නිසා නිවාඩු ඉල්ලුවොත් නිවාඩු දිය යුතුයි (වාර්ෂික නිවාඩු වලින් අඩුකරගෙන) එහෙම නැතුව ලෝකේ හැම රටකම නිවාඩු දිනයක් නෙමෙයි. (නි)

:       0       0

සරත් Friday, 31 May 2013 10:07 AM

බෙල්ජියමේ ලංකාවේ පන්සලක් නැද්ද. අපි පන්සලක් හදමු මේ ආගමික වැඩ කරන්න. මම හදුනන හාමුදුරු නමක් ඉන්නවා. හොදට ඉංග්‍රීසිත් පුලුවන් චර්යාවත් හොදයි. සම්බන්ධ කරල දෙන්නම් කවුරු හරි සංවිධානය කරනවා නම් (දී)

:       0       0

රොෂාන් Thursday, 30 May 2013 06:54 PM

හොද වැඩක්. ආදර්ශමත් තානාපති කාර්යාලයක්. ඔබ සැමට අපෙන් මල් මිටක් (නි)

:       0       0

මහේෂ් ද සිල්වා Thursday, 30 May 2013 07:22 PM

මේ ස්වාමින් වහන්සේලාගේ කටයුතු කෙතරම් හොද වුවත් ලංකාවේ හාමුදුරුවරු බහුතරය ගැන නම් කතා කරලා වැඩක් නැහැ (නි)

:       0       0

බුද්ධික Friday, 31 May 2013 11:18 AM

බෙල්ජියමේ ජීවත් වන මමත් මේ උත්සවයට සහබාගී වුණා. එතුමා මුස්ලිම් බව ඇත්ත. ඒ වුණාට නිහතමානී මහත්මයෙක්. බොහොම පින් ඔබට සහ ඔබ යටතේ සේවය කරන මහත්ම මහත්මීන්ට. (නි)

:       0       0

මහී Friday, 31 May 2013 12:04 PM

මහේෂ් ද සිල්වා, ඔබ සිතන හැටි හරි නැහැ. " නිතර පෙනන කුකුලගේ කරමලෙත් සුදුපාටටලු පෙනෙන්නේ" කියනවා වගේ ලංකාවේ හාමුදුරුවරු කරන නිහඩ සේවය ඔබ දන්නේ නැහැ වගේ. ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුගාගස්යායේ ඤාණිස්සර නා හිමි උන් වහන්සේ ලංකාවට කරන සේවය දන්නවාද? වෛද්‍ය සිසුන් කීදෙනෙකුට ඉගන ගන්න අත දුන්නද? තවමත් දෙනවද? දුප්පත් පාසල් දරුවන්ට ඉගෙන ගන්න තවමත් අතදෙනවා. අහිංසක මිනිසුන්ට ගෙවල් හදවලා දෙනවා. දුෂ්කර පන්සල් තවමත් නඩත්තු කරනවා. කිසිවක් නොදන්නා ඔබ වැනි අය කිසිවක් කතා නොකර තමගේ වැඩ කරගන්න එක තමා හොද (නි)

:       0       0

ගාමිණී රාමනායක Thursday, 30 May 2013 10:04 PM

අනෙක් අයට ආදර්ශයක්.ඔබට පින් (නි)

:       0       0

රන්ගශනී Thursday, 30 May 2013 10:13 PM

නමින් නම් අපේ තානාපති මුස්ලිම් වගේ. කොහොම වුණත් එතුමා මේ කරපු දේ ගැන අපි ආඩම්බර වෙනවා. තෙරුවන් සරණ පතනවා, ඔබතුමා ඇතුළු සියළුම දෙනාට. (නි)

:       0       0

සිරි Friday, 31 May 2013 01:13 PM

හම්සා මහතා මුස්ලිම් පමණක් නොවේ මඩකලපුව ප්‍රදේශයේ උපන් කෙනෙක්. අනුන්ට බැන බැන ඉන්නේ නැතිව ස්වෝත්සාහයෙන් සිංහල ඉගෙනගත් කෙනෙක්. දෙමල, ඉංග්‍රීසි සහ සිංහල භාෂාවන් තුනෙන්ම වැඩකළ හැකි දක්ෂ පරිපාලන නිලධාරියෙක්. ඔහු වන්නන් ශ්‍රී ලංකා රාජ්‍යසේවයට වටිනා වස්තුවක්, ආභරණයක් බව කිවයුතුයි. (නි)

:       0       0

අනුර Friday, 31 May 2013 12:25 AM

මුස්ලිම් තානාපති කෙනෙක් වුණත් අපේ කම අපේ රට ගැන ඔබතුමා හිතුව එක ගැන සතුටුයි. හොඳ සේවයක් සිදු වෙන බව පෙනෙනවා (නි)

:       0       0

වීරසිංහ Friday, 31 May 2013 02:52 PM

සාධු.....සාධු.....සාධු.....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 9 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 642 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1527 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3416 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1786 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 688 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site