IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


බලන් හෙට කොළඹ පුරවර

ඉන්දියාවේ කොල්කටාවේ ඉන්දු  ඕෂන් ඩිවොලොපර්ස් සමාගම කොළඹ කොම්පඤ්ඤවීදියේ බේරේ වැව ඉදිරිපිට මහල් 68 සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ඉදිකිරීමට යයි. 2016දී වැඩ අවසන් වන මේ කුළුණ විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් නොවන අය ඉලක්ක කැරකැරෙයි. නාන තටාක, නැරැඹුම් මැදිරි, ක‍්‍රීඩාගාර, ටෙනිස් පිටි ඇතුළු සියලූ පහසුකම්වලින් එම කුළුන සමන්විත වෙයි. එහි 57 වැනි මහලේ හෙලිකොප්ටර් අංගනයකි. ඉන්දියාවේ ක්රිෂ් ගෘප් සමාගම 2016 වන විට මහල් නිවාස හතරක් ඉදිකිරීමට යයි. උසම මහලේ තට්ටු 85කි. එය ඉදිකැරෙනුයේ කොළඹ කොටුවේ අක්කර හතරක භූමියකයි. එක් කුළුනක මහල් 10ක්ම මෝටර් රිය ගාලකි. කොටුවේ රජයේ වැඩ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ (ට‍්‍රාන්ස් වර්ක්ස් මන්දිරයේ) තරු හතේ බුටික් හෝටලයක් හෙවත් මහේසාක්‍ය අවන්හලක් විවෘත කිරීමට ද යයි. ගාලූ මුවදොර හයිට් රිජන්සි සමාගම තරු පහේ හෝටලයක් ඉදිකිරීම දැනටමත් අරඹා ඇත. තට්ටු 45කින් සමන්විත එම හෝටලය සිනෝලංකා හෝටලය හා ස්පා සමාගම ඉදිකරයි. දකුණු කොරියාවේ කියැංහාට් සමාගම මහල් 38කින් හා 42කින් සමන්විත තට්ටු නිවාස 174ක් කොළඹ බෞද්ධාලෝක මාවතේ ඉදිකිරීමට යයි. 2015දී විවෘත කිරීමේ අරමුණින් ෂැංගි‍්‍රලා හෝටල සමාගම ගාලූ මුවදොර තට්ටු 30ක තරු පහේ හෝටලයක් ඉදිකරයි. හොංකොංහි ශැංග‍්‍රිලා හෝටල රිසෝට්ස් සමාගම එහි අයිතිකරුය. ඉන්දියාවේ ඇකෝර් සමාගම කොළඹ කොල්ලූපිටියේ සුඛෝපභෝගී මහල් නිවාස 350ක් ඉදිකිරීමට යයි. එහි මහල් ගණන 47කි. බේරේ වැව ඉදිරිපිට ඡායාරූප අනුග‍්‍රහය සප්ඩයි ගෘහනිර්මාණ ශිල්පියෝ හා ජෝන් හොර්නර්



අදහස් (0)

බලන් හෙට කොළඹ පුරවර

ආනන්ද පිටබැද්දර Tuesday, 23 October 2012 01:42 PM

මේ තරම් උස ගොඩනැගිලි මහ පොලවට දරා ගන්න පුලුවන් ද ?? (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 23 October 2012 01:32 PM

මම දෑම්ම ඉදල සල්ලි එකතු කරනවා ගෙයක් ගන්න මෙච්චරයි අපිට අඩුවෙලා තිබුනෙ...(නු)

:       0       0

විධුර Tuesday, 23 October 2012 01:43 PM

මෙහෙම ගැටළුවකුයි තීන්නේ. මේක ප්‍රශ්නයක් වෙන්නේ වෙනත් රටවල් වලින් ඇවිල්ල මෙහෙ ඉඩම් ගන්න එකට. මම මේකේ වැරද්දක් දකින්නේ නෑ. මොකද මේ ඉඩම් ඔක්කොම කොළඹ වැඩිම වටිනාකම තියෙන ඉඩම්. මේවා අපේ රටේ ව්‍යාපාරිකයන්ට දෙනවනම් මේවා කැලි කරලා පොඩි කොටස් තමා දෙන්න වෙන්නේ. එකෙන් කොච්චර ලාබයක් ලැබෙයිද කියන්න දන්නේ නෑ. එහෙමත් නැත්නම් අනාගතේ දවසක අපේ රටේ අයට මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙනකන් මේ ඉඩම් තියාගන්න ඕනේ. එහෙම බැලුහම මේ කරලා තියෙන දේ වරදක් නෑ. මේවගේ දේවල් වලින් අපේ රටේ රජයටත් යම් කිසි අදායමක් එනවා රැකියා අවස්ථා වලින් ඉඩම් විකුණලා හරි බදු දීල හරි මුදල් වලට අමතරව. මේවගේ දේවල් වලට අකමැති අය ඉන්නවනම් කරන්න තියෙන්නෙ මේ ඉඩම් ටික තියාගෙන බලබල ඉන්න එක තමයි. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම දන්නා විදිහට බෙරේ වැව ඉස්සරහ තමයි නෙලුම් කුලුන හදන්න තිබුනේ. දැන් නෙලුම්කුළුන එතන හදන්නේ නැද්ද දන්නේ නෑ.(නු)

:       0       0

ශාන්ති Tuesday, 23 October 2012 01:46 PM

කී දෙනෙක් පෝසත් වේවිද දන්නේ නෑ.. හරියට කලොත් හොඳයි .අවංක අය රටේ නෑනේ ඉතිං (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 23 October 2012 01:47 PM

ලංකාව ඉන්දියාවේ අලුත් ප්‍රාන්තයක් දැන් තිබෙන ණය හැටියට ලංකාව වෙන රටකට වික්කත් මේ නය ගෙවන්න බැරිව ඇති...(නු)

:       0       0

වාසල Tuesday, 23 October 2012 06:42 PM

අපේ රට සංවර්ධනය වෙනවා කියන එක තරම් අහන්න සතුටු තවත් පුවතක් නැහැ.ඒත් අපි නියම සංවර්ධනය කියන එකට කොච්චර ඈතින්ද ඉන්නේ. (ස)

:       0       0

උපුල් Tuesday, 23 October 2012 06:48 PM

ගොඩක් අය විවේචනය කලාට බටහිර රටවල්, සිංගප්පූරුව එහෙමත් ලස්සනයි කියන්නේ ඕවා දැකලා තමයි.මිනිස්සු ඒවා ‍හොඳයි කියනවා...නමුත් ලංකාවේ හදනකොට වැරදියි.ඔයාලා හැමෝම කැමති නැහැ ‍මේ දියුණුව පිළිගන්න.අපි නිහතමානීව ගොඩක් සතුටු වෙනවා. (ස)

:       0       0

චින්තක Tuesday, 30 October 2012 12:08 PM

මෙවන් දේවල් වලින් වන්නේ අපේ රට වෙනත් රටවලට විකිණීයාමයි. (නි)

:       0       0

හරේන්දු Tuesday, 23 October 2012 07:02 PM

ලංකාවට ඉදිරි දැක්මක් තියෙනවා.කවුරුත් පාට කණ්නාඩියෙන් බලන්න එපා.හොඳ වැඩ වලට හොඳයි කියන්න. (ස)

:       0       0

මොහොමඩ් අලි Tuesday, 23 October 2012 02:06 PM

සදුනි ඔයා ඉන්දියාවට ගිහිල්ලා තියෙනවාද? මම අවුරුදු 3ක් යනවා එනවා.. ඔය චිත්‍රපටිවල වෙන්න ඇති ඉන්දියාව දියුණුයි කියන්නේ.. ඉන්දියාවල බොම්බායෙ ගුවන්තොටුපල බැස්සාම තේරෙයි ලෝකෙ තියෙන ලොකුම අපාය ඉන්දියාව කියලා..!(නු)

:       0       0

ශ්‍රී Wednesday, 24 October 2012 07:26 AM

තේරෙන්නේ නැද්ද මෙහෙම වෙන්න ගියොත් මිනිස්සු කොළඹින් විසි වෙනවා. අපි කාටවත් කොළඹ ජිවත් වෙන්න බැරි වෙනවා, අධික වියදම නිසා. ගමටම තල්ලු වෙනවා. (නි)

:       0       0

ජයී තිසර Tuesday, 23 October 2012 02:19 PM

භූමිය කොළඹ සීමීත බව වැටහෙන්නේ අඩියෙන් අඩිය ඉදිරියටයි අප යන්නේ දියුණූ නගර මෙන් ලෝකයෙ සිරි දෙන්නේ මට නම් ලස්සනට මේ සැම පෙනෙන්නේ ( ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 23 October 2012 02:10 PM

ඉන්දියාවේ කොල්කටාවේ ඉන්දු ඕෂන් ඩිවොලොපර්ස් සමාගම කොළඹ කොම්පඤ්ඤවීදියේ බේරේ වැව ඉදිරිපිට මහල් 68 සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ඉදිකිරීමට යයි. 2016දී වැඩ අවසන් වන මේ කුළුණ විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් නොවන අය ඉලක්ක කැරකැරෙයි. එතකොට මේක ඉදිකරන්නේ සත්තුන්ටද....?

:       0       0

ඉරේෂ් Tuesday, 23 October 2012 02:21 PM

වෙන රටක් තිබ්බෙම නැද්ද මේක හදන්න (ස)

:       0       0

ජයී තිසර Wednesday, 24 October 2012 02:27 PM

ලංකාවේ අනාගතයේ අධිකලෙස සිදුවිය හැකි සීග්‍ර භූචලන නිසා මේ නව උස ගොඩනැගිලි භූමිකම්පා වලට ඔරොත්තු දෙන ලෙස තැනීමද අවශ්‍ය දෙයකි. (ස)

:       0       0

සුනෙත් Tuesday, 23 October 2012 02:33 PM

ගමක පාසලක ළමයින්ට මුත්‍රා කරන්න කැත නැතුව යන්න පුළුවන් වැසිකිලියක් හදලා දෙන්න හිතෙන්නේ නැද්ද අනේ (ස)

:       0       0

චානු Tuesday, 23 October 2012 02:42 PM

කොටුවෙ බස් නැවතුම්පොල හොදට හැදුවොත් නරකද? යන්න බැහැ වහින කොට වැසිකිළියක් නැහැ යන්න..(නු)

:       0       0

බණ්ඩාර Tuesday, 23 October 2012 02:59 PM

ලක් අම්මගේ දියුණුවට විරුධ්දව අදහස් ලියන අය රටට, ගමට, ගෙදරට, දෙමාපියන්ට මුළු මහත් සමාජයටම පිළලයක්...(නු)

:       0       0

මහේල Tuesday, 23 October 2012 03:04 PM

පිටබැද්දර කට්ටිය උස ‍ගොඩනැගිලි දැකලම නෑ ව‍ගේ (ස)

:       0       0

රාජා Tuesday, 23 October 2012 02:55 PM

අපේ රට දියුණු වන විට අපිට සන්තෝෂයි.. නමුත් අපි ණය ගැතියෝ වෙයි.. දැං තියෙන බඩු මිල දරා ගන්න බැහැ අපේ අයට.. තවත් බඩු මිල ඉහළ යයි වගේ පේන්නෙ..!(නු)

:       0       0

මොහොමඩ් Tuesday, 23 October 2012 07:54 PM

නිශාන්ත, කට පරෙස්සමින්. තව සුදු වෑන් තියෙනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 23 October 2012 08:06 PM

අනුන්ගේ වැඩ පෙන්නලා අපේ දියුණුව ගැන උදම් අනන එක තේරුමක් නැති දෙයක්. මේකෙන්ම තේරෙනවා අපි මොනතරම් බංකොළොත් ජාතියක්ද කියලා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 23 October 2012 03:11 PM

විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් නොවන අය ඉලක්ක කර ගන්න (ස)

:       0       0

ජීවා Tuesday, 23 October 2012 03:01 PM

රට බේරාගන්න වෙලා තියෙන්නේ ඉන්දියාවෙන්වත් වෙන කොහෙවත් නෙමෙයි.. රට ඇතුලෙන්ම ඉන්න සමහර උදවියගෙන්ම තමයි.. (නු)

:       0       0

ආරි Tuesday, 23 October 2012 08:10 PM

හොඳයි, මීට සමගාමීව කොළඹ ජල විදුලි, වැසිකිලි පද්ධතියත්, කුණු කළමණාකරණය කිරීමට සකස් කල යුතුයි.ඒ වගේම පාර දෙපස ගස් වවන්න. (ස)

:       0       0

සනත් Wednesday, 24 October 2012 08:59 AM

ඩැඩා, මට 85 වෙනි තට්ටුව ඕනෑ.... (නි)

:       0       0

එරංග Thursday, 25 October 2012 11:09 AM

මේවා‍ කරන්න කලින් ලංකාවේ කොච්චර වැඩ තියෙනවද කරන්න (ස)

:       0       0

සසිලියා Tuesday, 23 October 2012 03:27 PM

මේක දැන් ලංකාව නොව සිහින පාරාදීසයක්...අපි එදා වේල හම්බකරන් කන්නේ හරිම අමාරුවෙන් (ස)

:       0       0

කරූ Tuesday, 23 October 2012 03:33 PM

කමක් නෑ හොඳ දෙයක් , ලංකාවට හොඳක් වේවා කියලා හිත හදාගනිමු . අපේ සුබ පැතුම් (ස)

:       0       0

ඩොනල්ඩ් Tuesday, 23 October 2012 03:47 PM

ශ්‍රී ලංකාවෙ ඉදිරි ගමනට සුභ පැතුම්..!(නු)

:       0       0

හේමන්ත Tuesday, 23 October 2012 04:01 PM

උසම උස ගොඩනැගිලි හදලා විදේශිකයන් පදිංචි කරවන්නයි සූදානම, ‍කොහෙන්ද එයාලා එන්නේ අරාබියෙන්ද ?? (ස)

:       0       0

සාවිත්‍රි Tuesday, 23 October 2012 04:09 PM

අදහස් දාන්නේ ශ්‍රී ලාංකිකයෝ, එත් ඉලක්ක කරගන්නේ වෙන අය, අපේ අයගේ මොලේ කවද පැදෙයිදා කියල සැකයි , හරි බොළඳ කට්ටියක්නේ අපිට ඉන්නේ, හරි දුකයි මහජනයෝ (ස)

:       0       0

ප්‍රදීප් Tuesday, 23 October 2012 04:09 PM

කොළඹ කිව්වට හම්බන්තොට මේ ගොඩනැගිලි හදයිද දන්නෙ නැහැ..!(නු)

:       0       0

විමල් Monday, 29 October 2012 10:45 AM

භෞතික දියුණුව වගේම අධ්‍යාත්මික දියුණුවත් නැති වුණොත් ලංකාවට ශ්‍රේෂ්ඨාධිකරණයේම පිහිටයි. (නි)

:       0       0

ජේ පීටර් Tuesday, 23 October 2012 09:45 PM

දුටු ගැමුණු ඉන්දියාවෙන් පැමිණි එළාරගෙන් රට බේර ගත්තා එයත් දකුණේ වීරයෙක් , රටෙන්ම කෑල්ලක් ඉල්ලපු ප්‍රභාකරන්ව මරල වීරයෙක් වූ මෙයා මොනවා කරයිද ?? (ස)

:       0       0

සන්ජය Tuesday, 23 October 2012 04:18 PM

අඩුම තරමින් දියුණු රටක එක දවසක් හරි ඉදලා තියෙන අය දන්නවා මෙම අලුත් ගොඩනැගිලි හදනවා කියන්නෙ ඒවාට තියෙන මාර්ග පද්ධතිය විදුලි පද්ධතිය සහ ජල සම්පදානය පද්ධති සුපිරියට හදලා දෙන්න ඕන.. කියන්නේ සංවර්ධිත රටක ලක්ෂණය. මේවා හොදයි හැබැයි අර අරාබියෙ වගේ ඉන්දියාවෙන් වෙන කාරණා මිනිස්සු ගෙනල්ලා මේවා ගො නගන්නෙ නැතිව අපේ ජාතික ශ්‍රමය සහ ඥාණය ප්‍ර යෝජනයට ගත යුතුයි.. නැතිනම් රටේ පොදු ජනතාවට මෙවායේ ප්‍රතිඵල භුක්ති විදින්නට බැරි වෙයි..!(නු)

:       0       0

නිශාන්ත Tuesday, 23 October 2012 04:32 PM

රට ඇතුලෙ නිවාසනැති අය ඔන තරම් ඉන්නවා.. ඉස්සර වෙලා එයාලාගේ නිවාස ගැටලුව විසදලා දෙන්න. කොළඹ ගොඩනැගිලි හදන්න නෙමෙයි තියෙන්නේ.. ගස් කොලන් වලින් පිරුණු ලොකු පාක් එකක් හදන්න..!(නු)

:       0       0

නිශාද් ප්‍රීනා Tuesday, 23 October 2012 04:31 PM

සමහරක් අයගේ අදහස් වලට මට කියන්න තියෙන්නෙ..බල්ලා පිදුරු දෙන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ කියලායි.!(නු)

:       0       0

චතුර සිල්වා Thursday, 25 October 2012 01:22 PM

ඉන්දියාවෙ කොච්චර දුප්පත් මිනිස්සු හිටියත් ඒ ගොල්ලෝ අනිත් රටවල් වලට ණය දෙනවා, වෙන රටවල් වල ගොඩනැගිලි හදනවා. අද ඇමරිකාවේ අයවැය හිගය පියවීමට අවශ්‍ය තරම් ණයදෙන්න පුළුවන් ලෝකෙ එකම ධනවත් රට චීනය. ඒත් චීනයේ යන්න එන්න අඩි පාරක්වත් නැති ගම්මාන දහස් ගණනක් තියෙනවා. ඒ ක්‍රමය අනුගමනය කරපු රටවල් අද දියුණු වෙලා ඉවරයි! (නි)

:       0       0

විජිත බුලත්සිංහල Tuesday, 23 October 2012 11:51 AM

මේවට හරියන්න පාරවලුත් ඔය එක්කම හදන්න නැතිනම් මැජස්ටික් සිටි එක ලග වගේ විශාල මාර්ග තදබදයක් ඇතිවේවි..!(නු)

:       0       0

රන්ජිත් Tuesday, 23 October 2012 04:46 PM

ඉන්දියානුවන්ගේ වැඩ සාම්බාරු තමයි.. ඒත් මේ සියල්ල අපේම දේවල්නම් සතුට ආඩම්බරය මොන තරම්ද? අනික අපේ රටේ මිනිස්සු මෙපමණ පටු නොදියුණු විදිහට හිතන්නේ.. අපේ රටේ අධ්‍යාපනය නොමිලේ ලබා දීලත් ඇයි මේ තරම් පහත් මානසිකත්වයක් තියෙන මිනිසුන් ඉන්නෙ..!(නු)

:       0       0

ලුම්බිණි Tuesday, 23 October 2012 11:56 AM

ඉන්දියාවට විරෝධ පෑම බොහෝ විට වෙන දෙයක්. ඒත් මේ වගේ ආයෝජන කටයුතු වලදී ඒ විරෝධ අමතක වෙලා වගෙයි. (ස)

:       0       0

සඳම් Tuesday, 23 October 2012 11:57 AM

ඉදිරි අනාගතේ සිංගප්පූරුව කියලා කියාවි (ස)

:       0       0

රිෂාන් Tuesday, 23 October 2012 12:00 PM

ලංකාව දැන් වෙන රටවලට විකුණලයි තියෙන්නේ. මේක ලංකා‍වේ ඉන්න අය දන්නෙ නැහැ. (නි)

:       0       0

රත්න Tuesday, 23 October 2012 12:11 PM

ඉදිරි පරම්පරා කීයකට මේ ණය ගෙවන්න පුලුවන් වේවිද? (නි)

:       0       0

තිලංක Tuesday, 23 October 2012 05:08 PM

මේ ව්‍යපෘති හොඳද නැද්ද නිගමනය කිරීමට මේම විස්තර ප්‍රමාණවත් නැත. එම විදේශ සමාගම් මෙවැනි විශාල ආයෝජනයන් කරන්නේ කුමන පදනමක් මතද යන්නත් පැහැදිලි කර තිබුනේ නම් ඉතා වැදගත්ය.(නු)

:       0       0

චමිලා Tuesday, 23 October 2012 12:28 PM

ලංකාව දැන් වෙන රටවලට විකුණලයි තියෙන්නේ....??? (නි)

:       0       0

නිහාල් ඉතාලිය Tuesday, 23 October 2012 05:13 PM

පොඩ්ඩක් ඉන්න මට දැනගන්න ඕන මේ තරම් උස ගොඩනැගිලි හදනකොට ඒ තරම් උස ගොඩනැගිලි ගානට කුණු බැහැර කිරීමේ කරන්න වෙනවා.. ඒතකොට කුණු ගොඩනැගිල්ල හදන්නෙ කොහෙද? කොළඹද නැත්නම් කොළඹින් පිටද? (නු)

:       0       0

ජේමිස් බණ්ඩා Tuesday, 23 October 2012 05:06 PM

ඉන්දියාවෙන් හදනවනම් තරු 7ක් නෙවෙයි 10ක් තිබ්බත් වැසිකිලි කැසිකිලි තුව ඇති මගේ හිතේ...!(නු)

:       0       0

ජේසුස්මි Wednesday, 24 October 2012 12:25 AM

2016දී වැඩ අවසන් වන මේ කුළුණ විදේශිකයන් හා ශ්‍රී ලාංකිකයන් නොවන අය ඉලක්ක කර කැරෙයි. (නි)

:       0       0

සමන් Tuesday, 23 October 2012 12:26 PM

ලංකාව වගේම කොළඹ දියුණු වෙන එක ගැන සතුටු වෙන්න. අපේ මිනිස්සු පටු විදියට හිතන නිසාත්, දේශපාලනඥයන් කරන වැඩ නිසාත් තමයි අපේ රටට කිසිම දියුණුවක් වෙලා නැත්තෙ..!(නු)

:       0       0

උෂාන් Tuesday, 23 October 2012 05:06 PM

මේවා ණය නෙමෙයි ආයෝජන.. පිටරටවල් වලින් ලංකාවෙ ආයේජණය කරන්නෙ ලංකාවට ආර්ථික දියුණුවක් තියෙන නිසා.. කොහොමත් තව අවුරුදු දහයකින් කොළඹ නිව්යෝක්වලයි වෙනස හොයාගන්න බැරි වෙනවා.. හැබැයි මේ පුවතේ නෙළුම් කුළුණ ගැන සදහන් කරලා නැහැ.. ඒක තමයි දකුණු ආසියාවෙ උසම ගොඩනැගිල්ල..!(නු)

:       0       0

තිස්ස Tuesday, 23 October 2012 12:37 PM

මේවා දකින කොට සමරුන්ගේ ඇහැට කටු අනිනවා වගේලු. (ස)

:       0       0

චම්පික Tuesday, 23 October 2012 12:28 PM

සිංහල ‍බෞද්ධයන්ට ඕවගේ වැඩ කරන්න දන්නේ නෑ (ස)

:       0       0

හේමසිරි Tuesday, 23 October 2012 05:17 PM

මේවා කරනවාට සමහර අය අකමැතියි වෙන්නෙ වෙන මොනවත්නිසා නෙමෙයි මෙහෙම ගියොත් මේ ආත්මෙදිවත් එයාලට මේවට වෙන්න බැරි වෙන බව දන්න නිසා..එයාලා කරනවානම් මේවා නියම වැඩ..!(නු)

:       0       0

කුමාර් Tuesday, 23 October 2012 12:31 PM

මේ ප්‍රතිචාර ගැන පුදුමයි.. මම නම් හිතන්නේ මේ අය කවුරුවත් ලාංකිකයයො නෙමෙයි.. අපේ රටට කොච්චර ආඩම්බරයක්ද?(නු)

:       0       0

නිශාන්ත Tuesday, 23 October 2012 05:18 PM

එතකොට ලංකාවේ පාලනය කරන්නේ කව්ද?.මෙහෙම බැලුවහම ඕන රටක ඕන කෙන්නෙක්ට ලංකාවට ඇවිල්ල ඕන දෙයක් ක‍රන්න පුළුවන්.

:       0       0

නාමලී සේනාධීර Tuesday, 23 October 2012 12:38 PM

ඊට පස්සේ ලංකාව කියන රටේ නම හදන්නේ ඉන්දියා කොරියාව චීනය හොන්කොන් වලත් මුල් අකුරු අරගෙන යි.. ලංකාවට වෙ මිනිස්සුන්ට වෙන්නේ ඕස්ට්‍රේලියාවෙ මුල් පදිංචිකරුවන්ට වගේ (ඇබොජින්වරුන්ට) රටේ අයිතිකාරයන්ට මුල්ලකට වෙලා ඉන්න..!(නු)

:       0       0

වාසලා Tuesday, 23 October 2012 12:48 PM

ටැන්සානියාවල දාර්සේ සලාම් නගරයේ කොළඹටත් වඩා වැඩිලොකු ගොඩනැගිලි තයෙනවා.. කවුරුහරි ගියාම හිතන්නේ ඒක ලොකු දියුණුවක් කියලා.. ඒ ඔක්කොම ගොඩනැගිලි අයිතිවෙලා තියෙන්නේ ඉන්දියාවෙ සමාගම්වලට.. ඒ ගොඩනැගිලි බදු දෙන්නේ ඒ රටේ අයට නෙමෙයි.. ඒ වල මහා පරිමානයෙන් බදු වංචා වෙනවා.. ඒ රටට ලැබෙන්නෙ පෙඩා ප්‍රතිලාභයක්.. අනික අමතක කරන්න එපා මේවයේ කුලියට ඉන්නෙ පිටරට ව්‍යාපාරිකයෝ බව.. කොනෙකුට කියන්න පුළුවං මේක එහෙම වෙන්නේ නැහැ කියලා.. නමුත් අපි ඉන්දියාවත් සමග වැඩ කරලා තියෙනවා අවුරැදු ගානක්.. ඒ නිසා දන්නවා.. කොහොමද කරන්නේ කියලා..!(නු)

:       0       0

සේනාධීර Tuesday, 23 October 2012 12:48 PM

එල්ටීටීඊ ඩයස්පෝරාව සදහාද?(නු)

:       0       0

විජේසිරි Wednesday, 24 October 2012 12:55 PM

අර උත්සවයක් තියලා මුල්ගල තැබූ නෙළුම් කුළුණ දැන් පරවෙලා ගිහින්ද අනේ? (නි)

:       0       0

හෙරණ වාසා ඩයස් Tuesday, 23 October 2012 12:51 PM

විකුණුවත් කමක් නැහැ කොළඹ හදලා කියලා අපේ ආච්චි කිව්වා.. සීයා කියනවා ඉතිරි ටිකත් විකුණලා හරි මුඩුක්කු අයින් කරන්ලා සුඛෝභභොගී මන්දි හදන එක හොදයි කියලා.. අර අපේ මට්ටක්කුලියෙ මුඩුකුකුවෙ ඉන්න නැන්දා කියනවා එයා 2015 ඉන්නෙ 55 වැනි තට්ටුවෙ ලු.. අනේ මන්දා මටත් හිතෙන්නෙ හොදයි කියලා තමයි..!(නු)

:       0       0

සිල්වා Tuesday, 23 October 2012 12:53 PM

සුන්දරයි අති සුන්දරයි..... රමණීයයි අති රමණීයයි‍‍..... මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න (ස)

:       0       0

එස්.එන්.ජේ.සන්ජු Tuesday, 23 October 2012 05:34 PM

සුනෙත් ඔයාත් හරි චානු ඹයාටත් මම ඵකගයි....(නු)

:       0       0

නිශාන්ත Tuesday, 23 October 2012 05:37 PM

මෝඩකමට බෙහෙත් නැහැනේ. (නි)

:       0       0

සමන් Tuesday, 23 October 2012 05:37 PM

ලස්සනයි

:       0       0

සේබා Wednesday, 24 October 2012 01:57 AM

මේවා දකින කොට සමරුන්ගේ ඇහැට කටු අනිනවා වගේලු. (නි)

:       0       0

මනුජ Wednesday, 24 October 2012 01:59 AM

වැඩෙ නම් හොදයි. ඒත් ඉතින් ගෙවල් ගන්න මට තව ටිකක් වැඩියෙන් සල්ලි හොයන්න වෙයි. (නි)

:       0       0

උපුල් Tuesday, 23 October 2012 12:52 PM

මිනිස්සු බැන්නට ..හිත යටින් දන්නවා මේ වැඩ හරි කියලා . මිනිස්සු ඉල්ලන්නේ මේවා තමයි (ස)

:       0       0

රොෂාන් Tuesday, 23 October 2012 01:13 PM

අවසානෙදි සියල්ලම විකිණිලා ඉවරවුණු දවසට තේරේවි අපිට කියලා රටක් නෑ කියලා (ස)

:       0       0

පේදිරික් Tuesday, 23 October 2012 01:07 PM

අපේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ නැතිව මේ විකාර ගොඩනැගිලි හදලා වැඩක් නැහැ.. අකික මේවා ගන්න ලංකාවෙ මිනිසුන්ට වත්කමක් තියෙනවාද? කළු සල්ලි තියෙන අයට නම් පුළුවං ගන්න..!(නු)

:       0       0

ඉන්දික Tuesday, 23 October 2012 01:08 PM

උපුල් ඔයා හරියටම හරි (ස)

:       0       0

ධනුෂ්ක Tuesday, 23 October 2012 01:19 PM

ඉන්දියන් කාරයෝ කලොත් නම් ඕක සුඛෝපබෝගී වෙන්නේ නැහැ . එක ඉර හඳ වගේ සිකුරුයි. අපරාදේ වියදම් කරන සල්ලි ...(ස)

:       0       0

යොහාන් ඩුබායි Tuesday, 23 October 2012 01:12 PM

සතුටුයි.. අපි බලාගෙන හිටියෙ කවදාද මේවා වෙන්නෙ කියලා අපිට නැතත් අපේ දරුවන්ට හරි මේවා බලන්න දකින්න ලැබෙනවානේ.. (නු)

:       0       0

නුවන් Tuesday, 23 October 2012 01:13 PM

වැඩේ නම් හොදයි.. හැබැයි ඔක්කොම ඉන්දියාවෙ කොන්ත්‍රරාත්තු වගේ පේන්නෙ.. ඉන්දියාවෙ වැඩනම් එතරම් සාර්ථක නැහැ.. පේනවානේ ඉන්දියන් වාහනවල තත්ත්වය.. ඇයි අපේ ලංකාවෙ සමාගමටකට මේවගේ එකක් ගන්න බැරි (නු)

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 23 October 2012 01:15 PM

මට පේන හැටිද මන්දා . මේ සමහර ගොඩනැගිලි තරමක් ඇදයි නේද ? ලභේට අනුව වැඩ කරලා නෑ වාගේ (ස)

:       0       0

නිශාන්ත Tuesday, 23 October 2012 05:48 PM

අපි කොච්චර කතා කලත් වැඩක් නැහැ.. අපේ රටේ හැම දෙයක්ම වෙන්නේ එක කට්ටියකගේ ඕන විදියට විතරයි..!(නු)

:       0       0

රොශාන් Tuesday, 23 October 2012 01:28 PM

උපුල් ඔයා වෙන්නැති මේවා ඉල්ලන්නේ.. මිනිසුන් නම් මේවා ඉල්ලලා නැහැ.. අනික මේවාට කියන්නේ ඉල්ලන් කනවා කියලායි.. (නු)

:       0       0

චමින්ද Tuesday, 30 October 2012 09:43 AM

කවුරු හැදුවත් අපේ රටනේ මේක. අපි සතුටුයි. (නි)

:       0       0

ලලිත් Tuesday, 23 October 2012 01:20 PM

හරි හරි අපි ඉන්නේ ආශ්චර්‍යකරා යන ගමනේනේ (ස)

:       0       0

සඳුනි Tuesday, 23 October 2012 01:31 PM

මේවා ණය නෙමෙයි ආයෝජන...ඉන්දියානු දියුණුව බලන්න ඒ රටටම යන්න (ස)

:       0       0

කුමාරන් Tuesday, 23 October 2012 01:23 PM

ඉන්දියන් අය මේවා හදන්නේ ලංකාවට ආදරේට නෙමෙයි.. සල්ලි හම්බ කරන්න.. මේවා හදන්න මේසන් බාස්ලා ඇතුළුව සියල්ලම ඉන්දියාවෙන් ගෙනේවි..!(නු)

:       0       0

ජේරමි (අබුඩාබි) Tuesday, 23 October 2012 06:08 PM

අනේ මෙහෙමත් මිනිස්සු, මේ වගේ ලංකාව දියුණු වෙනකොට සන්තෝස වෙන්න ඕන.මොන දේ වුනත් අපේ රටයි දියුණු වෙන්නෙ.මේ අපේ රට (ස)

:       0       0

විජේ Tuesday, 23 October 2012 06:16 PM

මේවා හරියට වෙනවා නම් ඉතිං හොදයි තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 309 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1029 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 213 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1031 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 407 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1052 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site