බලපිටියෙන් මුහුදු ගිය ධීවරයන් 11 දෙනකුගේ සිරුරු අද උදේ වනවිට වෙරළට ගොඩ ගසා තිබූ බවත් තවත් සිරුරු කිහිපයක් ඈත පෙනෙන බවත් ධීවරයෝ කියති. බලපිටියෙන් මුහුදු ගිය 16 දෙනකු මියගිය බව කලින් වාර්තා විය


බලපිටියෙන් මුහුදු ගිය ධීවරයන් 11 දෙනකුගේ සිරුරු අද උදේ වනවිට වෙරළට ගොඩ ගසා තිබූ බවත් තවත් සිරුරු කිහිපයක් ඈත පෙනෙන බවත් ධීවරයෝ කියති. බලපිටියෙන් මුහුදු ගිය 16 දෙනකු මියගිය බව කලින් වාර්තා විය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුනයා එල්ලුම් ගස්!(නදී)
අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වහිනවා කිව්වොත් පායනවා පායනවා කිව්වොත් වහිනවා. අඩුම ගානේ ඇමෙරිකානු කාලගුණ වෙබ් අඩවිය උපුටල හරි මේ වෙලාවේ නිවේදනයක් නිකුත් කරා නම් මේ වගේ විපතක් වෙන්නේ නැහැ.(නදී).
සුනාමියෙන් බැට කැ මිනිහා කුණාටුවකට අහුවුනා වගේ. (ස)
පව් දෙවියනේ..(ස)
සියලුම දෙනාට නිවන් සැප ලැබේවා. පව් අසරණ මිනිස්සු. (ස)
මිය ගිය ධීවර ජනතාව වෙනුවෙන් මාගේ බලවත් සෝකය! (ස)
කාලගුණ ලොක්කා අස් කරලා විතරක් මදී. (ස)
ඔය ආණ්ඩුවෙන් දෙන ලක්ෂය ගන්න එපා නඩු දමන්න වන්දි ඉල්ලලා. බලපිටිය උසාවියේ වැඩකරනවා සමන්ත අබ්‍රෙව් කියා හොද පෙරකදෝරු මහත්තයෙක්. යන්න එතුමා ලඟට එතුමා මේ වගේ තමන්ගේ ප්‍රදේශයේ ජනතාව දුකට පත් උන වෙලාවලදී නොමිලයේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටලා තිබෙනවා. මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්න රජයෙන් පඩි අරන් නිකරුනේ කාලය කා දමන අයට පෙන්වන්න ඔබෙගේ ශක්තිය.(නදී)
කාලගුණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය තොරතුරු පිටරටවලින් සහ අන්තර්ජාග මාර්ගයෙන් ලැබිල තිබෙනවා , මේ ගොල්ලනට ඒවා නිසි වෙලාවට මාධ්‍ය වලට ලබාදෙන්න උවමනාවක් නැති එකෙනුයි ජිවිත නැති වෙලා තිබෙන්නේ , හරි නම් එකේ ලොක්ක එම තනතුරෙන් අස්කර දැමිය යුථුයි. , මේ ජනතාවට පුළුවන් දෙපාර්තුමේන්තුවට විරුධව නඩු පවර වන්ධි ලබා ගන්න , මේ වෙලාවට තමයි බොදුබල සේනා, හෙළ උරුමය ඉදිරිපත් වෙන්න ඕනේ . මේ දරුපවුල් වලට නිසි වන්දියක් ලබාගන්න උදවු වෙන්, (ස)
මෙයාලා මේ රස්සාව කරන්නේ අද ඊයේ ඉඳල නෙමෙයිනේ.ඇයි මෙයාලටවත් නොතෙරුනේ කාලගුණයේ වෙනසක්. පාරම්පරික ධීවරයෝ ආකාසේ දිහා බලලයි දියඹට යන්නේ. මට හිතෙන විදිහට ලංකාවේ ඉන්න ධීවරයන්ගෙන් බහුතරයක් මේ ඛේදවාචකයෙන් බේරෙන්න ඇත්තේ ඒ පළපුරුද්ද මතයි. (නි)
මිය ගිය ධීවර ජනතාව වෙනුවෙන් මාගේ බලවත් සෝකය! නිවන් සුවය පතමු! (ස)
වැඩේ තියෙන්නේ කෝකටත් පුරුද්දට වගේ දැන් ඇමරිකාවට බනින නිසා කාලගුණ වාර්තාව කලින් දුන්නත් බැනල දාලා නිකන් ඉන්න ඇති. (ස)
සියලුම ධීවරයින්ට ජිවිත ආරක්ෂක කබා අනිවාර්ය කිරීම මැනවි.(නදී)
අපේ කාලගුණ දෙපාර්තමේන්තුව වැඩකට නැති එකක් කියල අපි කවුරුත් දන්නවා. නමුත් ඇමරිකාවෙන් කරපු අනතුරු ඇගවීම මාධ්‍යයට දෙන්න වත් බැරිද. දැන් කමිටුවක් අටවල ඕක යටගහන්න හදන්නේ.(නදී)
අනේ මෙයාලට නේද මේ ආන්ඩුව රුපියල් ලක්ෂය බැගින් දෙන්න යන්නේ. මෙකෙත් කළ සේවයට වටින්නේ එපමනයිද? .(නදී)
ගෙදර තියන අගහිඟකම්, දරුවන්ගේ බඩගින්න, පවුලේ දුක් කම් කටොලු ඔය හැම කුනාටුවකටම වඩා බලවත්. ඉතින් කොච්චර අවදානමක් තිබ්බත් යනවා ජීවත් වෙන්න. කොච්චර පළපුරුදු කෙනෙක් උනත් කාර්ම ශක්තිය අනුව යන දවසට යන්න ඕන මේ ඔක්කොම අත හැරලා.(නදී)
සංවර්ධිත රටවල කාලගුණ අනාවැකි කීම ඉතා ඉහල මට්ටමක තියෙන්නෙ. ඒ රටවල වැරදි විවේචනය කරනවා වගේම, හොඳ දේවල් ඉගෙන ගැනීමත් වැදගත්. ඊට මුදල් වැය කරන්න වෙනවා තමයි. ඒත් රජය මුදල් වැය කරන්නෙ සංවර්ධනය විය යුතු නියම අංග වලටද කියල සැකයි. සිද්ධියක් වුනාට පස්සෙ කාලගුණ දෙපාර්තමේන්තුවේ ඉන්න මිනිස්සුන්ට බැනලා ලක්ෂයක වන්දි මුදලක් දුන්නාට ප්‍රශ්ණයට ස්ථිර විසදුමක් ලැබෙන්නේ නැහැ. සුනාමිය වගේ දේකුත් වෙලා දෙපාර්තමේන්තුවේ අඩුපාඩු හදා ගන්න සහ හදා දෙන්න බැරි උනානම් තවත් මොනවා කියන්නද.(නදී)
අර උදේට වාහිනී වලට ඇවිත් සාත්තර කියන අයට මේ දේවල් කලින් පෙනුනේ නෙද්ද?(නදී)