IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘බලපෑම් එපා පරීක්ෂණ හරියට කරනු‘

අධිකරණ සේවා කොමිසමේ ලේකම්  මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහර දී මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් සැකකරුවන් අල්ලා ගැනීමට පොලිසියට නොහැකි වී ඇතැයි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය.  තම අධිකරණ බල ප්‍රදේශයේ වූ මේ පහරදීම ඉතාම බරපතල සිද්ධියක් බවත් බලපෑම් වලට යට නොවී හැකි ඉක්මණින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඕ පොලිසියට කීවාය. ගල්කිස්ස නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු දැක්වූ අතුල රණගල මහතා පැවැසුයේ පොලිසිය පරීක්ෂණ පවත්වා ඇත්තේ  තිලකරත්න මහතාගේ පෞද්ගලික ජීවිතය ගැන සෙවීමට මිස අපරාධකරුවන් අල්ලීමට නොවන බවයි. දුරකතන පණිවුඩ සම්බන්ධ පරීක්ෂණ පිටතට දී ඇතැයි ද ඔහු කීවේය.  එවැන්නක් සිදු නොවූ බවත්, පහරදීමට ආ බව කියන වාහනයක් ගැන ලැබුණු තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වන බවත් සහකාර පොලිස් අධිකාරී ධර්මදාස පතිරණ මහතා කීවේය. විභාගය ලබන 14 වැනි දාට කල් තැබිණි.



අදහස් (0)

‘බලපෑම් එපා පරීක්ෂණ හරියට කරනු‘

චන්ද්‍රසිරි Wednesday, 31 October 2012 12:53 PM

අධිකරණ ලේකම්ට ඔහොමනම් මට උනොත් කොහොම‍ට තියේවිද (ස)

:       0       0

සිල්වා Wednesday, 31 October 2012 12:57 PM

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය (ස)

:       0       0

ජයලත් Wednesday, 31 October 2012 01:25 PM

චූලක හරි. පොලිසියටවත් මහෙස්ත්‍රාත් තුමියටවත් බැනලා වැඩක් නෑ. රටේ පරම්පරා ගනනාවක් පැවතීගෙන ආ දූශිත පාලන ක්‍රමය වෙනස් කළ යුතුයි.(නදී)

:       0       0

කිත්සිරි Wednesday, 31 October 2012 01:36 PM

චීනෙන් චන්ද්‍රිකා යවනකොට සමහරු පුදුම හිතෙන විදිහට කැගැහුව, තමන්ගේ කියල සාදාරන පොලිස් සේවයක් අධිකරණයක් නැති රටේ ජීවත්වෙන මිනිස්සු විදිහට අපි ලජ්ජා වෙන්න ඕන, ලෝකෙට ණය වෙලා කරන කොන්ක්‍රීට් සංවර්ධනය දැකල අපි අත්පුඩි ගහනවා, අපේ ළමන්ට සුභ දායක අනාගතයක් නැතිවෙන එක ගැන හිතන්න, සාමාන්‍ය දැනීම දේශපාලන ගැති භාවයට යට කරන්න එපා, අපේ ගොඩක් අය බුද්ධියට උඩින් දේශපාලන ගැතිකම තියල කතාකරන්නේ (ස)

:       0       0

ජොසපින් Wednesday, 31 October 2012 01:27 PM

පොලිසියද , කරයි, කරයි මෙන්න කියලා. අපේ රටේ පොලිසිය.(නදී)

:       0       0

හේමන්ත Wednesday, 31 October 2012 01:41 PM

ඇත්තටම පොලිසිය අසරණයි. අද පොලිසිය වගකියන්නේ විධායකයට සහ ව්‍යවස්ථා දායකයට. පොලිසිය අසරණ නිසාම අධිකරණය අසීරුවට පත්වෙනවා යුක්තිය පසදින්න. අද ජනතාවට වගකියන්න ස්වාදීන ආයතන නෑ. අපේ රටේ මිනිස්සුන්ට මේ ටික දැන්ම තේරෙන්නේ නෑ. තවම මේ වලේ වතුර කර ලගට පමණක් නිසා. නාහේ ලගටම එනකොට තේරෙයි. නමුත් ඒ වනවිට පමා වැඩියි. ඔබ කරා මේ අනතුර එනතුරු සතුටින් බලාගෙන ඉන්න. සුභ අනාගතයක්. (ස)

:       0       0

සනත් Wednesday, 31 October 2012 01:57 PM

මොන පිස්සුද! කවුරුත් පොලිසියට බලපෑම් කරන්නෙ නෑ, ඒ ගොල්ලො මේ නිකම් අනුකම්පාවටනෙ අල්ලන්නැතුව ඉන්නෙ...! (ස)

:       0       0

රෝහණ Wednesday, 31 October 2012 09:18 PM

ඉන්ද්‍රජිත්, මෙතන කලින් තිබුණේ රටක් නෙමෙයි, ලේ විලක්. (නි)

:       0       0

රත්න Wednesday, 31 October 2012 01:57 PM

ඔහොම යං, ඔහොම යං. කල එනකල්.හැබැයි පොලී ත් එක්ක. (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 31 October 2012 09:34 PM

මේ රට හදන්න නම් විප්ලවයක් ඕනෑ. (නි)

:       0       0

පාල Wednesday, 31 October 2012 02:36 PM

සුවර් එකටම ඕකත් කොරල තියෙන්නෙ අර කන්ගැට්ටම තමයි. (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 31 October 2012 02:58 PM

මේ සැක කරුවන් සහ කටුගෙයි සැක කරුවන් අවරුදු කීයක් ගියත් අහුවෙන්නේ නැහැ, එක මහජනයාත් දන්නවා ඇති. (ස)

:       0       0

රෝහණ Wednesday, 31 October 2012 05:27 PM

මේකේ අදහස් දාන කට්ටිය ඇත්ත දන්නවා නම් උසාවියට ගිහිල්ලා කියන එකනේ ඇත්තේ. (නි)

:       0       0

සුමිත් Wednesday, 31 October 2012 05:16 PM

අපේ මිනිස්සුන්ගේ දිව ඕනි පැත්තකට හරවන්න පුළුවන්නේ (ස)

:       0       0

චූලක Wednesday, 31 October 2012 11:08 AM

පොලිසියත් අසරණයි. පොලිසියේ ඉන්නෙත් අපි වගේ මිනිස්සුනේ. ඒ අයත් රස්සාව නැති වෙනවට බයයි. ස්ථාන මාරු කරනවට බයයි. පටි ගැලවෙනවට බයයි. නීති හදන්නෙ, නීති කඩන්නෙ, නීති කඩන කට්ටිය බේරන්නෙ කවුද? පොලිසියට නීතිගරුකව සාක්කි කූඩුවකට නැගලා නිවැරදි සාක්කියක් දෙන්න පුළුවන්ද? මට නම් පොලිස් නිලධාරීන් ගැන හරිම දුකයි..... (නි)

:       0       0

නිරාන් Wednesday, 31 October 2012 11:27 AM

ඔබතුමාටත් දේශාභියෝගයක් එයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

බන්දුල Wednesday, 31 October 2012 06:19 PM

නඩුකාරතුමනි, කෝකටත් පරිස්සමින්.... (නි)

:       0       0

කුෂාණි Wednesday, 31 October 2012 11:38 AM

හැම නඩුවකටම විනිසුරුවරුන් විසින් මෙලෙස තීන්දු දීම අගය කළ යුතුයි. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 31 October 2012 11:30 AM

'පොලිසියත් අසරණයි' කියන එකේ තේරුමක් නැහැ. අසරණකම නොවෙයි නිවටකම. තමන්ට හරියට රාජකාරියක් කරන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද? මේ වගේ රජයේ නිලධාරීන් නිසා තමයි වැරදි කරන මිනිස්සු කරන වැරදි යටපත් කරගෙන මුළු රටම වැරදි පැත්තට ඇදගෙන යන්නේ. කටු ගෙයි හොරකම කරලා කොච්චර කල්ද? පේනවා නේද වෙච්ච දේ? මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

විසල් Wednesday, 31 October 2012 11:35 AM

කනගාටුයි

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 31 October 2012 07:14 PM

ස්තුතියි කිත්සිරි සහ හේමන්ත. මට කියන්න හිතුන දේවල් අකුරක් නොහැර ඔබ කියා ඇත. මේ අමන රටේ මිනිස්සුන්ට කාට ණයවී හෝ කොන්ක්‍රීට් ගොඩවල් ටිකක් හා තාර ඇතිරුම් ටිකක් පෙන්වා බොරුවට 'මාව වැරදිකාරයා කරන්න හදනවෝ..' කියා පපුවට ගහගෙන පෙන්නුවාම ඒ ඇති. බඩගින්නේ ඉඳන් වැඳ වැඳ ඉඳීවි. දරු මුණුපුරු පරම්පරාවම ණය වී නීතියත් බල්ලාට ගොස් තිබීම ගැන කාටවත් අමාරුවක් නැති හැටි. (නි)

:       0       0

පද්මි Wednesday, 31 October 2012 12:17 PM

ලුම්බිණි, ඔයා ලංකාවේ නේද ?? පිටරට අයටත් ලංකාව යන විදිය හොඳට පේනවා. පොලීසිය අසරණයි.ඒ අයට රාජකාරිය නිසි ලෙස කල හැකිද ?? (ස)

:       0       0

රානි Wednesday, 31 October 2012 12:35 PM

අයියෝ සල්ලි

:       0       0

රවි Wednesday, 31 October 2012 12:25 PM

පද්මි ඔයා හරි පොලිසිය ගන්න පඩිය දන්නවනම් ඔය විදින දුක කිසිම මිනිහෙක් ඉවසන්නේ නැහැ, සොචිචම් පඩියක් අරන් දේශපාලුවන්ගෙන් බේරිලා ඒයාලගේ දරු පැටවු ටිකත් රැකගෙන ඉන්නේ පුලුවන් කමකට නෙමයි . කිහිපෙදෙනක් පගා ගන්නව ඒයාල දේශපාලුවන්ට සම්බන්ධ අය අනෙක් අය අසරණයි (ස)

:       0       0

බණ්ඩා Thursday, 01 November 2012 03:31 PM

"රෝහණ 2012-10-31 21:18:57 ඉන්ද්‍රජිත්, මෙතන කලින් තිබුණේ රටක් නෙමෙයි, ලේ විලක්." ඔව් ඔව්... දැන් තියෙන්නේ හැම තැනම පොඩි පොඩි ලේ පොකුණු. පත්තර බලන්නේ නැද්ද? (නි)

:       0       0

අසංක Wednesday, 31 October 2012 12:43 PM

අයියෝ සල්ලි

:       0       0

සුසිල් Wednesday, 31 October 2012 08:15 PM

නීති නිලධාරීන් සහ පොලිසිය එක්වී සියලු දූෂිත පුද්ගලයින් නීතීයේ රැහැනට යටත් කරගත යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 213 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1086 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2314 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1363 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1605 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1780 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site