අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහර දී මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් සැකකරුවන් අල්ලා ගැනීමට පොලිසියට නොහැකි වී ඇතැයි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය. තම අධිකරණ බල ප්‍රදේශයේ වූ මේ පහරදීම ඉතාම බරපතල සිද්ධියක් බවත් බලපෑම් වලට යට නොවී හැකි ඉක්මණින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඕ පොලිසියට කීවාය. ගල්කිස්ස නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු දැක්වූ අතුල රණගල මහතා පැවැසුයේ පොලිසිය පරීක්ෂණ පවත්වා ඇත්තේ තිලකරත්න මහතාගේ පෞද්ගලික ජීවිතය ගැන සෙවීමට මිස අපරාධකරුවන් අල්ලීමට නොවන බවයි. දුරකතන පණිවුඩ සම්බන්ධ පරීක්ෂණ පිටතට දී ඇතැයි ද ඔහු කීවේය. එවැන්නක් සිදු නොවූ බවත්, පහරදීමට ආ බව කියන වාහනයක් ගැන ලැබුණු තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වන බවත් සහකාර පොලිස් අධිකාරී ධර්මදාස පතිරණ මහතා කීවේය. විභාගය ලබන 14 වැනි දාට කල් තැබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියද , කරයි, කරයි මෙන්න කියලා. අපේ රටේ පොලිසිය.(නදී)
"රෝහණ 2012-10-31 21:18:57 ඉන්ද්‍රජිත්, මෙතන කලින් තිබුණේ රටක් නෙමෙයි, ලේ විලක්." ඔව් ඔව්... දැන් තියෙන්නේ හැම තැනම පොඩි පොඩි ලේ පොකුණු. පත්තර බලන්නේ නැද්ද? (නි)
මේ රට හදන්න නම් විප්ලවයක් ඕනෑ. (නි)
ඉන්ද්‍රජිත්, මෙතන කලින් තිබුණේ රටක් නෙමෙයි, ලේ විලක්. (නි)
නීති නිලධාරීන් සහ පොලිසිය එක්වී සියලු දූෂිත පුද්ගලයින් නීතීයේ රැහැනට යටත් කරගත යුතුයි. (නි)
ස්තුතියි කිත්සිරි සහ හේමන්ත. මට කියන්න හිතුන දේවල් අකුරක් නොහැර ඔබ කියා ඇත. මේ අමන රටේ මිනිස්සුන්ට කාට ණයවී හෝ කොන්ක්‍රීට් ගොඩවල් ටිකක් හා තාර ඇතිරුම් ටිකක් පෙන්වා බොරුවට 'මාව වැරදිකාරයා කරන්න හදනවෝ..' කියා පපුවට ගහගෙන පෙන්නුවාම ඒ ඇති. බඩගින්නේ ඉඳන් වැඳ වැඳ ඉඳීවි. දරු මුණුපුරු පරම්පරාවම ණය වී නීතියත් බල්ලාට ගොස් තිබීම ගැන කාටවත් අමාරුවක් නැති හැටි. (නි)
නඩුකාරතුමනි, කෝකටත් පරිස්සමින්.... (නි)
අපේ මිනිස්සුන්ගේ දිව ඕනි පැත්තකට හරවන්න පුළුවන්නේ (ස)
මේකේ අදහස් දාන කට්ටිය ඇත්ත දන්නවා නම් උසාවියට ගිහිල්ලා කියන එකනේ ඇත්තේ. (නි)
මේ සැක කරුවන් සහ කටුගෙයි සැක කරුවන් අවරුදු කීයක් ගියත් අහුවෙන්නේ නැහැ, එක මහජනයාත් දන්නවා ඇති. (ස)
සුවර් එකටම ඕකත් කොරල තියෙන්නෙ අර කන්ගැට්ටම තමයි. (ස)
ඔහොම යං, ඔහොම යං. කල එනකල්.හැබැයි පොලී ත් එක්ක. (ස)
මොන පිස්සුද! කවුරුත් පොලිසියට බලපෑම් කරන්නෙ නෑ, ඒ ගොල්ලො මේ නිකම් අනුකම්පාවටනෙ අල්ලන්නැතුව ඉන්නෙ...! (ස)
ඇත්තටම පොලිසිය අසරණයි. අද පොලිසිය වගකියන්නේ විධායකයට සහ ව්‍යවස්ථා දායකයට. පොලිසිය අසරණ නිසාම අධිකරණය අසීරුවට පත්වෙනවා යුක්තිය පසදින්න. අද ජනතාවට වගකියන්න ස්වාදීන ආයතන නෑ. අපේ රටේ මිනිස්සුන්ට මේ ටික දැන්ම තේරෙන්නේ නෑ. තවම මේ වලේ වතුර කර ලගට පමණක් නිසා. නාහේ ලගටම එනකොට තේරෙයි. නමුත් ඒ වනවිට පමා වැඩියි. ඔබ කරා මේ අනතුර එනතුරු සතුටින් බලාගෙන ඉන්න. සුභ අනාගතයක්. (ස)
පොලිසියත් අසරණයි. පොලිසියේ ඉන්නෙත් අපි වගේ මිනිස්සුනේ. ඒ අයත් රස්සාව නැති වෙනවට බයයි. ස්ථාන මාරු කරනවට බයයි. පටි ගැලවෙනවට බයයි. නීති හදන්නෙ, නීති කඩන්නෙ, නීති කඩන කට්ටිය බේරන්නෙ කවුද? පොලිසියට නීතිගරුකව සාක්කි කූඩුවකට නැගලා නිවැරදි සාක්කියක් දෙන්න පුළුවන්ද? මට නම් පොලිස් නිලධාරීන් ගැන හරිම දුකයි..... (නි)
චීනෙන් චන්ද්‍රිකා යවනකොට සමහරු පුදුම හිතෙන විදිහට කැගැහුව, තමන්ගේ කියල සාදාරන පොලිස් සේවයක් අධිකරණයක් නැති රටේ ජීවත්වෙන මිනිස්සු විදිහට අපි ලජ්ජා වෙන්න ඕන, ලෝකෙට ණය වෙලා කරන කොන්ක්‍රීට් සංවර්ධනය දැකල අපි අත්පුඩි ගහනවා, අපේ ළමන්ට සුභ දායක අනාගතයක් නැතිවෙන එක ගැන හිතන්න, සාමාන්‍ය දැනීම දේශපාලන ගැති භාවයට යට කරන්න එපා, අපේ ගොඩක් අය බුද්ධියට උඩින් දේශපාලන ගැතිකම තියල කතාකරන්නේ (ස)
චූලක හරි. පොලිසියටවත් මහෙස්ත්‍රාත් තුමියටවත් බැනලා වැඩක් නෑ. රටේ පරම්පරා ගනනාවක් පැවතීගෙන ආ දූශිත පාලන ක්‍රමය වෙනස් කළ යුතුයි.(නදී)
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය (ස)
අධිකරණ ලේකම්ට ඔහොමනම් මට උනොත් කොහොමට තියේවිද (ස)
අයියෝ සල්ලි
පද්මි ඔයා හරි පොලිසිය ගන්න පඩිය දන්නවනම් ඔය විදින දුක කිසිම මිනිහෙක් ඉවසන්නේ නැහැ, සොචිචම් පඩියක් අරන් දේශපාලුවන්ගෙන් බේරිලා ඒයාලගේ දරු පැටවු ටිකත් රැකගෙන ඉන්නේ පුලුවන් කමකට නෙමයි . කිහිපෙදෙනක් පගා ගන්නව ඒයාල දේශපාලුවන්ට සම්බන්ධ අය අනෙක් අය අසරණයි (ස)
අයියෝ සල්ලි
ලුම්බිණි, ඔයා ලංකාවේ නේද ?? පිටරට අයටත් ලංකාව යන විදිය හොඳට පේනවා. පොලීසිය අසරණයි.ඒ අයට රාජකාරිය නිසි ලෙස කල හැකිද ?? (ස)
කනගාටුයි
'පොලිසියත් අසරණයි' කියන එකේ තේරුමක් නැහැ. අසරණකම නොවෙයි නිවටකම. තමන්ට හරියට රාජකාරියක් කරන්න බැරි නම් ඇති වැඩේ මොකද්ද? මේ වගේ රජයේ නිලධාරීන් නිසා තමයි වැරදි කරන මිනිස්සු කරන වැරදි යටපත් කරගෙන මුළු රටම වැරදි පැත්තට ඇදගෙන යන්නේ. කටු ගෙයි හොරකම කරලා කොච්චර කල්ද? පේනවා නේද වෙච්ච දේ? මේ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? (නි)
හැම නඩුවකටම විනිසුරුවරුන් විසින් මෙලෙස තීන්දු දීම අගය කළ යුතුයි. (නි)
ඔබතුමාටත් දේශාභියෝගයක් එයිද දන්නෙ නැහැ. (නි)