දඩාවතේ යන බල්ලෙක් පානදුර පැත්තේ පාසලක නවාතැන කරගත්තේය. වැසි සමය එළඹීමත් සමග බල්ලා පන්ති කාමරවල ලැගුම් ගත්තේය. මේ කරදරයෙන් මිදීමට වැල්ලේ කෙනකු කැඳවා රුපියල් දාහක් දී බල්ලා ඈතට ගෙන ගොස් දමන ලෙස උපදෙස් දුන්නේය. ඔහු ද බල්ලා ලණුවකින් බැඳගෙන බොහෝ දුර ගෙන ගොස් දැමීය. පසුදා විදුහල්පති පන්ති කාමර පිරික්සන්නට ආවේය. බල්ලා ද නගුට වනමින් ඔහු පසුපස ගියේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෙක් නෙමෙයි සුනඛයෙක්. (නි)
අයියෝ සල්ලි
චීනය වගේ රටක නම් බල්ලා නැවත එන එකක් නැහැ..!(නු)
එතකොට බල්ලා කවුද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔය බල්ලාට ජලභීතිකා මර්දන බෙහෙතක් විද්දා නම් ළමුන්ට අවදානමක් නැහැනෙ. එය ප්‍රදේශයේ පීඑච්අයි මහතා දැනුවත් කළොත් පහසුවෙන් කර ගන්න පුළුවන් වේවි. එවිට අහිංසක සතාට හිරිහැර කරන්න ඕන නැහැ. (නි)
මට පෙනෙන්නේ ගිය ආත්මයේ තමන්ගේ රාජකාරි කොටස හරිහැටි ඉටුනොකළ කෙනෙක් තමයි මේ ඉපදිලා ඉන්නවා ඇත්තේ (නි)
මොනවද අප්පේ මේ කතා? (නි)
බලු ගුණය ලේසියෙන් අත් නොහැරේ (ස)
අහිංසක සතාට ඔය විදිහෙන් සැලකුවා නම් පාසැලේ දරුවන්ට කොහොම සළකයිද? මට හිතෙන විදිහෙන් නම් මේ ප්‍රධානියා උගත් මෝඩයෙක් වෙන්න ඇති. (නි)
අයියෝ සල්ලි
බල්ලෙක් නෙමෙයි සුනඛයෙක් (ස)
රවිඳු, මුනස්සයෙක්ගෙන් වුන වැරදීමකට මලු සමාජයකටම ඒ වගේ කියල බනින්න එපා..!(නු)
මේ බල්ලා හොද එකෙක්. ඒකනේ පාසලට යන්නේ (නි)
ලංකාවේ ගොඩක් ආයතන වල ඔහොම බල්ලෝ ලගිනවා (නි)
බල්ලා විදුහල්පති ගැන මොනවා හරි දන්නවා ඇති.(නදී)
ජලභීතිකාව මාරන්තිකයි . දරුවන්ගේ පරිස්සමට හොඳයි..(ස)
පාලිත ඔයාට ඕනේ නම් මේ බල්ලා ඉතාලි ගෙනියන්න (ස)
ඉගෙනගන්න ළමයි ඉන්න පන්ති කාමරයක සතුන්ට ඉන්න දෙන්න බැහැ. (නි)
විදුහල්පති හරි ... බල්ලත් හරි ...ළමයි ටික පව් . ළමයි ටික බල්ලගෙන් බේරගන්න (ස)
මිනෝලි පිස්සු කියන්න එපා (නි)
බල්ලාගේ අනාගතය හොදයි (ස)
මෙහෙමත් බල්ලෙක්..!(නු)
බල්ලෙක් කකුල හපා කෑවත් ඔබ උගේ කකුල හපා කන්න යන්න එපා..!(නු)
කෙලෙහි ගුණ ඇති බල්ලා විදුහල්පතිට නකුට වනනවා.!(නු)
කරුණා කරලා කියන්න මේ පානදුරේ පාසල මොකද්ද කියලා.. (නු)
බය වෙන්න එපා කවදා හරි මේ බල්ලට හොද කලක් යනවා..!(නු)
ගුරුවරයෙක් නිසා බල්ලට කළ හැකි උපරිම ආචාරය කළා.. සතුටට..(නු)
මිනොලි කියන කතාව ඇත්ත, පානදුර පාසල කුමක්ද?
බල්ලවා ඈතකට ගිහින් දාලා නැහැ. වතුර පාරකින් ඈතට ගිහින් දාන්න ඕන.
ඒ බල්ලාව බලු පාසැලක් හොයලා ගිහින් දමන්න. එවිට එන එකක් නැහැ (නි)
මිනෝලි, මුගෙන් ළමයින්ට ලෙඩ බෝ වුණහම ඒකට වගකියන්නේ කවුද? (නි)
එයා බල්ලෙක් තරම් වත් මොලයක් නෑති කොල්ලෙක් වගේ. අහිංසක සතුන්ට වද දෙන්නෙ.(ස)
බල්ලා කියන නම වෙනස් කළොත් මොකද? (නි)
තිරිසන් සතුන්ට කරුණාව නැති මෙයා දරුවන් කොහොම උගන්වයිද? සත්ව කරුණාව ගැන..!(නු)
ඔබේ දරුවා යන පාසලක මෙහෙම බල්ලෙක් ඉඳල ඔබේ දරුවාව සැප කෑ විට මිනොලිවගේ අය මේ කතාවම අනිත් පැත්තට කියාවි සැමවිටම දෙපැත්ත සිතන්න .(නු)
මිනෝලි.. එහෙනම් ළමයිටිකට නිවාඩු දීලා බල්ලො ටික පන්තියෙ තියලා පාසල කරමුද?(නු)
අර මනුස්සයා රුපියල් 1000ක් අරන් බල්ලව ගේට්ටුවෙන් එළියට දැම්මලු. (නි)
මේ විදුහල්පති කර්නල් කෙනෙක්ද දන්නෙ නැහැ? (නු)
මිනෝලි, මේ බල්ලා පාසලේ දරුවෙක්ව හපා කෑවා නම් ඔයාද බෙහෙත් කරන්නෙ? ඒ කොහොම වෙතත් හිරිහැරයක් කරල නැහැනෙ. අනික බල්ලාගෙ කැතකුණු එහෙම මේ මිනෝලි මහත්මිය වගේ අය ස්වේජ්ඡාවෙන් අරන් දානවානම් ඔන්න ඔහොම කිව්වත් කමක් නැහැ. පාසලක් නිසියාකාරව නඩත්තු කරන එක විදුහල්පතිතුමා සතුයි. ඒ නිසා ඔහු ඒවාට වගකිය යුතුයි. ඒ යුතුකමයි ඉශ්ඨ කරලා තියෙන්න. මේ විදුහල්පතිතුමා කරල තියෙන්නෙ නිවැරදි දෙයක් මට හිතෙන විදිහට. (නි)
තව බල්ලන් එහෙම නැද්ද විදුහල්පතිතුමෝ අයින් කරන්න? රුපියල් 1000ක්......? (නි)
සත්තු කොහොමත් මිනිසුන්ට වඩා හොදයි (නි)
සමහරවිට බල්ලා බොහෝ දුර ගිහින් නොදාන්න ඇති. (නි)
විදුහල්පති හරි.. බල්ලෝ ළමයින්ව හපා කෑවානම් සත්ව කරුණාව නෙවෙයි.. එන්නත් නම් විදින්න වෙයි අහිංසක දරුවන්ට..!(නු)
මොනොලි ලාංකිකයෙක්..සම්ප්‍රදායික ලාංකිකයෙක්,විදුහල්පතිතුමා අරන්තියෙන්නෙ හරි තීරණේ,(නු)