දුර්ලභ ගනයේ බෙල්ලන් අට දෙනෙකු ගමන් මල්ලේ සඟවාගෙන මෙරටින් පිටවීමට සූදානම් වූ රුසියානු ජාතික නාවිකයකු (35) ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම බෙල්ලන් ජීවී හා වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂා කිරීමට ලේඛණ ගත කර ඇති දුර්ලභ බෙල්ලන් විශේෂයක් බව ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා කියයි.
සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞෂල්‍ය සහ අසංක ප්‍රියදර්ෂන යන නිලධාරීන්ට සැකකරු ගැන ඇතිවූ සැකයක් මත ඔහුගේ ගමන්මල්ල පරික්ෂා කිරීමෙදී බෙල්ලන් සොයා ගත් අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා රේගු පරීක්ෂණය සිදු කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනෝදයට ගෙනියන්න හදන්න ඇති .කටුගේ හොරු අල්ලන්න බැරි වූ රටක මේක අරුමයක් නොවේ (ස)
අනුර ඔබ හරි (ස)
මේ වගේ පොඩි පොඩි හොරු නම් අල්ලයි...!(නු)
කෝ බෙල්ලෝ (ස)
රේගුවට අපේ ආචාරය. (ස)
බෙල්ලන් දුලබ දැක ලොල් වුවේද? ඉල්ලන්න බැරි නිසා අල්ලන්න සිතුනේද? බෙල්ලෙන් ඇල්ලුවාම මල්ලෙන් ආවේද? සල්ලං වේ කියා සිතුවේ නෑ නේද?
බෙල්ලන් මල්ලෙන් අසුවේ ? එහෙම නේද ? (ස)
අනුර, දාලා තියන්නේ යන්නේ කොහේද මල්ලේ පොල් අදහස්නේ. (නි)
මේවායේ නීති කොහොම ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියලා කවුද දන්නෙ..? රුසියන් ජාතිකයෙකු නම් වැඩේ ටිකක් භයානකයි..!(නු)
බෙල්ලෙන් අල්ලලා විතරක් මදි මේවා කරන අය බෙල්ලෙන් එල්ලන්න ඕන පිටකොටුවෙ හන්දියෙ..!(නු)
අපේ රටේ දේවල් හොර ගන්න හදන අයට දෙන්න පුළුවං හොදම දඩුවම් දෙන්න ඕන...!(නු)