බල්ලන්ටද බීර විශේෂයක් හදුන්වාදීමට ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ බෙන්ඞ්හි ස්කාගාර හිමියෙක් සමත්ව සිටී.
‘‘ඩවුග් ග්‍රොග්’’ ලෙස නම් කර ඇති මේ බීර විශේෂය සාදා ඇත්තේ ශාඛ සාර ජලය හා ධාන්‍ය වර්ග අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරමින්ය. ‘‘පෝෂ්‍යදායී සෞඛ්‍යාරක්ෂිත දියරමය පානයක්’’ ලෙස හදුන්වාදී ඇති මේ නව බීර විශේෂයේ ඇත්තේ ඉතා සුළු මධ්‍යසාර ප‍්‍රතිශතයක් බව එහි නිමැවුම්කරු කියයි.එනිසා බල්ලන්ද ‘‘හතර ගාතෙන් යනු ඇතැයි’’ සිතීමට අවශ්‍යතාවක් නැති බව ඔහුගේ අදහසයි.
කෙසේ වුවත් බීර බෝතලයක මිල ඇමරිකා ඩොලර් 36 ලෙසය.ඒ මුදලට ‘‘මිනිස්’’ බීර කෑන් 6 ක් පමණ එකවර ගතහැකි වන නිසා සිය සුරතලූන්ටත් රහමෙර පානය හුරු කිරීමට පෙර හිමිකරුවන් දෙවරක් සිතනු ඇතැයි ඇතැම්හු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලොත් බොන්නේ නැහැ (දී)
බීර බීලා බල්ලොත් නඩු වලට පැටලෙයිද (ස)
සත්තුන්ට පාඩුවේ ඉන්න දෙන්න (දී)
අන්න හොදයි,බලමු බෝයිද කියලා (දී)
මේවා ගැලපෙන්නේ සුනඛයන්ට බව දැන්වත් තේරුම් ගත්ත එක හොඳයි (ස)
ගාණකට බොන්න ඕන කියන්නේ ඕක තමයි (ස)
බීරත් බල්ලට ගියා නේද ? (ස)
බල්ලන්ට මොකටද ඒවා (දී)
බලන්න බල්ලොත් නරක වෙලා (දී)
මමනම් කැමති ඒ වැඩේට (දී)
ඒත් අපිනම් බොන්නේ නැහැ (දී)
මිනිසුන් හම්බකරගෙන කන්න එක එක අලුත් ක්‍රම හොයා ගන්නවා. මද්‍යසාර මිනිසුන්වත් තිරිසන් කරනවනේ. මගේ නම් බල්ලටවත් එපා. (නි)
කොහොමත් බීර හොඳ මේ අයට තමයි . හැබැයි ඒ වගේ මිනිස්සුත් බිව්වට කමක් නැතුව ඇති (ස)
මේක බිවුවහම බල්ලොත් බීමත් මිනිස්සු වගේ වෙනවද? (නි)
අනේ මගේ බල්ලට නම් එපා. (නි)
අපේ රටේ නම් වෙන්නේ බල්ලට කලින් අයිතිකාරයෝ බොන එක. (නි)
ලාබ නම් අපේ මිනිහටත් ගන්න තිබුණා. (නි)
නිෂ්පාදනය වැඩි වෙලා (දී)
කොල්ලයි බල්ලයි දෙන්නම බීර බීගත්තම වෙනසක් නැති වේවි (ස)