IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බැල්ලිය බැටළු පැංචාට කිරි දෙයි

මව නැති බැටළු පැටවකුට බෝතලයෙන් කිරි පොවන ස්ප්‍රින්ගර් ස්පැනියල් බැල්ලියක ගැන ලන්ඩන් ඩේලි මේල් පත්‍රය වාර්තා කරයි. එංගලන්තයේ ඩොවෙන්හි අක්කර 180ක ගොවිපොළක සිටින ‘ජෙසී‘ දිනකට තුන්වතාවක් බැටළු පැටවාට කිරි දෙයි. ජෙසීගේ වයස  අවුරුදු 10කි. ගොවිපොළ හිමිකාරිය ලුවී මුවර් හවුස් කියනුයේ තමාට  බැටළුන් 270ක් සිටින බවයි. ‘මේ බැල්ලියට  පැටවා කාලයේ සිට  කිරි බෝතලය කටින්  රැගෙන යාමට පුරුදු කළා. ඇය මගේ තවත් සේවකයෙක්‘  



අදහස් (0)

බැල්ලිය බැටළු පැංචාට කිරි දෙයි

රමණි Thursday, 20 September 2012 01:46 PM

අනේ හොදයි

:       0       0

ජයී Thursday, 20 September 2012 04:48 PM

මුළු රෑ නෑ නිදි ගත්තේ බැටළු රැලම රැක ගත්තේ බැටළුවො තණ කන පැත්තේ දවස පුරා යා යුත්තේ බැටළුවො මගෙ රජදහනයි බැටළු පිටිය රජ උයනයි බැටළු පැටව් මගෙ දරුවොයි කිරි දෙන අම්මාද මමයි...(නු)

:       0       0

චන්දුසිරි Wednesday, 19 September 2012 06:55 PM

මේකට තමයි කියන්නේ දරු සෙනෙහස කියලා..!(නු)

:       0       0

විරාජ් Wednesday, 19 September 2012 07:06 PM

මෙන්න නියම රටවල් සහ මිනිස්සු. කරුමෙකටද කොහේද මම ලංකාවේ ඉපදුනේ. (නි)

:       0       0

රූපවතී Thursday, 20 September 2012 09:48 AM

මේ වගේ අහිංසක හිත් තියෙන සතුන්ටනෙ අපේ රටේ භූමිතෙල් දාලා ගිනි තිබ්බේ.. කුරිරු මිනිස්සු..!(නු)

:       0       0

කිවි Wednesday, 19 September 2012 07:14 PM

අපේ රටේ සමහර අම්මලා තමන්ගේ ළමයින්ව එක්කො මරලා දානවා.. නැත්නම් පාරවල්වල අතරමංකරලා දානවා..!(නු)

:       0       0

රූපවතී Thursday, 20 September 2012 09:53 AM

මේ වගේ රටක උපදින්න පිං කරන්න ඕන.. ලෝකෙ හොදම රට අපේ රට කියලා හිතාගෙන හිටියට දැං වෙන දේවල් වලට අපේ රටට මොනවා වෙලා ද කියලා හිතෙනවා.!(නු)

:       0       0

ක්‍රිෂාන් Thursday, 20 September 2012 05:11 PM

මිනිස් වෙසින් ඉන්න තිරිසනුන් මේවා දැකලා හැදෙනවා නම් තිරිසනුන් ආඩම්බර වේවි. (නි)

:       0       0

මාරී Thursday, 20 September 2012 10:04 AM

තිලක් කියන දෙය.. මම එය අනුමත කරනවා.. බල්ලෝ විතරක් නෙමෙයි ගොඩක් සතුන් මිනිස්සුන්ට වඩා බොහොම හොදයි..!(නු)

:       0       0

ගුණවර්ධන Thursday, 20 September 2012 10:00 AM

මේ තමයි නියම මිනිස්සු. (නි)

:       0       0

රම්‍යා Thursday, 20 September 2012 02:21 PM

හරිම ලස්සනයි අනේ..!(නු)

:       0       0

විජයන්ති Thursday, 20 September 2012 10:31 AM

අද කාලේ ඉන්න අම්මලා මේ සත්තු ආදර්ශයට ගන්නවානම් හොඳයි..(ස)

:       0       0

දේෂානි Wednesday, 19 September 2012 08:17 PM

ආදරය,කරුණාව සහ මනා පුහුණුව. .(ස)

:       0       0

ප්‍රභාත් Thursday, 20 September 2012 11:07 AM

අපේ මිනිස්සු ටිකත් ඒ බලු කූඩුවට දැන්මනම් හරි (ස)

:       0       0

ලලිත් Thursday, 20 September 2012 05:51 PM

ඕක කරන්න අපේ ඇමති කෙනෙක්ට භාර දුන්නා නම් කිරි බෝතලයෙන් භාගයක්ම ගෙදර ගෙනියනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 20 September 2012 11:15 AM

මේ බැටළු පැටියා මම උනානම් බැල්ලි අම්මා කෙනෙක්ගෙන් කිරි බීලා බඩ පුරේ ගන්නවා (ස)

:       0       0

රංජිත් Thursday, 20 September 2012 11:17 AM

"බැල්ලිය බැටළු පැංචාට කිරි දෙයි" වෙනුවට" බැල්ලිය බැටළු පැංචාට කිරි පොවයි" හොද නැත්ද?(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 20 September 2012 11:33 AM

මේ පොඩි පැටිය හරි සතුටින් ඉන්නව නේ මව් සෙනෙහසක් මේ බව්වගේ තියනව නේ (ස)

:       0       0

අමරා අයිරංගනී Wednesday, 19 September 2012 09:13 PM

සැබෑ සෙනෙහසින්ම කිරිදීම අනුවේදනීය කතාවක්..!(නු)

:       0       0

ඩෝයි Thursday, 20 September 2012 06:12 PM

නියමයි. තිරිසන්නු මිනිසුන්ට ආදර්ශයක් !!!!!! (ස)

:       0       0

තිලක් Wednesday, 19 September 2012 09:32 PM

බලගෙන ගියාම මිනිස්සුන්ට වඩා බල්ලෝ කොච්චර හොදද?

:       0       0

නාලක Thursday, 20 September 2012 11:46 AM

ආදරයක තරම

:       0       0

සජී Thursday, 20 September 2012 11:55 AM

ගොවිපල හිමිකරු මේ සතාට වැඩ කටයුතු හොඳට පුහුණු කරලා තියෙනවා නේද ? (ස)

:       0       0

නසාර් Thursday, 20 September 2012 11:57 AM

බල්ලාගේ හොඳ ගති පෙන්වද්දි මිනිස්සු තිරිසන්ගති පෙන්නනවා...(ස)

:       0       0

සිල්වා Wednesday, 19 September 2012 10:48 PM

බල්ලෝ දන්නවානම් මිනස්සුන්ටත් බල්ලා කියලා කියනවා කියලා ඒ අය නම මාරුකරයි..(ස)

:       0       0

ජයන්ත Thursday, 20 September 2012 12:08 PM

අනේ හොදයි

:       0       0

මනෝහරන් Thursday, 20 September 2012 01:30 AM

ගොඩක් හොඳයි ..(ස)

:       0       0

පනාගොඩ Thursday, 20 September 2012 03:50 AM

මේවා දිහා බලන් හරි එයා හැදෙනවානම් ? .(ස)

:       0       0

වරුණ Thursday, 20 September 2012 07:27 AM

බල්ලා යනු සමහර වෙලාවට මිනිසාටත් වැඩිය උසස් ගති පෙන්වන සත්ත්වයෙකි. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 20 September 2012 08:22 AM

තිරිසන් ලොව ගැන හොදටම මම අහලා තියෙනවා අරුම පුදුම දේවල් බව දැන් බැලුවම මට පේනවා මිනිසාටත් වැඩිය උතුම් හොද ගතිගුණ තියෙනවා මේ ලොව ලස්සන කරන්න ඔබ හැමටම වාසනා... (නි)

:       0       0

රජිත් Thursday, 20 September 2012 08:24 AM

බල්ලාගේ මිනිසත්කම....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නොබෙල් සාහිත්‍ය සම්මානය කොරියන් කිවිඳියට
2024 ඔක්තෝබර් මස 11 10 0

දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.


ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 1344 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2510 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1237 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 408 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1771 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39798 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25854 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 86 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1256 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site