පෞද්ගලික බස් රථ සේවයෙහි ආසියාවේ ප්‍රථම වතාවට ක්‍රියාත්මක වන මගී පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය බස්නාහිර පළාතේ නිළ වශයෙන් හදුන්වාදීමේ උත්සවය අද (06) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.‘‘ටච් ට්‍රැවල් පාස්‘‘ ලෙස නම් කැර ඇති මෙම කාඩ් පත මගින් ජංගම දුරකථන සදහා භාවිතා කරනු ලබන පෙර ගෙවුම් සබඳතා ලෙසම මගීන්ට තම ගිණුම රී ලොඩ් කර ගත හැකි අතර බස් මගීන්ට සිදු වන ඉතිරි මුදල් සම්බන්ධ ගැටළුව සම්පුර්ණයෙන්ම විසදා ගත හැකය.
ඩයලොග් ආසියාටා (පුද්) සමාගම ,ඇක්සස් ආයතනය හා බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය හා එක්ව මෙම කාඩ් පත් ව්‍යාපෘතිය හදුන්වාදී ඇති අතර පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය මෙයට පුර්ණ සහයෝගය දක්වා ඇත.
මාර්ග අංක 138 පිටකොටුව මහරගම බස් මාර්ගයේ අද (06) සිට මෙම නියමු ව්‍යාපෘතිය අත්හදා බැලෙන අතර ඉදිරියේදි පුර්ණ බස්නාහිර පලාත තුලත් පසුව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
බස් රථ හිමියන්ට ලැබිය යුතු මුදල් ගසා කෑමත් ,අනවශ්‍ය පුද්ගලයින්ට කප්පම් ගෙවීමත් මෙම කාඩ් ක්‍රමය මගින් මග හැරීයන බව මෙමගින් ශ්‍රී ලංකාව පුරා සිදු වන රුපියල් කෝටි 12 ක් පමණ කප්පම් මුදල ඉතිරිකර ගැනීමට හැකි බව පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙහිදී පැවැසීය.
පෙර ගෙවුම් කාඩ් පතෙහි පළමු කාඩ් පත එම අවස්ථාවට එක් වු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ගැමුණු විජේරත්න මහතා පිරිනැමීය. මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ,නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හාන්ස් විජේසුරිය,බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති අමිල රන්මණ්ඩල යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්. ලංකාව පුරාම හදුන්වා දෙනවා නම් හොදයි (නි)
අහන්නත් සන්තෝෂයි (නි)
රට දියුණු වෙනවට සැමවිටම ආසයි අපි.අදහස් පලකරන අයත් මීට වඩා බුද්ධිමත් වෙන්න බලන්න. (නි)
ආසියාවේ අපිට වඩා ඉදිරියෙන් ඉන්න රටවල් ගොඩක් තියෙනවා (නි)
කවදාහරි එංගලන්තයේ කාර්ඩ් එක වගේ ජනප්‍රිය වුනොත් කොන්දොස්තර නැති බස් බලන්න පුළුවන් වේවි. (නි)
ඒක නම් හොදයි
කප්පම් වැනි නීති විරෝධී ක්‍රියා නවත්වන්න තමා පොලීසිය තියෙන්නේ. කප්පම් ගන්නේ දේශපාලන සම්බන්ධතා තියන මැර කල්ලි. මේ නිසා පොලීසිය නොදන්නවා වගේ ඉන්නවා.සියලු දෙනා පෙර ගෙවුම් කාඩ් ගන්නේ නැති නිසා කප්පම් ගැනීම ඉදිරියටත් සිදු වෙයි. (නි)
වැඩේ නම් හොදයි. හැබැයි ක්‍රියාත්මක වෙද්දී ඇතිවන ප්‍රායෝගික ගැටළු වලට කාලෝචිත විසදුම්ද අවශ්‍යයි (නි)
මොබයිල් කම්පැණියක්ත් මේකට සම්බන්ධ කරෙගන තියෙනවා. ඒ අයටත් ලාභය ගියාම තවත් මගී ගාස්තු වැඩිවෙනවා. අපි මුලින්ම මුදල් ගෙවන නිසා ගාන අඩුවෙන්න ඔනා. ඒ වගේම තනි තනි බස් හිමියෝ ඉන්න කොට මෙය ක්‍රියාත්මක කිරීම පහසු නැහැ. අඩුම තරෙම් බස් සමාගම් තියෙනවානම් තමයි පහසු වෙන්නේ. කාඩ් එකත් අරෙගන සල්ලිත් දීල යන්න වේවි. හේතුව කොන්දොස්තරලා මේකට කැමති නැහැ. එයාලා කාඩ් රිඩර් ඒක කඩල සල්ලි දීල යන්න කියාවි. අනෙක කොන්දොස්තරලා නැති වෙන කොට තව වියදමත් අඩුවෙනවා නේද? (නදී)
කප්පම් ගෙවන අයට ඒක මුදල් වලින් ගෙවන්න වෙනවා. කොන්දොස්තරට ඒ සදහා හැමදාම උදේට මුදල් දෙන්න සිදුවෙයි. හැබැයි බස් මුදලාලිගෙන් තමයි ඒකත් යන්නේ. මිනිස්සුන්ගේ ඉතිරි මුදල් නොදීමෙන් තමයි මෙච්චර කාලයක් ඕවා කළේ. ඒ නිසා මුදලාලිට දැනුනෙත් නැහැ. කාඩ් ක්‍රමය හරියට එනකොට කප්පම් මුදලාලිට කෙලින්ම ගෙවන්න වෙනවා (නි)
කාඩ් කොහෙන්ද ගන්නේ ඈ? (නි)
දැන් ඉතින් කොන්දොස්තරලට හොද වැඩේ (නි)
මේ ෆොටෝ එකේ අර මූන මහත නමක් දාල නැති එක්කෙනා කව්ද? කාර්ඩ් එක අල්ලගන ඉන්නේ?(නදී)
මේක හොද වැඩක්. චීන බස් වල කොන්දොස්තරලා නැහැ. කාර්ඩ් ගැහුවා. ගමන යන්න පුළුවන්. හොද වැඩක් (නි)
මම නම් කැමති මේ වැඩේට
නුදුරේදීම කොන්දොස්තරලා කොන්වේවි (නි)
මෙය ඉතා හොද වැඩක්. මගීන්ටත් ලොකු සහනයක්. 138 මාර්ගයේ විතරක් නෙමෙයි හැම මාර්ගයකම මේ ක්‍රමය අනුගමනය කරන්න. (නි)
කොන්දොස්තොරට වැරදිලා, වැරදි (වැඩිපුර) ගණනක් කැපුනොත් මොකද වෙන්නේ. (නි)
ඇත්තටම නියමයි, හරිම පහසුවක් ඒක අපට, ඉක්මනට රට පුරාම පටන් ගන්න. බැරි වෙලාවත් කොන්දොස්තර වැරදිලා වැඩි ගානක ටිකට් එකක් දුන්නොත් කොහොමද අපි වැඩි ගාණ ආපහු ඉල්ලගන්නේ.(නදී)
මම දන්නවා අපේ අය ආසියාවේ මුලින්ම ඔකේ හොරෙන් සල්ලි ගන්නේ විදිය හොයා ගන්නවා .(නදී)
මේක නම් හොදම හොද වැඩක්. මේ වගේම කරදරයක් නැතුව ගමන් කරන්න ප්‍රවාහන සේවයත් දියුණු කළා නම් තමයි හොද. (නි)
මෙය ඉතා හොදයි බස්නාහිර පලාතට විතරක් නෙමෙයි ලංකාවටම ඉතා ඉක්මනින් ආරමිභ කරන්න. එය මගින්ට ලොකු සහනයක් ඒකෙන් බස් මගින්ට සිදුවන අසාධාරණකමි අඩුකරන්න පුලුවන්.(නදී)
යන්තං ඇති බස් අයිති මුදලාලිට තව බස් දෙක තුනක් ගන්න පුළුවන් වෙයි. ජනතාව වෙනුවෙන්.(නදී)
අතුල කියන්නේ අඩු අධ්‍යාපනයක් ලද වෙන්නප්පුව පැත්තේ අයෙක් වගෙයි (නි)
සතුටුයි , ඉතාම හොද වැඩක්. මේ කාඩ් කියවීමේ යන්ත්‍රය අතේ තියාගෙන කොන්දොස්තරට එහාට මෙහාට යන්න වෙන එකටත් පිලියමක් යොදන්න ඕනෑ. පිටරටවල රියදුරු අසුන ලගම මෙවන් යන්ත්‍රයක් තිබෙනවා. ඉස්සරහ දොරින් නගින මගියා තම කාඩ් පත එයට ඇතුල්කොට නැවත ගෙන පිටුපසට යනවා. බහින්නේ පස්ස දොරින්. ගොඩක් වෙලාවට ගමනාන්තය මොකක් වුනත් පොදුවේ ඩොලර් එකක් වගේ සුළු මුදලක් තමයි අයකරන්නේ. ටික්කොත් නැහැ , කප්පමුත් නැහැ , කොන්දත් නැහැ , කව්රුත් හොරට යන්නෙත් නැහැ. ඒ ඉලක්කයටත් යන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ගේ ගතිය වෙනස් වෙන්න ටිකක් කල් යයි. මොකද අපේ අය තාම පෝලිමේ ඉදලා නගින්න දන්නේ නැහැ පොරකනවා, බස් වෙලාවට නැහැ කොටකොට යනවා නමුත් පහසුකම් දියුණු කලොත් මේවා වෙනස් වෙයි. (නි)
බස් මගීන්ට සුවදායක ක්‍රමවත් සේවයක් ලබාදීමට රජය මැදිහත් විය යුතුයි. නිර්මාණශීලී විය යුතුයි. අද පහේ පන්තියවත් පාස් නැති කොල්ලෝ කොන්දොස්තරලා වෙනවා , ඊට පස්සේ වෙන දේවල් ගැන කව්රුත් දන්නවනේ. මේක නැතිකරන්න ඕනෑ. කොන්දොස්තර කෙනෙක් වීමට ආණ්ඩුවෙන් කෙටි පුහුණු පාටමාලාවක් සකස්කරන්න ඕනෑ. මගීන්ට සුවපහසු සේවයක් දීම, පාරිබෝගික සබදතාවය, ආචාරශීලී වචන භාවිතය, මුලික ගණිතය(හැමදාම ඉතුරු සල්ලි වරදින නිසා), හදිසි අවස්ථාවල මගීන්ගේ ආරක්ෂාව, මුලික ප්‍රථමාධාර දීම, නීතිය සහ කටයුතු කිරීම, වගේ දේවල් ගැන පුහුණු කොට සහතිකයක් සමග ලියාපදිංචි කිරීමක් කරන්න ඕනෑ. ඉන් පස්සේ පොදු නීතියක් දාන්න ඕනෑ සේවය පිණිස ඕනෑම කොන්දොස්තර කෙනෙක් ඕනෑම බසයකට අනුයුක්ත කිරීමේදී මේ සහතිකය තිබිය යුතුමයි කියලා. සේවය නිරතුරුව ඇගයීම, ලකුණු දීම තුලින් ඉහල වැටුපක් කර ඔසවා තැබීම වගේ දේවල් ඇතිකිරීම තුලින් මගීන්ට හොද ආචාරශීලී, සුවදායක කාර්යක්ෂම සේවයක් සපයන්න පුළුවන්. කොන්දොස්තරලට බැන බැන දැන් දශක කිහිපයක්ම අපි රටක් වශයෙන් අපු ගමනේදී යමක් වුනේ නැති නිසා දැන්වත් බැනීම නවතා ඒ අයගේ පැත්තෙනුත් බලා පිලියමක් කිරීම කාටත් හොදයි (නි)
ගොඩක් හොද වැඩක් නමුත් ගොඩක් කල් පවතියිද? අනික ගොඩක් අය කියන්නේ අපි ඉනේ රටෙ නම් තියෙනවා නමුත් තමන්ගේ රටේ ඒක වෙනෙකොට කියන්නේ ඕක වැඩක් වෙයිද? ගසා කෑමක් වේද, නමුත් කරන්න දීලා බලන්න ඕනි.(නදී)
"ආසියාවේ ප්‍රථම වතාවට" - වෙරි ෆනී. කොරියා, ජපාන්, චීන, හොන්ග් කොන්ග් , සින්ගපොර් , මලය්සිය, හැමතෙනම සිරිසේන... (අ)
පිටරට වල නම් මේ ක්‍රමය හරිම ජනප්‍රියයි, මේ ක්‍රමය හරිම පහසුයි. වංචා ගොඩක් අඩු කරගන්න පුළුවන්. (නි)
හොද දෙයක් සාර්ථක වෙන්න කියල පාර්ථනා කරනවා.(නදී)
ආසියාවේ කියල කියන්නේ ඇයි. ඒක බොරුවක් නේ. ආසියාවේ මොන තරම් රටවල් තියෙනවද කාඩ් එක ගහලා බස් එකේ යන. දකුණු කොරියාව, චීනය, ජපානය. දකුණු ආසියාවේ කියල නම් කීවට වරදක් නැහැ.(නදී)
ලංකාවේ ඉස්සරලම හදුන්වාදෙන ඒවා ආසියාවේ පළමු වතාවටලු. ඕවා හොදා ඉන්දියාවටවත් ගියේ නැති අයට.(නදී)
කොරියාව ජපානය චීනයත් ආසියාවේ රටවල් තමා (නි)
ඇත්තටම හොඳ වැඩක්. තාක්ෂණය සමග අපි ඉදිරියට යන්න ඕනෑ. (නි)
මම සිංගප්පූරුවේ හිටියේ 1998 එතකොටත් ඔලුව තිබුනා.(නදී)
ආසියාවට අයිති වෙන්නෙ ලංකාව,භූතානය , බංගලාදේශය සහ ඈෆ්ගනිස්ථානය (නි)
එතකොට මැදපෙරදිග අයිති ආසියාවට නොවෙයිද? එහි ඉන්නේ රියදුරා විතරයි. ඔය කාර්ඩ් එක තමයි පාවිච්චි කරන්නේ.(නදී)
අපේ බස් කොන්දොස්තරලට නව තාක්ෂණේ පරද්දවන්න පුළුවන්ද බලමු (නි)
අපිත් කොරියාවෙනේ ඉන්නෙ. මෙහෙනම් ඉතින් බස් කාඩ් එකෙන් දුම්රියෙන් යන්නත් පුලුවන්. ආසියාවේ කියන එක ඉස්සරහට දකුණු කියල එකතු කරන්න. ලොකු දෙයක් මෙහෙම දියුණු වෙන එක. අපි මෙහෙ බස් එකේ යන හැම වෙලාවෙම හිතන්නෙ අපේ රටේ කවදා මෙහෙම වේවිද කියලා. හැබැයි මෙහෙ බස් වෙලාවට එනවා. ජය වේවා.(නදී)
චතුල වෙරෝනා කියනවා ආසියාවට අයිති වෙන්නෙ ලංකාව, භූතානය , බංගලාදේශය සහ ඈෆ්ගනිස්ථානය කියලා. මෙයාගේ අනිත් ප්‍රතිචාර කොහොමට තියෙන්න ඇද්ද?(නදී)
මෙම ක්‍රමය කටාර්වලත් තියෙනවා. ඉතින් ඒ රටත් අයිති අසියාවටනේ. දකුණු අසියාව කියලා වෙනස් උනානම් හරි. කොහොමහරි දියුණු රටවල තාක්ෂනය අපිටත් ලැබිම ගැන සතුටුයි.(නදී)
කොහෙන්ද ගන්න තියෙන්නේ?(නදී)
අපි තවත් තාක්ෂනය අතින් ඉදිරියට යා යුතුයි. ජය වේවා! ඉදිරියටම කරගෙන යන්න ලැබේවා!(නදී)
ගොඩක් කල් තියෙයිද දන්නේ නැහැ ඔය වැඩේවත්? (නිල ඇදුම් කෝ? භාෂා 3 නාම පුවරු කෝ? සුඛෝපභෝගී ආසන ගානට මගින් ගෙන යාම කෝ? ) (නි)
බස් ටිකට් එකත් ගාස්තුවත් නිතරම සංශෝධනයට ලක්වෙනවා. බස් එකේ මගී ආසනයක තිබිය යුතු අවම දිග පළල පිලිබඳ සංශෝධනයකුත් මේ එක්කම ගේනවා නම් තවත් හොඳයි. මන්ද යත් දැනට ඇති ද්වි ආසනයක ඇත්තටම දෙදෙනෙකුට වාඩිවිය නොහැකි නිසා. (නි)
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රියාත්මක වන මගී පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය හොදම හොද වැඩක්.(නදී)
ඉතාම හොඳ වැඩක් හරියට ක්‍රියාත්මක උනොත්. මේ රටෙත් රියදුරා විතරයි ඉන්නේ. කාඩ් එක ගහලා ටිකට් එක ගන්න ඕනේ. අපේ අයනම් ඕකටත් මොකක්හරි ජිල්මාට් එකක් කරයි.(නදී)
පෞද්ගලික බස් රථ වලට පමණක් නෙමේ රජයේ බස් රථ වලටත් මෙය ක්‍රියාත්මක කරන්නේ නම් රජයටත් විශාල මුදලක් ඉතුරු කල හැකියි. මාටියා ගැහිල්ලත් නැති වේවි රාජ්‍ය සේවකයෝත් අරක්ෂා වේවි.(නදී)
චතුල වෙරෝනා. ඔය ඉතාලියේ නිසා වෙන්න ඇති ආසියාව ගැන දන්නේ නැත්තේ.මෝඩ කතා කියන්නේ එපා ආසියාවට රටවල් ගොඩක් තියෙනවා .කොටින්ම ජපානයත් ආසියාවට අයිති රටක්. චීනය ඉන්දියාව පකිස්ථානය බංගලාදේශය තව තියනවා.(නදී)
ඔය වැඩේ නම් අලුත් එකක් නොවෙයි නමුත් හොද වැඩක් ලංකාවට (දී)
ආසියාවේ ප්‍රථම වතාවට..... බොරුමයි කියන්නේ ......
ලංකාව පුරාම ක්‍රියාත්මක වෙන්න කියල පතනවා. (නි)
වැඩේ හොදයි (නි)
අනිත් රට වල රීලෝඩ් ක්‍රමයක්ද තියෙන්නේ? අනික මොබියිල් නෙට්වර්ක් එකක් හරහාද ක්‍රියාත්මක වෙන්නේ.මම හිතන්නේ මෙහෙ තමා ආසියාවෙන් මේ ක්‍රමය මුලින්ම එන්නේ. මොනවා වුනත් මෙම ක්‍රමය සාර්ථක වේවා! (නි)
මේ ලෝකේ දැනටමත් තියෙන තාක්ෂණයක්