මංතීරු නීතිය පෞද්ගලික බස් රථ වලට ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මානව හිමිකම් කොමිසම වෙත කළ පැමිණිල්ලක් විභාග කිරිමට රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා අද (29) මානව හිමිකම් කොමිසම වෙත කැඳවා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන ලෝකෙකට ගිහින් ඔය ඉල්ලීම් කරන්න (බ)
මේ මහත්වරුන්ටම ගිය රට. එයාලට විතරක් තව නීතියක් ඕනෑද? (නි)
මෙයාලා දොස්තරලට හපන්නේ. (නි)
දැනටමත් එහෙමනේ මොනම නීතියක්වත් මෙයාලට අදාළ නැහැනේ මොන මානව හිමිකම්ද හරිනම් අපි යන්න ඕන එතෙනට පුදුම රටක් මේක (බ)
වහාම බස් ජනසතු කරනු, නිතිය කාටත් පොදුය, මංතීරු වලින් පොලිසිය හම්බකරනවා වෙනුවට අවවාද කර නැවත පුහුණුවක් නොදෙන්නේ ඇයි එම ක්‍රමයෙන් පොලිස් නිලධාරීන්ට පගාව ගැනීමත් , රටේ අනතුරුත් නැතිවෙයි (බ)
රටක නිති තිරණය කරන්නේ එක් පුද්ගලයෙක් හා එයාට අදාල සංගමයද? මෙහෙමත් විකාරයක්. මොන උපාධියද දන්නෙ නැහැ තියෙන්නේ මෙයාට රථවාහන ගමනාගමනය පිලිබදව (බ)
මම හිතන්නේ මුන් ඉල්ලන හැමදේම රජය දෙන්න යන හින්ද මුන් දන්නවා මොනවා කිව්වත් පිළිගනී කියල. මේවට නම් සුදු වැන් අවට කමක් නැහැ කියලය් හිතෙන්නේ. (බ)
මේවා දකිද්දී ඇඟේ මාලු නටනවා (නි)
අනේ මොකටද මගේ කට! (නි)
බස් රියදුරන් අති බහුතරයකට මංතීරු ගැන දැනුමක් නැහැ. මංතීරු ගැන කිසි සැළකිල්ලකුත් නැහැ. එයාලට ඕනෑ විදියට පාර පුරා යන්නේ. පොඩි වාහන අයින් වෙලා ඉඩදෙන්න ඕනෑ, පිඹගෙන හෝන් ගහගෙන එද්දී මහා සද්දෙන්. එහෙම යන්න දෙන්න කියලද මේ කියන්නේ? (නි)
මටනම් පුදුම සතුටක් දැනෙනවා. එක මන්තීරුවක් පුද්ගලික බස් වලට තව එකක් පුද්ගලික වාහන හිමියන්ට, විශේෂ පාරක් රජයේ මැති ඇමති වරුන්ට, අහස ජනපති සහ අගමැති තුමන්ට. එතකොට පිටරට ඉදල එන ඇත්තෝ හිතාවි බුදු අම්මෝ ලංකාව දියුණු වෙලා තියෙන තරම කියල. ගොවියට පාරක් ඕනෙම නැහැ. මොකද එයා ඉන්නේ වත්තේ පිටියේ නිසා, පුද්ගලික වාහන නැති අය කොහේ යන්නද ගෙදරට වෙලා හිටපුවාවේ.පොලිසියේ අයටත් ඉතින් මේ පුද්ගලික බස් අංශයේ පරාම පාවිච්චි කරන්න පුළුවන්නේ. (බ)
බස් රථවල ප්‍රවේශපත් නිකුත් නොකිරීම, නියමිත ඇඳුමකින් සේවකයන් සැරසි නොසිටීම, අනුමත බලපත්‍රලත් සේවකයන් නොසිටීම මෙයාලට පෙනෙන්නේ නැහැ. බස් ආණ්ඩුවට අරගෙන දුවන්න කියපු නිසා ජනසතු කරමු. මෙයාලා ආදායමට බදු ගෙවන්නෙත් නැහැ. ගන්න බඩු වලට බදූ ගෙවනවලු. (නි)
පුද්ගලික බස් මොනම නීතියක් වත් පිළිපදින්නේ නැහැනේ.නවත්තන්නේ කහ ඉර උඩ. ඕනෑම වාහනයකට බාධා කරමින් පසු කරනවා. මේ අයට නීතිය හොඳින්ම ක්‍රියාත්මක කරන්න කියා නඩු තීන්දුව ලැබේවා! (ම)
මාර ඉල්ලෙමක් නේ ඉල්ලන්නේ. මෙයාටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර වෙනසක් නැහැනේ. (ම)
ලංගම සේවය තව තවත් දියුණු කරන්න ඕනෑ (ම)
මොවුන්ට නීතිය ක්‍රියාත්මක කරලා ලයිසන් කැන්සල් කරන්න කියලා තීන්දුව ලැබේවා! (නි)
මම නම් මෙයාලා ගැන කතාකරන්නවත් කැමති නැහැ (නි)
අනේ හැබෑටම මෙහෙමත් නාටක. (ර)
මේ ගොල්ලත් දොස්තරලා වගේ රටේ නීතියට උඩින් ඉන්න තමා හදන්නේ (නි)
පාරවල් තියෙන්නේ බස් වල යන මගීන්ව ගෙනියන්න නෙමෙයි .පාරවල් තියෙන්නේ වාහන වලට යන්න . එතැනදී අනිත් සියලුම වාහන වලට මේ පුද්ගලික බස් හරිම හිසරදයක් . මේ අයට මේ නිතිය ක්‍රියාත්මක කල යුතුමයි . අනික අපි නිතරම දකිනවා පුද්ගලික බස් හැප්පිලා මිනිස්සු නිකරුනේ රෝහල් ගත වෙනවා . නමුත් එකම රෝගියෙක්වත් උසාවියේ නඩුවක් දාන්නේ නැහැ රියදුරාගේ නොසැලකිල්ල නිසා සිදුවූ හානියට වන්දි ඉල්ලලා . මෙයත් කවුරුන් හෝ කරලා ලංකාවට අලුත් නීතියක් එක්කල යුතුයි . එහෙම උනොත් බස් රියදුරොත් ටිකක් බයවෙයි. (ර)
හිතුවක් කාරී හා අපරික්ෂාකාරී ලෙස ගිහින් බස්රථ සිදුකරන අනතුරු වලදී, තුවාල කරුවන්ට නොමිලේ ප්‍රතිකාර කරන්න දොස්තරලා එවන්න ගැමුණු මහතා පොරොන්දු වෙනවනම්, පුද්ගලික බස්රථ සියලුම මාර්ග නීති වලින් නිදහස් කරමුද? (ර)
මෙයා කව්රු කියලද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ... (ර)
කියන්න බස්ටික උඩින් ගෙනියන්න කියලා. කොහොමත් ගැමුණු සහ සමාගම උඩින්නේ යන්නේ.? (ර)
අනේද කියන්නේ මෙයාට ගිය රට නැද්ද හා ? මාර්ග නිතිය කාටත් පොදු වෙන්න ඕන, සමහර දියුණු රටවලනම් හදිසි අවස්තාවක පාවිච්ච්කරන මන්තිරුව බස් වලට අවසර දීල තියෙනවා මම දැකල තියෙනවා චිත්‍රපටිවල. (ර)
තවටික දවසකින් වෙනම පාරක් දෙන්න කියල කියයි. (ර)
මංතීරු නීතිය විතරක් නෙමෙයි, කිසිම මාර්ග නීතියක් එපා කියල පැමිණිල්ලක් දැම්මොත් නරකද ? (ර)
මානව හිමිකම් උල්ලංගනය වන්නේ මාර්ගය පුරාම බස් හතර අතට යන නිසා... (ර)
හෙට අනිද්දා කිව්වොත් මොකද වෙන කාටවත් පාරේ යන්න බැහැ අපිට විතරක් පුළුවනි කියල? (ර)
මාර්ග නීතියත් ඉවත් කරලා දෙන්න ඒ අයට....(බ)
අනිවාර්යෙන්ම ඔය නීතිය පිළිපැදිය යුත්තේ ප්‍රයිවට් බස්ම තමයි. (බ)
දැන් එතකොට යහපාලනයේ නීති හදන්නේ අට පාස් නැති බස් ගැමුණුද ? (බ)
මෙයා වෙන මොනවද ඉල්ලන්නේ ? තව ටික දවසකින් මිනිස්සු යටකරගෙන යන්න. රක්ෂණ නැතිව බස් දුවන්න එහෙමත් ඉල්ලාවි. (ර)
ඔව් ඔව්, මේ අයට මොන නීතිද? (ර)