IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


බස් වර්ජනය අත්හිටුවයි

(නිමල කොඩිතුවක්කු)

 

සියලුම බස් සංගම් ඒකාබද්ධව හෙට (18)  මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ බස් රථ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

 

සිය ගැටලු සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ බස් සංගම් අතර පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

 

ඒ අනුව ගැටලු සඳහා විසදුම් ලබාදීමට සතියක කාලයක් ලබා දීමට බස් සංගම් එකඟතාවය පල කළ බවත් එසේ නොමැතිනම් ලබන සතියේ සිට බස් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.

 

රජය ප්‍රකාශ කළ පරිදි බස් රථ සදහා 4% පොලී අනුපාත යටතේ ලක්ෂ තුනක ණය පහසුකම් ලබාදීම, පෞද්ගලික බස් රථ සදහා ලොග් ෂීට් සඳහා මුදල් අය නොකිරීම, ලීසිං සහනය ලබාදීම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය ඉවත්කර  ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් බස් සංගම් රජයෙන් ඉල්ලීම් කර තිබේ.

 

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්, අන්තර් පළාත් බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර සහ දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සභාපති චන්දන සොයිසා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

 

 



අදහස් (1)

බස් වර්ජනය අත්හිටුවයි

Wca Sunday, 17 January 2021 11:47 AM

ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කළොත් ලංගමට බඩුම තමයි කියලා ලියලා තියාගන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුණු බහලුම් 200 ක් ගොඩගැසී අර්බුදයක්
2024 නොවැම්බර් මස 08 1 0

රේගුව භාරයට ගැනීමෙන් පසු විනාශ කළ යුතු යැයි නිර්දේශ කළ බහලුම් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ඇතැම් අකාර්යක්‍ෂම සහ දූෂිත නිලධාරීන්


කෝටි 39ක විදෙස් දුම්වැටි විනාශ කරයි
2024 නොවැම්බර් මස 08 37 0

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ


ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක්
2024 නොවැම්බර් මස 08 519 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්


විදුහල්පතිනිය අල්ලස් දැලේ
2024 නොවැම්බර් මස 08 718 1

රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 282 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු
2024 නොවැම්බර් මස 08 272 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 77 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 452 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1412 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site