(අජන්ත කුමාර අගලකඩ)
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස ඒ.ජේ. එම්. මුසම්මිල් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.
පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ අසාද්සාලි මහතා ඊයේ(03) පෙරවරුවේ ඉල්ලා අස්වීමෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරධුරය පුරප්පාඩු විය.
මුසම්මිල් මහතා මෙම ධුරයට පත්වීමට පෙර, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරයද පුරප්පාඩු වී ඇති නමුත් ඒ සඳහා මෙතෙක් කිසිවෙකුත් දිවුරුම් දී නැති බව වාර්තා විය.
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස්නාහිර ආණ්ඩුකාර පුටුව මුසම්මිල්ට
Raveendra Tuesday, 04 June 2019 08:16 AM
හාදයා ගැන දන්නා නමුත් කපටි බව ප්‍රසිද්ධය ..// මුසම්මිල් උන්නැහේට කීමට අපි කැමැත්තෙමු..// රට දෙස බලා වැඩකෙරුවොත් අපේ අයට..// මල් පොකුරු මෙන් මල්මාලද ලැබෙනු ඇත..//
අනිල් Tuesday, 04 June 2019 08:18 AM
සාලිගෙ ලොකු අයියා, එක්කෙනෙක් එළවලා ඒ ජාතියේම එක්කෙනෙක් පත් කොරගන්න කොහොමද නටපු නැටුම? දේශපාලකයෝ මිනිස්සුන්ව අන්දන ඇන්දිල්ල දැන්වත් තේරෙයිද?
HafeelTuesday, 04 June 2019 09:06 AM
සාලිට චෝදනාව තියනවයි කියලා සාලි අයින්වුණා. දැන් කියන්න ඒ ජාතියේම කෙනෙක් කියලා... මෙහෙම ගියොත්?
සමන් - ඕමානයTuesday, 04 June 2019 02:50 PM
අප්පට සිරි..! ඉඟුරු දීලා මිරිස් ගත්තා වගෙයිනේ මේ සෙල්ලම..!! තව කෝටිපතියෙක් බිහිවන වගයි...!!!
BamunuarachchiTuesday, 04 June 2019 04:33 PM
බස්නාහිර පළාතට දාන්න වෙන නැද්ද?
BamunuarachchiWednesday, 05 June 2019 12:48 PM
සිංහල බෞද්ධයෙක් නැද්ද?
sharm warnThursday, 06 June 2019 05:01 AM
ඒ කියන්නේ බස්නාහිර පළාතට ආණ්ඩුකාර තනතුරක් දෙන්න තරම් සිංහලයෙක් නැහැ .. අනේ ඉතින් මේ රට ට තව මොනවා වෙන්නද .. ඡන්දෙ ආවම බලමු ජනාධිපති මහත්තයා...
සරත් Tuesday, 04 June 2019 08:19 AM
හොඳ වැඩක්... ඉස්ලාම් අන්තවාදයට එරෙහි සියලුම නීති ෂරියා බැංකු, ෂරියා පාසල්, වහාබ් ඉගැන්වීම්, ජිහාද් ඉගැන්වීම්, ජනව්‍යාප්තිය තහනම් නොකර ඡන්දෙ ඉල්ලන්න ගමට එන්න එපා. ඉන්න මන්ත්‍රීලට එකතු වෙලා රටට අවශ්‍ය නීති හදන්න බැරි නම් ඔබලට ඡන්දෙත් නැහැ !
Kamal Tuesday, 04 June 2019 11:02 AM
අයියෝ මොකද මේ...
anu Tuesday, 04 June 2019 08:20 AM
ඉඟුරු වෙනුවට මිරිස්?
පියතිලක Tuesday, 04 June 2019 08:20 AM
කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගෙයි මේක..
Nuwan Tuesday, 04 June 2019 08:24 AM
ඉඟුරු දීලා මිරිස් ගත්තා කියන්නේ ඕකට තමයි!
chandra thalagalage Tuesday, 04 June 2019 08:25 AM
සිරිසේනට මුස්ලිම් මිනිස්සු නැතුවම බැහැ වගේ.. මේ වැඩ වලින් අපිට තේරුම් යන්නේ අද රටේ මේ සිංහල කියන නමට ඉන්න දේශපාලකයන් කොච්චර නම් නිවටයි කියා නොවේද..? !!! ඔය කාටවත්ම ආයේ ඡන්දෙ දෙන්න හොඳ නැහැ..
saliya Tuesday, 04 June 2019 08:36 AM
සංකීර්ණයි, පැටලිලි සහගතයි . කෙළවරක් නැති සෙල්ලම්. එහාට මෙහාට ඉත්තෝ අදිනවා, කපලා දානවා දුර දිග බලන්නේ නැහැ. වැරදුනාම කාගේ හරි පිටින් යවනවා. මේවා නිසා මිනිස්සුන්ගේ නිදහස් චින්තනය, ප්‍රගතිශීලී අදහස් සියල්ල නැති වෙලා. ආකල්ප වල ඉතා දරුණු පිරිහීමක්. ආයේ ගොඩ ගන්න බැරි ආගාධයකට තල්ලු කරලා .
Prabha Tuesday, 04 June 2019 08:39 AM
එහෙනම් ඕක වෙන්න ඇති එකඟතාවය ...... සිරි මහත්තයා කවදත් දක්ෂයි නේ ඉඟුරු දීලා මිරිස් ගන්න....
sirimal Tuesday, 04 June 2019 08:46 AM
ඉඟුරු දීල මිරිස් ගත්හා වගේ වෙයිද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ. කවුරුන් කවුරුන් හරි එකතු වෙලා කලින් හාදයාට විරුද්ධව පුදුම ආවේගයක්නේ රට පුරහම ඇති කෙරෙව්වේ. ජනාධිපති වරණයට දින නියම කරන කතා බහකුත් ආරම්භ වෙලා තියෙන එකේ ඒගොල්ලෝ දෙකෙන් එකක් වෙනකල් බකන් නිලාගෙන ඉන්න එකක් නැහැ.
Kriss Tuesday, 04 June 2019 08:51 AM
මේකනම් පුදුම රැවටීමක්. ඔහොම යන් ඔහොම යන්. හැමදා නියං එකදා වැහි වලාවේ කියලා කතාවක් තියෙනවනෙ.
Kriss Tuesday, 04 June 2019 08:57 AM
මාර නෑමක් මේ ආණ්ඩුව නාගන්නේ.
ramani Tuesday, 04 June 2019 09:07 AM
යකෝ මොවුන්ට ඔල්මොරොන්දන්ද..? ඒ ජාතියේම කෙනෙක්ව අායෙත් පත්කළේ... වරෙල්ලකෝ ඊළඟ ඡන්දෙදි ඡන්දෙ ඉල්ලගෙන... එක පාහරයෙකුටවත් මේ පාර ඡන්ද නැහැ. අලුත්ම පක්ෂයකට අලුත්ම මුහුණකට තමයි අපි ඔක්කොමලගේ ඡන්ද.. ලැබෙන්නේ. දැන් ඉන්න අයයි, හිටපු අයයි රට කෑවා ඇති. හිරේ යන්න බලාගෙන ඉන්න හැත්ත බුරුත්ත පිටින්ම...
SALIYA Tuesday, 04 June 2019 09:11 AM
විල්පත්තුව කපන කොට මධ්‍යම පරිසර අධිකාරිය තිබුණද?
Nishantha Tuesday, 04 June 2019 09:18 AM
අනේ ආයෙත් 2015 ජනවාරි 8 වෙනිදා උදා කරලා දෙන්නකෝ....
beau Tuesday, 04 June 2019 09:19 AM
අපේ ජනපතිය පිස්සෙක්ද? නැත්නම් කපටියෙක්ද? නැවත රතන හිමි සහ ප්‍රජාව රවටා ඇත.
රවින් Tuesday, 04 June 2019 09:32 AM
අර සින්දුව ආයිත් මතක් උනා " මේ රටේ මිනිස්සු කෙලින්නේ පිස්සු /// " නගරාධිපති වෙලා ඉන්නොකොට කරපු දුෂණ වැඩ කොටස කොළඹ නාගරිකයින් හොඳින් දන්නවා. නාගරික කසල බැහැර කිරීමට කැබ් රථ, වාහන කොමිස් , සේවක පුරප්පාඩු පුරවපු හැටි වගේ දේවල්. දුෂණය පිටු දැකීමට දුෂිතයින් පත් කරමු. හොරා ගේ අම්මගෙන් පමණක් පේන අහමු.
saliya Tuesday, 04 June 2019 10:00 AM
ඉස්සෙල්ලාම එළුවා ගේ බෙල්ල කපනවා. ඊට පස්සේ මුට්ටියත් බිඳිනවා. මාර මීටරයක් තමයි. හාමුදුරුවොත් රැවටුනා නේද. තාප්පෙත් බිම..
Ramsi Tuesday, 04 June 2019 10:11 AM
මේකත් සිරා මහත්තයාගේ වැඩක්ද?
chathuri Tuesday, 04 June 2019 10:15 AM
නම මුස්ලිම් වුණාට..., වැඩ සිංහල කට්ටියගේ වගේ පාවලා දෙනවා. ඉල්ලා අස් වූ අයටත් ලැජ්ජයි සේරටම වැඩිය. සිංහල නායකයින්ට මඩුවලිගෙන් තලන්න ඕනෑ. බුද්ධ පුත්‍රයින්ට අවමන් කෙරුවට. මෙයාට නැවත ජනාධිපති වෙන්න මුස්ලිම් ජාතිකයින් නැවත පත්කෙරුවා. අපි උපවාස කරමු මෛත්‍රී ගෙදර යවන්න.
shan Tuesday, 04 June 2019 10:26 AM
මෛත්‍රිපාල සිරිසේනට රටේ ආණ්ඩුකාරකම දෙන්න වෙන සිංහලයෝ නැද්ද? මොවුන් එලවන්න ඕනේ සේරටම කලින්..
Jayantha Tuesday, 04 June 2019 10:28 AM
ජාතිවාදය,... සුදුස්සන්ට තැන නැත.
Amila Tuesday, 04 June 2019 10:35 AM
නාට්‍ය අවසන් නොමැත...!
saliya Tuesday, 04 June 2019 10:53 AM
පාඩමක් ඉගෙන ගන්න.. දිවුරුම් දීලා තනතුරු ගන්න හැමෝම නන්නත්තාර වෙලා හිරේ විලංගුවෙත් වැටේවි... ගහන ගැටවලින් බේරෙන්න ලැබෙන්නේ නැහැ. යූ.එන්.පී එකට වෙච්ච දේම මදැයි.
ranjith Tuesday, 04 June 2019 11:00 AM
ඉන්නවද හොඳ සිංහල නායකයෙක්? කවුරුත් නැහැ වගේ බලේට කෑදර සෙට් එක විතරයි..
Hewa Tuesday, 04 June 2019 11:10 AM
මෝඩ - කපටි නායකයෝ අපිට එපා.....
kamal Tuesday, 04 June 2019 11:41 AM
හාමුදුරුවෝ රැවටුණා වත්ද?... මෛත්‍රිගේ ගැටවලට.
Udrich Tuesday, 04 June 2019 11:42 AM
සිරාට සිංහල නමක් ඔළුවට එන්නෙම නැද්ද?
BamunuarachchiWednesday, 05 June 2019 12:50 PM
එහෙම එන්න ඔලුවක් තිබෙන්න ඕනේ නේද? දෙන්නම් ලබන සැරේ ඡන්දය...
රොෂාන් Tuesday, 04 June 2019 12:23 PM
ඇත්තෙන්ම සිරා ඉදිරියේ මුසම්මිල් කියන්නේ රජෙක්!!! බොහෝ දුරට මේ රටේ අනාගත ජනාධිපති එහෙම කෙනෙක් විය හැකියි... සිංහලයින්ට ඉතිරිව ඇත්තේ උපවාස පමණයි.
Jaya Tuesday, 04 June 2019 12:57 PM
හැම මුස්ලිම් මිනිහෙක් දිහාම වැරදි විදියට බලන්න එපා. ටිකක් සුභවාදීව බලමු. හලාල් ප්‍රශ්නය ආපු වෙලාවේත් මොහු තරමක් මධ්‍යස්ථව හිටියා කියන එකයි මගේ නම් හැඟීම...
BamunuarachchiTuesday, 04 June 2019 04:38 PM
ජයා ඔබ තව ටිකක් එහාට හිතන්න.
BamunuarachchiWednesday, 05 June 2019 12:46 PM
70% බෞද්දයින් ඉන්න රටේ 10% කගේ ඉල්ලීමකට ඉඩ දෙන්නේ ඇයි?
BamunuarachchiWednesday, 05 June 2019 04:54 PM
සිංහල බෞද්ධ රටට හලාල් මොන බම්බුවකටද? සිංහලයනි, අපිට සත්ව කරුණාව තිබෙන නිසාත් ඉඳුල් වැනි අපද්‍රව්‍ය ඉවත් කර ගැනීමට අපහසු නිසාත් හැම ගෙදරකම ඌරෙක් හදමු...
MP Tuesday, 04 June 2019 02:23 PM
රට බල්ලන්ටම ගොස් ඇත.
Rupawathie Tuesday, 04 June 2019 03:36 PM
ඕක බැරිද මේ රටේ ඉන්න සිංහලයෙකුට දෙන්න. මොනවද කරන්නේ? බැරිනම් පලයව්.. බදියුදීන් කෝටි 5 ක ගෙයක් අරගෙන දුන්නා කියලා අපිට ආරංචියි.. එ්කයි මේ තම්බින්ව ඔඩොක්කුවේ දමාගෙන ඉන්නේ...
nimal Tuesday, 04 June 2019 03:39 PM
ජයා සමග තරමක් එකඟයි. මේ වේලාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු වුවත් බොහෝ අය හැඟීම්වලින් වැඩකරන බව පේනවා. අන්තවාදීන් පරාජය කළ යුතුයි. නමුත් සාමාන්‍ය ජනයා අන්තවාදයට ඇද දැමීමද වැළැක්විය යුතුයි. යම් ජන කණ්ඩායමක් අනවශ්‍ය පීඩාවකට ලක්කළොත් ඔවුන් වඩාත් සංවිධානාත්මක වනු ඇත. එය විනාශකාරී සංවිධානයක් වුවහොත්... අප්‍රේල් 21 ප්‍රහාරය අහිංසක ජනතාව මත එල්ල කළ නින්දිත ප්‍රහාරයක්. එය වෙනත් අන්තවාදී කණ්ඩායම්වලට පිරිස් බලය වැඩි කර ගැනීමට සහ තම මතවාද පැතිරවීමට හොඳ පසුබිමක් සපයා ඇති බවද පැහැදිලියි.
ranjith Tuesday, 04 June 2019 04:03 PM
මේ වගේ ඉහළ තනතුරුවලට රටම පිළිගත් උගත්තු නම් කළා නම් නේද හොඳ? ඡන්දෙන් පත්වෙනවා නම් ගැටළුවක් නෑ. පත්කරන කොට ඉහළ තනතුරකට ජාති බේධ වැඩක් නැහැ. උගතුන් පත්කළ යුතුය. එතකොට ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ. පළාතේ ප්‍රධාන ලේකම් තුමාටත් ඉහළින් නේද? ඉතින් හැම දෙනාටම වඩා සුදුසු උගතෙක් නේද පත්කළ යුත්තේ? මේ දේශපාලනේද පන්දම්කාරයෝ පත්කරන එක නේද ගැටලුව වෙලා තියෙන්නේ? අලෙවි මව්ලානා මහත්තයත් බොහෝ කාලයක් හිටිය නේද? එතුමා රටම පිළිගත් චරිතයක් ඉතින් කවුරුත් කතා කරාද? නෑනේද? එතුමා බුද්ධිමත්... මේ වැඩ නිසා රට අවුලෙන් අවුලට පත්වෙනවා. අපේ දරුවන්ට නේද රටක් නැතිවෙන්නේ?