IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


බස්නාහිර පළාතේ හොඳම සාරිය

මැහුම සහ ගෙතුම ඇගේ ආත්මයයි. ඇට ඊට අවංක යැයි හැඟේ. ඇය ඊට සාපේක්ෂ යැයි හැඟේ. ඇය මෙතෙක් කළ කී දේ සියල්ල වෙතින් එය අතිශයෝක්තියකින් තොරව ප්‍රකාශ කළ හැකිය. මැහුමට - ගෙතුමට පමණක් නොව එම අංශයේ උපදේශකවරියකල ගුරැවරියක ලෙස ද කටයුතු කරමින් ඇය පැමිණි ඒ ගමනට වසර 25 ක් හෙවත් රිදී ජුබිලියකි. ඒ ගමනේදී ලද සම්මාන ද  බුහුමන් ද බොහෝය. ඒ සම්මාන, ගරුනාමල බුහුමන් මැද ගෙත්තම් කලාවට අරැතක් එක් කරන ඇය චාන්දනී රාජපක්ෂ නමින් මෙම කේෂ්ත්‍රයේ බොහෝ කාන්තාවන් හඳුනන චරිතයකි. අද සඳැල්ල 2012 මුල්ම කවරයට පෙනී සිටින සුමුදු ඇඳ සිටින අපූරැ සාරි නිර්මාණයෙහි නිර්මාණ දායකවරිය වන්නේ මේ කියන චාන්දනීය. ඒ නිර්මාණශීලි සිතුවිලි අපි මොහොතකට අවදි කරමු. "ක්ෂේත්‍රයට පිවිසිදා සිට එකම දේ කරන්න මට ඕන වුණේ නැහැ. නිරන්තරයෙන් අලුත් දේ කිරීම අරමුණ වුණා. පැච් පොයින්ට් කලාව අරඹන්නේ ඒ අදහස්වලට අනුවයි." ඒ කලාව උපයෝගී කරගත්තේ? අපේ දේශීය සාරි කලාවට අලුත් හැඩයක් ගෙනදීමේ අරමුණින්ල වටිනාකමක් ගෙනදීමේ අරමුණින් තමයි මෙය ආරම්භ කළේ. කොහොමද මේ නිර්මාණ කටයුතු සිදුවන්නේ? මේ රෙදි සඳහා යොදාගන්නේ අපේ අත් යන්ත්‍රවලින් නිමැවෙන දේශීය රෙදිග අත් යන්ත්‍ර නිර්මාණ බොහෝදෙනෙක් විශේෂ අවස්ථා සඳහා තෝරාගන්නේ නැහැ. ඒ නිසා ඊට කළඑළියක්, නවතාවක් දෙන්න මට ඕනෑ වුණා. ඒ අලුත් අදහස් මල්ඵල ගන්වන්න තමයි පැච් පොයින්ට් කලාව හඳුන්වා දුන්නේ. අත්හදා බැලීමක් ලෙස මුලින්ම මම මෙය කළේ අමු රෙදිවලට. පසුව අපි හිතුවට වඩා මෙය ජනතාව අතර ජනප්‍රිය වුණා. මෙහි විශේෂත්වය වන්නේ එක් නිර්මාණයක් එක් අයෙකුට විතරක් සීමාවීමයි. මේ නිසාත්, සුලභ බව වෙනුවට දුලභ බව නිසාත්, නව මුහුණුවර නිසාත් මෙය බොහෝ ජනප්‍රිය වුණ. ඉතින් මගේ රටට මම යමක් කළා නේද කියන අප්‍රමාණ සතුට තමයි අද මට තියෙන්නේ. එසේම මේ සියල්ල අපේ රටේ අමුද්‍රව්‍ය යොදා නිම කිරීම නිසා ශ්‍රී ලාංකීය නිර්මාණයක් ලෙස ලෝකයට හඳුන්වා දීමට පුළුවන්. ඕනෑම අවස්ථාවකට මෙම නිර්මාණ ගැලපෙනවද? ඔව්ල ඕනෑම තැනකට සුදුසු ලෙස විවිධත්වයෙන් තමයි අපි නිර්මාණ කරන්නෙ. ඔබට මෙවැනි නිර්මාණ සඳහා සම්මානයක් ලැබුණා. ඒ ගැනත් කතා කළොත්? මේ නිර්මාණ කලාව අපේ ශ්‍රී ලාංකීය කාන්තාව හරහා ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව මුලින්ම මේ ගමන පටන් ගත්තේ  අපේ ගරු ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මැතිනියට නිර්මාණයක් පිළිගැන්වීමෙන්. එය සාර්ථක අඩිතාලමක් වුණා. පසුව අපේ කාන්තා පරපුර මේ නිර්මාණ කලාව ගැන කතා කරන්න පටන් ගත්තා. තරගකාරී ගමනට අවතීර්ණ වුණේ ජාතික ශිල්ප සභාවේ ‍"ශිල්ප" නිර්මාණ දැක්ම සමගයි. ගියවර බස්නාහිර පළාතෙන් තුන්වෙනියා වුණා. (තරගයකට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාවේදීම). 2011 දීත් වෙනත් ආකාරයක නිර්මාණයක් ඉදිරිපත් කළා. එහි දී බස්නාහිර පළාතෙන් පළමු ස්ථානයත්, ජාතික සම්මාන ප්‍රදානයේදී ජනාධිපති කුසලතා සහතිකයකුත් හිමි කර ගත්තා. මේ ගැන වැඩි විස්තර සඳහන් කරනවා නම්, චාන්ඩ්ස් එක්සෙලා ස්කූල් ඔ‍ෆ් හෝම්ස් ඇන්ඩ් ටෙක්නොලොජි යන ඒ පාසල වෙතින් සහ ශිල්ප සභාවේ ශිල්ප ගම්මානයේදීත් මේ නිර්මාණ ගැන විස්තර දැනගත හැකියි. ඊට අමතරව පුහුණු මධ්‍යස්ථානයකුත් ආරම්භ කිරීමට (ජනකලා හිදී) කටයුතු සකසා තිබෙනවා. වැටි - වැටි නැගිට ආ ඒ ගමන සඳහා මට බොහෝ දෙනෙක් උදව් කළා. ඒ අයවත් සිහිපත් කරන්න කැමතියි. ඒ අතරින් ශිල්ප සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය චන්ද්‍රමාලි ලියනගේ සහ සභාපති බුද්ධි කීර්තිසේන මහතා සුවිශේෂී සහයක් ලබාදුන්නා. ජනකලා කේන්ද්‍රය අංක 2 කුටියේදී මා සහ මේ නිර්මාණ ගැන විමසීමට පුළුවනි. 0112 486 242  අංකයට කතා කර වැඩිවිස්තර ලබාගන්න පුළුවනි.

සටහන/ඡායාරුප - සඳුන් ගමගේ
 



අදහස් (0)

බස්නාහිර පළාතේ හොඳම සාරිය

ශෂී Monday, 02 January 2012 09:15 PM

හොද වැඩක්. ගොඩක් ලස්සනයි. අපෙන් සුභපැතුම්

:       0       0

ශෂී Monday, 02 January 2012 09:12 PM

හොද වැඩක්, ගොඩාක් ලස්සනයි. මගෙන් සුබ පැතුම්

:       0       0

ක්‍රිෂ් Wednesday, 09 January 2013 11:45 AM

ඇත්තෙන්ම හරිම කලාත්මකයි. ඔබේ හැකියාවන් තව තවත් දියුණු වේවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 935 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 421 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 594 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1499 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 879 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 5000 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 600 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site