IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බසයක් දුම්රියේ ගැටී මෝටර් රථයකත් වැදිලා: තුනක් රෝහලේ

(මඩුකන්ද  සිතුම් චතුරංග)

කිලිනොච්චිය අරවියල් නගර් ප්‍ර දේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් කන්කසන්තුරය සිට වවුනියාව දක්වා ධාවනයවූ ‘යාල් රාණී‘ දුම්රියේ ගැටී විසිවී තවත් මෝටර් රථයක ගැටීමෙන් අද (20)  තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.

එම දුම්රිය වවුනියාව බලා යළි ධාවනය කිරීමේදී ඕමන්ත ප්‍ර දේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී තවත් මෝටර් රථයකද ගැටී අනතුරක් සිදුව ඇති බව ඕමන්ත පොලිසිය පැවසීය.

කිලිනොච්චිය අරවියල් නගර් දුම්රිය ස්ථානය අසලදී සිදුවූ අනතුරින් ලංගම බස්රථයේ සිටි තිදෙනකු තුවාල ලබා ඇති අතර කිලිනොච්චිය ඉංජිනේරු පීඨයට අයත් මෝටර් රථයක් බව ද පොලිසිය කියයි.

පොලිසිය පැවසූයේ අපරික්ෂාකාරි ලෙස බස්රථය දුම්රිය හරස්මාර්ගය ඔස්සේ ගමන් කිරීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරටපත් බස්රථය පීඨාධිපතිවරයාගේ මෝටර් රථයේද ගැටී ඇති බවත්ය.

අනතුරින් පසු යළි ධාවනය කළ දුම්රිය ඕම්න්ත ආනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී තවත් මෝටර් රථයක ගැටී ඇති බවත් එම අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවද පොලිසිය පැවසීය.

සිදුවූ අනතුරු සම්බන්ධයෙන් කිලිනොච්චිය රථවාහන පොලිසිය හා ඕමන්ත රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

බසයක් දුම්රියේ ගැටී මෝටර් රථයකත් වැදිලා: තුනක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2088 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 493 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 996 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5553 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 730 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4428 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site