IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


බැසිල්ට ආයතන 51 ක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට බාර දුන් මුදල් ඇමති ධුරයට අදාළ මුදල් අමාත්‍යාංශයේ විෂය පථයට ආයතන 52 ක් ඇතුළත් කරනු ලැබ ඇත.

එම අමාත්‍යාංශයට අදාළ විෂය පථය ගැසට් නිවේදනයක් මගින් පෙරේදා (7) ප්‍රකාශයට පත් කෙරිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කළේය.

ගැසට් නිවේදනයේ සඳහන් වන අන්දමට එම අමාත්‍යාංශයට අයත්වන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා ආයතන පහත පරිදි වේ.

01. භාණ්ඩාගාර කටයුතු

* මහා භාණ්ඩාගාරය

* රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

* ජාතික අයවැය දෙපාර්තමේන්තුව

* කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව

* විදේශ සම්පත් දෙපාර්තමේන්තුව

* රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව

* භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව

* රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව

* වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව

* තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව

* නීති කටයුතු දෙපාර්තමේන්තුව

* කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව

* සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව

02. රාජ්‍ය ආදායම් කළමනාකරණ කටයුතු‍

* දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

* ශ්‍රී ලංකා රේගුව

* සුරාබදු දෙපාර්තමේන්තුව

* ජාතික ලොතරැයි මණ්ඩලය

ජාතික ලොතරැයි මණ්ඩලය

* සංවර්ධන ලොතරැයි මණ්ඩලය

* ආනයනය හා අපනයන පාලන දෙපාර්තමේන්තුව

03. බැංකු මුල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රතිපත්ති හා නියාමන කටයුතු

* ශ්‍රී ලංකා මහබැංකුව

* සියලුම රාජ්‍ය බැංකු, මුල්‍ය, රක්ෂණ හා ඒවායේ පාලිත සමාගම් රක්ෂිත මණ්ඩලය

* ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය

* ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පාලිත සමාගම් සහ අනුබද්ධ සමාගම්

* ණය තොරතුරු කාර්යාංශය

* සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව

* ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම

* ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව

04. අරමුදල් ප්‍රතිපාදන

* ලෝහෝර් ආර්යා අරමුදල

* වර්ජන, කෝලහාල, සිවිල් කලබල හා ත්‍රස්තාවදය පිළිබඳ අරමුදල

* ජාතික රක්ෂණ භාර අරමුදල

* සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල

* ශ්‍රම වාසනා අරමුදල

* ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල

* වකුගඩු අරමුදල

* තේ ශක්ති අරමුදල

* කප්රුක අරමුදල

* රාජ්‍ය සේවා විශ්‍රාමිකයින්ගේ භාර අරමුදල

* බුද්ධ ශාසන අරමුදල

* බෞද්ධ පුනරුද අරමුදල

* සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදල

* දේශීය ණය සහ සංවර්ධන අරමුදල

* නිමැයුම්කරුවන්ගේ අරමුදල

* තුරුසවිය අරමුදල

* මධ්‍යම සංස්කෘතික අරමුදල

05. ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමඟ ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන

* විදුලි සංදේශ දෙපාර්තමේන්තුව

* වනජීවි භාරය

* ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය

* අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව

* මාංශ භෝග හා ධාන්‍ය පර්යේෂණ සහ නිෂ්පාදන අධිකාරිය

* සීමාසහිත ජනතා ෆර්ටිලයිසර් එන්ටර්ප්‍රයිසස්

* දරුවන් සුරකිමු ජාතික භාර අරමුදල

 



අදහස් (40)

බැසිල්ට ආයතන 51 ක්

Prabha Thursday, 08 July 2021 03:18 PM

සියලුම ආදායම් ලබන ආයතන බැසිල් යටතට කිව්වා නම් හරි...

:       88       348

siripala Thursday, 08 July 2021 04:33 PM

බැසිල්ට ආයතන 51 ක්, රාජපක්ෂලාට සියලු කැබිනට් ඇමැති තනතුරු සියල්ල ලබාදීම කරන්න එකම පවුලේ කැබිනෙට්ටුව අනෙක ඈවර කිරීමට බලාපොරොත්තු වන ආයතන අතරට දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළත් කරන්න...

:       0       23

Senevi Thursday, 08 July 2021 03:20 PM

ඉතුරු ටික අනිත් දෙන්නට. ඉඳුල් ටික ඉතුරු අයට. 69 ලක්ෂයක අභිප්‍රායනේ ඉතින්...

:       265       1446

මුණසිංහ Thursday, 08 July 2021 03:22 PM

මම නම් කියන්නේ ආයතන කොපමණ තිබුණත් කමක් නැහැ. වංචා දූෂණ කිසිවක් නැතිව හරියට වැඩේ කෙරෙනවනම්.

:       1404       522

සෙනෙවිරත්න Thursday, 08 July 2021 04:04 PM

කලින් ආදර්ශය දීලා තියෙනවනේ. අනේ අපිට වෙච්චි දෙයක්. මේ පවුලෙන් කවදා ගැලවෙන්නද?

:       525       1733

මුණසිංහ Friday, 09 July 2021 06:55 AM

පවුල් බලය කියන එක ලංකාවේ දේශපාලනය තුළ මුල් බැහැගෙන තිබෙනවා. රාජපක්ෂ පවුල ඒ අතුරින් ප්‍රමුඛතාව ලබා තිබෙනවා. බණ්ඩාරනායක, ජයවර්ධන, ප්‍රේමදාස විතරක්ම නෙවෙයි. අද පාර්ලිමේන්තුවේ පිය පුතු කී දෙනෙක් ඉන්නවාද.. එ් නිසා පවුලේ දේශපාලනය නෙවෙයි වැදගත් වෙන්නේ.., ඔවුන් කරන දේ ගැන. දේශපාලනයට ඇවිත් අවංකව රට වෙනුවෙන් ඉන්නවා නම් මුළු පරම්පරාවම හිටියත් කමක් නැහැ... නමුත් දේශපාලනයට එන්නේ තමන්ගේ වත්කම් වැඩි කරගන්න නම් එවැනි අය අතුගාලා දාන එක ජනතාවගේ අතෙහි තියෙන වැඩක්...

:       248       3

VithanaFriday, 09 July 2021 09:17 AM

ඔය ආයතන විතරක් නෙවෙයි අනිත් ආයතනත් පාලනය කලේ එයා තමයි තිරය පිටිපස්සෙ ඉඳන්.

:       4       166

Chris Thursday, 08 July 2021 03:35 PM

ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ ආර්ථික ඉතිහාසයේ, ඒ වගේම නිදහස යන සත්වයාට වඩාත්ම අවශ්‍යම මානව අයිතිවාසිකමේත්... මෙතෙක් කිසිම දිනක අත්නොවිඳි අඳුරුම, අවාසනාවන්තම, අභාග්‍යමත්ම, මර්දනකාරී යුගයේ ආරම්භය අද දින සිට පටන්ගත් බව මම මේ කෙටි සටහනින් මෙසේ ලියා තබන්නම්. මිනිසුනේ.. ඔබ විසින්ම ඔබේ ගෙලට තොණ්ඩුව දමාගත්තේ ඇයි...?

:       383       1022

Dhammika Thursday, 08 July 2021 03:40 PM

අරමුදල්ම 17ක්, බලමුකො ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

:       171       572

සනත් ගමගේ Thursday, 08 July 2021 04:07 PM

එක මවකගෙ දරු කැල බැවිනා.... යමු යමු වී නොපමා..... යනුවෙන් අපේ ජාතික ගීයේ සඳහන් ගී අණු ඛණ්ඩය ඇසෙනවිට අපේ සිත්වල මෙතක් උපන්නේ එක අම්මගේ දරුවන් වගේ රටේ අපි පමා නොවී ඉදිරියටම පියවර තබමු යනුවෙනි. එහෙත් අද වනවිට එයට වෙනස් වූ සිතුවිල්ලක් අපේ සිත් තුළට ඇතුල් වන්නේ එක අම්මගේ දරුවන් 04 දෙනෙක් අපේ රටේ ජාතික වගකීම ඉටුකරන්නට ඉදිරිපත් වී ඇති යුගයක් වීමයි. ආනන්ද සමරකෝන් සූරීන් එදා මෙම පද වැල් ලියනවිට එක අම්මාගේ දරුවන් 04 දෙනෙක්ම එක්වර මේ රට පාලනය කරයි කියා සිතන්නට නැතිව ඇති. චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ. යන පුත් රුවන් මෙළොවට බිහිකල ඒ උත්තරීතර මව්තුමිය කෙතරම් වාසනාවන්තද? මේ වාසනාවන්ත උරුමය මේ රටේ කිසිදු දේශපාලන පවුලකට මෙතෙක් උරුම කරගැනීමට නොහැකිවිය. ඒ වාසනාවන්ත උරුමයේ ප්‍රතිඵලයත් මේ රටේ ජනතාවට අත්පත් කරදීම සිව් පුතුන්ගේ වගකීම වන හෙයින් දේශපාලන ඇසකින් තොරව අපි ඒ දෙස බලා සිටිමු...

:       1615       127

chithralThursday, 08 July 2021 04:28 PM

රටේ මිනිස්සු කන්න ගියාම, උදේ, හවස " ආදරයෙන් " මතක් කරනවා.

:       1       10

saliThursday, 08 July 2021 10:14 PM

එම දෙමව්පියන් සමරන්න ගමක් ගමක් ගානේ... සොහොන් ස්මාරක හැදුවත් වරදක් නැත.

:       151       32

sharm warnFriday, 09 July 2021 08:46 AM

ඇත්තටම විකාරද? අවුරුදු 02ක් ඇතුළතදීම භාණ්ඩාගාරේ හින්දා. ආර්ථිකය ගැන මුකුත්ම දන්නේ නැතිනම් දැන්වත් ටිකක් ඉගෙන ගන්න. අපේ රටට ආර්ථික සම්බාධක අමුතුවෙන් පනවන්න වෙන්නේ නැහැ. අපේ මහ අයට පින් ලැබෙන්න අපිම ඒ ටික කරගෙන කියලාවත් පිළිගන්න. ඔයාලගේ වේයන් ගහපු හාල්මෝල් වලට පින් සිද්ද වෙන්න මේ රට නැත්තටම නැතිවෙන්න යන්නේ. තව වන්දිභට්ට කතා කියන්නත් එනවා. කරන්න තියෙන ලොකුම ජාතික අපරාධයත් කරලා...

:       1       164

නිලුපුලී ලංකාපුර Thursday, 08 July 2021 04:16 PM

සංවර්ධනයේ සෙන්පතියාණෙනි, ඔබටයි මේ සුභාශිංසන. සමස්ථ අධිකරණ නිලධාරින් වෙනුවෙන්....

:       1164       236

VithanaFriday, 09 July 2021 09:14 AM

නියමයි. සුබ පැතුම්.

:       27       2

amarasiri vidanage - uae Thursday, 08 July 2021 04:23 PM

විදේශවල සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයිනේ. ඔබේ මුදල් නීත්‍යානුකූල ලෙස මේ රටට එවීමෙන් වළකින්න. හැකි පමණ උන්ඩියල් ක්‍රමයට එවීමෙන් ඔබේ ලාභය වැඩිකර ගන්න. බැංකුවල විශාල ලෙස මුදල් තැන්පත් කිරීමෙන් වළකින්න. කොයි මොහොතක හෝ මුළු බැංකු පද්ධතියම කඩාවැටෙන එක වළක්වන්න අමාරුයි.

:       331       1762

Suresh Thursday, 08 July 2021 04:27 PM

බැසිල් රට සුරපුරයක් කරනවා නියතයි.

:       841       186

VithanaFriday, 09 July 2021 09:13 AM

දැන් කරලද තියෙන්නේ? 2005-2015 දී කලාද? සුරපුරය කෙසේ වෙතත්??

:       2       225

aseFriday, 09 July 2021 11:28 AM

කාටද මේවා දෙන්නේ?

:       0       5

lakshitha ranawaka Thursday, 08 July 2021 04:38 PM

මරු ඈ... එහෙනම්..!!!

:       0       0

Don perera Thursday, 08 July 2021 04:41 PM

මෙච්චර මීහරක් ඉන්න රටක් මම නම් දැකලා නැහැ.

:       0       1

Nuwan Thursday, 08 July 2021 04:45 PM

අරමුදල් බාර දුන්නොතින් ඉතින් ආයේ සුපිරිම තමයි...!!!

:       0       3

විජේ Thursday, 08 July 2021 04:59 PM

කලින් කරපු පව් හෝදගෙන ගොඩයන්න මෙයිටත් වඩා අවස්ථාවක් එන්නේ නෑ බැසිල්. බෑ කියලා බෑ, මේ පාරනම් කොහොමහරි සිල් ගන්නම ඕනේ බැසිල්..

:       0       0

Gayan Randeniya Thursday, 08 July 2021 05:30 PM

වරදවා වටහා ගන්න එපා. මේකට සම්බන්ධයක් නැහැ. මට මතක් වුණා. කාටද මන්දා කුකුල් කොටුවක් බාර දීපු සිද්ධියක්...

:       0       12

san Thursday, 08 July 2021 05:42 PM

2015 නාගත්තා වගේ නැවත නාගන්න වගේ හදන්නේ...

:       0       123

pradeepa Thursday, 08 July 2021 05:51 PM

අම්මේ බැසිල් මල්ලිට තියෙන ආධාරය, ලොකු අයියගේ සෙල්ලම් බඩු ටික පොඩි මල්ලිට.., අයියලාගේ ගෙදර වගේ දැන් රට කියන්නේ...

:       0       146

surath Thursday, 08 July 2021 06:07 PM

එයාලා දක්ෂ කොහෙන් හෝ ලැබෙන මුදල් වලින් වැඩ කිරීමට සහ කොටසක් යටිමඩි ගසා ගැනීමට... තුන් බෑ ජටිලයෝ...

:       3       270

ගමේ එකාලා Friday, 09 July 2021 02:32 PM

මොන තුන්බෑයින්ද? ඔක්කොම මකබෑවිලා යන්න ඕනෑ. සහෝදර සමාගම, පුතාලා, නෑයින්...!! සිවුපාවුන් විතරයි අඩු.

:       0       142

සංහිද Thursday, 08 July 2021 06:14 PM

අනාගත ජනාධිපතිතුමාට ජයවේවා...!!!

:       420       36

siri Thursday, 08 July 2021 09:38 PM

රජයේ ආයතන 270 න් 156ක්ම එක පවුලකට. ආර්ථිකය සහ පරිපාලන අංශයන්ගෙන් 57%ක්ම එක පවුලක් සතුයි. බලමු රට හදන හැටි...!

:       0       0

වර්ණකුලසූරිය Thursday, 08 July 2021 10:02 PM

අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැති ලෝකයේ එකම තනතුර ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිකමද? දූෂණ වෝදනා තිබීම, වලව්වක උපත ලැබීම, අයිතිකරුවෙක් නොමැති නිවසක හිමිකරුවෙක් වීම, රජයක් මාරුවෙන කොට වෙන රටකට පලායාම, 10% ක කොමිස් ලබන්නෙක් වශයෙන් රටවැසියාගේ හැඳින්වීම... පරම්පරාවම ජනාධිපති, අගමැති, සහ ඇමතිවරු වීම... මේ වගේ සුදුසුකම් හොඳටම සෑහේද?

:       0       15

විජිත් Friday, 09 July 2021 03:54 PM

රාජපක්ෂලා වලව්වක උපත ලැබීම නිවැරදි කරන්න. ඔය රාජපක්ෂලා වලව්කාරයින් නොවෙයි. හම්බන්තොට පැත්තේ වලව්වල වැඩකරපු ගම්බාර පවුලක්. මහින්ද රාජපක්ෂ බලයට ඇවිත් පළමු අවුරුදු 5 ඇතුළත තමයි මුලින්ම මෙය ජනගත කලේ. එදායින් පසු හැම කෙනෙක්ම ඔය වලව් කතාව ලිව්වා. මැදමුලන මහගෙදර මැදමුලන වලව්ව වුණා. සම්ප්‍රදායික වලව් වල අය මේ රාජපක්ෂලාගේ "පැටිකිරිය" හොඳින්ම දන්නවා...

:       1       23

කොඩී Friday, 09 July 2021 01:11 AM

මේ දක්වාම කරපු හැම දෙයක්ම නැති වුණා.. අනාගතයක් නෑ. අවිනිශ්චිතයි. කොයි මොහොතේ විනාශයක් වෙයිද දන්නේ නෑ කියලා හිතෙන්නේ මට විතරද?

:       1       48

Sri Lanka Friday, 09 July 2021 02:42 AM

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වා දැන් 51 ක් කරනනේ කොහාමද

:       0       36

Vithana Friday, 09 July 2021 09:10 AM

වටිනා කියන ඔක්කෝම ටික දීලා තියෙනවා එකක්වත් මග හැරිලා නෑ.

:       3       24

සිසිර Friday, 09 July 2021 02:27 PM

මේ ක්‍රම හින්දා තමයි රට වලපල්ලට යන්නේ... එක මිනිහෙක් කොහොමද ආයතන 51ක වැඩ කටයුතු කරන්නේ... මේ විදිහට නාමමාත්‍රිකව තමන්ගේ හෙන්චයියන්ට රස්සා දෙන එක තමයි මේකෙන් වෙන්නේ. තවත් රටට බරක් වියදමක්. මහින්ද මහත්තයාගේ පළමු අවුරුදු පහේ අඩුම ගානේ යුද්ධය හරි ඉවර වුණා කියමුකෝ. දෙවන ජනාධිපති කාලසීමාවේදී කොමිස් වලින් ආදායමක් නැති පුහු ව්‍යාපෘතිවලින් රට බංකොලොත් වෙන්න පාර කැපුවා. එතකොට බැසිල් තමයි ආර්ථිකය පාලනය කළේ පී.බී. ජයසුන්දර සමග දැන් ඊටත් වඩා රටට කෙළවෙන එක වෙන්නේ...!!!

:       0       56

sampath Friday, 09 July 2021 03:30 PM

ඔයතරම් විශාල ආයතන ගණනාවක් පාලනය කරන්න සුදුසු පුද්ගලයින් සොයාගන්න එකනම් ලේසි වෙන්නේ නෑ. ඔය ළඟ ඉන්න, වටේ ඉන්න බොහෝ දෙනා නිකන් පප්පලා විතරයි. මවලා පෙන්වනවා... වැඩේ කරන්නේ නැහැ. හැම තැනකම දැන් වෙන්නේ ඒකයි.

:       0       13

මරාSaturday, 10 July 2021 08:22 AM

එහෙම කියන්න එපා... නිශාන්ත මල්ලිත් දැන් කල එළි බැහැලා ඉන්නේ.. ශ්‍රී ලන්කන් එක වගේම තව ආයතනයක සභාපති වුණාම පවුලම ගොඩ..!!!

:       0       0

විජිත් Friday, 09 July 2021 03:59 PM

කතාවක් තියෙනවා " දෙවියන්ට යමෙක්ව විනාශ කරන්න ඕනෑ වූවිට ඔහුව පිස්සු වට්ටනවා.." කියලා. අද රාජපක්ෂ හොර රැලටම පිස්සු හැදිලා තියෙන්නේ. " ඉතිරි වැඩ ටිකත් " තව ටිකදවසකින් සිදුවේවි. එය ස්වභාවිකව සිදුවේවිද? නැතිනම් රටේ මහජනතාවගේ අතින් සිදුවේවිද කියලා අපි බලාගෙන ඉඳිමු.

:       0       29

san Friday, 09 July 2021 08:37 PM

වැඩිහිටියෝ .. වතුපිටි, කුඹුරු අවුරුදු 99ක් බදු දීලා දරුවන්ට යමක් ඉතුරු කළේ නැතිනම්. මොනවා වෙයිද? අපේ රටේ අනාගත දරු පරපුරට දෙවියන්ගේම පිහිටයි.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්
2024 නොවැම්බර් මස 26 8 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ


කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
2024 නොවැම්බර් මස 26 18 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර


නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්
2024 නොවැම්බර් මස 26 429 0

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
2024 නොවැම්බර් මස 26 398 0

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා


ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය
2024 නොවැම්බර් මස 26 223 0

ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ


පරිපූරකය වියදම් කරන්නේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 26 474 0

වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2082 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site