බහරේන් රජයේ කතානායක කලීෆා බින් අහමඞ් අල් දහරනී මහතා ඇතුලූ පාර්ලිමේන්තු දූත පිරිසක් සිව් දින නිල සංචාරයක් සඳහා අද අළුයම දිවයිනට පැමිණියහ.
මේ අතර බහරේන්හි මහජන සහ පාරිසරික පහසුකම් ප‍්‍රධානී හුසේන් ෂලීම් මහතා ද වෙයි.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා විසින් මෙරටට පැමිණි බහරේන් කතානායකවරයා ඇතුළු දූත පිරිස උනුසුම් අන්දමින් පිළිගත්තේය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සංචාරවේ අරමුණ වේ. මොවුහු මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, කතානායක චමල් රාජපක්ෂ, විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් හමුවීමට නියමිතය.
කණ්ඩලම, සීගිරිය, මහනුවර සහ පින්නවල යන ප‍්‍රදේශවල සංචාරය කිරීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුකිරි නන්දන සේනාව හැංගෙනවා. මොකද මේ අයත් කතාකරන්න සේනාවේ ඇත්තන්ට දැනුම මදි.(නදී)
සාදරයෙන් පිලි ගන්නවා (දී)
බහරේන් කියන්නේ අවුරුදු 4,000 ක ඉතිහාසයක් තියෙන රටක්. දෙල්මොන් සිස්ටචාරය 2000 බී සී., ඒ උනාට රට කන්න හදනවා, බී බී සී කාරයෝ බොරු පතුරවල. කුමාර්.
මේ අයට සීගිරිය වෑනි බෞද්ධ ප්‍රදේශවල සංචාරය තහනම් කල යුතුයි.(නදී)
ජීවන්, ඔවුන් තමුන්ගේ තරාතිරම අනුවයි එසේ ආචාර කරගන්නේ (නි)
ඇයි අපේ සේනාවේ නියෝජිතයෙක් යැවුවේ නැත්තේ එතුමාව පිළිගන්න? (නි)
වරුණ සහෝදරයා, මේ උදවිය සිනහ වෙන්නෙත් නැමෙන්නෙත් හරි දේටයි. සිනාවෙන් හෝ කථාවෙන් බැහැ මනින්නට මිනිසා කියනවානේ. (නි)
මේ කට්ටිය විදුලි බිල වැඩි කරන විවාදය බලන්න ගෙනියන්න පාර්ලිමේන්තුවට. (නි)
දෙයියෝ සාක්කි! කෝ බොලේ ගුවන් තොටුපොලේ එලන රතු පලස? අතපසුවීමකින් අමතක වුණාවද්ද? (නි)
කට්ටිය මෙතුමා ආවට අකමැති නම් අපේ සේනාවකට කියන්න. (නි)
තමන්ට තියෙන විදියට කන්න අදින්න ඕනෑ නැහැ. ඕනෑ වෙන්නේ ප්‍රමිතියකට ජිවන රටාවක් ගොඩ නැගීම. ඒක රජයේ වගකීම.හදට යන කාලෙත් දඹුල්ලේ එළවලු විසි කරනවා , ඒත් සමහරුන්ට සමබල ආහාරයක් ගන්න වත්කමක් නැහැ. (නි)
ඔය හැමෝම වහල් සේවයට ගෑනු යවන එක ගැන කියවනවා. ඇයි හිතන්නේ නැත්තේ ගෑනු අරාබි රටවල වහල් සේවයට යන්නේ පිරිමින්ගේ වරද නිසා කියලා. අපි දැනගන්න ඕනෑ අපේ ගෑනු අපි ළග තියාගන්න. තියෙන දෙයක් කාලා බිලා අපිට තියෙන හැටියට දරු පවුල් රැකගෙන ඉන්න. ඒකට රජය පළි නැහැ. (නි)
අනේ අපොයි දැන් මොක කරන්න බැරිවුනත් සේනාව වගකියන්න ඕනා.(නදී)
පාල, මම කිව්වේ නැහැ මෙයාලට නැවෙන්න එපා කියලා. මම කිව්වේ ලංකාව වෙනුවෙන් නියෝජිතයෙක් ගුවන් තොටුපලට ගියාම නිකන් ගමේ ගැමියෙක් ගිය වගේ නෙවේ රාජ්‍යතාන්ත්‍රිකව පිළිගන්න කියලා. ආයුබෝවන් කිව්වට කමක් නැ එක අපේ විදිය. ඒත් අතට ඇත දෙද්දී ඒක සුද්දගේ විදියට දෙන්නේ නැත්නම් නොදී ඉන්න. අරාබි ජාතිකයෝ අතට ඇත දෙන්නෙත් ටිකක් පණ ඇති විදියට. මන් එක දන්නේ මාත් ඉන්නේ අරාබි රටකම නිසා.(නදී)
හල්ලෝ "වෙරෝනා චතුල" සීගිරිය හදපු කසුප් රජ ක්‍රිස්තියානී ධර්මය පිළිගෙන වැළඳ ගත්බව ඔයා දන්නේ නැද්ද ?, සීගිරියට බෞද්ධ උරුම කියන එක වැරදියි චතුල. (නදී)
කුමාර්ට අංගොඩ යන්න ඕනෑ නම්,ත්‍රීවීල් එකක් කතා කරලා දෙන්නම්, සම්මාදමක් දාලා හරි. හෙළ රජවරුන්ට අගෞරව කරන්න එපා (නි)
චතුල, එයාලට සීගිරියට යන්න උවමනාවක් නැහැ. (නදී)
ඇයි එයාලට මල්මාලා දාලා පිළිගන්න අපේ ලස්සන ගෑණු අය යවන්නේ? එයාලට ගෑණු 'ඇලජික්' නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අපේ නියෝජ්‍ය කතානායකට අමුත්තෙක් ඉදිරියේ වාඩිවෙන්න දන්නෙත් නැහැ. නිකන් මැර ක්‍රමයට ඉන්නේ හරියට පාතාල විරයෙක් වගේ. ඔබාමවත් මෙහෙම ඉන්නවා මම දෙකල නැහැ.(නදී)
අර අපේ ඇත්තෝ මේ ඇත්තන්ට වදින්නේ හරියට බුදු බිලිමයකට වදිනවා වගේ.(නදී)
අපි මහ ලොකු කතා කිවුවට අපි යැපෙන්නෙත් විදේශ විනිමයෙන්නේ. (නි)
නියෝජ්‍ය කතානායක තුමාට වැරදිලා කට්ටිය පිළිගන්න අයුබෝන් කියනවා. එත් එතුමාට අමතකවෙලා මුස්ලිම් ඇත්තෝ අයුබෝවන් කියන්නේ නැති බව.(නදී)
අය්යෝ අතට අත දෙන විදිය බලපල්ලකො අපේ නියෝජ්‍ය කතානයක තුමනි, මෙයාලට වැඩිය යටහත් පහත් බවක් පෙන්වන්න එපා. (ස)
වහල් සේවෙට ගෑනු එකතු කරන්නනම් එපා (ස)
දෙකට නැමිලා අත දෙන්නේ. ආදරය බලා ගෙන වෙන්න ඇති.(නදී)
බහරේන් රට පුංචි රටක්. දවසින් මුළු රට වටේම වාහනයකින් ඇවිදලා රටේ සිරිය නරඹන්න පුළුවන්. නිදහස අතින් උපරිමයි. හැබැයි අපේ කාන්තාවන් යවන ගැන එක පමණක් කතා කරන්න එපා. (නි)
ඇයි මේ මිනිසුන්ගේ මුහුණේ හිනාවක් නැත්තේ. (නි)
මෙයාලනම් අවේ නැතත් කමක් නැ.(නදී)
ගොඩක් අරාබි ජාතිකයින් ආචාර කරන්නේ මුහුණ සහ නාසයට නාසය තබා කියා මම අසා තිබෙනවා. (නි)
වරුණ හරියට බලනවා පින්තුරු ටික. නිකන් හිනාවෙන්නේ පිස්සෝ කියලා දන්නේ නැද්ද? මෝඩ කතා කියන්න එපා (නි)
විරාජ් ඔබ හරි. (නි)
කෝ සේනාව.තම ඇමරිකාවේද... ? (ස)
ලංකාවට සාදරයෙන් පිලි ගන්නවා (දී)
මිනිසුනේ..., මේ සැපත් වෙලා තියෙන්නේ මේ රටට කන්න අදින්න දෙන(රැකියා හරහා) උත්තමයෝයි. (නි)
විරාජ් එහෙම කියන්න එපා. ලංකාවට බිලියන 6 විදෙස් ආදායම් එන්නේ මෙයාලගෙන්. කණගාටුයි එහෙම කිවුවට. නමුත් ඒක තමා ඇත්ත. (නි)
මෙයාලා අපිව රස්සා වලට බලෙන් ඇදගහන්නේ නැහැනේ අමිල. අපි නොදන්නවා වුණාට එයාලා ආරාධනාවකටද දන්නෙ නැහැනේ ආවේ. (නි)
වරුණ, අපට දැන් එන්නේ ඔහොම නායකයෝ තමා (නි)
බහරේන් වලත් ගිනි පුපුරු මතුවේගනයි එන්නේ. (නි)
ඇයි මේ එන රාජ්‍ය නායකයන් අපේ අළුත් මත්තල ගුවන් තොටුපලින් එන්නේ නැත්තේ? (නි)
"සුකිරි" ,වැදගත් දෙයක් ලියන්න. හැමෝටම රස විදින්න (නි)
මත්තල ගුවන් තොටුපොලට බස්සන්න තිබුණනේ. (නි)