බහරේන්හි හැදී වැඩුණු ශ්‍රී ලාංකික නිළියක බහරේනයේ මැනමා අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට මූලික වීයැයි බහරේනයේ ඉන්දියා ප්‍රවෘත්ති නාළිකාවක් කියයි.
ශ්‍රී ලංකාවේ උපන් ජැකලින් ෆර්නෑන්ඩස් එම නිළියයි.
ඇය ශ්‍රී ලංකා රජය සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් තානාපති කාර්යාලය ළඟදී විවෘත වීමට නියමිතය. මෙතෙක් එහි පැවතියේ කොන්සල් කාර්යාලයයකි. ගල්ෆ් දේශයේ ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඇය තානාපති කාර්යාලයයක් විවෘත කරවා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉහළම බලධරයන් සමග සාකච්ඡා කළ බවත් එම නාළිකාව පවසයි.
ජැකලින් සිය මව්පියන් සමග බහරේනයේ ජීවත්වන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදින් වැඩ කටයුතු කරගෙන යන්න (දී)
පරිස්සම් වෙන්න. සාගරිකා ගෝමස්ට වුන දේ මතකනේ. දේශපාලඥයින්ට ලංවුනොත් ප්‍රශ්ණ ඇති වෙයි.(නදී)
රකිත්, තානාපති කාර්යලෙයක් ඉල්ලීම විවිද වකවානුවල කරලා තියෙනවා. මේ ගැන ඉල්ලීමි කරලා දහස් ගනන් අත්සන් තැබූ ලියුමි සමග පාර්ලිමේන්තුවට පක්ෂ, විපක්ෂ නායකයෝ ඔක්කෝටම එවලා තියෙනවා. සාමූහික ඉල්ලීමකට හෝ තනි ඉල්ලීමකට ඒක වෙනවානම් හොදයි කියන එක තමයි මගේ හැගීම.(නදී)
වෙලිගම, ඉල්ලීම ඉටුවීම හොඳ බව පිලිගනිමි. නමුත්, සාමුහික ඉල්ලීම ඉවත දමා, නිළියකගේ තනි ඉල්ලීමකට අනුමැතිය දුන්නේ නම් එය වැරදියි.(නදී)
ජැකලින් මහත්මියට ස්තුති (දී)
උදය හරිම අසුභවාදීයි. (නි)
ඒක අමූලික බොරුවක්. එයාගේ කිසිම සමිබන්ධයක් මේකට නැහැ. බහරේන්වල ජනතාව වගේම රැකියා සපයන ආයතන වල ඉල්ලීම මත මමත් ඩිලාන් පෙරේරා ඇමතිතුමාත් ජනාධිපති තුමාට දන්වා මෙය ඉටු කළා. (සී.ඒ.එච්.එම් විජේරත්න, තානාපති කුවෙට්, බහරේන්). (නදී)
බහරේන් වලට තානාපති කාර්යාලයක් ලැබුන එක ගැන සතුටු යි . ඕක ඔච්චර කල් ගියේ එතන ලැගලා ඉන්න බහිරවයෙක් කාටවත් බහරේන් වලට එන්න දුන්නේ නැහැ.(නදී)
දයියා....... දයියා...(දී)
ඔබතුමියට තිබෙන උවමනාව අපේ ගොඩක් නිළධාරීන්ට නැහැ. (නි)
පෙනෙනවද කාන්තාවන්ට තියෙන බලේ.(නදී)
විදේශ ප්‍රතිපත්තියට හොදයි (දී)
ඉතා සන්තෝසයි (දී)
තානාපතිතුමනි, උත්තරේ නම් හොදයි. ඒ වුනාට පත්තර වාර්ථා වලට තනතුරට ගැලපෙන තැනක, ගැලපෙන උත්තරය ලිව්වා නම් මල් පහයි.(නදී)
ඔබ වැනි කාන්තාවන් රටට සම්පතක්. රූපය වගේම හදවතට හොද සිතුවිලි පහල පහල වීම ගැන ස්තුතියි.(නදී)
හරි හොද වැඩක්.(දී)
ජැකලින් ෆර්නෑන්ඩස් මා බෙහෙවින් කැමති අපේ ශ්‍රී ලාංකික යුවතියක්. ඇය බොහෝම කාරුණිකයි. ඒ වගේම හදවත මානුෂික ගතිගුණවලින් පිරිලා. රූමත් වගේම බොහෝම හොඳ පුද්ගලික ගතිගුණ ඇය සතුව තිබෙනවා.(නදී)
මම පුද්ගලිකව ජැකලින් ෆර්නෑන්ඩස් හඳුනනවා. ඇය බෙහෙවින් ශ්‍රී ලාංකික ගති ගුණ අගය කරන යුවතියක්. ඒ වගේම අනුන්ට උපකාර කිරීමට නිතර සිතන බොහෝ යහපත් චරිතයක්. බෙහෝ දෙනෙකු ඇයව දැන හඳුනන්නේ නිකම්ම නිකම් රූප සුන්දරියක් ලෙසයි. නමුත් මම ඇයම සමීපව දන්නා හඳුනන කෙනෙකු ලෙස ඇගේ රූපයට වඩා උසස් ගති ගුණ ඇය සතුට තිබෙන බව හොඳින්ම දන්නවා. මම හිතන විදිහට ඇය මෙරට ජීවත් වන ශ්‍රී ලාංකික යුවතියකට වඩා සිංහල බෞද්ධකම හා අපේ කම අගයන චාම් සිංහල බෞද්ධ යුවතියක්. මම ඇයගේ මේ ක්‍රියාව සෑම අතින්ම අගය කරනවා. (නි)
වැඩේ නම් හොදයි, හරියට කෙරෙනවා නම්. (නි)
ඔබතුමිය වගේ අය සදා අමරණීයයි. අපගේ සුභ පැතුම් . (ස)
ජයතිස්ස අරයටත් ඔහොම කියන්න ඇති. (නදී)
හොද උත්සාහයක්. (නි)
ඔබ තුමියට ගොඩක් පින්.(නදී)
ජාත්‍යන්තර සම්බන්දකම් පවත්වන කොට වැදගත් ආයතනයක් (දී)
ඔබට ස්තුති (දී)
ඔබතුමියගේ වැඩේ විශිෂ්ටයි. හැබැයි පරිස්සමින් හොදේ. (නි)
ඔබතුමියට ජේසු පිහිටයි! (නි)
ඔයා ඉල්ලනවා නම් මම ඉරයි හදයි දෙකම දෙනවා. (නි)
ඔබ තුමිය මේ වගේ ලංකාවේ සිනමාවත් ගොඩගන්නවා නම් බොහොම අගෙයි.(නදී)
කොහේ හිටියත් තමන්ගේ මාතෘ භූමිය වෙනුවෙන් යමක් කිරීම කාගේත් යුතුකමයි. ඔබ තුමියට අපේ ආචාරය.(නදී)
අහා! ඒ කියන්නේ අපි වැඩකාරයෝ. (නි)
විදේශ කටයුතු ශක්තිමත් කිරීමක් (දී)
ලංකාවේ බලධාරීන්ගෙන් කිසිම දෙයක් ලබාගන්න බැහැ. (නි)
සිනමාවට වගේම රටටත් ඔබ වැඩදායක නිළියක්. (නි)
අවංකවම සතුටු වෙනවා. (නි)
කොන්සල් කාර්යාලයේ සේවය කරපු අයට දැනුනේ නැද්ද තානාපති කාර්යාලයක අවශ්‍යතාවය? එහෙම නැත්නම්, බහරේන්වල සිටින කිසිම ශ්‍රී ලාංකිකයෙක් මේ දක්වා මෙවැනි ඉල්ලීමක් කරලා නැද්ද? (නි)