බහරේනයේ නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට මනමා නුවරදී විදේශ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත විය.
මැදපෙර දිග කළාපයේ පිහිට වු මෙම නව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකා හා බහරේන් තානාපති සබඳතා තරකර ගැනීමටත් එරට සේවය කරනා 15,000කට වැඩි ලාංකික ශ්‍රමිකයින්ගේ කොන්සියුලර් සේවා කඩිනමින් සැපයීම සිදු කෙරෙනු ඇතැයි බහරෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ආර්.කේ.එම්.ඒ.රාජකරුණා මහතා නව තානාපතිවරයාය.තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික දරුවන්ගේ නර්තන වලින් විචිත්‍ර විය.මීට පෙර බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සිදු කෙරුණේ කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයෙනි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ සෑම රටකම අපේ තානාපති කාර්යාල පිහිටවන එක හොදයි. ගොඩකට රැකියා ලබා දෙන්නත් පුළුවන්. (නි)
මමත් බහරේන් වල තමයි වැඩ කරන්නේ. රජයට ගොඩක් ස්තුතී කරනවා. දැන් අපිට ගොඩක් පහසුයි (නි)
වැඩේ හරියට කෙරෙන්න ඕනෑ හොදේ. නැතුව ඕවට යොදවන වියදම් අපතේ (නි)
ඉතා වැදගත් මගේ සුබපැතුම්!(නදී)
මේ වැඩේට මුලික උනේ ජැකොලයින් ෆෙර්ණැන්ඩස් කියන නිළිය...(නදී)
නිලධාරීවාදය, උද්දච්ජකම නොමැතිව වැඩ කිරීමට ශක්තිය ලැබෙවා. විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රගතිය නිරීක්‍ෂණය කෙරෙත්වා (මෙම කාර්යාලය ඇතුළු ලෝකයේ සියළුම තානාපති කාර්යාල) - දුක්ගැනවිලි සදහා වෙනම අංකයක් / ඊමේල් ලිපිනයක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇති කෙරේවා!(නදී)
ඉතා වැදගත් ! ස්තුතියි ඔබට ! (නි)
සිද්ධ වුනේ නම් හොද වැඩක්.ඔබතුමා ආදරෙන් අපි පිළිගන්නෙමු (නි)
ඔවි ඔවි මගලී ඒ නිලිය තමයි මේ වැඩේට මුලික වුනේ.(නදී)
තානාපතිතුමණි, ඔබව සාදරයෙන් පිළිගනිමු! ඔබට සුබ අනාගතයක් (නි)