ත්‍රිරෝද රියැදුරාට බළලුන් සොයාගැනීමට නොහැකි විය. ඔහු හඳුනන ප්‍රාදේශීය දේශපාලනඥයෝ දෙදෙනෙක් ද එතැනට ආහ. එවැනි වැඩ තවත් නොකරන බවට ඔහු ගැමියන්ගෙන් සමාව ගත්තේය. පොලිසියට අවුත් ලියවිලි බාරගන්නැයි එහි ආ පොලිසිය ඔහුට දැන්වීය. ත්‍රිරොද රියට හළං ගසා ගැනීම ඔහුට ඊළඟට මුහුණ දීමට සිදු වූ ගැටළුව විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපුල් හරියටම හරි. ඔය ප්‍රශ්නයට මුහුන දුන්න කෙනෙක් විතරයි දන්නේ (නි)
අපේ රටේ බලු බළල් ප්‍රශ්නය ඉතාම උග්‍රයි. සතුන්ගේ පාලනයක් නොමැතිකමින් උන් පාරවල් වල දුක්විඳිනවා. නැත්නම් අකාලයේ මැරෙනවා. ජලබීතිකා වැනි භයානක රෝග වලට මිනිසාද ගොදුරුවෙනවා. මේවා රජයේ මනා පරිපාලනයක් නොමැතිකමින් සිදුවෙන දේවල්. අපේ රටවල් කවදා හැදෙයිද? මගේ ගෙදරත් පාරේ දමා ගිය සතුන් ඇති කළා. ඒ ගැන දැනගෙන මිනිස්සු වුවමනාවෙන් අපේ ගෙදරට පුසන් ගෙනත් දැම්මා. අවසානේ පූසන් 30ක් පමණ වුනා. උන්ට ආහාර වලට වඩා වැඩි වියදමක් ගියේ දොස්තර ගාස්තු වලටයි. (නි)
අනේ මන්ද (දී)
දුන් දඬුවම කෙසේවෙතත් නොයෙකුත් අවස්ථාවන්හි ඔහු යෙදු සූක්‍ෂම ක්‍රියාවන් එක්තරා කෝණයකින් බැලුකල ඔහු බුද්ධිමතෙකි. ඔහු ත්‍රීරෝද පැදවීම අප රටේ පාඨකයින්ට ප්‍රහේලිකාවකි (නි)
අපිත් ඉතින් උඩ පැන පැන තලන්නේ අපේ පන්තියේම අයව විතරයි (නි)
අනේ බළලෝ!! ( නු)
හරියට නිකන් තුන් තේරවිල්ලක් වගේ (නි)
මේ ලිපියේ කොටසක් අඩුයිද?( නු)
අහිංසක සත්තූ. බණ්ඩාරගම හඳුන්වැන්න ගමේ ගැමියන්ට අනේක වාරයක් තූති. (නි)
මේක ලියලා තියෙන විදියට තේරුම් ගන්න අමාරුයි..!( නු)
මේ කට්ටියද මේ රියදුරාව අල්ලගෙන තියෙන්නේ? (නි)
මෙයා බලලුන් ගෙනිහින් මරා දමයි. ඒ නිසා මාස තුනකට වරක් පොලීසියට ගිහින් බළලුන් පෙන්නන්න කියන්න. නැත්නම් හදාගන්න දුන්න අයගෙන් ලිපියක් ගේන්න කියලා උසාවි දාලා හරි නියෝගයක් ගන්න බලන්න. මෙහෙම වැඩ කරන අය ගොඩක් ලංකාවේ ඉන්නවා. මතක හිතෙන දෙයක් කරන්න ඕනෑ. ගොඩක් හොදයි ගම්වාසීන් (නි)
තව දුරටත් කරුණාකර පැහැදිලි කිරීමක් කරන්න බලන්න. (නි)
මේ මොන බළල් කතාවක්ද? (නි)
මටත් ළඟදී මේ දේම කරන්න වුණා. ගෙදර හැදුනු පුස් පැටියෙක් නොවෙයි. හිටි අඩියේම ගෙදරට ආපු එකෙක්. මොන තරම් එලෙව්වත් ආපහු ආවා. මට කුඩා දරුවෙක් ඉන්නවා, ඒ දරුවා සත්ව ලෝම වලට ආසාත්මිකයි. ඒ නිසා ගෙදර සුරතල් සතුන් ඇති කරන්නෙත් නැහැ. ඒ මදිවට ඌ ගැහැණු සතෙක්. මට වෙන විසඳුමක් තිබුනේ නැහැ පෙට්ටියක දාලා ආරාමයක් ලඟින් තියලා එන එක මිසක්. හොඳටම දන්නවා එතන සිල් මෑණියෝ සතුන්ට ආදරයෙන් සළකන බව. පාන්දර 3.30ට ගිහින් දැම්මේ කවුරුවත් දකියි කියන හොර හිතට. (නි)
මොකද්ද කියල තියෙන භාෂාව ( නු)
බළලුන්ට ආදරේ මිනිහෙක්, ගෙනැල්ල තියෙන පෙට්ටියෙන්ම ඒක පේනවා. හැබයි බළලා පැටවු ගැහුවේ මිනිහගේ වුවමනාවට නෙමේනේ. ඉතින් මිනිහා පැටවු විසිකරනවා ඇරෙන්න කන්නද? (නි)
ත්‍රී විලර් එක ගිනි තියන්න තිබුනේ නොසන්ඩාල වැඩ කරනවට (නි)
මේ කියන්නේ මොකාක්ද .( නු)
මොකක්ද මේ පුවතේ තේරුම? හොරකමක්ද? බළල්ලු මරන්න ගියාද?( නු)
හොඳ වෙලාවට දේශපාලන බලවතුන් දෙදෙනෙක්ම ඉදිරිපත් වුණේ. පිට ගෙදරක බැළලියක් දුප්පත් රියැදුරාගේ ගෙදර පැටව් ගහපුහම ඔහු කොහොමද ඔවුන් රැකබලා ගන්නේ. මැති ඇමතිවරුන්ගේ, ප්‍රාදේශිය සභා සභාපතිලගේ ප්‍රතිපාදන වලින් ගමේ විහාරාදිපති හිමි සමග සාකච්චා කරලා වැඩි වියදමක් නොකර බලු , බලල් අනථාගාර දෙකක් ගමේ ඉදිකරනවා නම් ලොකු පිනක්. ජල භීතිකා රෝගය වළකාලීම සම්බන්ධව රජයේ අනුග්‍රහයද ලැබෙනු නොඅනුමානයි. ජාත්‍යන්තර ගෞරවයටද පාත්‍රවේවි. (නි)
මොකද්ද මේ අගක් මුලක් නැති ප්‍රවෘත්තිය..!( නු)