IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මේ දසුන් නොබලන දෑස් කුමටද?

ස්වභාව ධර්මයේ දායාද මෙන්ම මිනිසාගේ දස්කම් විස්කම්වලින් මැවුණු අසිරිමත් දර්ශන පෙළක් එසැණ ඔබට ඉදිරිපත් කරයි.

 ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහටියේ වියානා නුවරයි.

අමෙරිකාවේ ඔරිගන්හි කේප්  පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි.

 නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද

සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය.

මැඞ්රිඞ් නුවර කාර්යාලයයකි.

මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි. මේ මල් පිපෙනුයේ වසර කිහිපයකට පසුවය.

මධ්‍යම තුර්කියේ කැපඩෝසියා ගුවනේ බැලූම්.

අහස සිප ගන්නා මීටර් 828ක් උසැති ඩුබායි ගොඩනැගිලි. ඉන් එකක තට්ටු 163 කි.

එම ගොඩනැගිලිවල සිට පාර පෙනෙනුයේ මේ ආකාරයටය.

 පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් මෙන් දක්නට ඇති හේතුව නොදනී.

බෙල්ජියම හා නෙදර්ලන්ත දේශසීමාවේ අවන් හලකි. එන්.එල්. යනුවෙන් ලියවී ඇත්තේ නෙදර්ලන්ත පැත්තයි. බී. යනුවෙන් සඳහන් වනුයේ බෙල්ජියමයි.

මෙක්සිකෝ බොක්කේ වාසය කරන මඩ්ුවෝ දස දහසක් පමණ වසරකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක‍්‍රමණය වෙති.  සීත ඍතුව ලබන විට පිටවී යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට යළි පැරණි නිජ බිමට එති.

 උතුරු ඩෙන්මාකයේ ස්කේජන්හිදී බෝල්ටික් සාගරය හා උතුරු මුහුද එක්වෙයි. මුහුදු දෙකේ ජලයේ ඝනත්වය වෙනස නිසා ජලය හාමු නොවේ.

චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා ඇති පාලමේ දිග කිලෝමීටර් 36 කි. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමයි.

ලිතුවේනියාවේ එක් පැත්තකට රැය එළැඹෙන විට අනෙක් පැත්තට හිරු පායයි.

කැලිපෝනියාවේ සොකොයියා ජාතික උද්‍යානයේ උමං මඟකි

බ්රූනෝ කැටලානෝ මුර්ති ශිල්පියාගේ මේ මූර්තිය ප‍්‍රංශයෙනි.

පවුලේ ඡායාරූපයකි

ලොව දීර්ඝතම වාහන තදබදය. චීනයෙනි. දිග කිලෝමීටර් 262කි.

පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය.

මාකස් ලෙවින් සිය මූර්ති නිර්මාණය කරනුයේ සුදු ඇණ ගැසීමෙනි. ලන්ඩනයේ ප‍්‍රදර්ශනය කළ මෙම මූර්තියට ඔහු යකඩ ඇණ 50,0000ක් යොදා ගත්තේය.

සරත් සමයයි.

ජර්මනියේ බ‍්‍රන්ස්වික්හි රිසි හවුස් පස් මහල් මන්දිරයයි. හදවත්, ඇස්, තරු හා, කුරුල්ලන්ගෙන් නිර්මිතය.

රුසියාවේ ලෙනා ගඟයි. මහා ගඟ යනු තේරුමයි. දිග කිලෝමීටර් 4300කි. නැගෙනහිර සයිබීරියාවේ බයිකල් විල අසලින් පටන් ගනී. කේම්බි‍්‍රයන් යුගයේ පාෂාණ ශේෂ දැකිය හැකිය. රුසියාවේ දිගම ගඟයි.

දකුණු කොරියාවේ සෝල් අගනුවර බන්ජෝ පාලමයි.

බ‍්‍රසීලයේ ඇති නැති පරතරය අතර

ඉන්දියා සාගරයේ ලාමු දූපත

චිකාගෝ නුවර 103 වැනි මහලක ආලින්දය.

හිරු බැස යන. හැටි රළ  සුළියක් මැදින්.

මෙවැනි භූ විද්‍යා දර්ශන චීනයේ ගන්සූ පළාතයේ ෂැංග්යේ ප‍්‍රදේශයේ දී දැක ගත හැකියි. රතු හුණුගල් හා වෙනත් පාෂාණ වසර කෝටි ගණනක් තිස්සේ මුසු වීමෙන් මේ අරුම පුදුම ලක්‍ෂණ පහළ වී තිබේ.

අමෙරිකාවේ මොන්ටානාහි ජලය බෙහෙවින්ම විනිවිඳ පෙනේ. මේ විලේ ජලය නොගැඹුරුයැයි මේ අනුව පෙනෙතත්  එය ඉතා ගැඹුරුය.

මාල දිවයිනේ ගුවන් තොට පිහිටියේ ඉන්දියා සාගරයේ කෘත‍්‍රිම දූපතකය.

ප‍්‍රංශයේ මෙයාර්හි ප‍්‍රදීපාගාරයයි.

ඇමෙරිකාවේ මොන්ටානා නුවර සුළි සුළඟකි. 2010

 ඩුබායි අහස සිප ගන්නා අඩසඳ කුළුන

ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර මීදුම් සේලය.

ජර්මනියේ මැග්ඩෙබර්ග් පැන්නුම් ගඟ. (ගඟක් උඩ ගඟක්)

උතුරු  ඕස්ටේ‍්‍රලියාවේ කාර්පෙන්ටේරියා බොක්කේ අරුණෝදයේ වළාකැටි.

ජිබ්රෝල්ටා ගුවන්තොට ලොව අමුතුම ගුවන් තොටකි.



අදහස් (0)

මේ දසුන් නොබලන දෑස් කුමටද?

මලිත් Monday, 19 December 2011 01:12 PM

ඉස්සරහටත් මේ වගේ දේවල් දාන්න.. මේවා තමා ගොඩක්ම හොද..

:       0       0

නසාර් Monday, 19 December 2011 01:25 PM

ගොඩක් හොදයි...

:       0       0

තරු Monday, 19 December 2011 01:24 PM

හොද එකතුවක්... ස්තුතියි

:       0       0

නිරෝෂ් Monday, 23 January 2012 11:11 AM

ලස්සනයි...නියමයි

:       0       0

prageeth Friday, 03 February 2012 11:19 AM

ඉතාම හොඳයි.

:       0       0

Hashan Thursday, 26 January 2012 09:40 AM

ලස්සනයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 545 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 727 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 723 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 171 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 466 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 343 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2105 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site