බස්නාහිර පළාතේ පාසල්වල තීන්ත ආලේප කිරීම සදහා අධ්‍යාපන පළාත් දෙපාර්තමේන්තුවෙන් මුදල් ලබා දී තිබියදීත් දිගින් දිගටම සිසුන්ගෙන් මුදල් එකතු කරන බවත්, ඒ ගැන පළාත් ප්‍රධාන අමාත්‍යවරයාටත්, නිලධාරීන්ටත් අවස්ථා කිහිපයකදී පැමිණිලි කළ බවත්, ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවත්, හොරණ කලාපයේ සිසුවියකට පොල් සොරකම් කර තීන්ත ගෑමට මුදල් සොයා ගැනීමට සිදුවූයේ ද ඒ නිසා බවත් ලංකා ගුරු සංගමය කියයි.
මෙම අභාග්‍යසම්පන්න තත්ත්වයට ගොදුරුවූ සිසුවිය තවදුරටත් සමාජ අපවාදයට ලක් නොවන ආකාරයෙන් ඇය සම්බන්ධයෙන් උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස ලංකා ගුරු සංගමය අදාළ සියලූ බලධාරීන්ට අවධාරණය කොට සිටින බව ද එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්රෙකාශ කරයිග

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවා අඩු අදායම් දෙමාපියන්ට ලොකු උදවුවක් කළේ. හැම පාසලකම සැම අවුරුද්දකම තීන්ත ගාන්න අසාධාරන මුදලක් ගන්නවා. ඒක නවත්වන්න. මමත් තීන්ත ගාන්න සල්ලි වෙනුවට පොල් ගෙඩි 8 ක් පාසලට දෙනවා. (නි)
හොරණ කලාපයේ සියලුම පාසල් වගේ මුදල් එකතු කරනවා. හැබැයි මේවාට රිසිට් නම් දෙන්නෙ නැහැ. (නි)
මෙය බස්නාහිර පලාතට පමනක් පොදු සිද්ධියක් නෙමෙයි. රටේ හැම පලාතකම මේ වගේ ප්‍රශ්න තියනවා. මධ්‍යම පලාතේ පිලිමතලාව පැත්තේ පාසැලක පාසැල සංවර්ධන වැඩසටහන් සදහා යැයි කියමින් දරුවන්ගෙන් මුදල් එකතුකරනවා. නමුත් ඒ මුදල් යන්නේ විදුහල්පතිවරයාගේ සාක්කුවට. ඒ පැත්තේ සියළු දෙනා මෙය දන්නවා.(නදී)
කොස් පොල්වලට මිනිස්සු උසාවි ඇරලා පෙන්නන්න හදන්නේ රටේ නීතියයි. ඒත් කෝටි ගනන් වංචා කරන අයට කිසිම හානියක් නැහැ.(නදී)
අමාත්‍යංශයෙන් අවශ්‍ය මුදල් නොලැබීම නිසාද මෙහෙම මුදල් එකතු කරන්නේ? (නි)
පිටරට වල ඉන්න අපිත් දන්නවා ලංකාවේ පාසල් වල වෙන අසාධාරණකම්. නමුත් ලංකාවේ අය දන්නෙ නැහැ? (නි)
මේ ගැන දිගින් දිගටම කතාකරන්න හොද නැහැ මොකද මේ දැරිය ඉගෙන ගන්න ඕනේ. ගුරුවරු අපේ දෙවිවරු තමයි ඒත් මේ සිද්ධියෙදි හරි කුහක වෙලා. උසාවියෙන් නිදහස් කලත් දැනටමත් ඒ දරුවට දසවද දීල ඇති මානසිකව. මේ දරුවව උසාවියට දාපු පොලිස් ලොක්කව නම් හොයාගෙන ලොකු සම්මානයක් දෙන්න ඕනේ නිර්භීත කමට.(නදී)
මේ දරුවා කරලා තියෙන්නේ ගුරුවරු කියපු දේ පිළිපැදීම මිසක් මුදල් සොයා ගැනීමේ ක්‍රම වල හොඳ නරක නොවේ , කෝටි ගණන් පිල්ලි ගහන හොරු යහතින් සිටිද්දි මෙවැනි බාලවයසේ දරුවන්ට මෙහෙම කරන්නේ ඇයි ?? (ස)
ඇත්තටම මේ දේ නිසානේ අද ඔය පාසැල් වල මගඩි එලි වුනේ. (නදී)
අපේ කාලේනම් ඔහොම සල්ලි අරන් නැහැ අපේ පාසල් වල (ස)
මගේ දියණියත් යන්නේ බම්බලපිටියේ රජයේ බාලිකාවකට. පන්තියේ තීන්ත ගාන්න ළමයෙක්ගෙන් රැපියල් දාහ ගානේ එකතු කලා. පන්තියේ ළමයි 46 ක් ඉන්නවා. එහෙමත් අරගෙන 9 වෙනිදට තීන්ත ගාන්න දෙමවිපියන්ට එන්න කියලක් තියෙනවා.(නදී)
ජීවන විදයමේ හැටියට බොරු අලංකාර කරන්න යොදවන්න මුදල් දෙමාපියන් සතුව නෑ. පුළුවන් විදියකට ඩෙස් පුටු හදාගෙන ළමයින්‍ට ඉගැන්වීම් කරන්න. (ස)
මේ වගේ සුළු ප්‍රශ්න වලට පොලිසියේ මහත්තරු ඉක්මනින් උසාවි යනවා. අදාල ප්‍රශ්න ගැක තමාගේ හදවතට තට්ටු කරලා බලන්න මෙ ළමයා කොතරම් අසරනද කියලා. ඔය කාරනයට අත්සන් කරපු පොලිසියේ ලොකු මහත්කයටවත් මේ ගැන කල්පනා වුනේ නැද්ද?(නදී)
මේ දරුවාට නියම කළ ඇප මුදල සහ කාන්තාවක් කෙළෙසූ දේශපාලඥයෙකුට නියම කළ ඇප මුදල දෙස බැලූ විට ඒ ගැනත් දෙවරක් සිතන්න වෙනවා. (නි)
ආන්ඩුව සල්ලි දෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව දුන් සල්ලි වලට විදුහල්පතිලා කරන්නේ මොකක්ද කියන එකයි. (නි)
ලොකු මිනිසුන්ගේ මෝඩ වැඩ නිසා පාසැල් දරුවෝ නොමග යනවා. හැමදාම ලංකාවේ සිද්ද වෙන්නේ ඕක තමයි.(නදී)
පාර්ලිමේන්තුවේ තීන්ත ගාන්න මන්ත්‍රීවරුන්ගෙන් සල්ලි එකතු කරන්නෙ නැද්ද? (නි)
බියගම, මාකොළ පැත්තෙත් මේ වංචාව ජයටම යනවා. (නි)
වැරදීමකින් හරි මෙම ප්‍රශ්ණය උසාවිය කරා ගෙනගිය පොල් වත්ත අයිතිකරුට හා අදාල පොලීසියට අපගේ ප්‍රණාමය. මේක මෙහෙම කලේ නැතිනම් බලධාරීන් තවම නිදි. දැන් කට්ටියම කෑගහනවා. මෙම දරුවගැන බලන්න කට්ටිය ඔනතරම් දැන් ඉතින් ඉදියි. මීට කලින් කෑවද කියලවත් බලන්න එකෙක් නැහැ. මේවගේ ලමයි තව කොච්චර ඉන්නවද? මිනිසුනේ දැනවත් අන් අය ගැනත් අවධියෙන් හිටපල්ලා.(නදී)
මේ දරුවා පොලිසි ගිනියන්න නෙමෙයි තිබුනේ. මුදලුත් දීලා ගෙදර අරින්න තිබුනේ. (නදී)
ජනාධිපත්තුමනි, නීතියක් ගේන්න බැරිද පාසැල්වලට දෙමවිපියන්ගෙන් කිසිම දෙයක් ගන්ඩ බැහැ කියලා.(නදී)
හෝමාගම පැත්තෙ තියෙන තියෙන පාසලක් තරම් හැම දේටම මුදල් එකතු කරන පාසලක් අපි නම් දැකලා නැහැ. ඇතුල් වීමේ ගාස්තු 4500, ක්‍රීඩා උත්සවයට 1000. අයි.ටී. දිනයට 100 සහ එම ටී-ෂර්ට් එකට 750. තවද පාසලේ බස් රථය දැමීමට ගරාජයක් සාදා දීමට අලුතින් ඇතුල්වූ දරුවනගේ දෙමාපියන්ට පවරා ඇත.එයට එක් අයකුගෙන් රු 3000ක් පමණ වේ යැයි සදහන් වේ. මුලු එකතුව රු 9350.00 (නි)
ආන්ඩුවේ රැස්වීම් වලදී කියනවා අධ්‍යාපනයට ලොකු මුදලක් වෙන්කරනවා කියලා. එහෙම කිවිවට 2013 වසරට අපේ ගමේ දරුවෙක් ඇතුලත් කරන්න රැපියල් පන්දහසකට වැඩියෙන් ගෙවන්න උනා.(නදී)
කැකිල්ලේ රජ්ජුරුවෝ මතක් වෙනවා.(නදී)
බස්නාහිර නෙමෙයි හැමතැනම මේවා කරනවා. ඇමතිවරු නිදිද?(නදී)
නිදහස් අධ්‍යාපනය ලංකාවේ නමට විතරයි. අපට තිබෙන සීමිත සම්පත් සීමිත පාසල් ගණනකට පමණක් බෙදීයන ක්‍රමයක් තමයි අද පවතින්නේ. ගමක පදිංචි වී සිටියත් ගමේ ඇති හැකි පොහොසත් අයගේ ළමයින් ගමේ පාසලට නොයවයි. ඕනෑම ගමක රජයේ හෝ පුද්ගලික අංශ වල උසස් රැකියා කරන අයගේ දරුවන් ගමේ පාසල්වලට නොයයි. ඈත පිටිසර හද්ද ගම්මාන නියෝජනය කරනවා යයි කියන ඕනෑම දේශපාලකයින්ගේ-කොළ,නිල,කහ,රතු- දරුවන් යවන්නේ නගරබද සුපිරියි කියනා පාසල් වලටය. කොටින්ම, රටේ සම්පත් බෙදීයාම පිළිබඳ තීන්දු වලට කෙලින්ම සම්බන්ධ පුද්ගලයින්ගේ දරුවන් ගමේ පාසල්වලට නිකමටවත් ගොඩවන්නේ නැත. (නි)
උපදේශන ක්‍රියාවලියට පොල් වත්තේ අයිති කාරයත් පළාත් ප්‍රධාන ඇමති වරයාත් අදාල අධ්‍යාපන නිලධාරිනුත් ඇතුලත් කිරීම සුදුසුයි .(නදී)
මොන පරික්ෂනද?(නදී)
සිසුවිය නිදහස් කර පාසැලේ විදුහල්පතිට දඩුවම් කරන්න.(නදී)