IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මේ රනිල් තනියම ගහන ගේම් එකක්

(අංජුල මහික වීරරත්න)

ඡන්දය තියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂය කිසිවිටෙක  කියන්නේ නැතැයි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

නමුත් ජනාධිපතිවරයා ගේ පළමු යුතුකම ජනතාවගේ බඩගින්න නිවීම බව කී දිසානායක මහතා රට ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයාට තව මාස හයක්වත්  දිය යුතු යැයිද ඊට පසුව ඕනෑම මැතිවරණයකට යා හැකි යැයිද කීය.

අද තියෙන්නේ රනිල් වික්‍රමසිංහ තම දේශපාලන පන්නරයෙන් තනියම ගහන ගේම් එකක් යැයිද ප්‍රශ්න ගොඩක් තිබුනත් මාස 6කට පෙර තිබූ තත්ත්වයට වඩා රට හොඳ තැනකට පැමිණ තිබෙන බව නවීන් දිසානායක මහතා පැවසීය.

මේ වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 2කට පැමිණ තිබෙන අතර රනිල් වික්‍රමසිංහ රට බාරගන්නා විට විදේශ සංචිත තිබුණේ ඍණ  මට්ටමක බවද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී නවීන් දිසානායක මහතා සඳහන් කළේය.



අදහස් (11)

මේ රනිල් තනියම ගහන ගේම් එකක්

Dharmatileke Tuesday, 14 February 2023 04:05 PM

ඔය කියන බිලියන දෙකෙන් 1.4 චීනයේ සල්ලි .ගේම් ගහන්නත් පුරුද්දක් ඕනේ .නැත්නම් අතේ පත්තුවෙන්න බොහෝවිට ඉඩ තියනවා

:       34       33

Pradeep Tuesday, 14 February 2023 04:13 PM

මොකද්ද දන්නේ නැහැ ගහන ගේම් එක.ඔය බොරු වලට මිනිස්සු රැවටුන කාලේ ගියා .මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාවත් එක්ක සෙල්ලම් කරන්න එපා

:       39       39

Hafeel Tuesday, 14 February 2023 04:31 PM

ගත්තු විදේශ ණය නොගෙවා, ලෝකෙට පොලු දාල, දැන් පම්පෝරි ගහනවා මෙච්චර ඩොලර් සංචිත තියනවයි කියලා . ලැජ්ජා නැද්ද? දැන් කියනවා රනිල්ට තවත් මාස හයක්වත් දිය යුතුයි කියලා . හැබැයි රනිල් එනකොට නම් සති තුනකින් සේරම ප්‍රශ්න ඉවරයි කියලා . ඊට පස්ස කිව්වේ මාස තුනකින් කියල. ඔක්කොමට කලින් ඔයා විදුලි බල මණ්ඩලයට ගෙවන්න තියන හිඟ බිල ගෙවලද ඉන්නේ?

:       42       41

ජනක​Tuesday, 14 February 2023 05:39 PM

කවුද ඔහේට කිව්වෙ රනිල් සතිතුනකිං විසඳනවයි කියල​. රනිල් නං එහෙම කිව්වෙ නෑ ගොඨා ජනාධිපති උනු දවසෙ ඉඳලම​.

:       0       0

anura - nuwaraeliyaTuesday, 14 February 2023 08:01 PM

මහවැලිය තිබුනේ නැතිනම් අද හෙළුවෙන් තමයි ඉන්න වෙන්නේ. ඒ කාලේ පට්ට හිඟන්නන්. මහවැලියෙන් මදි නොකියන්න හොරා කෑවා. පස්සේ පන්සල් එහෙම හදලා ප්‍රදේශයේ ලොක්කන් වුණා.

:       0       0

Ariyathilaka Tuesday, 14 February 2023 04:41 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට රට පාලනය කරනවා මිස රට පලනයට තනියම ගේම් කිසිවකුගහන්න අවශ්‍ය නැත; නීතියට පිටින් තනියෙන් ගේම් ගහන්න ගිහින් තමයි, රට අද මේ තත්වයට පත් වී ඇත්තේ; තව දුරටත් කිසිදු ලෙසකින් තනියෙන් ගේම් අවශ්‍ය නැත. ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ පමාධිපත්‍ය බලය සුරැකෙන පරිදි මැතිවරණ පවත්වූවා නම් තනියෙන් ගේම් නැතුව සාමූහික වගකීමෙන් පාලන බලය විධිමත් වනවා ඇත; "මේ වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 2කට පැමිණ තිබෙන" වා යැයි කියන ගමන මැතිවරණයට මුදල් නැත කියන්නේ කෙසේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ඇ (1), (2),( 4) 104 උ සහ 104 උඋ (1) (අ) (ආ) ව්‍ය්වස්ථ, අනුව්‍ය්වස්ථා, ඡේද, ප්‍රකාරව, මුදල් තබා ගෙන මැතිවරණයට මුද්ල් නොදී බාධා කිරීම , එයට වගකිව යුතු සියලු පුද්ගලයන් ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාව උල්ලංඝනය කිරීම මත වැරදි කරුවන් වනවා ඇත.

:       0       0

Ariyathilaka Tuesday, 14 February 2023 04:42 PM

" 104උඋ (1) කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව - (අ) යම් ඡන්ද විමසීමක් පැවැත්වීමට හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට බලාත්මක කිරීම සහතික කිරීම පිණිස කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වන; හෝ (ආ) 104(අ) ව්‍යවස්ථාවේ පිළිවෙලින් (4) වන අනු ව්‍යවස්ථාවේ (අ )ඡේදය හෝ (5) වන අනු ව්‍යවස්ථාවේ (ආ) ඡේදය යටතේ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විධානයක් හෝ උපමාන සමඟ කටයුතු කිරීමට අපොහොසත් වන යම් රජයේ නිලධරයෙකු, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ රජය වෙත පවරනු ලැබ ඇති යම් වෙළඳ ව්‍යාපාරයක හෝ වෙනත් ව්‍යාපාරයක සේවා නියුක්තිකයකු සහ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති හෝ ලියාපදිංචි වී ඇති බවට සළකනු ලබන සහ ස්වකීය කොටස් වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සමාගමක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ විසින් දරනු ලබන යම් සමාගමක් වරදකට වරදකරු වන අතර, වරදකරු කිරීමේදී රුපියල් එක් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවුරුදු තුනක් නොයික්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකට ම හෝ යටත් විය යුත්තේ ය." යනුවෙන් ව්‍යවස්ථාපිත ය.

:       0       0

සිල්වා Tuesday, 14 February 2023 05:31 PM

රනිල්ට මොකුත් වෙන්නේ නෑ චන්දයක් තිබ්බට. බය නැතුව චන්දය පවත්වන්න.

:       0       1

විජිත් Tuesday, 14 February 2023 07:35 PM

අපි ලඟත් ගේම් තියෙනවා. ඒවා අපි තියාගෙන ඉන්නේ මහා පාරේදී ගහන්න.ආමි එකත් නෙවි එකත් එයාෆෝස් එකත් පොලිසියත් අවසන් වටයේදී අපේ පැත්තේ සෙල්ලම් කරනවා. මේ හාදයා විදුලි බිල නොගෙවා කට්ටි පැන පැන ඉඳලා අන්තිමට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ලයිට්කපන්න ගියාම " ප්‍රභූන්ගේ විදුලිය කපන්න දෙන්න බැහැ .."කියලා වලියක් ඇදගෙන. මුන් කොහෙද ප්‍රභූන් වෙන්නේ ? මුන්ට කියන්නේ ගස්බල්ලෝ කියලා.

:       0       0

Deepal Nirosh Tuesday, 14 February 2023 08:13 PM

පක්ෂය තමුන් එක්ක නැති වුණත් ලෝකයා ඔබ සමඟයි පුතේ, බිය නො වන්න, ඔහොම ඉදිරියට යමු.

:       0       1

manoj Wednesday, 15 February 2023 12:20 AM

ඩොලර් බිලියන දෙකක් ඇයි අයි.එම්.එෆ් යන්නේ ,අයි.එම්.එෆ් දෙන්නේ ඩොලර් 2.9b වසර 5 කට

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 509 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3404 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1317 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 568 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3595 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2677 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 317 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1750 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site