IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මේක මගේ පළමු රියලිටි අත්දැකීම

2016-12-04-ent-66

අද තරු කතාබහ දිගහැරෙන්නේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනී නිපුනිකා හේවාමද්දුම සමගය. හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන "මෙගා ස්ටාර්ස්" රියලිටි තරගාවලියේ "මායන්ස්" කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කරන ඇය මේ දිනවල ඒ හරහා රසික ප්‍රතිචාර ලබමින් සිටින්නීය. ඉදිරියේදී ටෙලි නාට්‍යය හා සිනමා නිර්මාණ කිහිපයකින්ම දකින්නට ලැබෙන නිපුනිකා සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව පැවසීමට මෙසෙ එක්වූවාය.

 

මේ දවස්වල නිපුනිකා කියන්නේ කාර්ය බහුලම කලා ශිල්පිනියක්?

2016-12-04-ent-64ඔව්, ගොඩක්ම කාර්ය බහුලවෙලා ඉන්නේ. ඒ, හිරු රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කරන %මෙගා ස්ටාර්ස්^ රියලිටි වැඩසටහන නිසා. මේ වැඩසටහන මාස 06ක් පුරාවට විකාශය වෙනවා. ඊට අමතරව අලුත් ටෙලි නාට්‍යය කිහිපයක වැඩවලට මේ දිනවල දායක වෙනවා. ඉතින් ඒ වැඩ කටයුතුත් එක්ක තමයි මේ දවස්වල මම කාර්ය බහුල වෙලා ඉන්නේ.

 

"මෙගා ස්ටාර්ස්" කියන්නේ නිපුනිකාගේ පළමු රියලිටි වැඩසටහන නේද?

ඔව්, මේක මගේ පළමු රියලිටි අත්දැකීම. නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට මාව දැකපු බොහෝ දෙනෙකුට මේ රියලිටි වැඩසටහන හරහා ගායනය හා නර්තනය වැනි මගේ සැඟවුණු දක්ෂතා දැක බලාගන්න පුළුවන් වෙලා තියෙනවා. මගේ කණ්ඩායම තමයි %මායන්ස්^ කණ්ඩායම. එහි නායිකාව විදිහට කටයුතු කරන්නේ සේව්මිණි ඉද්දමල්ගොඩ අක්කා. ඇයට අමතරව, නදීශා හේමමාලි, භාචි සුසන්, අනුජ් රණසිංහ, ජීවන් හඳුන්නෙන්ති මේ කණ්ඩායමේ ඉන්නවා.

 

ඔබ දායක වන අලුත් ටෙලි නිර්මාණ ගැන කිව්වොත්?

මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන "දේවිය සුගලා" ටෙලි නාට්‍යයේ මාව දකින්න පුළුවන්. ඊට අමතරව නිල්වලා ආයතනයෙන් කරන ටෙලි නාට්‍යයක් සඳහත්, අර්ජුන් කමලනාත් අයියාගේ ටෙලි නාට්‍යයකත් රඟපාන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන ජෙරම් ජෝශප්ගේ අලුත්ම ටෙලියක වැඩ කටයුතුවලටත් සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවා.

 

පසුගිය කාලයේ කලා කටයුතුවලින් නිපුනිකා ඉවත් වෙලා හිටියා නේද?

ඔව්. මගේ උසස් අධ්‍යාපන කටයුතු හා රැකියාව නිසා මම අවුරුදු 2ක කාලයක් ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයෙන් ඉවත්වෙලා හිටියා. නමුත්, මම නිවේදිකාවක් විදිහටත් ගීත රූප රචනා කිහිපයකටත් ඒ කාලය තුළදි දායක වුණා. කොටින්ම කිව්වොත් මම තාවකාලිකව තමයි කලා ක්ෂේත්‍රයෙන් ඉවත් වුණේ. ඉතින් ආයෙත් මට රංගනය පැත්තට යොමුවෙන්න කැමැත්තක් ඇති වුණා. ඒ හේතුව නිසා තමයි ආයෙත් රංගනය පැත්තට යොමු වෙන්න හිතුවෙ.

 

"පබසරා" ටෙලි නාට්‍යයේ %පබසරා^ නිපුනිකාගේ කලා දිවියේ හැරවුම් ලක්ෂය කිව්වොත් හරිද?

ඔව්, තාමත් %පබසරා^ කියන චරිතයට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා. මම අන්තිමට කළේ "ස්නෙහා" ටෙලි නාට්‍යය. නමුත්, අන්තිමට කරපු ටෙලි නාට්‍යයටත් වඩා බොහෝ දෙනෙකුගේ මතකයේ තියෙන්නේ %පබසරා^ ටෙලි නාට්‍යයේ "පබසරා" කියන චරිතය. ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි මිනිස්සු කතා කරන එවැනි චරිතයක රඟපාන්න ලැබීම ගැන.

 

දැන් නිවේදන කටයුතු කරන්නේ නැද්ද?

මම ක්ෂේත්‍රයට ආවෙ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට. අදටත් මම ගොඩක්ම කැමතියි නිවේදන වෘත්තියට. දැනටත් ආරාධනා ලැබෙනවා නිවේදන කටයුතුවලට. නමුත්, තියෙන කාර්ය බහුලත්වයත් එක්ක එවැනි කටයුත්තකට දායක වෙන්න තියෙන කාලය අඩුයි. ඒත්, මට ගැළපෙන හොඳ නිවේදන කටයුත්තක් ආවොත් මම අනිවාර්යෙන්ම ඒ සඳහා දායක වෙනවා.

 

"රියලිටි" තරගයේදී ඔබ නර්තනයෙන් හා ගායනයෙන් දක්ෂතා දක්වනවා. ආරාධනා ලැබෙන්නේ නැද්ද ඒ සැඟවුණු දක්ෂතාවලින් යමක් කරන්න?

ඇත්තටම, මම නර්තනයට වගේම ගායනයටත් දක්ෂයි. නමුත්, මම වැඩි අවධානයක් යොමු කළේ නිවේදනයටයි, රංගනයටයි. ඒ නිසා අනෙකුත් දක්ෂතා මගෙන් සැඟවිලා ගියා. ඒත්, මේ වැඩසටහන හරහා මගේ ඒ දක්ෂතා නැවතත් එළියට ගන්න අවස්ථාවක් ලැබුණා. දැනටත් මට ආරාධනා කිහිපයක් ලැබුණා ගායිකාවක් විදිහට ගීත කිහිපයක් කරන්නත්.

 

ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ ගෙවපු කාලය ගැන මොකද හිතෙන්නේ?

මම ක්ෂේත්‍රයට එන්නේ 2011 අවුරුද්දේ. මගේ ආසාව තිබුණෙ රංගනය පැත්තට නෙමෙයි, ම ඕන වුණේ ජනමාධ්‍යවේදිනියක් වෙන්න. නමුත්, කුමන හෝ හේතුවක් මත මට රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබුණා. රංගන ශිල්පිනියක් වෙන්න හැමකෙනෙක්ටම බැහැ. ඒකට දක්ෂතාවය වගේම වාසනාවත් තියෙන්න ඕනි.

 

බුද්ධික සේනාධීර

 

2016-12-04-ent-68
2016-12-04-ent-67
2016-12-04-ent-65
2016-12-04-ent-63
2016-12-04-ent-62
2016-12-04-ent-61



අදහස් (0)

මේක මගේ පළමු රියලිටි අත්දැකීම

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 613 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4466 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2004 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8780 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1479 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 425 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site