IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


‘මැ:කෝට නියෝගයක් අවශ්‍ය නෑ‘

(රංජන් කස්තුරි සහ විමුක්ති එස් රුද්‍රිගු)

පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේ රාජා මහතා  අද (10) කියා සිටියේය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට බාධාවක් නොවනු ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සලකා බැලූ අවස්ථාවේ ඉහත නියෝගය නිකුත් කළේය.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ලක්මිණි වරුසෙවිතාන සමඟ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටියේය.

 



අදහස් (10)

‘මැ:කෝට නියෝගයක් අවශ්‍ය නෑ‘

සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 February 2023 02:00 PM

තවම රටේ පාලන බලය තියෙන්නේ, රට බංකොලොත් කළ දූෂිත පවුල් පාලනය අතේ. ඒත්, ඔවුන් ඉන්නේ ඉතාමත් ආරක්ෂාකාරීව තිරය පිටුපසට වෙලා. ඒ නිසා රට කෑ දූෂිතයින් පන්නා දමා ජනතාවට කැමැති රජයක් පත්කර ගැනීමට අවස්ථාව තිබිය යුතුයි.

:       142       113

SenakaSunday, 12 February 2023 07:06 AM

රජයක් පත්කරගන්න? පළාත් සභා ඡන්දෙන්? අහිංසක මෝඩ මිනිස්සු රවට්ටලා සුර ලෝක පෙන්නලා, කෑම බෙහෙත් ගෙන්නන්න තියෙන සොච්චමටත් කෙලවලා, තමන්ගේ ත්‍රස්තවාදි පක්ෂයේ බලේට ගේන්න දරන මහන්සියක්...! 

:       7       33

සෙනෙවිරත්න Friday, 10 February 2023 02:08 PM

රනිල්, මහින්ද කල්ලියේ පරාජයක්...!

:       117       97

Hafeel Friday, 10 February 2023 02:27 PM

ජනවරමක් නැති රනිල් ආණ්ඩුව ඡන්දය කල්දාන්න ගත්තු උත්සාහය සේරම මේ වෙනවිට අසාර්ථකයි. ජනවරමක් නැති රනිල්ට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් කිසිම ආධාරයක් ලැබෙන්නේ නැහැ... සහ විශ්වාස නැති නිසා රටවිරුවන්ගේ සහයෝගයත් ලැබෙන්නේ නැහැ.

:       96       86

ranjith Friday, 10 February 2023 02:32 PM

රට කෙටිකාලෙකින් බංකොළොත් කරලා... සල්ලි නැහැ. ඡන්දෙ තියන්නේ නැහැ. අපිම බලේ ඉන්නම් කියන එක මොනතරම් අසීලාචාර වැඩක්ද? මේ රටේ දුක්විඳින ජනතාවට රට ගොඩගන්න පුළුවන් කණ්ඩායමකට රට බාරදෙන්න තමන්ගේ ඡන්දය අවහිර කරන එකත් මේ වෙලාවේ පාපයක්...

:       81       75

siri Friday, 10 February 2023 03:20 PM

එක්කෙනෙකුට ඡන්දෙ එපා කියලා, කෝටි එකහමාරක් විතර ඡන්ද දායකයන්ගේ මූලික අයිතිවාසිකම් උදුරාගන්න පුළුවන්ද?

:       37       60

Sunil Friday, 10 February 2023 06:24 PM

අලි, පොහොට්ටු අසුද්ධ හවුලේ මළගම දැන් ඉතාමත් ආසන්නයි. නමුත් මේ කාලකණ්ණි විනාශ කළ රට ගොඩ නැගීමට තව දශක කීපයක් ගතවනු ඇත...

:       1       3

sirisena Friday, 10 February 2023 08:06 PM

පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් සහ මුදල් නොමැති නිසාත්, මැතිවරණයෙන් පසු ඔවුන්ගේ වියදම් සඳහා මුදල් නොමැති නිසාත්, මෙම මැතිවරණයෙන් මැතිවරණයක් පවත්වා සතුටුවිය හැකි වුවත් ප්‍රතිඵල ලබාදිය නොහැකි නිසාත් රටට කිසිඳු වෙනසක් සිදු නොවන නිසාත් මේ මැතිවරණය පැවැත්වීම කල්දැමිය යුතුවේ.

:       4       1

Perera Saturday, 11 February 2023 11:41 AM

රනිල් රාජපක්ෂ රජය මොන අයුරින් හෝ දිනාගන්න බැරිනම් කිසිම මැතිවරණයක් මින්පසු තියන්නේ නැත...

:       20       9

Gunasinghe Saturday, 11 February 2023 06:21 PM

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා විසුරුවන්නේ ඡන්දය ඉවර වෙලාද?

:       6       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 935 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 421 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 594 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1499 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 879 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 5001 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 600 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site