ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියට (අයි. පී. එල්.) සහභාගි වී සිටින නවසීලන්ත ක‍්‍රිකට් පිලේ නායක බ්‍රෙන්ඩන් මැකලම් සහ ජ්‍යෙෂ්ඨ පිතිකරු රෝස් ටේලර් මෙවර අයි. පී. එල්. තරගාවලියෙන් නියමිත වේලාවට පෙර ඉවත්ව එංගලන්ත සංචාරයට සහභාගි වීමට තීරණය කර තිබේ.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල නියෝජනය කරන බ්‍රෙන්ඩන් මැකලම් ආබාධය සුව වීමෙන් පසු එක තරගයකට ක‍්‍රීඩා කළේය. පූනේ වෝරියස් පිල වෙනුවෙන් රෝස් ටේලර් තරග 5 කදී ලකුණු 63 ක් පමණක් රැස් කළේය.
මැකලම් සහ ටේලර් මෙම සතියේ එංගලන්තයට පැමිණ මේ මස 9 වැනිදා ආරම්භ වන දෙවැනි පුහුණු තරගයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට අපේ අය. (නි)
අන්න නියම ක්‍රීඩකයා. මුලින්ම රට ගැන හිතන්න ඹ්නේ.(නදී)
රට ගැන හිතන ක්‍රීඩකයෝ.(නදී)
එතකොට මේ අයට විරුද්ධව යන්නෙ නැද්ද අයිපීඑල් සංවිධායක මණ්ඩලය? ලංකාවේ අයට විතරද අයිපීඑල් අතෑරලා ඇවිත් ලංකාවේ තියෙන පුහුණු තරගෙට සහභාගි වෙන්න බැරි? මේ ක්‍රීඩකයින්ව මිලදී ගෙන තියෙන්නේ එක ක්‍රමයකට නෙමෙයිද? (නි)
අන්න රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ (නි)
ඒකට අපේ අයියලා? (නි)
තනුජා, කිසිම විරුදත්වයක් නැහැ.ඕනෑ කෙනෙකුට යන්න පුළුවන්.නමුට් අර ගිණුමට බැර වෙන ප්‍රමාණය අඩු වෙනවා.ඒකයි ප්‍රශ්නය.මොකද ඒ මුදල ඔයාලා අපි ගෙවන්නේ නැහැනේ. (නි)
අපි මොකටද මේ අයට අපේ අය සංසන්දනය කරන්න බලන්නේ.(නදී)
එක එයාලගේ කැමැත්ත. ඔයාලට අයි අප්සෙට් ද. අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව. තමන්ගේ පාඩුවේ ඉන්න.(නදී)
හරියට නොදැන කතාකරන්න එපා යාලුවනේ. ඒගොල්ලන්ගේ තරගාවලිය කලින් කතා කරගෙන තියන එකක්. කොහොමත් මෙයාලා අාවේ කලින් යන්න. අපිට දැන් වෙන රටවල් එක්ක තරගාවලියක් නැහැනේ.(නදී)
මෙන්න නියම ක්‍රීඩකයෝ.. එකට අපේ මිනිස්සු. .... සල්ලි වලට ඕනෑම වැඩක් කරාවී..... (ස)
අපේ ක්‍රීඩකයෝ මුදල් හොයාගෙන රටට ගෙනාවම එහි ප්‍රයෝජන එතුමන්ලාට වගේම සමස්ට ආර්ථිකයටයි. කුඩු විකුණලා , කොමිස් ගහලා, එහෙමත් නැතිනං වෙන අපචාර ක්‍රියාවකින් නෙවේ මුදල් හොයන්නේ තමුන්ගේ දක්ෂතාවයෙන්.(නදී)