මිනිස් මුහුණකට සමාන රුවක් ඇති මකුළුවකු පුත්තලම වේලංසියේ ගෙවත්තක මඤ්ඤොක්කා ගසක සිටි බව එම ගෙදර ගෘහණිය වන එම් සමන්ලතා පුෂ්පකුමාරි මහත්මිය කියන්නීය.
ඉන් ටික වේලාවකට පසු ඒ මකුළුවා සොයා ගත් නොහැකි වූ බව ද දැනගන්නට ඇත.
මේ මකුළුවා ගැන තවදුරටත් සොයා බැලිය යුතු බව පරිසර වේදියෝ කිහිප දෙනෙක්ම කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් ෂුවර් එකටම අවතාරයක්මයි. (නි)
අවතාර නෙවෙයි පරිසරයේ ඔහොම දේවල් විකුර්ති වැනි දේ වෙන්න පුළුවන්. (ස)
මම මීට පෙරත් එක වතාවක් මේ මකුළු විශේෂයේම වාර්ථාවක් ලංකාව තුළ පල වෙලා තියෙනවා දැක්කා. අපේ රටේ සත්ව විද්වතුන් මේ සතාගෙ විද්‍යාත්මක පසුබිම හොයලා බලලා වාර්ථා කරනවා නම් ඉතා හොදයි. සමහර විට මෙයා අපේ රටට පමණක් ආවේණික මකුළුවෙක් වෙන්න පුළුවන්. (නි)
මේ වගේ මූණක් මම ඔය දැක්කමයි. (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
ඔය සතාගේ පස්ස පැත්තද මන්දා? (නි)
මකුළු මුණ තියෙන මිනිස්සුත් ඉන්නේ. ඉතින් ඒකේ අනික් පැත්තත් සිදු වුණාට මොකද? (නි)
අර නන්දිකඩාල් බහිරවයාගේ හොල්මනද කොහෙද? (නි)
පාර්ලිමේන්තුවට ගියාට පස්සේ අපේ සමහර මිනිසුන්ගේ මුණුත් යක්කු වගේ වෙනවා. (නි)
මළගිය ප්‍රාණකාරයෙක්ද කොහෙද? (නි)
අහළ පහළ මළගිය දේශපාලකයෙක්ගේ මුහුණ වෙන්න ඇති. ඒ ගොල්ලොත් මකුළුවෝ වගේනේ. දැල එලුවොත් අහළ පහළ තියන ඔක්කොම ඒ ගොල්ලන්ගේ ඔඩොක්කුවේ නේ. (නි)
සුහද මාරුවක් ! මකුළුවාට මිනිස් මුහුණක්. මිනිසාට මකුළු මුහුණක්! සිමෙන්ති,වැලි,යකඩ, ගල් , ගඩොල් , විදුලිය ගණන් කාලයේ ,කිසිදු වියදමක් නැතුව අගේට ජීවත් වෙන්න පුළුවන්. මකුළුවාට නොවක් තුති! (නි)
පිටසක්වල ජීවියෙක්ද? (නි)
භූතයෙක් ද දන්නේ නැහැ. (නි)
ස්පයිඩර් මෑන් ළමයි ඇවිත් (නි)
හොඳට බලන්න, මකුලුවාගේ ඇස්, ඇහි බැම කාගේ හරි නිර්මාණයක් වගෙයි (නි)
මැරිච්ච කෙනෙක් හොල්මනක් වෙලා ඇවිත් වෙන්න බැරිද? (නි)