අමිපාර ගෝණගල, ගලපිටගල හෙල්ලූ කනේ කබරයා දින හතරක මෙහෙයුමකින් පසු නිර්වින්දනය කර අභයභූමියකට රැගෙන යාමට වන ජීවී නිලධාරීහු සැරසෙති. මරණ දෙකකටද, ගෙවල් පහ හයකටද වරදකරු කර ඇති මෙම අලියා අල්ලා ගැනීමට සියගනනක් ගැමියෝද, නිලධරයෝද වෙහෙසුනහ.
අමිපාර ගෝණගල, ගලපිටගල හෙල්ලූ කනේ කබරයා දින හතරක මෙහෙයුමකින් පසු නිර්වින්දනය කර අභයභූමියකට රැගෙන යාමට වන ජීවී නිලධාරීහු සැරසෙති. මරණ දෙකකටද, ගෙවල් පහ හයකටද වරදකරු කර ඇති මෙම අලියා අල්ලා ගැනීමට සියගනනක් ගැමියෝද, නිලධරයෝද වෙහෙසුනහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාරුගේ අදහසනම් හොදා , මිනිසුන්ට දෙන්න ගෙනියන්න බැරි එළවලු සතුන්ට ගෙනියන්නෙ කව්ද?.....( නු)
ඔයාගේ කැලේ දාලා යන්නම එපා! (නි)
මිනිසුන් දෙදෙනෙක් ඝාතනය කළා නම් වහාම සිංගප්පුරුවට යවා දුකසැප සොයා බලා පිලියමක් කළයුතුයි. (නි)
ඇත්තම තමා. මිනී මරපුවා මතක නැහැ . කැලේ හිටියා මතකයි (නි)
අනේ පව් අලියට දෙන වදයක්. කකුල් හතරම ගැටගහලා. වෙන විකල්පයක් නැද්ද අනේ? (නි)
අනේ වනජීවී ඇමතිතුමා, මේ සද්දන්තයගේ ආරක්ෂාව සපයන්න ඕනෑ නේද අපි? (නි)
මම නම් කියන්නේ කැලේ මාරු නොකර පක්ෂය මාරු කරන්න කියලා. (නි)
අවුරුදු 50කට වැඩි කාලයක් ජීවත් වූ මෙම අලි පරපුරට උන්හැටි තැන් අහිමි කිරීම මෑත ඉතිහාසයේ සිදු වූ දැඩි අත්තනෝමතික ක්‍රියාවකි (නි)
චාරුගේ අදහසනම් හොදා , ( නු)
දින හතරෙන් මේ අලියාගේ ස්ථාන මාරුව කරන්න පුළුවන් වුණාට සමහර අලි ඉන්නවා අවුරුදු ගණන් පොඩ්ඩක්වත් ඉන්න තැනින් හොල්ලන්නවත් බැරි. (නි)
ලෙව්කේ මැකිදු අද තනියම වෙල මැද්දේ! අලි රාලහාමි අද තනියම වන මැද්දේ! (නි)
විසිකරන එළවලු කැලේ සත්තුන්ට දෙන්න විදියක් හදන්න පුළුවන් නේද සල්ලි තියෙන අයට? කොච්චර පින්ද ? (නි)
මෙහෙමෙ ගෙනිච්චට අලින්ට මොලේ තියෙනවා. තමන්ගේ කැළේටම ආයිත් එනවා. මහා විනාශයක් වෙනවා ඒකෙන් (නි)
මේ සතා දල නැති නිසා බේරෙයි. සැලැස්මක් නැති මේ වැඩ වලින් පලක් නැහැ. ඇයි අලි මන්තර දන්නා අය ගෙන්නන්නේ නැත්තේ? අලි පැටව් පන්සල් වලට දෙනවා. ඒ පවම ඇති රටම විනාශ වෙන්න. දැන්වත් ඇස් අරින්න බැරිද ? (නි)
වරදක් කළත් සිතකින් නොවේ... රිදවන්නෙ පළිගන්නෙ ඇයි... කබරයා වුණත් අලි වල් වුණත්... හැරයන්නෙ සිතකින් නොවේ... (නි)
එළවලු කිලෝ ගණන් විසිකරන, විනාශ කරන මිනිසුනි, ඒවායින් මොකද මෙවැනි අහිංසක සතුන්ගේ බඩගින්න නිවන්න බැරි. (නි)
රස්තියාදුකාරයෝ මිනි 4 - 5 ක් මරලා නිදහස් වෙන රටේ මෙයා හිතුවද දන්නේ නැහැ, මමත් 2 - 3ක් මැරුවාට අවුලක් වෙන එකක් නැහැ කියලා. කකුල් දෙකේ රස්තියාදුකාර මිනීමරුවන්ට වඩා අපිට නම් මේ ජාතික සම්පත් වටිනවා (නි)
සිරිපාලගේ කතාව හරියට හරි. මේ සතාව වෙන කැලේකට ගිහින් දානවා කියන්නේ හරියට නිකන් මිනිහෙක්ව තමන්ගේ රටෙන් වෙන රටකට පිටුවහල් කළා වගේ තමයි. මෙයාව අරින අලුත් කැලේදී මෙයාට කිසිම තැනක් නැහැ. දේශපාලන වාසි තකා අනවසරයෙන් මිනිස්සුන්ට ඉඩම් එලිකරලා හේන් කරන්න අවසර දුන්න හින්දා තමයි මේ ප්‍රශ්න. අන්තිමේට වෙන්නේ වගාකරපුවා රුපියලකටවත් විකුණගන්න බැරි වුණත් අලි මිනිස් ගැටුම් ඇතිවෙන එක විතරයි (නි)
මේ නිර්වින්දන කරන මහත්වරුනුත් ඇඳන් ඉන්නේ කොළ පාටනේ. බලන් ගියාම අලියත් කොළ පාටත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා වගේ. (නි)
මේ අලියා අලුත් තැනකට ගෙනිහින් දැම්මට පසුවත් හොයලා බලන්න. අලුත් තැන මුන්ට හුරුවෙනකම් බලා ගැනීම අපේ යුතුකමක් . නිලධාරින්ට ස්තුතියි (නි)
ඔය එක එක කතා කියන අලින්ට අනුකම්පා කරන මහත්තුරු නෝනලා දන්නේ නැහැ ලංකාවේ ඈත දුෂ්කර ගම්මානවල ජීවත්වන අහිංසක ජනතාව අලින් නිසා විදින දුක. ඒක දැනුනා නම් මේ විදියට නොදන්නා දේ කියන්නේ නැහැ. අලියා වෙනින් පලාතකට ගෙනිච්චට වැඩක් නැහැ. ගම්මානවලට අලි එන එක වළක්වන්න පාලකයෝ වැඩ පිළිවෙලක් යොදන්න ඕනෑ. (නි)
අනේ මට මතක නෑනේ.. (ස)
බලාගෙන මහත්වරුනේ ගෙනියද්දී ලොරි තට්ටුව කඩාවැටෙයි මතකද......?(ස)
කලේ දාල කොහේ යන්නද? (දී)
තිරිසන් මනු සතුන් විසින් ඒ අහිංසක සතුන්ගේ නිජ භූමි ආක්‍රම්‍ණය කර දැන් ඔවුනට අපමන වද හිංසා පමුණුවයි. මෙවන් දේට දඩුවමි දෙන්නේ සොබාදහම විසිනි.(ස)
අනේ කරන අපරාධ, රටේ ස්වභාව ධර්මයේ වටිනාකම ධන්නේ නැති රට.(ස)
පනාමුරේ ඇතා, ඇතා කිව්වට එයා සද්දන්ත අලියාලු .ඇත් ගාල කඩාගෙන ගිහිල්ලා ආයෙ ආවලු ,අනිත් කට්ටියව බේරගන්න .ඒපාර නියපොත්තක් ගැලවිලා ගිහිල්ල (ඇත් ගොව්වෝ දාපු කම්බියකට )ලොකු කලබලයක් කලාලු. ඒ පාර මොලමුරේ අණ දුන්නලු වෙඩිතියන්න .මේ සිද්ධිය අපේ මහා චරිතාංග නළු ජෝ මහත්තයා ඇස්දෙකෙන්ම දැක්කලු .(කියවපු දෙයක් මතක තියෙන හැටියට ලිව්වේ ) (නි)
වන බිම ඇතුලට සංචාරකයෝ රැගෙන යාමත් එක්තරා වැරැද්දක්. වාහන ශබ්ද වලට හුරු වෙනවා.(නදී)
මෙයාට කතා කරන්න පුළුවන්නම් කියයි ඇත්ත. මිනිස්සු ඔප්පු ලියල මායිම් ගහගත්තේ එයාලෙග ඉඩම්වල කියලා. .(ස)
අනේ රංජනී දුකයි තමයි. ඒත් හොඳයිනේ අලියගේ පැත්තෙන්.ඔයාට ඔය තරම්ම අලි කැක්කුමක් තියෙනවා නම් අලියව ආදරයෙන් කවලා පොවලා නාවලා හොඳට හුරතල් කරලා තියාගන්න ඔයාගේ ගෙදරට අලියව ගෙනැල්ලා දෙන්නද රංජනී? (නි)
කබරයා තලගොයා කර ඇත්තේ මිනිසුන්ය. (ස)
අය්යෝ සල්ලි. (ස)
සම්පත්ට පිස්සුද මන්දා අපේ අලින්ව ඉන්දියාවට දෙන්න. දවසක අපේ ළමයින්ට අලි බලන්න වෙන්නේ පින්තුර වලින් තමා.සම්පත් දන්නෙ නැද්ද ලංකාවේ අලි අලි අඩුයි කියලා. (නි)
සත්තුන්ගේ නිජබිම් වල ජනාවාස හදලා දැන් සත්තුද වැරදි? ඇයි මෙහෙම විනාස වෙන්න දෙන්නේ මේ සත්තු ගස් කොලන් මේ විදිහට?. උන්ට කවුරුත් නැහැ උන්ට වෙලා තියෙන අසාධාරනකම් ගැන එරෙහි වෙන්න ... (ස)
මේ කරන සේවය අගය කළ යුතුයි. මගේ උපහාර! (නි)
මේ ගැන ඡායාරූප නැද්ද බලන්න? (නි)
ප්‍රමාදවෙලා හරි නිර්වින්දන මහත්තුරු ඇවිත් තියෙනවා වගෙයි (නි)
කනේ කබරයත් එක්ක "ගමේ කබරයෝ" ටිකත් යැව්වොත් නරකද..?? (නි)
මරණ කීපයක් ද කර ඇති නිසා උසාවි දාන්න.(ස)
මෙයා මිනීමැරුම් දෙකකටයි ගෙවල් බිඳුම් හයකටයි වරදකරුද? ඒකයි මේ කඹ කඩාගෙන දුවන්න හදන්නේ. (ස)
අනේ අලින්ට ගිය කල .. (ස)
මිනිමැරුම් දෙකකට වරදකරු නම් වහාම සිංගප්පූරුවේ රෝහලකට යැවිය යුතුයි (නි)
වැට ගහලා තාප්ප ගහලා වෙන් කර නොගත්තට එයාලා එනවා ඇත්තේ එයාලට අයිති භූමි සීමා තුල වෙන්න ඇති බව අපේ මිනිස්සු තේරුම් ගන්නත් ඕන.(ස)
ඇත්ත. එයාලට අයිති කැලේ මිනිස්සු අයිති කරගත්තම එළවන්න හදනවා ඇති.(ස)
ගාමිණී.....මෙය උසාවි දැම්මොත් කියයි .......කැලේ ඉන්නවා මතකයි ...එත් මරපු දෙන්න අමතකයි කියල...(ස)
නරකද මෙයාව ඉන්දියාවට දුන්නොත් (නි)
අලියට තිබුනේ දේශපානය කරන්න පටන් ගන්න. එහෙනම් නම් ඌට කැලේ ඉන්නත් තිබුනා. මිනීමැරුම් වලිනුත් නිදහස් වෙනවා. (නි)
අයි වෙන රටවල වාගේ විදුලි වැටවල්,ලේසර් වැටවල්,ශබ්ද තනාග උපක්‍රම බාවිත කරලා මේ සත්තු ගම වදින එක නවතන්න බැරිද.බලන්න අර නිලදරින්ට හරියට "යුනිෆෝර්ම්" එකක් වත් නැද්ද.සපත්තු දෙකක්,හෙල්මට් එකක්.පවු.ස්තුතියි මේ කරන දේට.(ස)
එයාලට අයිති තැන් බලෙන් උදුරාගෙන එයාලව එලවනවා. අපිටත් අපිට වඩා දියුණු සත්තු ටිකක් මෙහෙම කලොත් කවදාහරි. මේකට වෙන විකල්පයක් ඕනෙ. (ස)
ඌ අර කිරුළේ තිබුණු කෝටි ගණනක් වටිනා ජංගම වැසිකිලි ටික බලන්න ආවද දන්නේ නැහැ. (නි)
අහිංසක සත්තු උපන් බිමෙන් ඈත් කරනවා තරම් තවත් පවක් නැහැ. මිනිස්සුන්ගෙ වැරදි වලටයි මේ අසරණ සත්තු වන්දි ගෙවන්නේ.මෙහෙම නිජබිම මාරු කළාට වැඩක් නැහැ. ගෙවල් වල ඇති කරන සුනඛයො අරන් බලන්න. උං වෙන සුනඛයෙකුට තමන්ගෙ සීමවට එන්න දෙන්නෙ නැහැ. කොච්චර කැහැටු එකෙක් වුණත් තමන්ගෙ සීමාවෙදි කඩන් පනිනවා ඕනෑ චන්ඩි බල්ලෙකුට. මේ සත්තුන්ටත් ඒ වගේ. අලුත් පරිසරයට හුරු වෙන්න බැහැ මේ වගේ වයසින් වැඩි පරිනත සත්තුන්ට කොහොමත්.ගිහින් දාන පැත්තකින් ආපහු ගම් වදින එක විතරයි වෙන්නේ. (නි)
අලියා ෆොටෝ ෂොප් ගිහින් වගේ පලවෙනි කොටුවෙන් දැක්වෙන්නේ. මට මතක් වෙනවා පරණ රජතුමෙක්.(ස)
කොච්චර මිනී මැරුවත් කමක් නැහැ. දොර ඕනෑ වෙලාවක ඇරලා තියෙන්නේ. එනවා නම් එන්න රත්තරන් (නි)
සතා සීපාවට උරුම වෙලා තිබෙන වනාන්තර එලි පෙහෙලි කර, කැළේ විනාශ වෙද්දී අලි ටිකකට ඉන්න හිටින්න තැන නැති වුණහම ගමට තමයි පහර එල්ල කරන්නේ (නි)
මිනිස්සු ගිහින් වනාන්තර වල ගෙවල් හදලා කැළේ ඉන්න සත්තුන්ව පන්නනවා. මේක හරි වැඩක් වෙන්නේ කොහොමද? උන් කාටද මේ අසාධාරණය කියන්නේ. (නි)
ගිය ආත්මේ දේශපාලඥයෙක් ද දන්නෙ නැහැ (නි)
අනේ පවු..!( නු)
ගස් කපාගෙන ගිය රෝද පාරවල් පේනවා..!( නු)
සෑහෙන වාහන ඇවිල්ලා තියෙනවා වගේ..!( නු)
මොනවා කිව්වත් අපි මොවුන්ට කරන්නේ අසාධාරණයක්. මොවුන් මෙතරම් නපුරු වුනේ මිනිසුන්ගේ වැඩ නිසා. ස්වභාව ධර්මය සමග සෙල්ලම් කිරීම විනාශයට මුලය. සුනාමි, භූමිකම්පා, සුලිසුලං, දුර්භික්ෂ,වසංගත රෝග අපි වෙනුවෙන් පැමිණීමට බලා සිටීමට පුළුවන්. එම නිසා අපි ස්භාවධර්මයත් සමග සමගි සම්පන්නව ජීවත් වීමට වගබලා ගතයුතුය. බුදුන් වහන්සේ බුදුවීමට සියලුම ශක්තිය ලබාදුන්නේ ස්වභාව ධර්මයාය. (නි)
එක එක දේවල් හදනවා, වනාන්තර එලි කරනවා, අපි සත්තුන්ට බනිනවා. හදපුවා වලින් වැඩකුත් නැහැ. අන්තිමට සත්තුන්ට වනාන්තරත් නැහැ, අපිට ඇති වැඩකුත් නැහැ (නි)
මිනිමරුවෙක් නේද? ඔන්න ඔහේ ඇමතිකමක් දීලා යවමුද පාර්ලිමේන්තු? (නි)
අලි කොහොමත් ඔහොම තමයි. එහෙට මෙහෙට මාරුවෙනවා විතරයි (නි)
කෝ මූගේ කණේ කබරයෙක් නැහැනේ ... (නි)
හරියට අපේ අහවල් මහත්තයා වගේ (නි)