
ඉමාෂි කියන්නද? ලෝචනා කියන්නද?
ලෝචනා කියලා තමයි ගොඩක් අය කතා කරන්නෙ. ඊට අමතරව ප‍්‍රගති කියලත් කතා කරනවා කාව්‍යා නාට්‍යයේ රඟපෑව චරිතය හින්දා.
ඔයාගේ අරමුණ වුණේ නීතිඥවරියක වෙන්නලූ නේද?
ඇත්තෙන්ම ඔව්. ඒ කාලයේ ඉගෙන ගත්තෙ ඒ අංශයට අදාලවයි. ඒත් උසස් පෙළ ලියලා ප‍්‍රතිඵල එන්නත් කලින් සිරසට සම්බන්ධ වෙච්ච නිසා ගමන වෙනස් වුණා. ඊට පෙර ළමා නිවේදිකාවක ලෙසත් ස්වර්ණවාහිනියේ කටයුතු කළා. රඟපෑමට යොමුවුණේ සිරසෙ වැඩසටහන් නිවේදනයට පැමිණීමත් සමගයි.
ඇයි එක් අංශයක් තෝරා ගත්තෙ නැත්තෙ?
වැඩ සටහන් නිවේදන කටයුතු කිරීම අවුරුදු හතරක් විතර එක දිගට කළා. රඟපෑම බාරගත්තාම තව තවත් නාට්‍ය එකදිගට ලැබුණා. ඒ නිසා දිගටම රඟපෑමේ අංශය තෝරා ගන්න හිතුවා.
ඊට පෙර රඟපෑමට එක්ව නොසිටීම මොන වගේ අත්දැකීමක්ද ගෙන දුන්නෙ?
අපේ තාත්තා ඒ කාලයේදී වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවා. රඟපෑමට ඒමට උදව් කළේ වගේම, රඟපෑම ගැන මට බොහෝ දේ කියලා දුන්නෙ තාත්තා.
නිවේදනය කරන අය රඟපානවා. රඟපාන අය නිවේදනය කරනවා. ඒ අය සිංදුත් කියනවා. ඒ ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?
ඒක ඇත්ත. ඒත් හැමෝටම රඟපාන එක කරන්න බැහැ. රඟපෑම ඒ විදියට හරියට කරන්න බැරි නම් ක්ෂේත‍්‍රයේ රැඳී ඉන්නත් බැහැ. ටෙලි නාට්‍යවලට අමතරව වේදිකා නාට්‍යයක රඟපෑමේ ආසාව මට තිබුණු දෙයක්. අපේ ප‍්‍රවීන රංගන ශිල්පිනී රම්‍යා වනිගසේකර නිසා ආර්.ආර්. සමරකෝන් ශූරීන්ගේ ”දුවිලි” නාට්‍යයේ නව නිර්මාණයේ රඟපාන්න ලැබුණා. ඉන්පසුව රංජිත් ද අල්විස් මහතාගේ සිල්ගත් කොක්කු සහ හෙක්ටර් කුමාරසිරි මහතාගේ ”බිසෝ” නව නිර්මාණයේ රඟපාන්න ලැබුණා.

අද ඔබ ගැන වැඩිපුර කතාවන්නෙ තූර්යා නිසාද?
ඔව්. එහි නතාරා සහ හිරු සඳ පිණිබිඳක යන නාට්‍යවල රඟපානවා.
අද කාලයේ ටෙලිනිළියන් ගැන විවිධ දේ සමාජයේ කතා වෙනවා. ඔබ ඒ ගැන හිතන්නෙ කොහොමද?
මට නම් හිතෙන්නෙ ක්ෂේත‍්‍රය නෙවෙයි වැදගත්. අපි කොතැනද ඉන්නෙ? මොනවද කරන්නෙ? කියන එකයි. අපි හරි නම් කොතැන සිටියත් කාටවත් මොනවත් කියන්න බැහැ.
ක්ෂේත‍්‍රයේදී ඔබට බලපෑම් එල්ලවෙලා නැද්ද?
කොහෙත්ම නැහැ. අපි හැසිරෙන විදිය සහ චරිත ස්වභාවය සියල්ලට බලපානවා. මගේ ගමන හෙමින්. කවුරුත් කපාගෙන, කේලාම් කියාගෙන කවුරුවත් තරහා කරගෙන ගමනක් යන කෙනෙක් නෙවෙයි. අපට මේ ක්ෂේත‍්‍රයේදී ඉවසීම ඉතා වැදගත්.
සමහර නළු-නිළියන්ට ටෙලි ”උණ” කියලා සමහරු කියනවා. ඇයි එහෙම වෙන්නෙ? ඒ කියන්නෙ බොරු මාන්නය?
මම එහෙම නැති නිසා මට ඒ ගැන කියන්න බැහැ. සමාජයේ ඕනෑම කෙනෙක් එක්ක මම හරි සුහදයි. සමාජයේදී අපි කවුරුත් සාමාන්‍යයි. ඒ සුහද බවට මම හරි ආසයි.
ජනප‍්‍රියත්වය නිසා ඔබ ආඩම්බර නැහැ කියලද කියන්නෙ?
ඇත්තටම නැහැ. ඒ නිසා මට දැනෙන්නෙ ලොකු සතුටක් විතරයි. ඒක ඇත්තටම පිනකට ලැබෙන දෙයක්.
ඒ පින ලබන ඔබ හැබෑවට කවුද? කොහොම කෙනෙක්ද?
බොහොම සාමාන්‍ය විදියට ඉන්න කැමති කෙනෙක්. චාම් ජීවිතයකට මම හරි ආසයි.
විවාහකද? විවාහය කවදද කියල ඔබගෙ රසිකයින්ට කීවොත්?
අම්මෝ... තවම අවිවාහකයි.
ඒත්. පෙම්වතියක්? එහෙමද?
ඔව්... ඔව්.
යහපත් විදියට නම රැකගන්න නම් කලා ක්ෂේත‍්‍රයේ කොහොම සිටිය යුතුයි කියලද හිතන්නෙ?
හරි විදියට, හරි දේ කරලා සිටියොත් හැමදාටම හොඳ නම රැකේවි.
”සිත හඬයි මා තනිවෙයි” ගීතයට ගොඩක් ආසලූ නේද?
නිරෝෂා විරාජිණියගෙ ඒ ගීතයට මං ආසයි තමයි.
හැඩගැන්වීම - නිලූ කොඩිකාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රගපානව හොදයි. හැබැයි පරිස්සමින් කරන්න (නි)
ලස්සනේ බැරුවා... (නි)
මෙයා ඉස්සර කළුම කලුයි. ගෙදර සැලූන් එක දැම්මට පස්සේ තමයි සුදු උනේ.(නදී)
මම එයා ගැන පුද්ගලිකවම දන්නවා (නි)
නංගී, අපි ඔයා ගැන දන්නවා (නි)
ඔයා හැමදාමත් මේ ලංකාවේ ඉඳගෙන රඟපාන්න එපා අනේ. යන්න කෙලින්ම ඉන්දියාවට. (නි)
ඔයා ගොඩක් ලස්සනයි.(නදී)
නංගි, ඔයාගේ හිනාව හරිම ලස්සනයි. (නි)
අපිත් ආසයි ඔයාව බලන්න. (නි)
ලස්සන පිළිබද හිතන්න එපා, ෆිඑල්ඩ් එකේ ඉන්න ආස නම් රංගනය හොඳට හදාරන්න.(නදී)
ඔයා ලස්සනයි (අ)
ඔයා ඔයාට ගැලපෙන චරිත පමණක් තෝරාගන්න. ගොඩක් දුර යන්න පුළුවන් නංගියාට. මම පාර්ථනා කරනවා හදවතින්ම.(නදී)
ඔයාගේ කරේ පලන්දලා තියෙන්නේ සුදු රත්තරන්ද ?(නදී)
ලෝචන අපි ඔයාට සුභ පතනවා. ඔයාට සුභ අනාගයක්.(නදී)
හිමින් යන ගමන තමයි සාර්ථක වෙන්නේ (දී)
මූණ සෝදගෙන එන්නකෝ නංගියෝ. එතකොට ලස්සන බලමු. (නි)
ඔයා ලස්සනයි. මේකප් එක ටිකක් වැඩී නංගියෝ (ස)
අනේ මමත් ඕව බලන්නෙ නෑ ඒක නිසා ඇත්තටම දන්නෙ නෑ.(ස)
මේකප් එක මරු.(නදී)
තුර්යා ටෙලියේ රගපෑම් විශිෂ්ටයි, ඒ වගේම ඔබ හරිම ලස්සනයි නංගි.(නදී)
මම නම් ඔය ටීවී ටෙලි නාට්‍ය බලන්නේ නැති නිසා මුකුත් කියන්න බෑ ඔයා ගෙන ලෝචනා.. (ස)
ගොඩක් ලස්සනයි නංගී..(ස)
නංගී මම හරිම ආස නිලියක් ඔයා.රඟපෑම් විශිෂ්ඨයි .තූර්යා එකේ නියම රඟපෑම්. ඔයාට හොඳ අනාගතයක්.(ස)
මෑත කාලයේ සිටින මම අශා කරන නිළියක් ඔයා. සඳ පිණි බිදක් එකේ ඔයා රගපානව හරි ලස්සනයි. ඉදිරි අනාගතයට සුභ පතනවා.(නදී)
ඔබ නිවරදියි.(නදී)
ඔයා හරී විනෝදයි අක්කා.(නදී)